IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රටේ තෙල් බිංදුවටම හින්දුවේ නාමල්ගේ කොම්පැනියෙන් තෙල් ගේන්නද ?

 

  • නාමල් ගැන කොම්පැණියෙන් කළ විමසීමට තවම පිළිතුරු නෑ
  • FIFA එකෙන් ටිකට් නාමල් එක්ක කටාර් ගිය මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප ALBG වෙබ් අඩවියේ
  • බලශක්ති ඇමැති කටාර් ගියේ මේ සමාගමෙන් තෙල් ගේන්නද?
  • ALBG සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ නාමල් රාජපක්ෂ මන්ත්‍රී නාමල්මද?

 

මේ වෙන විට රටේ තෙල් සංචිතයක් නැත. තෙල් සංචිත බිංදුවටම හිඳී ඇති බව බනිජ තෙල් සංස්ථාවේ තොරතුරුම පෙන්වා දෙයි. ලංකා බනිජ තෙල් සංස්ථාව මගින් ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කොට තෙල් ලබාදීමේ වැඩපිළිවෙළක් සකසා තිබුණත් තෙල් බෙදා හැරීමේ පර්යන්තය මගින් එම ප්‍රමුඛතා ලයිස්තුව ඉවත දමා ඇතැයි ද වාර්තාවේ. එහි උසස් නිලධාරියෙකු අප වෙත කියා සිටියේ තෙල් පර්යන්තය මගින් හිතුමතේ තෙල් බෙදා හැරීම නිසා තවත් දින දෙකකට වඩා ජනතාවට භාවිතයට තිබූ තෙල් සංචිත සීමා වූ බවය. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් තෙල් ලබාදීමට රජය තීන්දු කරන්නේ එවන් පසුබිමකය. එතැනින් නොනවතින රජය තෙල් සංචිත ළඟ නැතත් මිල වැඩි කිරීමකට යන්නේ කිසිදු හිරිකිතයකින් තොරව බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියා අප වෙත කියා සිටියේය.   

 

පුතාට රොකට් යවන්න උදව් කරපු සමාගමෙන් තමයි අන්තිම බොරතෙල් නැව ගෙනාවේ

- පාඨලී චම්පික රණවක   


අත්‍යවශ්‍ය සේවාවන්ට ද දීමට දැන් තෙල් නැත. ඉතිරිව ඇති තෙල් තොග අත්‍යවශ්‍ය සේවාවන්ට මුවා වී වෙනත් පාර්ශ්ව වෙත ලබා දෙන බව මේ දිනවල මාධ්‍ය මගින් දැකගත හැකිය. සැබැවින්ම අත්‍යවශ්‍ය සේවාවල යන අය තවමත් පෝලිම්වල සිටිනු දැක ගත හැකිය. රටට අවශ්‍ය තෙල් නැතිවෙන කොට ඉතියෝපියාවෙන් හරි වැඩි මිලට තෙල් ගෙනත් දෙන්න කියා ජනතාවම ඉල්ලන තැනට මේ වෙන විට රට වැටී හමාරය. මෙය සැලැසුම් සහගතව සිදු වූ දෙයක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතාද පෙන්වා දෙයි. රටේ තෙල් සංචිත නිම වීමට පෙර ඉන්ධන සපයා ගැනීමේ වැඩපිළිවෙළක් රජයට තිබුණේ නැත. මේ අය කළේ තෙල් සැපයීම වෙනුවෙන් අප ළඟ ලියාපදිංචි වී සිටින අයට අමතරව තවත් දහහතර දෙනෙකු හරහා තෙල් ගේන්න හදපු එක යැයි චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මේ අර්බුදයට මුවා වෙලා ඒ පිටුපස රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉන්නවා. මොකද මේ ළඟදි ගෙන ආපු බොරතෙල් නැව ආවෙත් රෝහිත රාජපක්ෂට රොකට් යවන්න උදව් කළ කොම්පැණියෙන්. ඒ තෙල් නැවේ ගණන් මිනුම් හරිම අසාමාන්‍යයි. මේ අර්බුදයට මුවා වෙලා කට්ටිය බිස්නස් කරනවා. අපේ ලියාපදිංචි වී ඇති ආයතනයකින් තෙල් එනවා නම් ඒකේ වගවීමක් තියෙනවා. නමුත් දැන් තෙල් එන්නේ ටෙන්ඩර් කැඳවීමක් එක්ක නෙමෙයි. තෙල් නැව ආවම සල්ලි දෙන විදියටයි මේක හදාගෙන තියෙන්නේ. එම නැවෙන් ගෙන ආපු තෙල් බැරලයක් ඩොලර් හයක් වැඩියි. වෙළෙඳපොළ වටිනාකම ඊට අඩුයි. මේවා ගැන අපට වාර්තා වෙලා තිබෙනවා. යැයි චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.   


රට තුළ තෙල් අර්බුදයක් ඇති වීම මෙන්ම මිල ඉහළ දැමීමෙන් පමණක් නොනැවතුන රජය මේ වෙන විට තෙල් සංස්ථාව සතු පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමටද කැබිනට් අනුමැතිය ලබා දුන්නේ මෙවන් පසුබිමක් තුළය. බනිජ තෙල් සංස්ථාව සතුව ලියාපදිංචි ඉන්ධන පිරවුම්හල් 1200ක් පමණ ඇත. ඉන් 300කට ආසන්න ප්‍රමාණයක් සෘජුවම බනිජතෙල් සංස්ථාව සතුය. එම පිරවුම්හල් අතරින් පනහක් පමණ IOC සමාගමටත් තවත් ඒවා තෙල් ලබා දෙන පදනම මත වෙනත් විදේශ සමාගම් වෙත ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව බනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකු අප වෙත කියා සිටියේය. තෙල් සංස්ථාවේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික පිරවුම්හල් තමන් කැමැති සේවාදායකයෙකු සමග එක්ව තෙල් බෙදා හැරීමටද ලියාපදිංචිය වෙනස් කළ හැකි බව එම නිලධාරියා පෙන්වා දෙයි.   

 

තෙල් ගෙන්වන්නේ නාමල්ගේ සමාගම හරහා කියා රටේ මතයක් තියෙනවා 

 

- ආනන්ද පාලිත   


පසුගියදා තෙල් නැවක් පැමිණි බවත් එම නැවට ඩොලර් මිලියන 42.5ක් මුදලක් තෙල් සංස්ථාව ගෙවා ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. දැන් නැව ආගිය අතක් නැත. තෙල් ටිකද නැත. මුදල් ද නැත. බලශක්ති ඇමැති පුන පුනා කියා සිටි මේ තෙල් නැව ගැන. එසේම කලින් බොරතෙල් නැවක් ද ආවා. මේ නැව් දෙකම ආවේ ඩුබායි සහ කටාර්වලින් බවත් මේ පිටුපස රාජපක්ෂවරුන් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවද සමගි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ අය උත්සහ කළේ රටේ තෙල් නෑ කියලා පෙන්වලා කොහෙන් හරි වැඩි මිලට හරි තෙල් ගේන තැනට රට පත් කරන්න. බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගියදා පවත්වපු මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් සහභාගි වුණා. ඒකෙන් පස්සේ තමයි රුසියාවේ සහ කටාර් තෙල් ගැනීම් ගැන කතා බහට ලක්වුණේ. මේ අය ඊට පස්සේ තමයි ලහි ලහියේ කටාර් සහ රුසියාවේ ගියේ. තෙල් සංචිත බිංදුවටම වැටෙනකම් ඉන්නේ නැතිව කටාර් හරි රුසියාවෙන් හරි තෙල් ගේන්න කලින් කතා කරගත්තා නම් මේ මොකුත් වෙන්නේ නෑ. දැන් කරන්නේ තෙල් නැවක් ගන්න මහ බැංකුවට ඩොලර් එකතු වෙනකම් ඉඳලා නැව ගෙන්වන එකයි. මොකද අපි මීට පෙර තෙල් ගනුදෙනු කළේ මාස හයෙන් හරි අවුරුද්දකින් හරි ගෙවනවා කියලා ණයට තෙල් අරගත්ත එකයි. පොරොන්දු ගිවිසුම මතයි එම ගනුදෙනු වුණේ. කටාර් ගියාට ඒ රජයෙන් තෙල් දෙන්නම් කියලා තවම පොරොන්දු වෙලා නෑ. නමුත් සලකා බලන්නම් කියලා තියෙනවා. කටාර් හරහා තෙල් ගෙන්වන්නේ නාමල් රාජපක්ෂ මහතාගේ කොම්පැණියක් හරහා බව මේ වෙන විට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වෙනවා යැයි ද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. ඒ අනුව ඇමැති කංචන විජේසේකර සහ ශ්‍රී ලාංකික නියෝජිතයන් කටාර් ගියේ එම සමාගම හරහා තෙල් ගෙන ඒමට බව මේ වන විට රටේ පැතිරයන කතාවක් ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.   


කටාර් රාජ්‍යයෙන් තෙල් ගෙන්වන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් කොම්පැණියෙන් කියන කාරණාව සමාජ මාධ්‍ය තුළ මෙන්ම මුළු රටේම ලැව් ගින්නක් සේ මේ වෙන විට පැතිර ගොස් හමාරය. මේ කොම්පැණිය ගැන තොරතුරු සෙවීමට අප පටන් ගන්නේ 2022-4-18 සිටය. ඒ තෙල් කතාව සමාජගත වීමටත් පෙරය. එහිදී අපට මෙම සමාගම ගැන තොරතුරු ලැබුණි. ALBG නමින් හඳුන්වන මෙම ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස සිටින්නේ නාමල් රාජපක්ෂ නම් අයෙකි. එම නිසා පසුගිය අප්‍රේල් මාසයේදී අදාළ සමාගම වෙත ඊමේල් පණිවුඩයක් යවමින් අප විමසා සිටියේ ඔබ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින නාමල් රාජපක්ෂ සහ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර යම් සම්බන්ධයක් ඇති ද කියාය. එනම් මූල්‍ය අධ්‍යක්ෂ නාමල් රාජපක්ෂ සහ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියන්නේ දෙදෙනෙක් ද නැත්නම් එක් අයෙක්ද කියාය. නමුත් අදාළ සමාගම මේ වෙනතුරු එම ඊමේල් පණිවුඩයට පිළිතුරු එවා නැත.   


ඉන්පසු අප නැවත තෙල් ගෙන්වීමේ කතා බහ කරළියට ආ විට 2022-6-29 දිනද නැවත අදාළ සමාගම වෙත ඊමේල් පණිවුඩයක් යවා කලින් ප්‍රශ්නයම විමසා සිටියේය. මේ ලිපිය පළවෙන මොහොත වෙනවිටත් ඊට පිළිතුරු ලැබී තිබුණේ නැත.   


මෙම ආයතනයේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී අපිට ඡායාරූප කිහිපයක් හමුවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් නවක මන්ත්‍රීවරුන් පිරිසක් කටාර්වලදී ගත් ඡායාරූප පෙළක් එම සමාගමට අයත් වෙබ් අඩවියේ පළ කොට තිබුණි. එම ඡායාරූපවල අදාළ සමාගමේ බලධාරියන් සහ කටාර් රජයේ නිලධාරින් මෙන්ම කටාර් ශ්‍රී ලංකා තානාපතිවරයාද සිටිති. අපි එම ඡායාරූප 2022-4-18 දින බාගත කළෙමු. දැන් එම වෙබ් අඩවියේ අදාළ ඡායාරූප අපි නොදැක්කෙමු. 

 

ALBG සමාගමේ වෙබ් අඩවියේ පළවූ නාමල් රාජපක්ෂගේ තවත් ඡායාරූපයක්.

කම්කරු ප්‍රශ්නය කතා කරන්න ක්‍රීඩා ඇමැති සමඟ කටාර් ගිය නවක මන්ත්‍රීවරු කටාර් බලධාරීන් සමඟ.

ALBG සමාගමේ වෙබ් අඩවියේ පළවූ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඡායාරූපයක්.

 

 

කම්කරු ඇමැති  කටාර් එන්න කළ ඉල්ලීම් කටාර් රජයෙන් ප්‍රතික්ෂේප කරලා  කටාර් ගියේ  කම්කරු ප්‍රශ්න විසඳන්න

කටාර් කම්කරු ඇමැතිට සමාන කෙනෙක් හමුවෙලා සාකච්ඡා කළා ALBG සමාගම ගැන නිල වශයෙන්  මුකුත් කියන්න බෑ

 

මෙම ඡායාරූපයේ පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරද සිටියේය. එනිසා මේ කාරණා ගැන මන්ත්‍රීවරයාගෙන්ම අපි අසා දැනගත්තෙමු. එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැන්නකි.   


ඔබතුමා කටාර් ගියාද?   


වසන්ත මන්ත්‍රිතුමා : ඔව් අපි කටාර් ගියේ 2021 දෙසැම්බර් 18 වගේ.   


මේ සමාගම හරහා නේද ලංකාවට තෙල් ගේන්නේ ?


වසන්ත මන්ත්‍රිතුමා : ඒක දන්නේ නෑ. අපි ඒ සංචාරයේදි කටාර්වල කම්කරු ඇමැතිට සමාන කෙනෙක් සමග සාකච්ඡාවකට ගියේ. එහිදී අපි කතා කළේ ලංකාවෙන් කටාර් යන්න බලාගෙන ඉන්න අයගේ වීසා ගැටලු‍ව ගැන. මෙම සාකච්ඡාවට ලංකාවේ තානාපතිවරයාත් සහභාගි වුණා. මීට අමතරව ක්‍රිඩා රෝහලකට ගියා. ලංකාවේ ආබාධිත ක්‍රීඩකයින්ට එම රෝහලට යන්න පුළුවන්ද කියා සාකච්ඡා කළා. එසේම FIFA එකේ අවසන් තරගයක් හෝ දෙකක් නරඹන්න අවස්ථාව උදා වුණා.   


ALBG කියන සමාගම සහ මෙම සංචාරය අතර සම්බන්ධය මොකක්ද? නාමල් රාජපක්ෂ මහතා එහි අධ්‍යක්ෂ වරයෙක් ද?   


වසන්ත මන්ත්‍රීතුමා : නෑ ඒක මම දන්නේ නෑ හරියට. මට එම සමාගම ගැන නිල වශයෙන් මොකුත් කියන්න බෑ.   


කම්කරු ඇමැති ලංකාවේ ඉද්දි ක්‍රිඩා ඇමැති කටාර් ගිහින් කම්කරු ප්‍රශ්න කතා කළාම හරිද?   


වසන්ත මන්ත්‍රීතුමා : මට ආරාධනාවක් කරලා තිබ්බා මෙහෙම ගැටලු‍ කතා කරනවා කියලා. මම ඊට සහභාගි වුණා. නාමල් රජපක්ෂ මහතා කටාර් රාජ්‍ය නායකයා හමු වුණේ නෑ. නමුත් ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවුණා. එම සාකච්ඡාවලදි කියැවුණා කටාර් රාජ්‍යයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල මහතා මේ ගැටලු‍ ගැන කතා කරන්න අවස්ථවක් ඉල්ලා තිබුණා කියා. නමුත් ඒ රජයෙන් අවස්ථාවක් දීලා නෑ. ඒනිසා මහින්ද රාජපක්ෂ මහතාගේ සබඳතා එක්ක නාමල් රාජපක්ෂ මහතා කම්කරු ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාවක් ඉල්ලලා. ඒක ලැබිලා.   


නාමල් රාජපක්ෂ මහතා එම සමගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා කියා දැන සිටියද?   


වසන්ත මන්‍ත්‍රීතුමා : මම ඔය සමාගම ගැන දන්නේ නෑ. දන්නේ නැති එකක නමක් කියන්න බෑ.   


මේ ගමනට නවක මන්ත්‍රීවරුන් ගියේ ඇයි?   


වසන්ත මන්‍ත්‍රීතුමා : අපේ කටාර් ගමනට අවශ්‍ය ටිකට් වලට අනුග්‍රහය දැක්වූවේ FIFA එකෙන්. FIFA එකේ ලංකාවේ සභාපති තමයි අපට අනුග්‍රහය දැක්වූයේ. මේ ගමනට ඒ මහත්තයත් ආවා. මේ ගමනට ඩබ්ලිව්. ඩී. වීරසිංහ සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරු එක් වුණා. නාමල් ඇමතිතුමා එහිදී අපට සම්බන්ධ වුණා. අපි නාමල් ඇමතිතුමාට කියලා තිබුණා කටාර් කම්කරු ගැටලු‍වේදි මැදිහත් වෙන්න කියලා. ඒ නිසයි FIFA එකෙන් ටිකට් අනුග්‍රහය අරගෙන අපිත් කටාර් ගියේ.   

 

ඇමැති කංචන සහ ලංකාවේ දූත පිරිස කටාර් ගොස් බලධාරීන් හමුවූ අවස්ථාව.

 

කටාර් බලධරයෙක් සමග නාමල් රාජපක්ෂ සාකච්ඡා කරන අයුරු ALBG සමාගමේ වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය.

 

 

 නිමල් සිරිපාල ඇමැතිතුමා කටාර් යන්න අවස්ථාවක් ඉල්ලු‍වේ නෑ 

 වසර හතරක් රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස ලංකාවේ කවුරුත් කටාර් ගිහින් නෑ 

ලංකාවේ ශ්‍රමික ප්‍රශ්නය කටාර් තානාපති හමුවී නිරාකරණය කර ගත්තා

- කම්කරු අමාත්‍යාංශය   


අප මේ කාරණා ගැන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතාගෙන්ද විමසීමක් කළෙමු. එහිදී අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ කටාර් රාජ්‍යයට යාමට කිසිම විටෙක ඇමැතිතුමා ඉල්ලීමක් කර නැති බවය. කොවිඩ් වසංගතය හමුවේ කටාර්වල සිටින අපේ ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලු‍ සහ විදේශ ගතවීමට බලාපොරොත්තු වෙන අයගේ වීසා ගැටලු‍ ගැන ඇමැතිවරයා ශ්‍රී ලංකා කටාර් තානාපතිතුමා සමග සාකච්ඡා කොට විසඳුම් ලබාගත්තා. අනික රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස කටාර් යනවා නම් ඒක තානාපති කාර්යාලය හරහා එන නිල සංචාරයක් වෙන්න ඕන. එහෙම නැතිව පස්ස දොරෙන් ගිහින් ඒ රටේ පාලකයන් හමුවෙන්න බැරි බවද එම ප්‍රකාශකයා පවසයි. කම්කරු ප්‍රශ්න කතා කරන්න කියලා මේ අය වෙන වැඩකට යන්න ඇති බවද එම ප්‍රකාශකයා පවසයි. දැනට වසර හතරක කාලයක් රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලෙස කටාර් රාජ්‍ය වෙත කිසිවෙක් නොගිය බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.  

 

නාමල් රාජපක්ෂගෙන් පිළිතුරු නෑ

ALBG සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා වන්නේ නාමල් රාජපක්ෂ මහතාද කියා දැන ගැනීමට අප ඒ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළෙමු.  


එහිදි 0472 240xxx තංගල්ල නිවසේ දුරකතන අංකයට ගත් විට එහි ආරක්ෂකයෙකු පවසා සිටියේ නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන ලහිරු කොඩිතුවක්කු මහතාට කතා කොට මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගන්නා ලෙසය. එලෙස අප ලහිරු මහතාගේ 0776 666xxx දුරකතනයට ගත් විට පවසා සිටියේ අවශ්‍ය කාරණය කෙටි පණිවුඩයක් මගින් එවන ලෙසය. එලෙස කෙටි පණිවුඩයක් යැව්වද තවම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.   


කෙසේ වෙතත් මේ වෙන විට කංචන විජේසේකර ඇමැතිවරයා කටාර් රාජ්‍ය නායකයන් සමග ඉන්ධන, ගෑස් සහ බලශක්ති ගැටලු‍ව විසඳා ගැනීමට සාකච්ඡා කරන අයුරු මාධ්‍ය මගින් අපි දැක්කෙමු. නමුත් එම සාකච්ඡා ගැන සලකා බලනවා කියනවා හැර ස්ථිර විසඳුමක් තවම කටාර් රජය ලබා දී නැති බව අප වෙත වාර්තාවේ. එසේම ලංකාවේ දූත පිරිස නවාතැන් ගෙන ඇත්තේද ලංකාවේ ප්‍රබල අයෙකුට අයත් නවාතැනකලු‍ යැයි ද දැන ගන්නට තිබේ. හරි දේ හරියට සිදු වී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෙල් ගැටලු‍ව විසඳා ගැනීමට හැකි වුණොත් හොඳය. නැත්නම් ඇමැති කංචනද මේ සැරසෙන්නේ තවත් පවුලකට ලාබ ගෙන දීමට නම් ලංකාවේ ජනතාව ඇමැතිවරයාට සමාවක් නොදෙනු ඇත.   


මේ සියලු කාරණා ගැන දැන ගැනීමට අප බනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාගෙන්ද විමසීමට කතා කළ මුත් සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.


කටාර්වලින් තෙල් ගෙන එන්නේ මොන සමාගමෙන් ද කියා තවම බනිජ තෙල් සංස්ථාව කිසිවක් පවසන්නේ නැත. ALBG සමාගම හරහා තෙල් ගෙන එනවාද නැද්ද කියා තවම දන්නේ නැත.සමහර විටෙක මෙම සමාගම නමින් අප දකින වෙබ් අඩවිය ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක්ද විය හැකිය. නමුත් නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ මෙම සමාගම පෙන්නා වෙනත් සමාගමකින් තෙල් ගෙන එනවා දැයි දන්නේ නැත.
එය ඩුබායි හෝ සීෂෙල්ස් රටවල සමාගමක් විය හැකිය. නැත්නම් කටාර් වලම වෙනත් සමාගමක් විය හැකිය.එනිසා තෙල් ගෙන්වීම පිටුපස සිටින්නේ කවුද? මේ චෝදනා එල්ල වෙන අයම එහි සිටිනවාද? කියා අපි අවධානයෙන් සිටින්නෙමු.


ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

 

සටහන : 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක

 

 



අදහස් (9)

රටේ තෙල් බිංදුවටම හින්දුවේ නාමල්ගේ කොම්පැනියෙන් තෙල් ගේන්නද ?

Gamunu Sunday, 03 July 2022 07:48 PM

මේ වනවිට රටේ මහජනතාව මුහුණදෙමින් පවතින ආර්ථික, ඉන්ධන, ගෑස් නොමැති ගැටළු සඳහා විසඳුම් අවශ්‍ය වේ. නාමල් රාජපක්ෂට හෝ රාජපක්ෂලා නිසා සියල්ල සිදුවූ බව කියමින් චෝදනා කිරීමෙන් ආර්ථික, ඉන්ධන, ගෑස් රටට විසඳුම් නොලැබේ. රාජපක්ෂලා වැරැදි කර ඇත්නම් අධිකරණය ඔවුන් පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගනු ඇත. චෝදනා කරන දේශපාලකයින් සහ අන් සියලුදෙනා පවතින ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමක් නොමැතිව චෝදනා කිරීමෙන් අර්බුද විසඳීමට හෝ පිළියම් දීමට නොහැකි බවත් තේරුම් ගන්න...!

:       32       128

susanthaWednesday, 06 July 2022 04:13 PM

හොර තක්කඩි අල්ලලා ගත්තු සල්ලි ආපහු රටේ භාණ්ඩාගාරයට දෙන්න එකඟවෙනකන් නිරුවතින් එල්ලන්න ඕනේ ගාලු මුවදොරේ... ඒවගේ දේකින් ඇරෙන්න මොවුන්ගෙන් හොරාකාපු සල්ලි ආපහු ගන්න බැහැ.

:       27       9

naamal Sunday, 03 July 2022 07:56 PM

නාමල්ට කම්පැණියක් තියෙනවලු... ඒකෙ තෙල් තියනවලු. මේකත් අර අපේ ආච්චිගේ මැණික් මල්ල වගේ නේද?

:       2       28

mp Monday, 04 July 2022 06:45 AM

කරන්න පුළුවන් තරම් මගඩි කරලා රට නන්නත්තාර කරලා, තව කරන්නෙත් මගඩි... මෙහෙමත් අය. මෙයා කට ඇරියොත් කියන්නේ පට්ටපල් බොරු. මෙයා මොකක්ද මේ රටට කරන්නේ...?

:       15       14

LGPJ Monday, 04 July 2022 06:47 AM

කාංචනා විජේසේකරගේ කල්ලිය

:       12       13

Bamunuarachchi Monday, 04 July 2022 11:02 AM

මුළු කැබිනට් මණ්ඩලේම ඉන්නේ රාජපක්ෂවාදීන් නොවෙයි නේද? එහෙනම් මේ සම්බන්ධව ඔවුන්ට කටයුතු කරන්න කියන්න. හොරෙක් බැංකුවකට ගියාම බැංකුව මංකොල්ල කන්න ගියා කියන එක වැරදියි.

:       15       23

Sunil Monday, 04 July 2022 11:23 AM

මේ අයගේ අරමුණ බලයේ ඉන්න ඉතිරිවෙලා තිබෙන සුළු කාලයේදී හෝ රට තවත් මහා පරිමාණයෙන් කොල්ල කෑමයි.

:       22       20

ekanayake Friday, 08 July 2022 12:24 PM

මහා පරිමාණ හොරකම් කරන දේශපාලුවන් ගැන නොදන්නේ කවුද? ඒකවත් තේරු​ම් ගන්න බැරි මොට්ටයින් තවමත් ඉන්න බවයි පේන්නේ... නැවත ඡන්දයක් තිබ්බත් මේ අය ඡන්දේ දෙන්නේ ඔවුන්ටම තමයි...

:       12       1

LGPJ Saturday, 09 July 2022 03:47 AM

තවත් විශේෂ ක්‍රමයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 247 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 199 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 140 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 255 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 426 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1049 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1011 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1440 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site