IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


විදුලිය ගාස්තු නැංවීමට එරෙහි පාර්ලිමේන්තු ගෝරිය

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ අර්බුදය ගිය සතියේ පාර්ලිමේන්තුවේ කටයුතුවලට තදින් බලපෑවේය. අඟහරුවාදා පාර්ලිමේන්තුව පැයකුත් විනාඩි තිස් පහකට සීමා කරන්නටත්, බදාදා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්වන්නටත් බලපෑවේ මේ විදුලිය ගාස්තු ඉහළ දැමීමය. සති කිහිපයක් තිස්සේ නිහඬව සිටි පවිත‍්‍රා වන්නි ආරච්චි ඇමැතිවරිය අඟහරුවාදා විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන නිල ප‍්‍රකාශයක් කළේ ඒ පිළිබඳව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා කළ ප‍්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

ජවිපෙ මන්ත‍්‍රීවරුන් මේස මත නැග විරෝධයේ

ඇමැතිවරියගේ ප‍්‍රකාශය ගැන පසුදින එක් දින විවාදයක් දෙන්නැයි විපක්‍ෂය කළ ඉල්ලීමට ආණ්ඩුවේ එකඟතාව පළ නොවූයෙන් එජාප මන්ත‍්‍රීවරු සභාව මැදට පැන විරෝධය පළ කරන්නට වූහ. ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වූයේ පහුවදාම නොව, වෙනත් දිනයකට ඒ පිළිබඳ විවාදයක් ලබාදෙන බවය. මේ තත්ත්වය මත විපක්‍ෂයේ විරෝධය අවසන් වූයේ පාර්ලිමේන්තු රැස්වීම පැයකුත් විනාඩි 35 කට සීමා කරමින්, සභාව පහුවදා දක්වා කල් තැබීමෙනි.
 

අජිත් පී. පෙරේරා
 
රන්ජන් රාමනායක
 
ජෝන් අමරතුංග
 
ලොහාන් රත්වත්තේ

 

විජිතමුණි ද සොයිසා

බදාදා පාර්ලිමේන්තුව රැස්වූයේ මුදල් පනත් ඇතුළු පනත් කිහිපයක් පිළිබඳ විවාදය කරන්නට වුවත්, ප‍්‍රධාන මාතෘකාව වූයේ ද විදුලි බිල වැඩි කිරීමය. විපක්‍ෂය මේ ගැන සභාව තුළ ලෙඩක් දමන්නට යන බවට ආණ්ඩුව ද කලින් සිට දැන සිටි බව පෙනෙන්නට වූයේ සන්ධානයේ ඒ.එච්.එම්. අස්වර් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයකිනි.

එජාපය ඉටි පන්දම්පත්තු කරන්නට සූදානම් වන බව අස්වර් මන්ත‍්‍රීවරයා කියද්දී, දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා කීවේ, අස්වර් මන්ත‍්‍රීවරයා සභාව නොමඟ යවමින් අසත්‍ය ප‍්‍රකාශ කරන බවකි. එජාප මන්ත‍්‍රීවරුන් මේ බවක් නොහැෙඟන්නට වගබලා ගත්ත ද ආණ්ඩුව එය දැනසිටියේය. කලින් දිනට වඩා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ගේ සූදානමක් පෙනෙන්නට තිබුණේ ද ඒ නිසා විය හැකිය.
 

අඬන්න ඉන්න කෙනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වාගෙයි යන්න ගැමි වහරේ එන කියමනකි. පක්‍ෂ නායක රැස්වීමේදී විපක්‍ෂයට සිදුවූයේ ද ඊට සමාන දෙයකි. විදුලි බිල වැඩිවීම ගැන එජාපය විවාදයක් ඉල්ලා සිටියේ බදාදා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදීය. එය ලබන 9 වැනිදාට ලබාදෙන්නට ආණ්ඩුව එකඟ වූයේය. එතැනින් නොනැවතුණ විපක්‍ෂය තව ඉල්ලීමක් කළේය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ 9 වැනිදා විවාදය පවත්වන තෙක්, විදුලි ගාස්තු ඉහළ දැමීම අත්හිටුවන ලෙසය. ආණ්ඩුව ඊට එකඟ නොවීය. විපක්‍ෂයේ සංවිධායක ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා සභාව තුළ විරෝධයක් මතු කරන්නට යොදා ගත්තේ ද එම ඉල්ලීමය.

විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන ලබන 9 වැනිදා එක් දින විවාදයක් ලබාදීමට එකඟවීම ගැන ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව කී ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා එතෙක් ගාස්තු ඉහළ දැමීම අත්හිටුවන ලෙස කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීම අසාධාරණ බව කීවේය. එජාප මන්ත‍්‍රීවරුන් එතෙක් සඟවාගෙන සිටි කොළ පැහැති ඉටි පන්දම් ටික එකින් එක එළියට ආවේ ඔහුගේ ප‍්‍රකාශයත් සමඟය. පාර්ලිමේන්තුවෙන් ලැබෙන ආරංචිවලින් කියැවෙන්නේ එම ඉටිපන්දම් ෂූක්‍ෂ්ම ලෙස සභාව තුළට රැුගෙන එනු ලැබුවේ රෝසි සේනානායක මන්ත‍්‍රීවරිය විසින් බවය. ආරක්‍ෂක අංශවලට හසු නොවන ආකාරයට මන්්ත‍්‍රීවරිය සිය අත්බෑගයේ දමා ඉටිපන්දම් රැුගෙන ආ බව පාර්ලිමේන්තු ආරංචිවලින් කියැවේ.

එජාප මන්ත‍්‍රීවරු ඉටි පන්දම් දල්වා ගෙන සභාව මැදට පැමිණ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කළහ. ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, රුවන් විජයවර්ධන, සජිත් පේ‍්‍රමදාස, අකිල විරාජ්, අනෝමා ගමගේ, රෝසි සේනානායක, පී. හැරිසන්, අජිත් ජී. පෙරේරා, විජයදාස රාජපක්‍ෂ, රවි කරුණානායක, දුනේශ් ගන්කන්ද, රන්ජන් රාමනායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජෝශප් මයිකල්, චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරල, පාලිත තෙවරප්පෙරුම, සුජීව සේනසිංහ ඇතුළු එජාප මන්ත‍්‍රීවරු එහි වූහ.

එජාප මන්ත‍්‍රීවරුන් සිය විරෝධය පළ කරන අතරවාරයේ ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළින් වතුර බෝතල් එක දෙකක් ඒ දෙසට විසිවන්නට විය. එය අහුලා ගත් එජාප මන්ත‍්‍රීවරු නැවත ඒවා ආණ්ඩුව දෙසට විසි කළෝය. විරෝධය ආරම්භ වී ගත වූයේ විනාඩි 5ක් පමණ කාලයකි. සභාවේ කටයුතු කරගෙන යා නොහැකිව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා සභාව විනාඩි 5 කට කල් තබා මූලාසනයෙන් නැඟිට ගියේය.

සභාව කල් තැබුවා කියා ආණ්ඩුවේ හෝ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු සභාවෙන් පිටව නොගියහ. එජාප මන්ත‍්‍රීවරුන් සභාව මැද සිට දිගටම සිය විරෝධය පළ කරද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරු සිය අසුන්වලට වී බලා සිටියහ. ඒ අතරවාරයේ එජාප මන්ත‍්‍රීවරු ඉදිරි පෙළ අසුන්ගෙන සිටි මෛත‍්‍රීපාල සිරිසේන ඇමැතිවරයා වට කර ගත්හ. ටික වේලාවකින් දෙමළ සන්ධානයේ සුමන්තිරන්  මන්ත‍්‍රීවරයා හා තවත් මන්ත‍්‍රීවරයෙක් ද විරෝධයට එක්වූහ.

වාසුදේව නානායක්කාර, සී.බී. රත්නායක, ගජධීර, වීරකුමාර දිසානායක, දුලිප් විජේසේකර, සුසන්ත පුංචි නිලමේ, සරත් කුමාර ගුණරත්න ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද මේ අතරේ ඉදිරියට පැමිණියහ. වේත‍්‍රධාරී අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සහ නියෝජ්‍ය වේත‍්‍රධාරි ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් පැමිණ සෙංකෝලය වට කරගත්තේ විරෝධය තව තවත් උණුසුම් වෙද්දීය.

සභාවේ ලයිට්  ඕෆ් කරන්නැයි කියමින් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් කියද්දී, විපක්‍ෂයේ තවත් පිිරිසක් ”විදුලි බිල පහළ දමව්”, ”ජනතාවට සහන දියව්” කියමින් උද්ඝෝෂණය කළහ. එළියේ සිට දුවගෙන ආ විජිතමුණි සොයිසා ඇමැතිවරයා, තලතා අතුකෝරල මන්ත‍්‍රීවරිය අත තිබූ දැල්වෙන ඉටිපන්දම උදුරාගෙන ගොස් නිවා දැමීය. ඒ අතරවාරයේ අගමැතිවරයා ද සභාවට පැමිණියේය. ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර වතුර බෝතල් හුවමාරුව හේතුවෙන්, අගමැතිවරයාගේ මෙන්ම සභා නායකවරයාගේ අසුන්වලට ද වතුර වැටී තිබිණි. ඒ නිසා පාර්ලිමේන්තු සේවකයන් වහා පැමිණ අසුන් පිසදමන්නට වූහ. විරෝධය තව තවත් උණුසුම් වෙද්දී ලොහාන් රත්වත්තේ හා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා අතර, උණුසුම් වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවකට ද ආසන්න වෙමින් තිබිණි.
වාසුදේව, සී.බී. ඇතුළු පිරිස පැමිණ ලොහාන් රැුගෙන ගිය අතර, එජාප මන්ත‍්‍රීවරු පැමිණ රන්ජන් රැුගෙන ගියහ. බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් එකවර සභාවට ඇතුළු වුණේ මේ අතරවාරයේය. බැසිල් ඇමැතිවරයා සභාව මැදට පැමිණියේ ”දැන් ඇති, දැන්  ඕක නතර කරන්නැයි” විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලීමක් ද කරමිනි. බැසිල් සමග ආණ්ඩුවේ මැති ඇමැතිවරු ගණනාවක්ම සභාව මැදට පැමිණියහ. ඒ අතරේ ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් එකිනෙකා අතර උණුසුම් වචන හුවමාරු ද සිදුවිය. බැසිල් ඇමැතිවරයාගේ ඉල්ලීම අනුව එජාප මන්ත‍්‍රීවරු ඉටිපන්දම් නිවා දැමූහ.

අනතුරුව පිරිස ”කාගෙද මේ යෝජනා අයි.එම්.එෆ්. යෝජනා” කියමින් කෑ ගසන්නට වූහ. මනුෂ නානායක්කාර හා අජිත් පෙරේරා, අතර උණුසුම් වචන හුවමාරුවක් වූයේ මේ අතරවාරයේය.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප.ව. 4.45 ට පමණ මූලාසනයට පැමිණ ”ඉටි පන්දම් නිවා දමා අසුන් ගන්නැයි ” එජාප මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් එජාප මන්ත‍්‍රීවරු ඊට එකඟ නොවී, සභාව මැද රැුඳී සිටිමින්, විරෝධය පළ කරන්නට වූහ. දිනට නියමිත කෙටුම්පත් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නැයි නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා සිටියේය. විපක්‍ෂයේ විරෝධය හමුවේ නිමල් සිරිපාල ඇමැතිවරයා පනත් කෙටුම්පත්වල සංශෝධන ඉදිරිපත් කළේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වට කරගෙනය.

එතෙක් නිහඬව සිටි සුනිල් හඳුන්නෙත්ති හා විජිත හේරත් මන්ත‍්‍රීවරු මූලාසනය වෙත ගොස් ඊට සිය විරෝධය පළ කළේ තමන්ට විවාදය ගැන කතා කරන්නට අවස්ථාව ඉල්ලමිනි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීමට මූලාසනයෙන් ප‍්‍රතිචාරයක් නොලැබුනෙන් හඳුන්නෙත්ති හා විජිත හෙරත් මන්ත‍්‍රීවරු සිය මේස මත නැගී විරෝධය පළ  කළහ.

විපක්‍ෂයේ විරෝධය හමුවේ සභාව එකම ගාල ගෝට්ටියක් බවට පත්වෙද්දී, ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්තී‍්‍රවරු සභාව මැදින් එහා මෙහා මාරු වෙන්නට වූහ. පුත්තලමේ අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විපක්‍ෂයේ පිටුපස සිට ආණ්ඩු පක්‍ෂය දෙසට දිව ගොස් නැවත සිය අසුන වෙත ආවේය. විපක්‍ෂ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක්ද ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුන් වෙත ගොස්, මැති ඇමැතිවරුන් වෙත උසුලූ විසුලූ කරන්නට වූහ. විජිත්මුණි ඇමැතිවරයා විපක්‍ෂයේ ඉදිරිපෙළ වෙත ගොස් සිටියදී තිස්ස කරලියද්ද ඇමැතිවරයා පැමිණ, ඔහු කැඳවාගෙන ගියේ පිටට හයියෙන් තට්ටුවක් ද දමමිනි. ඒ අතරවාරයේ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරා නිමල් සිරිපාල ඇමැතිවරයා අත තිබූ සංශෝධන ලියවිල්ල උදුරා ගෙන විත් ඉරා දැමීය. ඊට තදින් කේන්ති ගිය නිමල් සිරිපාල ඇමැතිවරයා අන් කවරදාවත් නොවූ ආකාරයට කෑ ගසනු දක්නට ලැබුණි.

විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් නැවත ඉටිපන්දම් දල්වා විරෝධය පළ කළේ මේ අතරවාරයේය. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් සිය මේසය මත වූ සියලූ විදුලි පහන් දල්වන්ට වූ අතර, එජාප මන්ත‍්‍රීවරු ද ඔවුන්ගේ මේස මත වූ විදුලි පහන් දැල්වූහ. විපක්‍ෂය සභාව මැදට වී කෑ කෝ ගසමින් විරෝධ පළ කරන අතරේ ආණ්ඩුව සිය පනත් කෙටුම්පත් සම්මත කර ගත්තේ්ය. අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා සභාව ලබන මස 7 වැනිදා දක්වා කල් තබන බව කියමින්, ප.ව. 5.05 ට පමණ සභාව කල් තබා මූලාසනයෙන් නැගිට ගියේය. එතෙක් වෙලා ඉටිපන්දම් දල්වමින්, වතුර බෝතල් හුවමාර කරමින් ගුටිබැට හුවමාරුවකට සූදානම් වූ ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සභාව කල් තැබීමෙන් පසුව, සභා ගැබ මැද විහිළු තහළු කරමින් පිටව යනු දක්නට ලැබිණි.

 

අජන්ත කුමාර අගලකඩ

 



අදහස් (0)

විදුලිය ගාස්තු නැංවීමට එරෙහි පාර්ලිමේන්තු ගෝරිය

ජනක Tuesday, 30 April 2013 01:59 PM

උනුත් එකයි මුනුත් එකයි... එන පාරත් මෙයාලම එවන්න... (නි)

:       0       0

හිමාප Saturday, 27 April 2013 02:54 PM

ඊළඟ නාටකය ලබන සතියේ.(නදී)

:       0       0

චාමි Monday, 29 April 2013 02:35 PM

නියමයි. (නි)

:       0       0

දිනේෂ් Saturday, 27 April 2013 03:19 PM

මේ වගේ කට්ටියක් පාර්ලිමේන්තුවට පත් කළ අපිට මඩු වලිගයෙන් තලන්න ඕනෑ.පාර්ලිමේන්තුවේදී බොරුවට ලෝකෙට පෙනෙන්න විරෝධය පාලා පස්සේ හිනා වෙලා එලියට ඇවිත් අපිව ගොනාට අන්දනවා.ඊළග පාරත් මෙවන් උත්තමයන්ට ඔබේ මනාපය දෙන්න....... (නි)

:       0       0

රාජා Saturday, 27 April 2013 11:07 AM

"මන්ත‍්‍රීවරුන් සභාව කල් තැබීමෙන් පසුව, සභා ගැබ මැද විහිළු තහළු කරමින් පිටව යනු දක්නට ලැබිණි." අන්තිමට අපිට මොකද වෙන්නෙ? ඊලග කතිර යූද්දෙදිවත් හිතන්න මෙයාලටම තව සැරයක් දෙනවද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 343 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site