හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් වීම සම්බන්ධයෙන් කතාබහ කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ඉකුත් 16 වැනිදා බදාදා සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය. එහිදී සාකච්ඡා කළ කරුණු මොනවාද යැයි ඉරිදා ලංකාදීප කළ විමසුමකට අනෝමා ෆොන්සේකා මහත්මිය දුන් පිළිතුරු මෙහි පළවේ. රජය සමග ටිරාන් අලස් මහතා මගේ මහත්තයා නිදහස් කර ගැනීමට කරගෙන ගිය සාකච්ඡුාවේ සමාප්තියේදී ජනාධිපතිතුමා දන්වලා තිබුණා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පවුලේ කෙනෙක් සමඟ අවසන් කතා බහ කළ යුතුයි කියන එක. ඒ පණිවිඩය අපට දුන්නේ ටිරාන් අලස් මහත්තයා. ඒ දැනුම්දීම අනුව තමා මම ජනාධිපතිතුමා හමුවෙන්න කැමැත්ත පළ කළේ. එහෙත් ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා මුණ ගැහෙන්න මම කැමැති වුණේ නෑ. ඒ බව මා ප‍්‍රකාශ කළාම ටිරාන් අලස් මහතාගේ නිවසේදී ඒ හමුවීම කරන්නට කටයුතු පිළියෙළ කළා. ටිරාන් අලස් මහතාගේ නිවෙසට ජනාධිපතිතුමා පැමිණියා. මගේ මහත්තයා නිදහස් කරනවා කියන එක එතනදී ජනාධිපතිතුමා මට සහතික වුණා. එහෙත් ඒ දිනය කවදාද වේලාව කීයටද කියන එක කීවේ නෑ. එහෙත් නිදහස් කරන බව විශ්වාසයි. ඒ බව එතුමා තහවුරු කළා. ඒ වගේම ජනාධිපතිතුමා දුරකථන මගින් අදාළ නීතිඥවරුන්ට කතාකර හැකි ඉක්මණින් නඩු අවසන් කරන්න කියලා උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා ඉතා සුහදව කතා කළා. දුවලා දෙන්නා ගැන එයාලගේ අධ්‍යාපන කටයුතු ගැන එහෙම විස්තර ඇහුවා. එහෙත් එක සීමාවකින් පිට ඒ කතා බහ ගියේ නැහැ. මගේ මහත්තයා නිදහස් කිරීම පිළිබඳව කිසිම කොන්දේසියක් ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ නෑ. අවසන් තීරණය ඒ කියන්නේ මගේ මහත්තයා නිදහස් කරන්නට ගත් තීරණය පවුලේ කෙනෙක් වෙතම දැන්වීමට අවශ්‍ය බව ජනාධිපතිතුමා කිව්ව නිසා තමා මේ හමුවීම සිදුවුණේ. ටිරාන් අලස් මහතාගේ නිවසේ අය සමඟත් ජනාධිපතිතුමා ඉතා සුහදව සතුටු සාමීචියේ යෙදුණා. මගේ මහත්තයා නිදහස් කර ගැනීමට කිසිවකුගෙන්වත් සමාව ගන්නේ නෑ කියන ස්ථාවරය මා වෙනස් කළේ නෑ. ඒ මගේ මහත්තයා වරදක් නොකළ නිසා. අපි ගත්ත මහන්සියේ අප දරපු වෑයමේ ප‍්‍රතිඵලය ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් අපට දිරිය දීපු හැම කෙනකුටම අපේ හදපත්ලින්ම නැගෙන ගෞරවය ස්තුතිය අපි පුද කරනවා.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහත්තයා නිදහස් කරනවා කියන එක ජනාධිපති මට සහතික වුණා.
කොබේවට Friday, 25 May 2012 06:25 AM
ජෙනරාල් තුමනි ඔබගේ සේවය අපි අගය කරනවා... ඔබට ජය!!!!!!
ආ Sunday, 20 May 2012 08:28 PM
මැඩම්ට තියෙන සතුට....
අලිබබා Sunday, 20 May 2012 09:09 PM
සිනාහව අතරින් කදුලක් උපන්නා. ඒ බව නොදැනිම සිනහවක්ද පෑවා.
නිශාන්ත කුමාර Sunday, 20 May 2012 09:33 PM
ජෙනරාල් වාසනාවන්ත මනුස්සයෙක්.....
අඵත්ගමගේ Monday, 21 May 2012 01:26 AM
ජෙනරාල් තුමනි ඔබට ජය..
අනූශා ලක්මාලි Monday, 21 May 2012 09:43 AM
ඔහුගේ සේවය අපි අගය කරනවා...
රුවන් Tuesday, 10 July 2012 10:54 AM
දේශපාලනයට නාවත් ඔබේ නම සදා නොමැකේ......
ජයරත්න Sunday, 20 May 2012 03:02 PM
මුල මතක තියාගෙන දැන්වත් වැඩ කළොත් හොදයි
ප්‍රදීප් Friday, 25 May 2012 02:26 PM
දැන්වත් හැදෙන්නකෝ අනේ