IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහ රෑ ගෙට ඇතු`ඵවූ සොර දෙටුවකු මෙල්ල කළ සත්දරු මව

“අඟනක් දුලබයි    කියලා
හණ මිටි බමුණන්    දොඩලා
ලෝකෙන් කොන්කර    දමලා
තිබු කාලය ඉවර    කලා
බුරුමේ     කියතේ
හැඳි මිටේ දිග    නුවණේ”
          (ඩී.ඩී. රාජපක්ෂ)

06-Rasa-P2-BA


බමුණු සමාජය ස්ත්‍රිය පහත් කොට සැලකූහ. වේදය කීම තහනම් වූ අතර බාල වයස්කාර දැරියන්ට මහලු පුද්ගලයන් හා විවාහ වීමට සිදුවිය. වයස් ගත ස්වාමියා මළ පසු ඔහු පුලුස්සන දර සෑයටම පැන සති පූජාව පැවැත්වීම සිරිත විය.


බමුණු සමාජය ස්ත්‍රියට ලබා දී තිබුණේ එවන් වූ තත්වයකි. එම අන්තවාදී මතවාදවලට එරෙහිව බුදු දහම නැඟි සිටියේය. කාන්තාවටත් පැවදිවීමේ අයිතිය ලබාදුන් අතර උතුම් වූ රහත්භාවයට පත්වීමට තරම් එය හේතුවාසනා විය. භික්ෂුණීන් සහ උපාසිකාවන් ලෙස සමාජ ස්ථර දෙකක් නිර්මාණය වූ අතර පින්දහම් සිය සිතැඟියාවන්ට අනුව සිදුකර ගත හැකිවිය.


ඒ ආකාරයට පෙර දවස කාන්තා විමුක්තිය උදා විය. වර්තමානය වන විට කාන්තා නිදහස කාන්තා අයිතින්, කාන්තා සංවිධාන කාන්තාව වෙනුවෙන් පෙනී සිටින්නීය. එය රාජ්‍ය පරිපාලනයේ උසස්ම ස්ථානය කාන්තාවකට ලැබීම දක්වා දිවයන්නේය. එනම් ලොව ප්‍රථම අගමැතිණිය ලෙස ශ්‍රී ලංකා රජය පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභිසෙස් ලැබුවාය.


ඒ ආකාරයට කාන්තාව පෙරට එද්දී කාන්තා සිත් ගෞරවයෙන් පිරී ගියේය. ඔවුහු තමන්ටත් පවුලේ සහ සමාජයේ යහපත උදෙසා කුමක් හෝ කළ හැකි නේදැයි සිතූහ.


එවැනි වාතාවරණයක පසු වූ එක් කාන්තාවක් 1962 වසරේදී නමගිය නීතිය සෙවු භයානක සොරෙකු නීතියට හසුකර දීමට කටයුතු කළාය. දරුවන් හත් දෙනෙකු වැදූ මවක් වූ ඇය කළ වීර ක්‍රියාව මාධ්‍ය ප්‍රචලිත නොවූ කාලයක කවි කොළ ගසා ප්‍රසිද්ධ කළේය. එනම් කඩුගොඩ පාරේ අංක 24 දරණ ස්ථානයේ පදිංචි ඩී.ඩී. රාජපක්ෂ මහතා එය කවිකර තිබුණේ මෙසේය.


පිළියන්දල තුම්බෝවිල පදිංචි ජෝර්ජ් මාටින් සමූපකාර ක්ෂේත්‍රයේ රැකියාව කළේය. මත්පැනට, සූදූවට හිත නොයෙදූ මේ තරුණයා උපයා සපයාගන්නා දේ සිය ආර්ථිකය නගා සිටුවීම සඳහා යෙදවූවේය. විනය ගරුක උත්සහවන්ත මාටින් තරුණයා සිය බෑණා කරගැනීම මැනැවැයි බොහෝ වැඩිහිටියො කල්පනා කළහ. ඒ නිසාම මාටින් සමඟ හිතමිත්‍රකම් ගොඩනගා ගත්හ. එහෙත් මාටින්ගේ තරුණ සිත නතර වූයේ දෙහිගහපිටියේ විසූ රූමත් තරුණියක් අබියසය ඇය සෝමසිලි නම් වූවාය.


උත්සහවන්ත, රූමත් සෝමසිලි විනය ගරුක කාන්තාවක් වූවාය. මාපිය සෙවණේ සිටියදී ඉවුම් පිහුම් වැඩ, මැහුම් ගෙතුම් වැඩ සියල්ලක් දැන ගත්තාය. මව්පියනට කීකරු දියණියක් වූ ඇය විවාහ වූ පසු ජීවිතය මනාවට කළමනාකරණය කරගත හැකි සාර්ථක ගෘහණියක් වේයැයි ඇය ගැන දන්නෝ පැවසූහ.
ඉරණම සැකසෙන්නේ අපූරු ආකාරයටය. මාටිනුත්, සෝමසීලිත් රන්රස සේ ගැලපුනහ. දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබුණු අතර පෝරුමස්තකාරූඪව යුග දිවයට එළබුනහ.


ආදරණීය බිරිඳක් වූ සෝමසිලි විවාහයට පසු දිනයේ සිටම බිරිඳකගේ වගකීම් බාරගත්තාය. හිමිදිරියේම අවදි වී සිය දෑතින්ම ඉවුම් පිහුම් කටයුතු කර ආදරණීය ස්වාමියා රැකියාවට පිටත් කළාය. ගේදොර අස්පස් කිරීමත්, ඥාති හිත මිත්‍රාදීන්ට යුතුකම් ඉටුකිරීමත් ඇගේ ජීවිතයේ වගකීමක් කරගත්තාය. සැබැවින්ම ඇය මාටින්ගේ ජීවිතයේ ආලෝකය වූවාය. මාටින් පෙරදාටත් වඩා වැඩි වගකීමකින් සිය රාජකාරිය ඉටු කළේය.


“සෝමසිලි මාටින්ගේ පෙර පිනකට ලැබුණ බිරිඳක්”


එය ගම්මුන් බොහෝ දෙනාගේ මුවින් නිතරම පිටවන වදනක් විය.


රන් රස සේ කල්ගෙවූ අඹුසැමියෝ ප්‍රදේශයේ අයටත් ආදර්ශයක් වූහ. දිනෙන් දිනම දියුණු වූ ඔවුහු දරු සුරතල් බැලීමටද සැරසුණහ.


මාටින් සිය නිවස කිරි සුවඳින් පිරීයන තුරු ඇඟිලි ගනින්ට විය. සෝමසිලි ගැබිනියක වුවද සැමියාගේ සහ නිවසේ රාජකාරි පැහැර නොහැරියාය. ඇය නිරන්තරයෙන්ම “සැමියා බිරිඳගේ දෙවියාය” යන කියමන විශ්වාස කළාය.


සැබැවින්ම මේ ආදරණීය අඹුසැමියන්ගේ ජීවිතය වාසනාවන්ත විය. ඔවුනගේ බලාපොරොත්තු ඉටුකරමින් නිවස කිරි සුවඳින් පිරී ඉතිරී ගියේය.


සෝමසීලි කාර්යබහුල මවක් වූවාය. හිමිදිරියේම පිබිදෙන ඇය සිය දෑතින්ම අහර පිස ස්වාමියා සන්තර්පණය කළාය. ඔහු රාජකාරියට තුටු සිතින් පිටත්කර හැර නිවසේ සියලු කටයුතු පිළිවලකට ඉටු කළාය. දරුවාට අවශ්‍ය ආදරය, රැකවරණය නොඅඩුව ලබාදුන් ඇය ආදරණීය මවක් වූවාය.


මේ ආකාරයට යහපත් දිවියක් ගත කළ මාටින් සෝමසීලි යුවල දරුවෝ හත්දෙනෙකුගේ හිමිකරුවෝ වූහ. දරුවන්ටත් යහපත් ගුණධර්ම කියාදුන් ඔවුහු කිසිදිනක රණ්ඩුසරුවල් නොවූ ආදර්ශවත් මව්පියන් විය.


දරුවන් හත්දෙනෙකු බිහිකළ මාතාව දරුවන්ට අධ්‍යාපනය දීමට වෙහෙසුනාසේම නිවසේ කටයුතුත් දක්ෂ ලෙස සියදෑතින්ම ඉටු කළාය. සාමකාමි පරිසරයක් ගොඩනැගූ ඒ අපූරු ගැහැනියට ඇගේ ස්වාමියාටත් බොහෝ ළෙන්ගතු විය. ඒ නිසාම ඇගේ සිතෙහි සුවිශාල ආත්මශක්තියක් ගොඩනැගී තිබුණේය.


දිනක් වැහිබර කාලයක් සහිත රාත්‍රියක් උදාවූවේය. සෝමසිලි දරුවන් නිදිකරවා ගේදොර අස්පස් කරන්නට විය. මාටින් රාජකාරිය නිමවී නිවසට පැමිණියේය. ඇය සිය ස්වාමියාට ඇඟසෝදා ගැනීමට වතුර භාජනයක් පිළියෙළ කර දී බත් බෙදීමට මුළුතැන්ගෙයට වැදුණාය. අධික තෙහෙට්ටුවට පත් වී සිටි මාටින් ඇඟ සෝදාගෙනවිත් බිරිඳ බෙදාදුන් බත් පිඟාන හිස් කළේය. ඉන්පසු ආලින්දයෙහි වූ කාමරයට ගොස් සැතපුණේය. මොහොතකින් ඔහු තද නින්දකට වැටුණේය. මුලුතැන්ගෙය අස්පස්කර අවසන් කළ සෝමසීලි ඇඟපත සෝදාගෙන දරුවන් සමීපයේ වැතුරුණාය. පසුවදාට ඉටුකිරීමට ඇති වැඩ කොටස සිහි කරමින් නින්දට ගිය ඇය වෙත නිදිදෙව්දුව පැමිණියේ බොහෝ වේලාවකට පසුවය.


රාත්‍රී 12.00 පසු විය. මාටින්ගේ ගෙරවිලි හඬත් රැහැයියන්ගේ ශබ්දයත් හැරුණු විට මුළු පරිසරයම නිදි ගත්සේය. කළු හැදගත් යමෙකු අඳුරේම ගෙතුළට වැදුණේය.


මුලින්ම ඔහුගේ නෙත ගැටුණේ නිවසෙහි වූ ගුවන්විදුලි යන්ත්‍රයයි. එය ජනේලයෙන් එළියට දමා කැබිනට්ටුවේ ලාච්චු පිරික්සුවේය. එහි වූ මුදල් හා රන්භාණ්ඩ පොදි බැඳගෙන අසල වූ කාමරයකට වැදුණේය. එහි සුවිසල් අල්මාරියක් විය. එය විවෘත කිරීම අපහසු වූ අතර පිහිතලයකින් විවෘත කිරීමට වැර දැරුවේය.


“ක්රාස්....කර ක්රාස්....” අල්මාරිය විවෘත කිරීමට උත්සහ කළ සෑම විටකම ශබ්දයක් නැඟුණේය. කොතරම් වෙහෙසට පත් වී නින්දට ගියත් සෝමසිලි විමර්ශනශීලි වූවාය. නෙත්හැර නිහඬව ශබ්දය එන දෙසට සවන් යොමු කළාය.


ශබ්දය ආවේ ආලින්දයට සමීපයෙනි. සෝමසිලි ශබ්ද නොනැගෙන ලෙස ඇදෙන් බැස ආලින්දය දෙසට පියමන් කළාය. අල්මාරිය ඇරීමට වැර දරන සොරා අසලටම පැමිණි ඇය “මෙන්න හොරෙක්.... මෙන්න හොරෙක්” ලෙස කෑ ගසන්නට වූවාය.


කළු හැදගත් මිනිසා අතෙහි වූ ගිනි අවිය ඇය දෙසට එල්ල කළේය. ඇගේ දෑත ඉක්මන් විය. පොරවාසිටි රෙද්ද හොරාගේ මුහුණට දැමූ ඇය ඔහු හා පොර බදන්නට වූවාය. පොර බදන අතරතුර මෙන්න හොරෙක් කියමින් කෑ ගැසුවාය.


මාටින් තිගැස්සී ඇහැරුණේය. ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටි ඔහු ආලින්දය දෙසට දුව ආවේය. දටු දසුන කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. සිය බිරිඳ හොරෙකු හා පොරබඳමින් සිටියාය. වහා දිව ගිය ඔහු කඹයක් ගෙන පැමිණියේය. හොරාගේ දෑත් දෙපය ගැටගසා පොලිසියට දැන්වීය. හොරා නීතියට හසුවූවේය. ඔහු පිළිබඳ තොරතුරු විමසා බලන විට හේ නම්දැරූ නීතිය සෙවූ පුද්ගලයකු වූවේය. එතැන්සිට දරුවන් හත් දෙනෙකු බිහිකළ සෝමසිලි වීරමාතාව යන නමින් පිදුම් ලැබුවාය.


සැබැවින්ම ගැහැනිය යනු දුර්වල තැනැත්තියක නොවන බවත්, ආසාධාරණයට අයුක්තියට එරෙහිව නැගීසිටීමට සුවිශාල ශක්තියක් සතුවන බවත් සෝමසීලි ආදර්ශයෙන් පෙන්නුම් කර දුන්නාය. ඒ වීරමාතාව පිළිබඳව එදා කවි කොළයෙන් කියවූවේ මෙසේය.

 

1  SLD_20160807_F002

3

 

m



අදහස් (0)

මහ රෑ ගෙට ඇතු`ඵවූ සොර දෙටුවකු මෙල්ල කළ සත්දරු මව

අජිත් Tuesday, 09 August 2016 12:54 PM

අගනා ලිපියක් සමගින් ලස්සන කවි පන්තියක්..... අපේ ළමයි මේවා කියවිය යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31292 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13486 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site