IMG-LOGO

2023 දෙසැම්බර් මස 04 වන සඳුදා


විද්වතුන්ගේ ව්‍යවස්ථා වචන හරඹ

(ආචාර්ය - චරිත හේරත්)

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සඳහා ආණ්ඩුව පත් කළ ව්‍යවස්ථා දායක  සභාවේ  වැඩ කටයුතු නිමා කර ඇති බව කියවුණේ මීට සති කීපයකට පෙරදීය. ව්‍යවස්ථා දායක සභාවේ අනුකමිටු වාර්තා 07 ද මේ වන විට ඉදිරිපත්වී ඇත. ඊට අමතරව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමට පත් කළ කමිටුව ද ස්වකීය වාර්තාව පාර්ලිමේන්තුවට බාර දී ඇත. මේ සියල්ල විමර්ශනය කරමින් අගමැතිතුමා විසින් තමාගේ විශේෂ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දැන් හැමෝම වගේ දනිති.

මේ මාසයේ 29 සහ 30 යන දිනවලත් ලබන මාසයේ 01  දිනත් පාර්ලිමේන්තුව රැුස්වී සාකච්ජා කරන්නට යන්නේ මේ අවසන් වාර්තාව ගැන විය යුතුය.  ඒ වගේම  අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන යම්  ආකාරයක තීරණාත්මක අදහසක් මේ පාර්ලිමේන්තු සැසියේදී ඉදිරිපත් විය හැකි බව ආණ්ඩුවේ අයගේ කථා තුළින්ද පෙන්නුම් කරමින් තිබේ.

මේ සටහනින් මා සාකච්ජා කරන්නට යන්නේ අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මේ සංවාදයේ වැදගත් කාරණා කීපයක් පිළිබඳවය. මෙහිදී මුලින්ම කිවයුතු මා විසින් මීට පෙර ලියූ සටහනක ඉදිරිපත් කළ කාරණය වන්නේ මේ ව්‍යවස්ථා හැදීමේ කටයුත්තේ ඇති ව්‍යුහාත්මක ප‍්‍රශ්නයක්ය. නිදහසින් පසු කාලයේ බලයට පත්වන හැම ආණ්ඩුවක්ම වගේ ව්‍යවස්ථාව හදන්නට තමන්ගේ ආණ්ඩුවේ ධුර කාලයම වැය කිරීමෙන් පෙන්නුම් කරන්නේ අපේ සමාජයේ බොහෝ අය අතර තිබෙන එක්තරා පිළිගැනීමක ඇති බරපතළභාවය කියා සිතිය හැකිය. මේ පිළිගැනීම වන්නේ මේ රටේ අපට නැත්තේ හරිහමන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ය යන මතයයි.

මේ මගින් ඉදිරිපත් වන යටි අදහස වන්නේ හරියට ව්‍යවස්ථාවක් හදා ගත්තොත් ඔක්කොම ප‍්‍රශ්න ටික ඉවරයි වගේ හැගීමයක්ය. තේරි පත්වන හැම ආණ්ඩුවක්ම පාහේ දිවුරුම් දුන් දවසේ සිටම ව්‍යවස්ථාවක් හදන්න පටන් ගන්නේ මේ නිසාය. මා හිතන ආකාරය මේ අදහස එච්චර නිවැරැදි එකක් නොවන බවය. මේ රටේ සමහර ප‍්‍රශ්නවලට හේතුව වන්නේ නෛතිකමය වූ ගැටලූකාරීත්ව පැවතීම යැයි සරලව කිව හැකි වුවත් ඊට එහා ගිය සමාජමය හා ඥානවිභාගාත්මක  ගැටලූවක් අපේ රටේ යටත් විජිතයෙන් පසු දේශපාලන අවකාශය පුරා ව්‍යප්තව තිබීම මේ සමහර ගැටලූවලට මූලිකම සාධකය බව මගේ අදහසය.

අනෙක් අතට එකම වැඬේ ව්‍යවස්ථාව හැදීම යැයි සිතා ගෙන හැම ආණ්ඩුවක්ම වැඩ පටන් ගන්නා නිසා අප සිටින්නේ එකම වැඬේ දෙතුන් පාරක් අත්හදා බලමින්ය. එකම වැඬේ එකම විධියට දෙපාර තුන් පාර කරමින් සිටිනවා යැයි කීමේ වැරැද්දක්ද  නැත. 1948 ව්‍යවස්ථාවෙන් අපි සෙනෙට් මණ්ඩලයක් පිහිටුවීමු. 1972 ව්‍යවස්ථාවෙන් අපි එම සෙනෙට් මණ්ඩලය අහෝසි කළෙමු. දැන් මේ ව්‍යවස්ථා දායක සභාව යළිත් සෙනෙට් මණ්ඩලයක් ස්ථාපිත කරන්නට මේ ව්‍යවස්ථා දායක සභාව හරහා යෝජනා කරන්නෙමු. 1948 ව්‍යවස්ථාවෙන් අගමැති කේන්ද්‍රීය පාර්ලිමේන්තුව උත්තරිතර යැයි කියා එය පිහිටුවීමු. 1978 ව්‍යවස්ථාවෙන් එය අහෝසි කර ජනාධිපති කේන්ද්‍රීය පාලන ක‍්‍රමයක් උත්තරිතර යැයි කියා එය පිහිටුවීමු. දැන් මේ අලූත් ව්‍යවස්ථාවෙන්  ආයිත් අගමැති කේන්ද්‍රීය ආණ්ඩු ක‍්‍රමයක් යෝජනා කරන්නෙමු. මේ ආකාරයෙන් අප කරන්නේ එකම රෝදය කීපවරක් සොයාගත්තා වැනි වැඩක් ය. එකම කාඞ් කුට්ටම ආයිත් ආයිත් ඇනුවා වැනි වැඩක්ය. එසේ අනමින් උඩට එක කොළය වටේ පී‍්‍රති වන අපි ඊළඟ ආණ්ඩුව ලව්වා ආයිත් කුට්ටම අනවනමින් අලූතින් වැටෙන කොළය වටේට නටන්නට පටන් ගන්නෙමු. මෙහෙම අනාගෙන යන විට  විට මුලදී වැටුණ කොළේම ආයිත් වැටෙන විට අප නටන්නේ අලූත්ම එකක් වැටුණා වැනි ආකාරයකින්ය. දැන් මේ සෙනෙට් සභාවේ කොළයත් විධායක අගමැතිවරයාගේ කොළයත් වැටී තිබෙන්නේ දෙවෙනි තුන්වෙනි පාරටය.

අනෙක් අතට දැන් කරගෙන යන ව්‍යවස්ථා සෑදීමේ වැඩ සටහනට මේ ආණ්ඩුවේ සිටින දෙපාර්ශ්වකරුවන් වූ එජාප හා ශ‍්‍රීලනීපය අතර එකඟතාවක්ද ඇත්තේ නැත. එජාපයට විධායක ජනාධිපති ක‍්‍රමය එපාය. ශ‍්‍රීලනීපයට විධායක ජනාධිපතිධුරය  ඕනෑය. එජාපයට ඒකීය භාවය වෙනුවට වෙනත් වචන දැම්මාට කාරියක් නැත. ශ‍්‍රීලනීපයට ඒකීය වචනය  ඕනෑය. එජාපයට මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට එතරම් උනන්දුවක් නැත. ශ‍්‍රීලනීපයට මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නම  ඕනෑය. දැන් හැදෙන්නේ මේ ආකාරයේ ‘දෙකට දෙවාරේ නැති’ පන්නයේ ව්‍යවස්ථාවක කෙටුම්පතක්ය.

මේ ව්‍යවස්ථා හැදීමේ ක‍්‍රියාදාමය හරහා කරළියට පැමිණ තිබෙන්නේ අමුතුම ආකාරයේ සමාජ අවිඥානයක් බව මෙහිදී නොකියාම බැරිය. සමහරුන් සිතාගෙන ඉන්නේ ඉක්මනට ව්‍යවස්ථාවක් අලූතින් හදාගත් විට රටම සමෘද්ධිමත්ව ඉදිරියට ගමන් කරන බවය. ළඟදී දිනක ස්වාධීන රූපවාහිනියේ දේශපාලන වැඩසටහනක මාතෘකාව ලෙසින් දමා තිබුණේ ‘දේවදත්ත වර්ගයේ ව්‍යවස්ථාවක් රැක ගන්නවාද බෝධිසත්ව වර්ගයේ ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවාද?’ වැනි පාඨයක්ය. දැන් මේ දේවදත්ත ව්‍යවස්ථාව යැයි එජාපයේ අය කියන්නේ තමගේම නායකයන් වූ ජයවර්ධන- පේ‍්‍රමදස වැනි අය හදපු 1978 ව්‍යවස්ථාවටය. තමන්ගේම පක්ෂයෙන් එක් අවස්ථාවක රට පාලනය කළ නායකයන්ට දේවදත්තයන් යැයි කියන්නට ඒ පක්ෂයේම පසු කාලයේ අයට  සිදුවීමෙන්ම පෙන්නුම් කරන්නේ පක්ෂ දේශපාලනයේ තවත් එක් කඩා වැටීමක් බවද මෙහිදී නොකියාම බැරිය.

ඒ කෙසේවෙතත් මේ ව්‍යවස්ථා හැදීමේ මංගල්‍යය නිසා යළිත් වරක් කොළඹ සිවිල් සමාජයේ කණ්ඩායම ‘මාධ්‍යගත’ වී අපූරුවට මේ රටේ ඉතිහාසයට සහ විශේෂයෙන්ම බුද්ධ ශාසනයට බරපතළ ආකාරයෙන් අපහාස උපහාස කරන්නට පටන් ගැනීම මෙහිදී විශේෂයෙන්ම පෙනී යන දර්ශනයකි. බොහෝ සිවිල් සමාජ ‘විද්වතුන්’ පහර දෙන්නේ එක්කෝ ව්‍යවස්ථාවේ දැනට තියෙන ඒකීය භාවය කොටසටය. එසේ නැත්නම් ‘බුද්ධාගම රැකීමට ආණ්ඩුව බැඳී සිටිනවා’ යැයි කියන කොටසටය. මේ විද්වතුන් වැඩියෙන් බුද්ධිමත් බව කියන්නට යන්නේ ‘අපි අනාගාමික රාජ්‍යයක් යැයි’ යැයි කොහෙන් හෝ හොයාගත් යෙදුමක් ආඩම්බරයෙන් ඉදිරිපත් කරමිනි. මේ අය කියන ආකාරයේ අනාගාමික රාජ්‍යයක් ලෝකයේ කොහේවත් නැති බව මේ කියන සමහරුන් ඇත්තටම දන්නේ නැත. අනෙක් අතට මේ කියන සමහරුන් (සමහර ඇමැතිවරුන් පවා) තමන්ගේ පෞද්ගලික ජීවිත පමණක් නොව සේවා ස්ථාන පවා විවිධ අලූත් ආගමික නිකායවලින් හරවාගෙනය. මේ සමහරුන් තමන් ඉරිදාට පල්ලි යන ගමන් අනෙක් අය විෂ්ණු දෙවියන්ට වඳින එකට සිනහා වෙන අයය.  මේ ව්‍යවස්ථා මංගල්‍යයේ සිවිල් සමාජ කොටසින් සිදුවන එකම හොඳ දෙය විය හැක්කේ තමන්ට කරන අපහාස නිසාම මේ ව්‍යවස්ථාව  සිංහල බෞද්ධ ජනතාවට තිත්ත වීමය. අනෙක් අතට මේ අලූත් ව්‍යවස්ථාවේ ප‍්‍රචාරක වැඩ සටහන ගමන් කරන්නේත්  1994 ආණ්ඩුවේ පැකේජ ප‍්‍රචාරණයට සමානම ආකාරයෙන් ගමනක්ම වීම ද දකින්නට තිබෙන වැදගත් ලක්ෂණයකි. එක් වෙනසකට තියෙන්නේ 1994 කාලයේ මේ වැඬේ අතට ගෙන සිටි කොළඹ පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාලවල දේශපාලන විද්‍යා අංශවල මහාචාර්වරුන් අතින් ඒ වැඬේ මාරුවී විශ්ව විද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයන අංශවල මහාචාර්වරුන් අතට මේ වැඬේ පත්වීමය. සිංහල සංස්කෘතියට විරුද්ධව යා හැකි පන්නයේ ‘ලිබරල්‘ සිංහල භාෂා විද්වතුන් සෑදීම යහපාලනය පැත්තෙන් ගැළපෙන දෙයක් නම් ඒ ගැන ඊට වඩා වැඩි යමක් එවැනි ලිබරල්කමක් නැති අප වැනි අයට කිව නොහැකිය.

මේ ව්‍යවස්ථා මංගල්‍යයට අලූතින් එක්වෙන බරපතළ කාරණයක් වන්නේ සමහර මහානායක හිමිවරුන් වැනි සම්භාවනීය අයගේ ප‍්‍රකාශ  යම් ආකාරයකින් මේ වැඬේට ගැළපෙන පරිදි යොදා ගැනීමය. මහනුවර මල්වත්ත කියා පේරාදෙණිය මල්වත්ත ගැන පමණක් දැනගෙන සිටි සමහරුන් මල්වත්තේ පන්සලට හදිසියේ ගොඩ වෙන්නේ මේ නිසාය. මේ අය හදන්නේ තමන්ට ගැළපෙන ආකාරයේ ‘ලිබරල්‘ හිමිවරුන් හදාගැනීමට දැයි මා දන්නේ නැත. එහෙත් මේ අපේ මහානායක හිමිපාණන් වහන්සේ මේ තත්ත්වය තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. දැනට වැඩ සිටින මල්වත්තේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ විහාර පාර්ශ්වයේ ආරක්ෂාව හා ගෞරවය වෙනුවෙන් හැම විටම පෙනී සිටි විශිෂ්ට ගණයේ යතිවරයාන කෙනක බව අද ඊයේ නොව සෑහෙන කාලයක් සිට මල්වත්තේ සංඝ සභාව ගැන දැනීමක් ඇති අය දන්නා කාරණයකි. මේ එන්.ජී. ඕ.වල අය බලන්නේ මහානායක මාහිමිපාණන් වහන්සේ ‘අපක්ෂපාතී’ අයෙක් කිරීමටය. එය බෞද්ධයන් බලාපොරොත්තු වන තත්ත්වයක් නොවන බව නොකියාම බැරිය. අපට අවශ්‍ය වන්නේ බෞද්ධයන්ට පක්ෂපාතී අපේ නායක හාමුදුරුවන් මිස අපක්‍ෂපාත අයෙක් නොවේ.

මේ ව්‍යවස්ථාව ඇතුළත තිබෙන දේ කුමක් වුවත් එය එච්චර අදාළ නොවන ගානට සහ මෙය සිංහල බෞද්ධ විරෝධයක් බවට හැරී ඇත්තේ ඇයි දැයි ජනාධිපතිතුමාද විමසා ඇතැයි ආරංචියක් තිබේ. රජයේ නාලිකා දෙකේ මේ ව්‍යවස්ථා සාකච්ජා ටික බැලූවහොත් එයට පිළිතුර සොයා ගත හැකි බව මගේ අදහසය.



අදහස් (2)

විද්වතුන්ගේ ව්‍යවස්ථා වචන හරඹ

සෙනෙවි Monday, 16 October 2017 12:03 AM

තමුන්ටත් මේක මහින්ද කලානම් හොඳවේවි. ඔච්චර ජාතිය ගැන කැක්කුමක් තියේ නම් මහන්දලගේ නඩේට එකතුවෙලා ජාතික ධනය ගසාකෑවේ ඇයි. ආයෙමත් 56 කාලෙට රට ගෙනියන්ද හදන්නේ? රට බෙදන්න කාටවත් ඕන නැහැ . මේ විශබීජ දාන්නේ වීරවංශල විතරයි . කොහොම හරි ව්‍යවස්ථාව හදල මේ ප්‍රශ්නෙ විසඳුමු . මහින්ද හිටියනම් මෙලහට රට ‍බෙදිල ඉවරයි සුඩානෙ වගේ

:       120       0

මැක්ස් Monday, 16 October 2017 10:06 AM

සූඩා‌න? දැන් ඉතිං ‌සෙන‍ෙවි වගේ කා‌ෙමෙන්ට් කාර‌යොත් ඉන්න‌ව‌නේ !!!

:       0       14

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 524 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


රට කරවන තැනින් ආදර්ශයක් ඕනෑ
2023 නොවැම්බර් මස 29 388 2

කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ සහ වංචා සම්බන්ධව චෝදනා එල්ලවන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පාර්ලිමේන්තුව ම


අයවැය හිඟයේ පරිමාව
2023 නොවැම්බර් මස 28 240 0

ඇස්තමේන්තු කරන රාජ්‍ය ආදායම එලෙසින් උපයා ගැනීමට නොහැකිවීම නිසා අයවැය හිඟය වාර්ෂිකව ඉහළ යයි. අය හා වැය අතර පවතින මේ ඉහළ පරතරය රාජ්‍ය මූල්‍යයේ පවතින ප්‍


ජාතියට අහිමි වූ පොලිස් විරුවා
2023 නොවැම්බර් මස 28 764 3

පොලිසිය සම්බන්ධයෙන් බොහෝවිට ලිවීමට සිදුවන්නේ ඉහළ – පහළ පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් සම්බන්ධයෙනි. පිහිටක්, පිළිසරණක් පතා පොලිසියට යන සාමාන්‍ය ජනයා


අයවැයට කෘෂි අංශය අමතකවීද ?
2023 නොවැම්බර් මස 27 346 2

වසර 2024 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය විශ්ලේෂණය කර බැලීමේදී පැහැදිලි වන කාරණා කිහිපයක් තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂයට අදාළව අයවැය ලේඛනයක් ඉදිරිපත්


ඩොලර්වලින් අල බතල ගෙන්වන ශ්‍රී ලංකාව
2023 නොවැම්බර් මස 27 900 4

‘‘ආසියාවේ ආශ්චර්ය, මාස 60න් අලුත් රටක්’’ වැනි සාඩම්බර වාගාලාපයන්ගෙන් වසා තිබූ රටෙහි ඇත්ත ඇතුළාන්තය එම වැකි මුද්‍රණය කළ කඩදාසිවල තීන්ත වේලෙන්නත් පෙර ඇස


වැඩි දෙනා කියවූ පුවත්


මඟුලට කෝටි 1933ක් වැය කරලා
2023 නොවැම්බර් මස 28 28035 19




මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 884 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 661 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4581 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site