IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි අගමැතිධූරයෙන් ඉල්ලා අස්විය.

ඔහු එසේ ඉල්ලා අස්වූයේ එවක ජනපති, ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුවය. දෙදෙනටම එරෙහිව චෝදනා නැගුණත් ගෝඨාභය රාජපක්ෂ දිගටම ජනපති පුටුවේ රැඳී සිටියේය. ඒ වෙනුවෙන් ඔහු, මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි බැසිල් රාජපක්ෂ මහතා වැන්නවුන් බිල්ලට දුන්නේය.

විරෝධතා ආරම්භ වන තෙක්ම, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම දේශපාලඥයින් අතරින් අයෙක් විය. විරෝධතාවලින් පසුව හුදෙකලාවේ, ජනප්‍රියත්වයෙන් ඈත් වූ දිවියක් ගෙවන තැනට ඔහුව තල්ලුවුණු අතර, හුදෙකලාවේ කාලය ගෙවීම තරම් අකමැති දෙයක් ඔහුට වෙන නැත.

කරදර, ගැහැට අඩු කාලවල අමුත්තන්, මිතුරන්, දේශපාලන ආධාරකරුවන් සහ විවිධ ආධාර පතා පැමිණෙන්නන් මහින්ද රාජපක්ෂ හමුවට පැමිණියේ පොකුරු පිටිනි. එසේ පැමිණෙන බොහෝ දෙනෙක් දෑත් වැඳගෙන ඔහු පාමුල දණින් වැටෙණ අයුරු ලියුම්කරු සිය දෑසින් දැක තිබේ. එහෙත් මේ දවස්වල නම්, හුදෙකලාවේ, තනිකමින් ගෙවන දිවිය ඔහුට යම් තරමකට බලපා තිබෙණ බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

සත්‍ය තත්ත්වය එසේ වුවත්, හාස්‍ය දැනවෙන පරිදි පරිදි අදහස් නැගීමේ ඔහුගේ පුරුද්ද තවමත් එසේමය. ඔහුගේ මතකය එදා මෙන්ම තියුණුය.


නිහැඬියාව බිඳිමින්
ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූ, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ අද නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණකි. පුරා මාස 4කට ආසන්න කාලයක් රැකගෙන පැමිණි නිහැඩියාව සන්ඩේ ටයිම්ස් කළ ආරාධනයක් ඉදිරියේ ඔහු බිඳ දැම්මේය. ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටා තිබෙණ ඔහුගේ නිවස වෙත ළගාවීම වෙනුවෙන් ආරක්ෂක කපොලු සහ මුරකාවල් ගණනාවක් පසුකිරීමට ලියුම්කරුට සිදුවිය.

හිටපු අගමැතිවරයා රැඳී සිටින නිවස පිහිටා තිබෙන්නේ එක් පසෙකින් ගුවන් හමුදාපතිවරයාගේත්, අනෙක් පසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේත් නිවෙස්වලට මැදිවය. සිවිල් ඇඳුමින් සැරසුණු ගුවන් හමුදා, නාවික හමුදා සහ යුද හමුදා සාමාජිකයෝ නිවස වටා අනුයුක්ත කර සිටිති. ඔවුහු හැසිරීමෙන් ඉතාම ආචාර සම්පන්න වෙති.

වරක් වීභූතිමත්ව තිබූ මෙම රජයේ බංගලාව වර්තමානය වන විට තරමක් ගරාවැටී තිබෙණ සෙයක් දැකගත හැකි වූ අතර මහින්ද රාජපක්ෂට පෙර හිටපු විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙපළක් වන ජී.එල්.පීරිස් සහ නැසීගිය මංගල සමරවීර යන මහත්වරු මෙම නිවසේ රැඳී සිට ඇත. පිහිණුම් තටාකයක් තිබුණ ද එය භාවිතා කෙරෙන්නේ අල්ප වශයෙනි. පීරිස් මහතා මෙම නිවසේ රැඳී සිටි කාලයේ ආලින්දය වීදුරුවලින් ආවරණය කිරීමට කටයුතු කර තිබුණු අතර, සමරවීර මහතා එම වීදුරු ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ.

“මට ඕන නැවුම් සුළඟ. මේ ආලින්දය වායු සමනය කරන්න මට වුවමනා නැහැ” යයි මංගල සමරවීර මහතා හමුවීමට වරක් මෙම නිවසට ගිය ලියුම්කරුට ඔහු පැවසුවේය.

එකළ මනා ලෙසිනුත්, අලංකාරවත් තබා තිබූ ගෘහභාණ්ඩ මෙන්ම බිත්ති සරසමින් තිබූ විචිත්‍ර සිතුවම් කිසිවක් අද එහි නැත. ඒ වෙනුවට ඇත්තේ තැනින් තැන තබා තිබෙන කුෂන් පුටු කිහිපයක් පමණකි.

හිටපු ජනපතිවරයා සහ අගමැතිවරයා තමන් වෙනුවෙන් වෙන්කරගෙන තිබෙණ කාමරයත් අඳුරු, හුදෙකලා ස්වරූපයක් ගෙන තිබේ. අරලියගහ මන්දිරයේ තේජස එහි නොවිණ. කාමරයේ එක් කොණක වූ දිගු ඇඳි පුටුවක මහින්ද රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටියේය. ඔහු සැරසී සිටියේ සාමාන්‍යයෙන් අඳින රතු කමිසයෙන් සහ සරමෙනි. ඔහු, ලියුම්කරුව පිළිගත්තේ උණුසුම් සිනහවකිනි.


දේශපාලනික අනාගතය
ආචාර සමාචාරවලින් පසුව ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට හැකිදැයි ලියුම්කරු ඔහුගෙන් විමසා සිටියේය. එසේ විමසා සිටියේ මාධ්‍ය ඇසින් වසන්ව සිටීමට ඔහු තරයේම පියවර ගෙන තිබුණු නිසා සහ ඔහුගේ කාර්යමණ්ඩලය මාධ්‍ය වෙත එවන් කිසිම අවස්ථාවක් එතෙක් ලබා දී නොතිබුණු නිසාත්ය.

“අපෝ පුලුවන්”... යයි ඔහු නොපැකිළි පිළිතුරු දුන්නේය.

ප්‍රශ්න ඇසීම ආරම්භ වූයේ ඔහුගේ දේශපාලන අනාගතය ගැන කැරුණු විමසුමක් සමගය.
“මම තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිනවා.”

“මම විශ්‍රාම යන්නේ සුදුසු කාලයේදී. ඒ වෙනකන් මම යන්නේ නැහැ” යැයි ඔහු පිළිතුරු දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ඉදිරියටත් කටයුතු කරනවා ද? යන්න විමසා සිටි කල්හි ඔහුගේ පිළිතුර මෙවැන්නක් විය.

“ඒක පක්ෂය තීරණය කරන්න වුවමනා දෙයක්”
“ඒක එහෙම වුනත්, මම නීතීඥයෙක් නිසා මට අධිකරණ කටයුතුවල නියැලෙන්න පුලුවන්. එහෙම වුවමනාවක් ආවොත් මම යන්න සූදානම්” මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

මේ අතරවාරයේදී හිටපු ජනපති මෙන්ම ඔහුගේ බාල සොයුරු ගෝඨාභය රාජපක්ෂ ගැනත් ලියුම්කරු මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියේය. ඊට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.

“එයා තමන් කළ යුතුව තිබුණු දෙය අවසානයක් කළ යුතුව තිබුණා. ඒත් ගෝඨාභය කියන්නේ දේශපාලකයෙක් නොවෙයි”

රටින් පළායාමට ප්‍රථම ගෝඨාභය ඔහුගෙන් (මහින්ද රාජපක්ෂ මහතාගෙන්) උපදෙස් ලබාගත්තේදැයි ලියුම්කරු විමසා සිටියේය.

“ඔහු මට ඒ බවක් කීවේ නැහැ. අනෙක ඔහු එසේ නොයා යුතුව තිබුණා”
“ඒ තීරණය ගත්තට පස්සේ මම යනවා කියා ඔහු මට කිව්වා. මම මුකුත් කිව්වේ නැහැ” යයි ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ රටේ අගමැතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා පැවසුවේය.

“යන්නද? එපාද? කියා මගෙන් ඔහු ඇහුවා නම්, මම කියන්නේ යන්න එපා කියලා” යයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

“රටේ තියෙන ප්‍රශ්න වලට ගෝඨාභය රාජපක්ෂ තනිවම වගකිව යුතු නැහැ. මාත් ඇතුලුව සියලුම පැවති රජයන් ඒකට උත්තර බඳින්න වුවමනායි”

“නමුත් අවාසනාවකට, ගෝඨාභය වැඩ කළේ ඔහු විශ්වාස කළ විශේෂඥයින්ගේ උපදෙස් අනුව. ඒ නිසා ඔහුට දොස් පවරන්න බැහැ” යයි හිටපු අගමැතිවරයා ඉඟි කළේ මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් ගැනය.

“ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු ඉතාම ඉහළ පරිපාලන හැකියාවන් පෙන්නුවා. නමුත් ජනපතිවරයා ලෙස ඔහුට දැඩි පීඩනයන්ට ලක්වෙන්නට සිදුවුණා”
“මේ සියල්ලට පෙර ඔහු දැඩි මතධාරියෙක්. නමුත් ඔහු මෘදු පුද්ගලයෙක් බවට පත්වුණා”
“ඔහු කළ දේවල් එසේ නොකළ යුතුව තිබුණා”

“ඔහු දේශපාලකයෙක් නොවෙයි. තමන් ඉදිරියේ තිබුණු රාජකාරිය ඔහු නිවැරදිව අවසන් කළ යුතුව තිබුණා” යයි ද හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.


බාධාකිරීම
මේ අවස්ථාවේ දී, සිවිල් ඇඳුමින් සැරසුණු උස මහත පුද්ගලයෙක් පැමිණ අප දෙදෙනගේ සංවාදයට බාධා කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ කණට යමක් මිමිණූ ඔහු, ලියුම්කරු දෙසට හැරී, අපි දැන් නවත්තමු යැයි දැඩි ස්වරයෙන් කියා සිටියේය. එයින් ඔහු ඉඟි කළේ ලියුම්කරු තවදුරටත් ප්‍රශ්න නොඇසිය යුතු බවය.

හිටපු ජනපතිවරයාගේ මුහුණේ ඉරියව් මේ බාධා කිරීමත් සමග වෙනස් වුවත් මෙම පුද්ගලයා එතැනින් නික්ම ගිය පසුව ඔහු සාමාන්‍ය පරිදි ලියුම්කරු සමග සංවාදයේ යෙදිණ. නමුත් මෙවර සංවාදය යොමුවූයේ ගෝඨාභය රාජපක්ෂට නොව වෙනත් ගැටලු දෙසටය.
කවුරුන් හෝ අප දෙදෙනගේ සංවාදයට රහසින් සවන්දෙමින් සිටියා ද?


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (10)

රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව

ඔත්තුකාරයා Wednesday, 24 August 2022 01:37 PM

ඔච්චරම අමාරු දෙයක් නෙවෙයි තේරුම් ගන්න එක, සංවාදයට රටවල් කීපයක ඔත්තුසේවා සවන් දෙනවා කියලා කියන්න ඇති...

:       5       28

achini Wednesday, 24 August 2022 03:34 PM

ලංකාවේ විනාශයට කෙළින්ම වගකිව යුතු කෙනෙක්... අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුත්තෙක්...

:       28       50

JayathWednesday, 24 August 2022 04:48 PM

දහස් ගණන් මිනිස්සු මරණයෙන් මුදාගෙන ලංකාවට සිහිනයක් වූ අධිවේගි මාර්ග හදලා රට විශාල දියුණුවකට අරගෙන ගිය මෙතුමාට මේ වගේ කියන කොටි ඒජන්තලා වගේ අයට ස්වාභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි.

:       13       5

fairoos Wednesday, 24 August 2022 04:41 PM

රටට කරපු විනාශයට නම් සොබාදහමින් පඩිසන් ලැබෙනවා.

:       5       10

JayathTuesday, 30 August 2022 09:11 PM

නුඹලා වගේ අය කරන පවුවලට අපායෙදි හම්බ වෙන්නේ ඩබල් වෙලා.. කරන කලට පවු මිහිරිය මීසේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ...

:       0       0

Chathuri Wednesday, 24 August 2022 05:23 PM

ලංකාව වැනි සුන්දර රටක්... අහින්සක මිනිස්සු ඉන්න රටක්... වලපල්ලට දාපු, මහා මෝඩ, තකතීරු රාජපක්ෂලාට ලබන ආත්මේ මනුෂ්‍යත්වයක් ලැබුණොත් පුදුමයි. කරපු මිනීමැරුම්, හොරකම්, දූෂණ ඔබලා කිසිවෙක් දඬුවම් වින්දේ නැහැ. දෙවියන්ගෙන් සමාවකුත් නැහැ.

:       5       11

මැක්ස් Thursday, 25 August 2022 11:23 PM

මහින්ද රාජපක්ෂ නමැති පරිණත දේශපාලනඥයා විසින් මෙරටට ලබා දුන් ජයග්‍රහණ මෙතෙකැයි කිව නොහැක. කෘර ත්‍රස්තවාදය පරාජය කිරීම අරබයා ඔහු දැක්වූ ඍජු බව, ධෛර්ය සම්පන්න බව සහ කැපවීම පසෙක තැබුවත්, සංවර්ධිත රටවල අප දැක ඇති මහමග, පාලම්, අධිවේගී මංමාවත් අප රටට ලබා දීමට මූලික වුයේ එතුමාය. එසේම, විදුලිය, ජලය වැනි අත්‍යාවශ්‍ය දේ ජනතාවට ලබාදීමට ඔහුගේ කාලසීමාවේ දී හැකියාව ලැබිණි. පොදු මිනිස් දුර්වලතා අනෙක් අයට මෙන් එතුමාටද තිබුනේ මුත් මෙරටට කළ සේවය හා සැසඳීමේ දී ඒවා නොගෙනිය හැකි තරම්ය. එතුමාගේ විරුද්ධවාදීන් තුළ එතුමාට එදිරිව වැඩිමනත් ඇත්තේ වෛරය, ක්‍රෝධය, ඉරිසියාවයි. අනගාරික ධර්මපාලතුමාටද අපහාස කළ පරපුරක වර්තමාන පිරිස් ඒ අයුරින් මහින්ද මහතාට අවලාද නැගුවත් එතුමා විසින් මෙරට කළ විශිෂ්ට කාර්ය භාරය ඉතිහාසය විසින් යම් දිනෙක නිවැරදිව සටහන් කර තබනු ඇත...

:       28       10

ජනිත්Tuesday, 30 August 2022 04:00 PM

ඉතා හොඳ හිතක් තියෙන කෙනෙක්.... අනිත් අයගේ කොමෙන්ට් දැක්කම හිතෙනවා කොයිතරම් ගුණමකු මිනිස්සුද කියලා. දේශපාලන කුහකකම පිරුණු අන්ධයින්... ඔබ උසස් මනසක් ඇති හොඳ මිනිසෙක්...!

:       1       0

anuraWednesday, 31 August 2022 04:44 AM

ඔව්, රාජපක්ෂ රටට කරපු විනාශය අනාගතයේ උපදින අයට දැකගැනීමට කොළඹ ප්‍රසිද්ධ වැසිකිලිවල මුත්‍රා කිරීමට සැකසූ කිරිගරුඬ පෝච්චි බඳුන්වල නොමැකෙන ලෙස කොටා සටහන් කරනු ඇත.

:       0       0

Kumara Friday, 26 August 2022 02:15 AM

මෙයා ගෝත්‍රිකයෙක්...

:       9       15

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 189 0

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 44 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 528 3

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 130 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 806 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 353 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1752 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1581 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site