IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘මාමා’ගේ ලක්ෂ පනහේ බිල්ල

අම්මා වෙනදා මෙන්ම ස්වස්තිකාට උණුසුම් හාදුවක් දී මොන්ටිසෝරි යාමට සමුදුන්නාය.මොන්ටිසෝරිය පිහිටා ඇත්තේ මුන්දලම පොලිසියට නුදුරිනි. ස්වන්තිකා පදිංචිව ඉන්න ගෙදර පිහිටා තිබෙන්නේ මූන්දලම නගරයේය. හැමදාම පුංචි ස්වස්තිකා මොන්ටිසෝරි යන්නේ එන්නේ ත‍්‍රිරෝද රථයකිනි. ඇයගේ වයස අවුරුදු තුන හමාරකි. තාත්තා රස්සාව කරන්නේ ඉතාලියේය. මොන්ටිසෝරියේ සිටින සමනළ පැටව් අතරට වැදුණු මේ පුංචි සමනලිය ද කෙළිදෙළෙන් පසුවූයේ මොන්ටිසෝරි ගුරුවරියගේ ක‍්‍රියාකාරකම්වලටද සහභාගි වෙමිනි. ඉන්දියාවේ නිපද වූ යතුරු පැදියක් මොන්ටිසෝරිය අසල නැවැත්වූ අතර එයින් බැසගත් තරුණයෙක් කළබලයෙන් මෙන් පැමිණියේය. ”මිස් ස්වස්තිකාගේ ආච්චි අම්මා හදිසියේ මියගියා. එයාව ඉක්මනට ගෙදර එක්කගෙන එන්න කියලා එයාගේ අම්මා කිව්වා” යැයි අර තරුණයා මොන්ටිසෝරි ගුරුවරිය හමුවේ ප‍්‍රකාශ කර ඇත. තවත් ගුරුවරියක් මේ තරුණයා අසලට පැමිණියේ ඔය අතරවාරයේය. ගුරුවරිය සහෝදර ගුරුවරියටද තරුණයා කළ ඉල්ලීම ගැන පවසා තිබේ. ඔයා ඔහොම කිව්වට අපි ඔයාව ගැන දන්නේ නැහැ. දැක්කෙත් අදයි. ඒ හින්දා පොඩි එකා දෙන්න බැහැ. ගුරුවරියන් දෙදෙනාගෙන්ම ලැබුණේ එවැනි පිළිතුරකි. අනේ මිස් එහෙම කියන්න එපා. ස්වන්තිකාගේ අම්මා මගේ ලොකු අම්මා. ආච්චි ලෙඩ වෙලා හිටියේ. හදිසියේ අද මැරුණා. ලොකු අම්මාට එන්න විදිහකුත් නැති හින්දයි මාව එව්වේ. තරුණයා කියා සිටියේ බොහොම බැගෑපත් අන්දමිනි. පුංචි ස්වන්තිකා මේ කියන තරුණයා දුටු සැනින් අන්න මගේ මාමා ඇවිත් යැයි පවසා දුවගෙන ඇවිත් ඒ තරුණයාගේ ඇෙඟ් එල්ලී ඇත්තේ මාමේ මාමේ යැයි කියමිනි. මොන්ටිසෝරි ගුරුවරියන් දෙදෙනා පුංචි ස්වන්තිකා ඒ තරුණයාට රැගෙනයාමට බාරදීමට තීරණය කළේ මේ දසුන දැකීමෙන් අනතුරුව යැයි කියති. පොඩි එකා වාඩිකරවාගත් තරුණයා යතුරු පැදිය පණ ගන්වාගෙන පවනට බඳු වේගයෙන් යන්නට ගොස් ඇත. වෙනදාමෙන්ම ත‍්‍රිරෝද රථ රියැදුරා මොන්ටිසෝරියට පැමිණියේ ස්වන්තිකා ගෙදර කැන්දගෙන යාමටයි. මොන්ටිසෝරියේ ගුරුවරියන් දෙදෙනා ත‍්‍රිරෝද රථ රියැදුරාට පවසා ඇත්තේ ස්වන්තිකාගේ මාමා පැමිණ ආච්චි මැරුණා කියා ඇය උදේ 10.00ට විතර කැඳවාගෙන ගිය බවයි. ස්වන්තිකා බේබිලාගේ ගෙදර මරණයක් සිදුවී නොමැති බව හොඳින්ම දන්නා ත‍්‍රිරෝද රථ රියැදුරා කුමක් හෝ අලකලංචියක් සිදුවී ඇති බව වටහාගෙන මේ ගැන දරුවාගේ මවට වහාම දැනුම් දී තිබේ. අනේ දෙයියනේ මේ මොන අපරාධයක්ද මම පෙඩි එකාව මොන්ටිසෝරියෙන් අරන් එන්න කාවත් යැව්වේ නැහැනේ. අනෙක ගෙදර මරණයක් වෙලත් නැහැනේ. කවුරුහරි කෙනෙක් මොන්ටිසෝරියේ මිස්ලට බොරු කියලා රවට්ටලා මගේ දුව උස්සගෙන ගිහින්. අනේ දුවේ ඔයා නැතිව මම කොහොමද ඉන්නේ යැයි කියා විලාප දෙන්නට පටන් ගත්තාය. මූන්දලම පොලිසියට මේ ගැන පැමිණිලි කළේ දියණිය පැහැරගෙන ගිය අපරාධකරු අල්වා ගැනීමට නීතියේ පිළිසරණ පතමින්ය. දරුවාගේ තාත්තා ඉතාලියේ රස්සාව කරන නිසා යහමින් අතේ මිටේ සල්ලි ඇතැයි කියා සිතු කප්පම් කල්ලියක් දැරිය පැහැරගෙන යන්ට ඇත්තේ කප්පම් ඉල්ලීම සඳහා විය යුතු බවට පොලිසියට මුලින්ම සැක මතුවී ඇතැයි කියති. පසුගිය බ‍්‍රහස්පතින්දා වනවිට දරුවා එවීමට නම් රුපියල් ලක්ෂ පනහක කප්පමක් අවශ්‍ය බවට ඥාතීන්ට දුරකථන පණිවිඩ ලැබී තිබිණි. පණටත් වඩා ආදරය කළ දියණිය පැහැරගෙන යාම නිසා ඇතිවූ වේදනාව ඉවසාගත නොහැකිව ඇය හැසිරුණේ සිහි විකල් වූ තැනැත්තියක් ලෙස යැයිද කියති. පොලිස් නිලධාරීන් ඇය අස්වසා නොයෙකුත් ප‍්‍රශ්න අසන්නට පටන්ගත්තේ මේ පැහැරගෙන යාමට සම්බන්ධ පුද්ගලයා ගැන කුමක් හෝ හෝඩුවාවක් ලබාගැනීමට පොටක් පාදා ගැනීමේ අරමුණ ඇතිවයි.යතුරුපැදියේ පැමිණි තරුණයා දුටු ගමන් ස්වස්තිකා දැරිය මාමේ යැයි කියා ඔහුගේ ඇඟේ එල්ලූණු බව මොන්ටිසෝරි ගුරුවරියන් දෙදෙනා පොලිසියට පවසා තිබිණි. වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ වයඹ පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ විශේෂ උපදෙස් යටතේ පුත්තලම කොට්ඨාශ බාර පොලිස් අධිකාරි අනුර අබේවික‍්‍රම සහ පුත්තලම සහකාර පොලිස් අධිකාරි ඞී.ඩබ්ලිව්. රාජපක්ෂ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මේ  සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව අලවන්ත මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. ස්වස්තිකාගේ මවගෙන් අසන ලද ප‍්‍රශ්නවලට ඇය දෙන ලද සමහර පිළිතුරුවලදී දැරිය පැහැරගෙන යාමට පැමිණි තරුණයා ගැන තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි. දැරිය පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරන්නේ ස්වස්තිකාගේ මවගේ සොහොයුරියකගේ පුතෙකි. මෙම තරුණයා මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුගේ මව්පියන්ට ඥාතීන්ට හා ළඟම හිතවතකුට පවසා ඇත්තේ ළඟදීම තමන් රට රැකියාවක් සොයා යන බවය. පෞද්ගලික ආරක්ෂක සේවාවකට බැඳී ආරක්ෂකයකු ලෙස  කාලයක් මොහු කටුනායක ප‍්‍රදේශයේ ද රැකියාවක් කර ඇත. පසුව එම ප‍්‍රදේශයේම තවත් රැකියා කිහිපයක්ම මොහු විසින් කර ඇති බවට ද පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. රුපියල් ලක්ෂ පනහක කප්පමක් ලබා ගැනීම සඳහා දැරිය පැහැරගෙන ගිය ඇගේ මාමා සහ කාන්තාවක් 24 වැනිදා සවස පල්ලම මණ්ඩලාව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු සන්තකයේ අත්බෝම්බයක් ද තිබී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලාගත් කාන්තාව සැකකරු සමග අනියම් සබඳතාවක් තිබූ කාන්තාවක බවද කියති. කප්පම් මුදලත් රැගෙන බස් රථයක නැගී පැමිණෙන ලෙස සැකකරු දැරියගේ මව වන ධර්මලිංගම් මහත්මියට දුරකතනයෙන් දන්වා ඇත. සැබෑ රුපියල් දහසේ නෝට්ටු උඩින් තබා ඒ හා සමාන ලෙස සකස් කළ කොළ කැබලි බෑගයක දමා සැකකරුට භාරදෙන ලද්දේ පොලිසිය කළ ඉල්ලීමක් මතය. දැරියගේ මව බෑගය ද රැගෙන ගමන් කරන අතරවාරයේ සැකකරු ජංගම දුරකතනයට කතාකර ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ ජනශූන්‍ය ප‍්‍රදේශයකින් බසින ලෙස නියම කර ඇත. එම නියමයට අවනත වී බස් රථයෙන් බැස්ස අවස්ථාවේ යතුරුපැදියේ නැගී සැකකරු කාන්තාවක් ද සමග පැමිණ ඇත්තේ පැහැරගත් දැරිය ද සමගය. මුදල් සහිත බෑගය කාන්තාව ලබාදුන් සැනින් දැරිය ඇයගේ මවට බාර නොදී වේගයෙන් පළාගිය අතර පල්ලම මණ්ඩලාන ප‍්‍රදේශයේ රැක සිටි පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් කොටුකරගනු ලැබූහ. අත්අඩංගුවට ගත් කාන්තාව බණ්ඩාරවෙල උපත ලබා ඇති දැනට පමුණුගම ප‍්‍රදේශයේ පදිංචිව සිටින 45 හැවිරිදි තැනැත්තියකි. කාන්තාව මුලින්ම පොලිසියට පවසා ඇත්තේ බොරු නමකි. වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී ඇගේ සැබෑ නම හා පදිංචිය තහවුරු කරගනු ලැබීය. දැරිය ද නිරුපද්‍රිතව බේරාගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. වයඹ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා යෙදූ විශේෂ සැලැස්මක් මත මෙහෙයුම දියත් විය. පුත්තලම කොට්ඨාසය භාර පොලිස් අධිකාරි අනුර අබේවික‍්‍රම, පුත්තලම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කිංස්ලි ගුණසේකර, මුන්දලම ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව අලවත්ත, අපරාධ ස්ථානාධිපති සෝමරත්න, සැරයන්වරුන් වන අමිත් (41340) හා රණවීර (56188) යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගැනීමට දායක වූහ.

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
පැහැරගත් දැරිය



අදහස් (0)

‘මාමා’ගේ ලක්ෂ පනහේ බිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site