IMG-LOGO

2023 ඔක්තෝබර් මස 01 වන ඉරිදා


රජයේ ඉඩම් කොල්ලය නතර කිරීමට පියවර ගන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන ඉඩම් අක්කර 165 වහාම ආපසු වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත බාර දීමට උසාවියෙන් නියෝග කර ඇති බව පසුගිය දා ලංකාදීප ප්‍රධාන සිරස්තලයකින් හෙළි කළේය. මේ නියෝගය නිකුත් කර තිබුණේ පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා විසිනි. අදාළ ඉඩම වනාතවිල්ලු‍ව වීරක්කොඩි චෝලෙයි රක්ෂිත වනාන්තරයට අයත් බව ද ප්‍රකාශ විය.

රක්ෂිත ඉඩම් මේ ආකාරයට බලෙන් පවරාගෙන තිබූ පළමු අවස්ථාව මෙය නොවේ. එසේම එය අවසාන අවස්ථාව ද නොවන බවටත් සහතිකය. මේ රටේ රජය සතු වටිනා ඉඩම් හොර රහසේ තමන් සන්තක කර ගැනීමත් රක්ෂිත වනාන්තර ඇතුළු සෙසු වනාන්තරවල වටිනා ගස් කොළන් කපා දැමීමත් සිදුකරන්නේ බලවතුන්ගේ ආශීර්වාදය ඇතිව බව ප්‍රසිද්ධ රහසකි.

එවැනි බලවතකුම අල්ලාගත් ඉඩමක් මේ ආකාරයට හෝ ආපසු පවරා ගැනීමට අවශ්‍ය රාජකාරි කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් පුත්තලම අඩවි වන නිලධාරිවරයාට ද ප්‍රශංසාව හිමිවිය යුතුය. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ මෙකී නඩුව පවරා තිබූ අතර එවැනි පනතක් තිබුණත් එහි ඇති විධිවිධාන බලවතුන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන්නේ කලාතුරකින් වීම මේ සිද්ධියේ ඇති විශේෂත්වය බව ද සඳහන් කළ යුතුය.

පුත්තලම වනාතවිල්ලු‍ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් හැටේ දශකයේ දී මෙරට තෝරාගත් සමාජයේ විවිධ නිලතල හෙබවූ පුද්ගලයන් වෙත බලතල ක්‍රමයක් යටතේ ආණ්ඩුවෙන් පවරා දෙනු ලැබීය. ඉඩම් අක්කර 25 බැගින් මේ ඉඩම් බෙදාදෙනු ලැබුවේ ඒවා සංවර්ධනය කර ආදායම් උපදවා ගැනීම සඳහාය. එම ප්‍රදේශය පොල් සහ කජු වගාවට ප්‍රසිද්ධියක් ලබා තිබීම හේතුවෙන් මේ ඉඩම්වලට විශාල වටිනාකමක් තිබිණි.

එහෙත් ඉන්පසුව ඇති වූ යුදමය වාතාවරණය හමුවේ එම ඉඩම් විශාල ප්‍රමාණයක් ඒවා ලබාගත් පුද්ගලයන් විසින් අතහැර දමා තිබිණි. විවිධ ක්‍රමවලින් කූට ලේඛන සකස් කර ගනිමින් ද දේශපාලකයන් ඇතුළු බලවත් පුද්ගලයන්ගේ සහාය ලබා ගනිමින් ද මේ ඉඩම් විවිධ පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් පවරා ගැනීමට ඉඩක් සැලසුණේ එම හේතුවෙනි. ඒ හැර විවිධ බලපෑම් කරමින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් තමන්ට පවරාගෙන භුක්ති විඳීම ද සිදුවිය. අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු මන්ත්‍රීවරයා ද කර ඇත්තේ කලදුටු කල වළ ඉහ ගැනීමය.

මේ ආකාරයට රජය සතු ඉඩම් බලෙන් පවරා ගැනීම සිදුවන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් නොවන බව ද කිව යුතුය. රජරට අනුරාධපුර සහ පොළොන්නරුවේ ඉඩම් ද මේ ආකාරයටම කොල්ල කා ගන්නා අවස්ථා ගැන තොරතුරු වරින්වර වාර්තා වෙයි. එසේම දකුණේ හම්බන්තොට සහ ඌවේ මොනරාගල දිස්ත්‍රික්කවල ද මෙසේ බලහත්කාරයෙන් ඉඩම් පවරා ගැනීම් පමණක් නොව විශාල වශයෙන් කැලෑ එළිකරමින් වටිනා ගස් කොළන් බිඳ හෙළීම ද සිදු වෙයි.

මේ අපරාධය සිදුකරන බලවත් පුද්ගලයන්ට දේශපාලකයන්ගෙන් තිබෙන රැකවරණය නිසා ඒ සම්බන්ධ නීතිමය වශයෙන් මැදිහත්වීම සිදු කෙරෙන්නේ නැත. බොන්න වතුර ඉල්ලා පාරට බසින ගම්මුන්ට එරෙහිව කුළු - පොලු‍ උස්සාගෙන අකුරටම රාජකාරිය ඉටුකරන පොලීසිය ද බලවතුන්ගේ ආශීර්වාදයෙන් සිදු කෙරෙන මේ මහා වන සංහාරයට එරෙහිව එක පොල්ලක් උස්සන්නේ නැත.

රජය සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ කැලෑ ඉඩම් විනාශ කිරීම දේශපාලකයන්ගේ ආශීර්වාදය තිබෙන තුරු නවතින්නේ නැත. මේ මහා අපරාධයේ සැබෑ වගඋත්තරකරුවන් වන්නේ දේශපාලකයන්ම පමණි. එය එක් නඩුවක් පැවරීමෙන් විසඳිය නොහැකි බව ද සඳහන් කළ යුතුය.

(***)



අදහස් (1)

රජයේ ඉඩම් කොල්ලය නතර කිරීමට පියවර ගන්න

Nimal Saturday, 09 September 2023 06:37 AM

මේ මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ නොසණ්ඩාල වැඩවලට සීමාවක් නැහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රතිපත්ති කාලයේ තාලයට
2023 සැප්තැම්බර් මස 30 66 1

ජාතික ජන බලවේගයේ අනාගත ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට නොපැකිලෙන බවත්, එසේ වුවද එම ආණ්ඩුව එහිදී කටයුතු කරනු ඇත්තේ තමන් ලබන ජන වරමට


නිකම් දිරායන දැවවලට වන්දි ගෙවන රටක්
2023 සැප්තැම්බර් මස 30 157 0

මුනින් නැවූ කළගෙඩියට කොතරම් වතුර වත්කළත් පලක් නැත. අපේ රටේ ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයද සිහිගන්වන්නේ එම කතාවයි. පසුගියදා අපගේ ලංකාදීප පුවත්ප


​සමාජ මාධ්‍ය නියාමනය
2023 සැප්තැම්බර් මස 30 49 0

වත්මන් ජාතික රාජ්‍ය සැකැස්ම යන්න එහි නිර්මාපකයන් වන අප පවතින හැඩයෙන් පවත්වාගෙන යායුතු බව අප තවදුරටත් සිතන්නේ නම් එම රාජ්‍ය තුළ පවතින තොරතුරු නිෂ්පාද


බලශක්ති අර්බුදයට වැදගත් නඩු තීන්දුවක්
2023 සැප්තැම්බර් මස 30 154 0

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉතා වැදගත් වන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ බලශක්


දුප්පත්කම වැඩිවීමේ ප්‍රවණතාව
2023 සැප්තැම්බර් මස 28 438 1

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් තිස් එක් ලක්ෂ අසූ දෙදහසක් (31,82,000 ක්) දුප්පතුන් ගොඩට ඇද වැටෙන බව ලෝක බැංකුව


නාඳුනන තුවක්කුකරුවන්ට නැගිටින්න ඉඩ නොදෙමු
2023 සැප්තැම්බර් මස 28 202 1

මේ රට චිකාගෝ නුවර දැයි සැක සිතෙන තරමට අපරාධ බහුල වෙමින් තිබේ. නාඳුනන තුවක්කුකරුවාගේ අණසකට රටම යටත් වෙමින් තිබෙන සෙයකි. උදේ දිවා රෑ වෙනසකින් තොරව ඉලක්ක හ


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2045 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 775 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site