IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ලෝකයේ ලස්සනම කෙල්ල චීනයෙන්

ලෝකයේ ලස්සනම කෙල්ලවන්නට ලැබීම  ඕනෑම කෙල්ලකට සතුටුවීමට ලැබෙන අවස්ථාවකි. ඒ කෙල්ල උපන් රටේ වැසියන්ටද ලස්සනම කෙල්ලට මෙන් සතුටුවීමට ඉඩ ප‍්‍රස්ථා ලැබේ. ඒ ලස්සනම කෙල්ල අපේ කෙල්ලකියි යන හැඟීමෙනි. ඉතින් මෙදා ඒ සතුට ලැබුණේ චීන ජනතාවට සහ චීන රූ රැජින වූ යූ. ටෙන්සියා නම් යුවතියටය. දකුණු ආසියාවේ බලසම්පන්නම රටක් ලෙස ඉහළින්ම සිටින චීනයේ ලස්සනම කෙල්ලන්ද සිටීම ඇත්තටම චීනයට ආඩම්බරයකි. ලෝක රූ රැජින තේරීමේ අවසන් තරගය මෙවර පැවැත්වුණේ චීනයේම වීම තවත් විශේෂත්වයකි. මොංගෝලියාවට අයත් ගෝබි කාන්තාරයට යාබද  ඕර්ඩෝස් නුවර ඩොන්ග් ෂෙන් ගෘහස්ථ ක‍්‍රීඩාංගණය තුළදීය. මෙම කාන්තාර නගරය ලක්ෂපතියන්ගේ නගරයක් වන අතර දෙවැනි ඩුබායි නගරය ලෙසද හැඳින්වෙයි. මේ නුවර මැද පැවැති මෙම සුපිරි උළෙල රැුඟුම්, ගැයුම්, නැටුම්වලින් පිරී තිබිණි. රටවල් 116කට අයත් සුරූපිනියන්ගෙන් පිරී පැවතුණු මෙම උළෙලෙහි ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් යූ. ටෙන්සියාට ඉකුත් වසරේ රූප සුන්දරිය වූ වෙනිසියුලාවේ රූ රැජින දියමන්ති ඔටුන්න පළඳා වසරක් සඳහා ඇය අභිෂේක කළාය. වේල්ස් රූ රැජින වූ ෂොපී දෙවැනි තැනටත්,  ඕස්ටේ‍්‍රලියා රූ රැජින වූ ජෙසිකා තෙවැනි තැනටත් තේරී පත්වූහ. මෙම රූ රැජින තරගය ලොව පුරා විවිධ රූපවාහිනී නාලිකා ගණනාවකින් විකාශය විය. මිලියන ගණනක් පේ‍්‍රක්ෂකයන්ගේ ප‍්‍රසාදයට ලක්වූ මෙම උළෙල සජීවීව නැරඹූවන් අතරෙහි වැඩිම පිරිසක් චීන ජාතිකයෝ වූහ. රූ රැජින තේරී පත්වීමත් සමග චීන ජාතිකයෝ නටා ගයා ප‍්‍රීතිඝෝෂා පැවැත්වූහ. මෙදා රූ රැජින වූ යූ. ටෙන්සියා සංගීත ලෝලියක් වූවාය. සංගීත ගුරුවරියක ලෙස කටයුතු කරන මෙම විසිතුන් හැවිරිදි යුවතිය නර්තනයටද හපනියකි. රූ රැජින වූ පසුව ඉපැරැණි චීන ගීතයක් ගයා පේ‍්‍රක්ෂකයෝ ප‍්‍රබෝධයට පත්කළ ඇය පියානෝ වාදනයටද හපනියකි. සංගීතය හැරුණු විට ඇගේ විනෝදාංශය වන්නේ කඳු නැගීම සහ සංචාරයයි. ලෝක රූ රැජින කිරුළ නිසා ඇයට රට රටවල සංචාරය කිරීමේ වාසනාවද උදාවනු ඇත්තේය.

ශකුවි
රූ රැජින සමග දෙවැනි හා තුන්වැනි තැන් ලබාගත් ජයග‍්‍රාහිකාවෝ රූප සුන්දරිය නාන ඇඳුමින්



අදහස් (0)

ලෝකයේ ලස්සනම කෙල්ල චීනයෙන්

මංජුල Tuesday, 28 August 2012 10:47 AM

ඇත්තටම ලස්සනයි

:       0       0

ජනක Tuesday, 28 August 2012 10:51 AM

ලංකාවේ මීට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා..(ස)

:       0       0

ගැමුණු Sunday, 02 September 2012 06:45 AM

ලස්සනම කාන්තාවන් මම හිතන විදියට ඉන්නේ අරාබි රටවල.. ලස්සන කියන දේ කෙනාගෙන් කොනට වෙනස් වෙනවා.. මොකද ලස්සන දකින විදිය වෙනස් නිසා..!!!(නු)

:       0       0

ජයනි Saturday, 01 September 2012 03:05 PM

මමත් මීට වැඩියෙන් ලස්සනයි මගේ හිතේ. (නි)

:       0       0

අරුණ Tuesday, 28 August 2012 11:47 AM

කෝ බලන්න

:       0       0

නිෂ් Tuesday, 28 August 2012 05:07 PM

හැමදේම දේශපාලනීකරණය වෙලා. මේකත් එහෙමයි. මට නම් ලස්සන නැහැ. (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 29 August 2012 02:34 AM

ලස්සනයි

:       0       0

නිරූ Sunday, 02 September 2012 11:18 AM

සුබ පැතුම් (දී)

:       0       0

චන්දික Friday, 31 August 2012 08:48 AM

මේ තීරණේට එක හෙළාම මම විරුද්ධයි. කියන තරම් ලස්සනක් නැහැ මට නම්. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 02 September 2012 12:57 PM

අපේ ගමේ බබීනෝනාගේ මැගී කෙල්ල මට ලස්සනයි මීට වැඩිය. (නි)

:       0       0

ලලිත් Friday, 31 August 2012 09:14 AM

දකුණු ආසියාවේ කොතනද අනේ චීනය තියෙන්නේ? (නි)

:       0       0

රිෂා Monday, 10 September 2012 10:40 AM

ඇත්තටම ලස්සනයි.. චාම් .(ස)

:       0       0

පාවුල් Wednesday, 29 August 2012 08:49 AM

ඔයාට පෙම්වතෙක් එහෙම ඉන්නවද දන්නේ නෑ නේ....(ස)

:       0       0

පහන් Monday, 27 August 2012 09:12 AM

අපේ අම්ම මීට වඩා ලස්සනයි .! (ස)

:       0       0

ලංකානාථ Monday, 27 August 2012 09:18 AM

අම්මපා දැන් චීනෙත් දකුණු ආසියාවේද?(ස)

:       0       0

අකිල Tuesday, 28 August 2012 09:10 PM

අක්කෙ ඔයා හොඳයි අපේ ගෙදර පොල් ගාන්න.එන්න බැරිද (ස)

:       0       0

රොබට් Wednesday, 29 August 2012 02:52 PM

බලා ගෙන චීන්නු බලුමස් කනවා .(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Monday, 27 August 2012 04:12 PM

අක්කේ, ඔයා ලංකාවට යනවා නම් සියලුම ආරක්ෂක විධිවිධාන භාවිතා කරන්න. දේශපාලකයන් නම් හමු වෙන්න යන්න එපා. (නි)

:       0       0

නසාර් Wednesday, 29 August 2012 09:57 AM

ලස්සන දැකලා නැති අයට හොඳයි...(ස)

:       0       0

නෙවිල් Thursday, 30 August 2012 11:08 AM

මටනම් ඒතරම්ම ලස්සන නැහැ..!!(නු)

:       0       0

නුවන් Tuesday, 28 August 2012 09:52 PM

ලංකාවටනම් එන්න එපා...බේරිලා යන්න බැරි වෙයි....(ස)

:       0       0

හර්ෂ Wednesday, 29 August 2012 03:20 PM

මේක තේරුවේ අන්දයෙක්ද...? (ස)

:       0       0

රමේෂ් කුමාර් Saturday, 16 May 2015 04:07 AM

හොදයි (කේ)

:       0       0

ඉෂාන් Monday, 27 August 2012 05:56 PM

ලස්සනයි. (නි)

:       0       0

නීලා Wednesday, 29 August 2012 04:05 PM

කෝ මේකිට පපුවක් කියලා දෙයක් නෑනේ (වි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 981 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1032 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site