ඈත එපිට හම්බන්තොට ප‍්‍රදේශයේ කතරගම මාර්ගය ආසන්නයේ සාමාන්‍ය නිවසක ජීවත් වන සුදු ජාතිකයා සමග මම සාකච්ඡා කරමින් සිටින්නෙමි. ඒ අසලට සිය හැරමිටයට වාරුගෙන පැමිණෙන තවත් කාන්තාවකි. බිත්තිය අල්ලාගෙන මා දෙසට හැරමිටිය එල්ල කළ ඇය ‘‘ ආ........... මේ කොල්ල ද පත්තරෙන් ආවා කිව්වේ. ’’ යැයි ඇසුවේ මා සමග කථාවට මුලපුරමිනි. මේ සුදු ජාතිකයෝ දෙදෙනා දැන් අමු සිංහලයන් සේ කතා කරති. මේ ජර්මනියේ සිට මෙරටට පැමිණ සිය වර්ගයා මෙහි බෝරකරමින් දැන් සිංහලයන් සමග මුසු වී සිටින කොක් පවුලේ දගකාරියයි. වයස්ගත වුව ද ඇය තවමත් තරුණ වියේ කළ කී දෑ පැවසීමට සූදානමින් සිටින්නේ ඉමහත් පී‍්‍රතියෙනි. එදා 1907 දී යාපනයට පැමිණි නාවුක යාත‍්‍රාවකින් එරික් ෆෙඞ්රික් රෙජිනෝල්ඞ් ෆොන් කොක් මහතා මෙරටට පා තබා තිබේ. එය මේ පවුලේ ආරම්භයයි. කොක් මහතා යාපනයේ සිට හම්බන්තොට ප‍්‍රදේශයට පැමිණෙන්නේ දිස්ති‍්‍රක්කයේ රජයේ මිනින්දෝරුවරයා වශයෙනි. අයිරිෂ් ජාතික නෝරා කැතරින් සමග විවාහ වී සිටි ඔහුට දරුවන් පස්දෙනෙක් සිටියහ. ඒ අතරින් වැඩිමහලා වූ ඇලන් රොනල්ඞ් නොඑල් කොක් මෙරට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කළේය. ඔහු 2003 වර්ෂයේ එංගලන්තයේදී මියගියේය. පවුලේ දෙවැන්නා වූයේ ඊවා ඇන්ජලින් නෝරා කෝක් මහත්මියයි. ඕස්ටේ‍්‍රලියාවේ රොනල්ඞ් වොට්සන් සමග විවාහ වූ ඇගේ පුතා එරට සුප‍්‍රසිද්ධ නළුවෙකි. 1970 සිට ඇය හම්බන්තොට ජීවත් වීම සදහා තෝරාගෙන සිටින්නීය. කොක් පවුලේ තුන්වැනි දරැවා වූයේ නෝරා බෙල් මහත්මියයි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් සමග විවාහ වූ ඇය මේ වනවිට ජීතුන් අතර නැත. සිව්වැන්නා වූ බ්‍රෙන්ඩා වයලට් අයරි කොක් මහත්මිය බි‍්‍රතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ සිරිල් ලෑන්ඩවුට් සමග විවාහවී එංගලන්තයේ ජීවත් වූ අතර සිය සැමියා මියයාමෙන් පසු යළි මෙරටට පැමිණියාය. අර්නස්ට් රෙජිනෝල්ඞ් ෆෙඞ්රික් පවුලේ බලයාය. ඔහු විවාහ වූයේ ජයවර්ධන පතිරණ කරලිනා නැමැති සිංහල කාන්තාවක් සමගිනි. ඒ නිසාම ඔහු මේ රටේම බින්න බැස්සේ එහි උරුමකම් බොහොමයක් ඇතිකැර ගනිමිනි. හම්බන්තොට කොක් නිවස සොයා අපි එහි යනවිට කොක් පවුලේ දරුවන් වූ ඊවා, බ්‍රෙන්ඩා සහ අර්නස්ට් යන තිදෙනාම ජීවතුන් අතර සිටියහ. නමුත් මේ ලිපිය ලියන මොහොත වනවිට ඒ තිදෙනාම මේ ලෝකය හැරදමා ගොසිනි. අර්නස්ට් සිය කටහඩ අවදි කළේ මේ ආකාරයෙනි. මගේ තාත්තා සුද්දෙක් වුණත් කවදාවත් සිගරැට් බිව්වේ නැහැ. මත්පැන් පානය කළේ නැහැ. අපේ සීයත් ලංකාවට ඇවිත් හිටියා. එයා මැරුණේ මට වයස අවුරුදු 16 දී. එදා මාත් භූමදානයට සහභාගී වුණා. සීයා නාකියාදෙණියේ තේ වත්තක් පාලනය කළා. තේ විතරක් නොවෙයි කෝපි, කොකෝවා පවා වවල තිබුණා. සීයාගේ සිරුර භූමදාන කළේ ගාල්ලේ දඩල්ල ප‍්‍රදේශයේ. ඔහු පවසන්නේ තම පියා ලෙනාඞ් වුල්ෆ් සමග කාලයක් වැඩ කළ බවයි. ඔවුන්ගේ පියාට වැටුප් ගෙවා ඇත්තේ ද ලෙනාඞ් වුල්ෆ් මහතාය. සිය පියාගේ ප‍්‍රධානියා වූයේ මිනින්දෝරු බ්‍රෝහියර් මහතා බවත් ඔවුන් දොස්තර ආර්.එල්.ස්පිට්ල් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ බවත් පවසයි. ඒ කාලේ අපි සපත්තු හැදුවා. සපත්තු හදන්න ගත්තේ තලගොයන්ගේ, පිඹුරන්ගේ සහ මුවන්ගේ හම්. මේ හම් පදම් කරලා සපත්තු මහලා පිටරට යවලා හොද ආදායමක් ලැබුවා. අර්නස්ට් එසේ කියද්දී ඔහුගේ සොහොයුරිය බ්‍රෙන්ඩා ද කථාවට එක්වූවාය. අපි හැමෝටම හොදට වෙඩි තියන්න පුඑවන්. හම්බන්තොට දිසාපතිගෙන් බලපත‍්‍රයක් අරගෙන මම දඩයමේ යනවා. ඒ කාලේ අපි තරුණයි. ඉතින් යකෙකුටවත් බය නැහැ. රයිපල් එකක් තිබුණා. පප්පගේ යාළුවෝ හම්බන්තොට ඇවිත් දඩයමේ යනකොට කැලේ ගැන විස්තර කියන්නෙත් මම තමයි. එසේ පවසන බ්‍රෙන්ඩා තම සැරයටිය රැගෙන රයිපලයක් මෙන් එයින් ඉලක්කය ගත්තාය. ඇය පවසන්නේ ලෙඩ දුක් නැතිනම් තවමත් දඩයමේ යන්නට සිතෙන බවයි. තමන්ට වඩා වැඩිමහල් අයියා සහ බාල මල්ලී සිටියද මේ නිවසේ කොල්ලා වූයේ බ්‍රෙන්ඩා බව අර්නස්ට් අප සමග කීවේ ඇගේ කථාවට ඉඩ දෙමිනි. පප්පා තංගල්ල, හම්බන්තොට, බෙලිඅත්ත, අම්බලන්තොට ඉඩම් මනිනවා. මට ලොකු ගව පට්ටියක් හිටියා. ඒකේ හරක් 200 ක් විතර හිටියා. ඉතින් බලාකියා ගන්න කට්ටියත් හිටියා. ඒ වගේම මම එ`එවෝ 500 ක් හැදුවා. ඒ දවස්වල හොදට කිරි තියෙනවා. බ්‍රෙන්ඩා පවසන්නේ ඇය තරුණ වියේදී හම්බන්තොට වන සතුන්ගෙන් ගහන ප‍්‍රදේශයක් බවයි. ‘‘ ඒ කාලේ ගේ ළගටත් කොටි, මුවෝ , ගෝන්නු විතරක් නෙවෙයි අලි පවා එනවා. අපි කවදාවත් අලින්ට වෙඩි තිව්වේ නැහැ. කොටි ආවමනම් හරිම කරදරේ එළුවන්ගේ මඩුවට පැනලා උන්ව අරගෙන යනවා. පප්ප කියනවා කවදාවත් සතකුට නිකන් වෙඩි තියන්න එපා කියලා. ප‍්‍රයෝජනයක් තිබෙනවානම් විතරක් වෙඩි තියන්න කිව්වා. පප්පා හොද දඩයක් කාරයෙක්. පප්පා එක්ක දඩයමේ යන්න අම්මත් එනවා. අම්මානම් කවදාවත් වෙඩි තියන්නේ නැහැ. ’’ ඇය පවසන්නේ තම පප්පාගෙන් වෙඩි තැබීමට හුරුවී මුවන්, හාවුන්, ගෝනුන් මෙන්ම විශාල කුරුල්ලන්ද මරා දමා ඇතිබවයි. එමෙන්ම වෙඩි තැබීමට අපහසුම සත්ත්වයා ඌරා බව ද ඇය කීවාය. ‘‘ දවසක් මම කැලේ යනකොට ලොකු බල්ලෙක් මගේ පස්සෙන් එලවගෙන ආවා. මම හො`දටම භය වෙලා දුවගෙන ගිහින් කඩාගෙන වැටුණු ගහක කොටයකට නැගලා බල්ලට වෙඩි තිව්වා. බල්ලා එතනම මැරිල වැටුණා. මේක තාත්තාට කිව්වම මම හොදටම බැණුම් ඇහුවා. ’’ තාත්තානම් අලින්ට පවා වෙඩි තැබූ බව ඇය කියද්දී අර්නස්ට් කොක් මහතා තමන් කොටියකු මරා දැමූ ආකාරය විස්තර කළේය. ‘‘ එදා හොදටම හවස් වෙලා. දවස් කීපයක්ම අපේ එ`එ පට්ටියට කොටියෙක් රිංගලා තිබුණා. මම තව සේවකයෙක් එක්ක කැලේ ගියා. දැන් ඔය තංගල්ල නගරය කිට්ටුවටම අප ගියා. දිගටම කැලෑ ප‍්‍රදේශ තමයි ඒ දස්වල තිබුණේ. කොහොම හරි මට කොටියා හමුවුණේ දැන් ඔය සාගර විශ්ව විද්‍යාලය තියෙන හරියෙදී. මම වෙඩිතිව්වා. ටිකක් වෙඩි කාගෙන ගිය කොටියා මැරී වැටුණා. ’’ කොල්ලූපිටියේ මෙතෝදිස්ත විදුහලේ අධ්‍යාපනය ලැබූ මේ දරුවන් දඩයමේ යමින් ගමේ කෙළි දෙලෙන් පසුවන්නේ පාසල් නිවාඩු කාලයේ පමණි එහෙත් මේ සාකච්ඡුාව සිදුවන අවස්ථාවේදී ඔවුහු තම තරුණ කාලය මෙනෙහි කරන්නේ මහත් සන්තෝෂයෙනි. තංගල්ලට මුල්ම වාහනය ගෙන එක ලද්දේ ද මේ කොක් පවුල විසිනි. ඒ ෆෝර්ඞ් එම් පහ ලෙස හ`දුන්වන කාරයකි. ඉන් පසු වත්තේ පිටියේ වැඩවලටත්, ව්‍යාපාරික කටයුතු වලටත් වුවමනා බැවින් ඔස්ටින් වර්ගයේ ලොරියක් ද කොක් මහතා විසින් මිලදී ගන්නා ලදී. එය සී.ඊ. 19 අංකය යටතේ ලියාපදිංචි වී තිබිණි. බ්‍රෙන්ඩා පවසන්නේ ඔවුන් දඩයම් කළ සතුන් ආහාරයට ගැනීමට අමතරව එම සතුන්ගේ හම භාවිත කරමින් සපත්තු මැසීමේ කාර්යය ද කරගෙන ගිය බවයි. එම ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු වෙද්දී කොළඹ නගරයේද සපත්තු අලෙවි කිරීමේ ස්ථානයක් ආරම්භ කැරුණි. බ්‍රෙන්ඩාට සිය සැමියා හමුවන්නේ ද මෙවැනි ව්‍යාපාරික කාර්යයකදීය. ගාල්ලේ නාවුක කදවුරේ සේවය කළ සිරිල් ලෑන්ට්ඩවුන් මහතා සපත්තු මිලදී ගැනීමට හම්බන්තොට පැමිණියේය. ඔහුට සපත්තු අලෙවි කළ බ්‍රෙන්ඩා ඇය සමග ආදර සම්බන්ධයක් ඇති කරගත්තාය. ප‍්‍රතිඵලය වූයේ දෙදෙනා විවාහ වීමයි. කොක් පවුලේ අනෙක් වයෝවෘද්ධ කාන්තාව මා ඉදිරිපිට සිටිය ද ඇයට කතා කිරීම අතිශය වෙහෙසකර කාර්යයකි. වයස්ගත වු ඇය 1954 මෙරට රෑ රැජින වූවාය. ලෝ දහම අනුව යමින් ඇය වයස්ගත වුව ද එදා රූ සපුවේ සුන්දරත්වය ඇය කෙරෙන් තවමත් පලාගොස් නැත. සිය සේවකයන්ගෙන් දෙමළ භාෂාවත් යම් තරමකින් ඉගෙනගත් බ්‍රෙන්ඩා සහ අර්නස්ට් හොදින් සිංහල හසුරුවති. ‘‘ අපි සුද්දෝ වුණාට මේ ලංකාව තමයි අපේ රට. අපි ලංකාවට හරිම ආදරෙයි. අපි ජර්මනියට ගිහින් ඒ රටත් බලලා ආවා. ඇත්තටම අපට මේ රටේ ජීවත් වෙන්න හැකිවීම වාසනාවක්. ’’ ඔවුහු අවසාන වශයෙන් එසේ කීහ. දැන් ඊවා, බ්‍රෙන්ඩා සහ අර්නස්ට් තිදෙනාම ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන් විසින් මෙරට බිහිකරන ලද පරපුර තවත් දු දරුවන් ඇති කරමින් බොහෝ කල් පවතිනු ඇත. කොක් පවුල දැන් අමු සිංහලයන් වී තිබේ. ඔවුන් යුරෝපීයයන් යැයි තංගල්ල නෙටොල්පිටියේ ගම්වාසීන්ට නම් කිසිදා නොසිතෙනු ඇත. ඒ තරමටම කොක් පරපුර හම්බන්තොට ගැමියන් බවට පත්ව සිටී. විශේෂ ස්තූතිය : ග‍්‍රාම නිලධාරී පේ‍්‍රමදාස වීරසිංහ මහතාට
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටින වල් ඌරන්, මුවන් සහ ගෝනුන් මරා මස් කර විකුණන ජාවාරමක සුලමුල මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනාවරණය කරගෙන
2024 පාර්ලිමේන්තු මැතිවරණය මෙම මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. එය ව්‍යවස්ථාදායකය පිළිබද බලය පාර්ලිමේන්තුවට ලබා දීම සඳහා පැවැත්වෙන මැතිවරණයකි. ලංකාව
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 8 වැනි ගුණ සමරුව ඉකුත් 3 වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු අනුගමනය කරන ලද සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් රට සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් අත් කරගෙන තිබේ. එසේ ව
මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා වන බවක් දැකිය හැකිය. මුදල් මුද්‍රණය කිරීම යනු කුමක්ද යන්න තේරුම් ගත් විට අපට එම සාකච්ඡාවට පාදක වී ඇත
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාල වන පෙතේ සුදු දඩයක්කාරිය
ඩෙනිස් Tuesday, 18 August 2015 09:46 AM
ඉතා වටිනා ලිපියක්. (බ)