පසුගිය පහළොස්වන අඟහරුවාදා පෙරවරු කාලයේදීම ශනි ග‍්‍රහයා ස්වකීය රජ භවනට සැපත් විය. වසර 30ක් පමණ වූ කාල පරිච්ඡේදයක් තුළ විවිධ ස්වරූපයෙන් රටට ඔබට සුභ අසුභ ඵල බෙදා දෙමින් සිට තමාට ඉතාමත් බලසම්පන්න ස්ථානයකට ගමන් කිරීම මත ඔබේ ලග්නයට අනුව කෙසේ ප‍්‍රතිඵල ගෙන දෙන්නේද යන්න මෙමගින් විග‍්‍රහ කෙරෙනු ඇත. මේෂ ලග්නය: මේෂ ලග්නය හිමි ඔබේ කේන්දරයේ සත්වැනි භාවයට ශනි ගමන් කිරීම ඇරැඹීමත් සමඟ ඔබට ජීවිතයේ නව වෙනසක් දැනෙන පරිදි කටයුතු පිළියෙළ වන්නේය. උනන්දුවේ, උත්සාහයේ ඵල ප‍්‍රයෝජන ලැබේ. වෙනදාට වඩා ගුණ යහපත් සත්‍යවාදී ස්වභාවයක් ඔබ තුළින් පිළිබිඹු වේ. එසේම තමාගේ කි‍්‍රයාවන් ගැන ප‍්‍රසිද්ධ වශයෙන් ගරුසරු ලැබෙනු ඇත. අලාභ පාඩුවකින් තොරව අන්‍යයන් සමග කොටස්කාර ව්‍යාපාරයන්හි නිරතවීමටත් ඉඩ ප‍්‍රස්ථා සැලසේ. මෙය ඔබට ගතවූ වසර 2ට වඩා ප‍්‍රසිද්ධ ව්‍යාපාර ආදියෙන් හෝ ප‍්‍රසිද්ධ වැඩවලින් ආදායම් වර්ධනය කර ගැනීමටත් හේතුවන කාල පරිච්ෙඡ්දයකි. විවාහය බෙහෙවින් කල්ගතවූ අයට යුග සැපත හිමිකරදෙනු ඇත. සමාජ ගෞරවය ලැබේ. සිතට සතුටු විය හැකි කාර්යයන් රැසක් ගතවූ කාලයේ ශනි මාරුවට වඩා මෙවර ශනි මාරුවෙන් ඔබට සිදුවන්නේය. වෘෂභ ලග්නය: වෘෂභ ලග්නය හිමි ඔබේ හඳහනේ සයවැනි භාවයට පැමිණි ශනි අභියෝග ජය ගැනීමේ හැකියාව මැනවින් ගොඩනගා කි‍්‍රයාශූරත්වයෙන් කටයුතු කිරීමට පරිසරය සකසා දෙයි. සමාජසේවා කටයුතු දේශපාලන කටයුතුවල නිරතවන වෘෂභ ලග්න හිමියන්ට මෙම ග‍්‍රහ ගමන වඩාත් ශුභඵල ගෙන දෙයි. ඔවුනට ඉතා බලවත් කාලයක් ඉදිරියේදී උදාවන අතර තනතුරු නිලතල වරප‍්‍රසාද හිමිකර දෙයි. විශේෂයෙන් ස්වයං ව්‍යාපාරවල නිරත වන්නන්ට වැඩි දියුණුව සලසයි. සමස්ථයක් වශයෙන් ගත්කල රැකියා ව්‍යාපාරවලට රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් වැනි බාහිර ප‍්‍රශ්න පැන නැගුණත් එම සියල්ල මැඩගෙන තම අරමුණු සැලසුම් සාර්ථක කර ගැනීමටත් බලය ගොඩනැගේ. රාහු-කුජ ග‍්‍රහ සංයෝගයක් උත්පත්ති හඳහනේ 6 වැනි ස්ථානයේ තිබුණේ නම් වැටීම් තැලීම් අස්ථි බිඳීම් හදිසි පීඩා අනතුරුවලින් ආරක්ෂාවීමට සැළකිලිමත් වන්න. දිවියේ වැඩි දියුණුවක් සනිටුහන් වන කාලයකි. මිථුන ලග්නය: ඔබේ ලග්නයට අනුව ශනි ග‍්‍රහයා ඉදිරි වසර 2 1/2 තුළ ගත කරනුයේ පස්වැනි ස්ථානයේය. ඔබගේ උපත් කේන්දරයේ පස්වන කොටුවේ රවි, කුජ, රාහු වැනි ග‍්‍රහයින් නොසිටියේ නම් මෙය ඔබගේ පෙර පින් මතුවන කාල පරිච්ඡේදයක් බවට පත්වන්නේය. එසේම මෙය අරමුණු සැලසුම් මල්ඵල ගැන්වෙන කාල පරිච්ඡේදයක්ද වනු ඇත. ආත්ම ගෞරවයට හානියක් නොවන සේ කටයුතු කිරීමට හැකිවීම නිසා ප‍්‍රශ්නකාරී දේ සිදු නොවේ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනික ජයග‍්‍රහණ රැුකියා අපේක්ෂකයින්ගේ හා වෘත්තීයවේදීන්ගේ ප‍්‍රාර්ථනාවන් ක‍්‍රමයෙන් ඉටුවන්නේය. ඉපැයීම් මාර්ග ශක්තිමත් වන අතර කිසියම් ඉතිරි කිරීමක්ද කරගත හැක. ඉගෙන ගත් දෙය කි‍්‍රයාවට නංවා බැලීමට අවස්ථාව සැලසේ. කටක ලග්නය: කටක ලග්න හිමි ඔබගේ ශනි ගමන් කරනුයේ සතරවන භාවයේය. මෙමගින් ඔබට රාජයෝග බලයක්ද උදා කෙරේ. ගෙදර දොර පවුලේ අයගෙන් මෙන්ම ඇසුරු කරන්නන්ගෙන් කරදරකාරි දෑ මෙම වසර 2 1/2 තුළ සිදු නොවේ. විවාහ ගැටලූ මෙන් දේපල ගැටලූ ප‍්‍රශ්න පැවැති අයගේ එම ගැටලූ විසඳේ. රැකියා තනතුරුවලින් උසස්වීම් සැලසී දෙස් විදෙස් රැකියා අපේක්ෂිතයින්ගේ එම අපේක්ෂාවන්ද ක‍්‍රම ක‍්‍රමයෙන් ඉටුවනු ඇත. පොදුවේ මෙය ධනය දියුණුව බලය ප‍්‍රසිද්ධිය ඇති කරන කාල පරිච්ඡේදයක් බැවින් කටක ලග්න හිමියන්ට සිතෙහි සහනය සතුට වැඩිපුර පවතින කාලපරිච්ඡේදයක් බවට ශනි මාරුව ශුභඵල සැලසෙනු ඇත. සිංහ ලග්නය: සිංහ ලග්නය හිමි ඔබගේ කේන්දරයේ තුන්වැන්නට ශනි ග‍්‍රහයා සැපත්වීම ශුභඵල උදා කිරීමට හේතුවෙයි. සමස්තයක් වශයෙන් ගත් කල ඔබ හදිසි තීන්දු තීරණවලට නොයා යුතුය. සිතුවිලි පාලනය කර ගැනීම බෙහෙවින් අඩු නිසා හික්මීමෙන් කටයුතු කිරීම වඩාත් හිතකර වේ. එමෙන්ම ගතු කේළාම්වලට නතු නොවී කටයුතු කරන්න. පොදුවේ ඔබට සතුරුපීඩා මැඩගෙන ජීවත්වීමට පිළිවන්කම ලැබේ. පටන්ගත් දෙය අතරමඟ නතර කර නොදමා එහි සාර්ථකත්වය ලබන තුරුම ඉදිරියට කෙසේ හෝ කරගෙන යයි. මෙය දැඩි ආත්ම ශක්තිය හා උනන්දුව උද්යෝගය ඔබ තුළින් මැනවින් පිළිබිඹු වන කාලපරිච්ඡේදයකි. කන්‍යා ලග්නය: ඔබේ ලග්නයට අනුව ශනි ග‍්‍රහයා පැමිණියේ දෙවන ස්ථානයටය. ඔබ මෙම කාලය තුළ හොඳින් සිතා බලා වචන පාවිච්චි කරන බැවින් ගැටලූ අවමකර ගනී. ඒ එසේ නමුත් මෙය තරමක ඒරාෂ්ටක අපලයක සේයාවක්ද පතිත වන බැවින් ඔබට මෙම ග‍්‍රහ ගමන ශුභ මිශ‍්‍රඵල ගෙනදීමට හේතුවේ. කථාව උපයෝගී කර ගනිමින් ධනය උපයන කන්‍යා ලග්න හිමියන්ට ඉන් වැඩි ප‍්‍රගතියක් අත්වේ. සමස්තයක් වශයෙන් ගත්කල ජූනි මැද භාගය පසුවන තෙක් ශුභඵල හීනය. සිතට සැක බිය සන්තාපය මතුවන දෑ වරින්වර ඇති කරයි. ආගමික පැත්තට නැඹුරුව කටයුතු කරන්නන්ට වැඩි ශූභ ඵල සහිතයි. සහනය ලැබේ. තුලා ලග්නය: තුලා ලග්නය හිමි කේන්දරයේ ලග්නයට පැමිණි ශනි ගත වූ කාලයට වඩා බෙහෙවින් ශුභඵල රැසක් ගෙනදෙනු ඇත. යුක්තිගරුකව සාධාරණව ඉපැයීම් කටයුතුවල නිරත වෙමින් ආර්ථික හා දේපල අතින් සැළකිය යුතු දියුණුවක් හිමිකර ගනී. එසේම ඔබ ගතවූ කාලයේදී මෙන් අනුන්ට උදව් කිරීමට නොයයි. අනුන්ට උදව් කරන්නට පළමු තමා හැදෙන්නට ඕනෑය යන ආකල්පය සිත්හි තබා ගනිමින් කටයුතු කරන බැවින් මෙවර ඔබ අනුන් ගැන නොබලා තමාගේ දියුණුව වෙනුවෙන් වෙහෙසී කටයුතු කරයි. ආර්ථික හා රැකියා ලාභ හිමිවන අතරම විවාහ සැප හිමිවන කාල පරිච්ඡේදයක් බවට ඉදිරි වසර 2 1/2 ඔබට ප‍්‍රතිඵල ප‍්‍රදානය කෙරෙනු ඇත. වෘශ්චික ලග්නය: ඔබේ ලග්නයේ දොළොස් වැන්නට පැමිණි ශනි ඒරාෂ්ඨක අපලයක් උදා කිරීම නිසා මෙත් සිත් පෙරදැරිව නිහතමානීව දෛනික කාර්යය කටයුතුවල නිරතවන්න. නිෂ්ප‍්‍රයෝජන ගමන් බිමන් බහුලවන අතර විටෙක තමා යන අත්‍යවශ්‍ය ගමන් බිමන්වලින් ඵල ප‍්‍රයෝජනද නොලැබීයයි. හිතට සැප අඩු කාල පරිච්ඡේදයක් බවට පත්වේ. ගණුදෙණුවලදී අලාභ පාඩු සිදුවේ. උරුම හිමිකම් ප‍්‍රශ්න යනාදියත් මතුවන බැවින් ඒවායේදී කල්පනාකාරි වන්න. ආයතනයේ ප‍්‍රධානීන්ගේ සිත් දිනා ගැනීමට වඩාත් උත්සහ ගත යුතු වසර 2 කි. ආගමික කටයුතු පිංකම්හි නියුතුවන්න. ධනු ලග්නය: ධනු ලග්නය හිමි ඔබගේ අයස්ථාන ගතව බලවත්ව ශනි ගමන් කිරීම ඇරඹි මෙම ඉදිරි වසර 2 1/2 ඔබට පැහැදිලි ශුභඵල රැසක් ගෙන දෙනු ඇත. ගතවූ කාලයට වඩා මිල මුදල් අතින් අඟ හිඟතා ඇතිවන්නේ නැත. දෛනික ආදායම් තත්ත්වය ඉහළ යන කාර්යයන් රැසක් සිදුවේ. පෙරට වඩා සමාජ ගෞරවයද ඉහළින්ම ලැබෙන අතර තනතුරු නිලතල වරප‍්‍රසාද වාත්තීය ක්ෂේත‍්‍රය තුළින්ද හිමිවනු ඇත. දේශපාලන ක්ෂේත‍්‍රයේ හා ස්වයං ව්‍යාපාරයන්හි නිරත ධනු ලග්න හිමියන්ට විශේෂිත ප‍්‍රගතියක් ඇතිවේ. නිලතල තානාන්තර තමා පසුපස ගලා එයි. අරමුණු සැලසුම් රැසක් සිතැගි පරිදි ඉෂ්ට සිද්ධ වේ. තමාගේ ඇති යහපත්කම අන්‍යයන් අතරේ පැතිරී යන කාල වකවාණුවකි. මකර ලග්නය: ඔබේ ලග්නයේ දසවැනි භාවයට ශනි ග‍්‍රහයා සැපත්වීම යහපතටම හේතුවනු ඇත. මෙය කලෙකින් උදා වූ ශුභදායක කාල පරිච්ඡේදයක් බවට පරිවර්තනය වේ. ස්ථිර ලෙස කරන දේ දියුණු කරමින් කරගෙන යාමට පිළිවන්කම ලැබේ. කි‍්‍රයාශූරත්වයත් උද්යෝගයත් නොපසුබට උත්සාහයත් ඔබ තුළින් මැනවින් පිළිබිඹු වන කාල පරිච්ඡේදයකි. ඔබට විශාල වැඩ කොටසක් කළ හැකි බව ආයතනයට සමාජයට පෙන්විමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන, රැකියා, විවාහ ආදී කටයුතුවල කැපී පෙනෙන ප‍්‍රගතියක් ඇතිවේ. අභියෝග ජය ගත හැකි බලයක් වසර 2 1/2 පුරාවටම ගොඩනැගෙන්නේය. කුම්භ ලග්නය: ශනි ඔබේ ලග්නයේ භාග්‍යස්ථානයට සම්ප‍්‍රාප්තවීම බෙහෙවින්ම යහපතට හේතුවන අතර නොයෙක් සම්පත් ලැබීම යහපත් කෙනෙකුවීම ආදී ශූභ පරිවර්තන රැසක් ඔබගේ ජීවන රටාව හා හැසිරීම් කි‍්‍රයාකාරකම් තුළින්ද මැනවින් පිළිබිඹු වන කාලයක් බව පෙන්නුම් කරයි. විශේෂයෙන් මෙය ඔබේ භාග්‍යය ඉස්මතුවන ග‍්‍රහ මාරුවකි. සිත දහමට වැඩිපුර නැඹුරුවේ අඩපණ තත්ත්වයේ හා කල්යල් ඇදි ඇදි පැවැති කාර්යයන් අළුත් ප‍්‍රවේශයකින් නව මුහුණුවරකින් නැවත ඇරැඹීම සිදුවේ ආර්ථික සමෘද්ධිය ඇතිවේ. අන්‍යයන්ගෙන් ගරු බුහුමන් ලැබෙන තත්ත්වයට පත්වේ. කරන කියන දේ සඵලවන යහපත් ග‍්‍රහ මාරුවක් බව කිව හැක. මීන ලග්නය: මීන ලග්න හිමියන්ගේ අට වැන්නට ශනි ග‍්‍රහයා පැමිණීම ශුභා ශුභ මිශ‍්‍ර ඵල සමව ගෙනදීමට හේතුවේ. 2012 ජුනි අවසන්වීමට ප‍්‍රථම යම් යම් ශුභ ප‍්‍රතිඵල ගෙනදීමට හේතුවුවත් එතැන් සිට ව්‍යාකූලතා මතුවන නිසා හිතුවක්කාර ලෙස නොසොයා නොබලා කටයුතු කිරීම උචිත නොවේ. ආගමික වත් පිලිවෙත් පුද පූජාවන්හි නිරත නොවුනොත් මානසික පීඩනයකට ගොදුරුවේ. ශරීර සනීපය දුර්වල වීමටත් හේතු පවතින නිසා ඒ සඳහාද අවධානයක් යොමු කරන්න. පොදුවේ ඔබ පැමිණෙන අත්විඳින්ට වන කරදර හිරිහැර ප‍්‍රශ්න බාධා ගණනකට නොගෙන කටයුතු කරන්නට වුව පෙළඹෙන විදියේ අධිෂ්ඨානයකින් කි‍්‍රයා කරන ස්වභාවයද ඔබ තුළින් පිළිබිඹු වේ. 2012 මැද භාගය පසුවන තෙක් දැඩි පීඩා මතු නොවේ. බෙන්තොට - හේමන්ත වීරසිංහ
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
හින්දු ජනතාව අති උත්කර්ෂවත්ව සමරන දීපාවලී අදට (31) යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි. ලොව පුරා මිලියන සංඛ්‍යාත හින්දු ජනතාව සමරනු ලබන ජනප්‍රියම හින
අප කුඩා සන්ධියේ මහත් ලාලසාවකින් කියැවූ අපූරු මතකයක් ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ සමස්තය දකින විට නිතැතින්ම සිහිපත් වීම නොවැළැක්විය හැකිය. එනම් නැව අබලන් ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රාජ භවනට ගිය සෙනසුරු ඔබේ භවනට කරන දේ
සුභා Wednesday, 10 April 2013 02:51 PM
රිවි මඩලට මගේ සුබ පැතුම් ! (ස)