IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ලෝක කුසලාන තරග මැද ඉදිරියට ආ සුපිරි හත්දෙනා

  මේ වන විට 2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඒ අතරින් පෙරහුරු තරගවල සිට මුල් තරගවලට තරමක් අසාර්ථකව මුහුණ දුන් ශී‍්‍ර ලංකා පිල දැන් වඩා ප‍්‍රබල තත්ත්වයකට පත්ව සිටී. සිංහයා රිදෙන්නට විඳවන්නට අකමැති බව අපි මීට පෙර මෙම ලෝක කුසලාන තරගාවලිය අලලා කළ ලිපියක සටහන් කළෙමු. එමෙන්ම නිදා සිටි සිංහයා අවදි නොකළ යුතු බවද සඳහන් කළෙමු. ඒ නිදා සිටි සිංහයා දැන් අවදි වී සිටී. අවදි වූ පසු ඒ සිංහයා වඩා ප‍්‍රබල වේ.

 


ශී‍්‍ර ලංකා පිල දැන් ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණව සිටින්නේ එලෙසිනි. එය කෙතරම් ප‍්‍රබල සටන්කාමී අවදිවීමක්ද යත් මෙම සටහන ලියැවෙන මොහොත වන විට මෙතෙක් පැවැති තරගවලට මුහුණ දුන් පිතිකරුවන් අතරින් මුල්තැන් ගත් පිතිකරුවන් 7 දෙනා ලැයිස්තුවට ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයෝ තිදෙනෙක්ම ඇතුළත් වෙති. එම ශී‍්‍ර ලාංකීය කී‍්‍රඩකයින් තිදෙනා 33ගැන සහ මේ දක්වා පැවැති තරගවලදී පිතිකරණයෙන් ඉදිරියට පැමිණ සිටින අනෙකුත් කී‍්‍රඩකයන් ගැන අපි මොහොතකට විපරම් කර බලමු.

 


1. කුමාර් සංගක්කාර


පසුගිය බදාදා වන විට මේ දක්වා පැවැත්වූ තරගවලට මුහුණ දුන් පිතිකරුවන් අතරින් අංක 1 ට පත්ව සිටින්නේ දැනට ලෝක කි‍්‍රකට් පිටියේ සිටින ශ්‍රේෂ්්ඨතම වමත් පිතිකරුවා වන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරය. ඉනිම 4 කදී ඔහු ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 268 කි. එහි සාමාන්‍ය දල වේගය ලෙස 134 සටහන් වේ. එය ඉතා ඉහළ පිතිකරණ වේගයකි. ශී‍්‍ර ලංකාවෙන් ලෝක කි‍්‍රකට් කරළියට දායාද වූ මේ ශ්‍රේෂ්ඨයා පන්දුවට පහරදී සිටියදී දැවී ගිය පසු කී‍්‍රඩා ගාරයට ඇවිත් හැසිරෙන්නේ කොහොමද? ඔබ කිසි දිනෙක ඒ ගැන අසා නැතුවා විය හැකිය. සංගා පිතිහරඹය සඳහා පිටියට යන සෑම අවස්ථාවකදීම කී‍්‍රඩාංගණයේ අවට පරිසරය දෙස කිසිදු විටෙක අවධානය යොමු නොකරයි. එතැන් සිට ඔහුගේ අවධානය ඇත්තේ පන්දු යවන කී‍්‍රඩකයාගේ අන්තය දෙස උකුසු ඇස් යොමුකර සිටීම පමණක්මය. එලෙසින් පිතිහරඹයේ යෙදී සිට අඩු ලකුණු සංඛ්‍යාවකට හෝ දීර්ඝ ඉණිමක් කී‍්‍රඩා කර හෝ දැවී ගිය පසු කී‍්‍රඩාගාරය වෙත පැමිණි සංගා, තමා ඒ දැවී ගිය විදිහ නැවත නැවතත් නැරඹීම පුරුද්දක් කරගෙන සිටී. ඒ දැවී ගිය අවස්ථාවන් ගැන එලෙසින් අධ්‍යයනය කිරීම සෑම විටෙකම ඔහු සිදුකරන දෙයකි.


තරගයක් ජයග‍්‍රහණය කළද ඊළඟ දිනයේ පුහුණුවට එක්වීම ඔහුගේ පුරුද්දකි. නෙට් එක හෙවත් පුහුණුවීම් සිදු කෙරෙන දැල් ආවරණ කලාපයේ සිට පුහුණුවට එක්වීම නිරන්තරයෙන් සිදුකරනු ලබන දෙයකි. නෙට් එකේ සිට පිතිකරණ පුහුණුවීම ලැබීමට කිසිවිටෙකත් මැළි නොවන චරිතයකි. කෙසේ වෙතත් දැවී ගොස් කී‍්‍රඩාගාරයට ආ විට ඉහත කී අයුරින් හැසිරීම හැර එම තරගය අවසන් වෙන තෙක් ඒ දෙස නෙත් යොමා සිටීම හැර කිසිදු වචනයකුද දොඩන්නේ නැත. සංගා මෙතරම් ශ්‍රේෂ්ඨ පිිතිකරුවකු වීමේ රහසද ඒ ආත්මගත බැඳීමම විය හැකිය.

 


2. කි‍්‍රස් ගේ්ල් (බටහිර ඉන්දීය කොදෙව්)


ඉනිම 4 ක් අවසන කි‍්‍රස් ගේල් ලබාගෙ44න සිටි ලකුණු සංඛ්‍යාව 258 ක් විය. එහි සාමාන්‍ය දළ වේගය ලෙස සටහන් වන්නේ 64.50 කි. එය සංගාගේ ඉහළ සාමාන්‍යයට බොහෝ අඩු ප‍්‍රතිශතයකි.


මේ කි‍්‍රස් ගේල් කොහොම කෙනෙක්ද? 1979 සැප්තැම්බර් 21 වැනිදා ජැමෙයිකාවේ කිංස්ටන්හිදී උපත ලද කි‍්‍රස්ටෝපර් හෙන්රි ගේල් ඔහුගේ සම්පූර්ණ නාමය වේ. උස අඩි 6 ක් සහ අඟල් 4 කි. ගේල් බලය, ගේල් කුණාටුව, දැවැන්ත කුණාටුව යන අන්වර්ත නාමවලින්ද ඔහු හැඳින් වේ. තමා මුහුණ දෙන ටෙස්ට් හෝ එක්දින තරගයකදී මුල්ම පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට කිසි විටෙක මැළි නොවන කී‍්‍රඩකයෙකි. එලෙසින් මුල්ම පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට ඔහු වඩා පි‍්‍රයකරන බව විචාරකයෝ පවසති.


ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණව ඇත්තේ කිංස්ටන්හි ලූකාස් කි‍්‍රකට් සමාජය වෙතින් වුවද ”මම අද සිටින තැනට පැමිණි ආරම්භය සමහර විට වීදියක් විය හැකි යැයි ගේල් පවසන්නේය. කෙසේ වෙතත් ලූකාස් කී‍්‍රඩා පරිශ‍්‍රය අද ගේල් නමින් නම්කර ඇත්තේ ඒ විශිෂ්ටයාට ගරු කිරීමක් ලෙසය. බිංදුවට දැවී ගියද නිතරම සතුටින් ගත කිරීම ඔහුගේ පුරුද්දය.


ජැමෙයිකාවේ ඔහුට අයත් මන්දිරයකට සමවූ නිවසක් තිබුණද බිරිඳ නැසී  බිනොයිට් සමග ලෝකය වටේ සවාරි ගසමින් ජීවිතය සතුටින් ගත කිරීමට ඔහු වඩා රිසිය.

 

 


3. හෂීම් අම්ලා (දකුණු අපි‍්‍රකාව)


ඉනිම 4 කට හෙවත් තරග 4 කට මුහුණ දී අම්ලා ලබා සිටි ලකුණු සංඛ්‍යාව 257 කි. එහි සාමාන්‍ය දළ වේගය 64.25 කි.


හෂීම් මොහොමඞ් අම්ලා උපත ලබා ඇත්තේ 1980 මාර්තු 31 වැනිදා දකුණු අපි‍්‍රකාවේ නටාල් පළාතේ ඩර්බන් නගරයේදීය.  ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින්ගෙන් පසුව ටෙස්ට් සහ එක්දින පිටියේ අංක 1 පිතිකරු වර්ගීකරණයට ලක්වූ එකම කී‍්‍රඩකයා ඔහු විය.

211221
දකුණු අපි‍්‍රකාවේ ඉන්දියානු මුස්ලිම් පවුලකට අයත් චරිතයකි. ඉන්දියාවේ ගුජරාටි සම්භවයක් ඇත්තෙකි. දැඩි මුස්ලිම් භක්තිකයකු වන අම්ලා ඩර්බන් උසස් අධ්‍යාපන ආයතනයේ උපාධිධරයෙක් වන්නේය. ලබාගත් උපාධියේ හරය ඔහු යොදාගෙන ඇත්තේ පිතිකරණයට බව ඔහුගේ මිතුරෝ පවසති. අම්ලාගේ බිරිඳ මුස්ලිම් ජාතික සුමෙයියාය. අම්ලා එක්දරු පියකු වන්නේය.

 

 


4. ලහිරු තිරිමාන්න


මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු භූමිකාව රඟදක්වන ලහිරු තිරිමාන්න මේ වන විට වාර්තා අතරට එක්වූ පිතිකරුවකු වන්නේය. එනම් ලාබාල වයසකදී ලෝක කුසලාන තරගයකදී ශතක ලාභියෙකු ලෙසය. මේ දක්වා ඉනිම 4 කදී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 256 කි. දළ වේගය 85.33 කි. හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න ඔහුගේ සම්පූර්ණ නාමය වේ. ”තිරි’’ යන සුරතල් නාමයෙන්ද හැඳින් වේ. පසුගියදා යුගදිවියට පත් අතර ඔහුගේ බිරිඳ වන්නේ රුක්ෂානිය. විවාහ වූ දාට පසුදිනම කි‍්‍රකට් තරග සංචාරයකට යාමට ඔහුට සිදුවිණි.


ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් අනාගතය සැරසීමට මේ තරුණු කි‍්‍රකට් තරුවට පැවරී ඇත්තේ විශාල වගකීමකි. සංගාගේ අඩුව පිරවීමට ”තිරි දායක වේ යැයි බොහෝ දෙනාගේ අදහසය.

 

7_SLTK_P_7
5. ඩු ප්ලෙසිස් (දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක)


ෆ‍්‍රැන්සු ඩු ප්ලෙසිස් 1984 ජූලි 13 වැනිදා උපත ලබා ඇත්තේ දකුණු අපි‍්‍රකාවේ පි‍්‍රටෝරියාහිදීය. ෆැෆ් සහ මැරතන් මිනිහා යනු ඔහුට සගයින් කියන අනෙක් නාමයන්ය.


අපි‍්‍රකාවේ උසස් පාසලින් අධ්‍යාපනය ලැබූ ප්ලෙසීස්, පි‍්‍රටෝරියා සරසවියේ උපාධිධරයෙකි. ඒබී ඩි විලියර්ස් සමග ඔහු මියුසික් වීඩියෝවකට පෙනී සිට ඇත. 'Maak jou Drome waar' ගීතය යූ ටියුබ් වෙත පිවිස ඔබට නැරඹිය හැකිය. ඉමාරි වයිස්සර් සමග දිගු පෙම් සබඳතාවයක යෙදී සිටි ඩු ප්ලෙසිස් ඇය සමග විවාහ වූයේ 2013 වසරේදීය. මේ සුරූපිනිය ප්ලෙසිස්ට බෙහෙවින් අදරය කරන්නීය.

 

 


6. ඒබී ඩි විලියර්ස් (දකුණු අපි‍්‍රකාව)


ඒබ‍්‍රාහම් බෙන්ජමින් ඩි විලියර්ස් 1984 පෙබරවාරි 17 වැනිද උපත ලබා ඇත්තේ පි‍්‍රටෝරියාහිදීය. ආචාර්ය ඒබ‍්‍රහම් පි. ඩි විලියර්ස්ගේ පුත‍්‍රයා වේ. විද්‍යා අංශයේ ව්‍යාපෘතියකට සම්බන්ධව කටයුතු කළ විලියර්ස් හට ඒ නිසාම නෙල්සන් මැන්ඩෙලා පදක්කම ලැබිණි. කි‍්‍රකට් කී‍්‍රඩාව හැර ගොල්ෆ්, රගර්, බැඞ්මින්ටන්, ටෙනිස් කී‍්‍රඩා සඳහාද අති දක්ෂයෙකි.


පාසල් කි‍්‍රකට් කණ්ඩායමේ සිටියදී අනෙකුත් කී‍්‍රඩා සඳහාද පළමු පෙළ කී‍්‍රඩකයකු ලෙස සහභාගි වී ඇත. රග්බි කී‍්‍රඩාව සඳහාද එරට බොහෝ දෙනා අතර විලියර්ස් ජනපි‍්‍රය චරිතයක් වන්නේය. ඒබී, අංශක 360, ”ඒබීඞී’’ යන නාමයන්ගෙන්ද ඔහු හැඳින්වේ.


මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත් සරාගි චරිතය ලෙස ඔහු නම්කර ඇත. ඔහුගේ බිරිඳ වන්නේ රූමත් ඩැනිඑල් ස්වාර්ට්ය. එතෙක් වසර ගණනාවක පේ‍්‍රමයක ඇය හා නිරතව සිටියද පසුගිය 2011 ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියට මෙම රූමතියද කැටුව ආ විලියර්ස් ”අපි ඉක්මනට බඳිමු’’ යැයි සපත කළේ ටජ්මහල් මන්දිරය අසලදීය. ”එය මට එයා දුන්න තෑග්ගක් යැයි’’ ඇය විටෙක පවසන්නීය.

 

 


7. ටී.එම්. ඩිල්ෂාන්


මෙවර තරග 4 ක් අවසන ශී‍්‍ර ලංකාවේ සුපිරි ආරම්භක පිතිකරු ටී.එම්. ඩිල්ෂාන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව වූයේ 229 කි. එහි සාමාන්‍ය දළ වේගය 76.33 කි. එදා 1996 දී අරවින්ද ද සිල්වා කළ වික‍්‍රමය බොහෝ විට මෙදා ඩිල්ෂාන් කරාවි යැයි බොහෝ කි‍්‍රකට් විශාරදයෝ පවසති. වේගවත් පිතිකරණ රටාව මෙන්ම පන්දු යැවීමේදීද අපූරු දක්ෂතා පෙන්වන ඩිලි යම්කිසි ලෙසකින් ශී‍්‍ර ලංකාව අවසන් තරගය දක්වා ගියහොත් තරගාවලියේ වීරයා වනවාටද සැක නැහැ.

විචාරකයින් ඩිලීගේ පිතිහරඹය ගැන පවසන්නේ එලෙසිනි. 1976 ඔක්තෝබර් 14 වැනිදා කළුතරදී උපත ලද ඩිල්ෂාන් වත්මන් එක්දින කි‍්‍රකට් පිටියේ සිටින ප‍්‍රබලතම ප‍්‍රහාරකයකු වන්නේය. ලෝක එක්දින කි‍්‍රකට් පිටියට ඔහු අපූරු පහරක් හඳුන්වා දුන්නේය. විචාරකයින් එය නම් කළේ ඩිල්ස්කූප් (Dilscoop) නමිනි. දැන් එය එක්දින කි‍්‍රකට් පිටියට නැතුවම බැරි පහරක් ලෙස ප‍්‍රකටව තිබේ.


ඩිලී යන ආදර නාමයට අමතරව පල්ලේකැලේ මහතා නොහොත් මිස්ටර් පල්ලේකැලේ ලෙසද ඔහු හැඳින් වේ. පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී නිබඳවම විශිෂ්ට දක්ෂතා පෙන්වීම ඊට හේතුවය.


ඉදිරි තරගවලදී ඩිලී තම පිතිකරණය වෙතින් විශිෂ්ට දෙයක් කරාවිය යන්න ශී‍්‍ර ලාංකීය කී‍්‍රඩා ලෝලීන්ගේ ප‍්‍රාර්ථනාව වන්නේය.

dfgdr

 

   

sandun 01



අදහස් (0)

ලෝක කුසලාන තරග මැද ඉදිරියට ආ සුපිරි හත්දෙනා

කුමාරි Wednesday, 11 March 2015 01:23 PM

ජය වේවා සොයුරනි.. ඔබට තෙරුවන් සරණයි! (අ)

:       0       0

මොහමෙඩ් රිස්ම් Saturday, 14 March 2015 08:49 AM

ශ්‍රී ලංකා කොල්ලන්ට සුභ පැතුම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 958 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site