IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


මානව සංහතිය වනසන අයිස් මත් රකුසා

කලකට පෙර ‘අයිස්’ යන යෙදුම ඇසෙන විට හටගත්තේ සිහිල දනවන හැඟීමකි. එහෙත් අද ‘අයිස්’ යන යෙදුමෙන් අර්ථවත් වන්නේ සමාජ දේහය ගොදුරු කර ගන්නට මාන බලන භයානක රකුසෙකි. ගංජා, හෙරොයින්, හෂීස්, මරිජුවානා, කොකේන්, කේරල ගංජා ආදී ප්‍රකට මත්ද්‍රව්‍ය අතර මෑතක සිට ‘අයිස්’වලට ලැබී තිබෙන්නේ ප්‍රමුඛ තැනකි.

මෙම භයානක මත්ද්‍රව්‍ය මේ වනවිට දිවයිනේ කොතරම් ව්‍යාප්ත වී තිබේද යන්නට හොඳම උදාහරණයක් සැපයුණේ මෙයට දින කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලකිනි. එම පාසල් ආපනශාලාවේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය පොලිස් අත්අඩංගුවට පත් විය. ‘අයිස්’අඩංගු පැකට් හතක්ද තවත් මත්ද්‍රව්‍ය කරල් 37ක්ද මෙම මත්ද්‍රව්‍ය තොගයේ අඩංගු විය. පාසලට මේවා රැගෙන ආ බව සැක කරන ආපනශාලාව බාර කාන්තාවද පොලිස් භාරයට පත් විය.

මෙය බරපතළ සමාජ ව්‍යවසනයක් මෙන්ම ඛේදවාචකයකි. දරුවන් යහමඟට යොමු කරන පාසල්වල මත්ද්‍රව්‍ය අලෙවි කෙරෙයි නම් ඉන් එහාට ඒ ගැන කියන්නට දෙයක් නැත. විශේෂයෙන් මෙම පාසලේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියට අත්අඩංගුවට පත්වූයේ කාන්තාවක වීම මාතෘත්වයටද නිගාවකි. විශේෂයෙන් පාසල් යන දරු පරපුර මෙන්ම බුද්ධිය මුහුකුරා නොගිය යෞවන යෞවනියන්ද පහසුවෙන් ගොදුරු වන මත්ද්‍රව්‍ය ඇබ්බැහිය විසින් මුළු මහත් ජාතියේම අනාගතය අනතුරේ හෙළනු ලැබ තිබේ. ඒ නිසා අපේ අනාගත පරපුර මෙම ව්‍යවසනයෙන් මුදවා ගන්නට වහ වහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍යය.‍

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන ආකාරයට අයිස් මත්ද්‍රව්‍යයේ විවිධ ප්‍රභේද 370ක් පමණ ඇත. අනෙක් මත්ද්‍රව්‍යවලට වඩා මිලෙන් අඩුවීම, සැර ගතිය වැඩිවීම අයිස් භාවිත කරන්නන් අතර මෙය ප්‍රචලිත වීමට හේතුවක් බවද සඳහන්ය. එම නිසා කලකට පෙර හෙරොයින් භාවිත කළ තැනැත්තන් සියයට 80ක් පමණ දැන් අයිස් පානයට හුරුව ඇතැයි වාර්තා වෙයි. මෙහි ඇති භයානකම තත්ත්වය ගැන මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයකු වන රූමි රූබන් මහතා සඳහන් කළේ වසර දෙකකට වැඩි කාලයක් නිතිපතා අයිස් භාවිත කරන්නකු ක්ෂණික මරණයකට ගොදුරු වන බවයි. ඒ වග දැන දැනත් තරුණ සමාජයේ ඇතැමුන් මෙම ව්‍යසනය වැළඳ ගැනීම පුදුමසහගත බවද ඔහු සඳහන් කර ඇත. අයිස් මත්ද්‍රව්‍ය ගැන කෙතරම් දැනුවත් කිරීම් සිදු කළද එයට ඇබ්බැහි වී සිටින්නන් එයින් මුදවා ගැනීම පහසු නැත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කරන්නේ අයිස් සඳහා වන ඉල්ලු‍ම මෙන්ම සැපයුමද පාලනය කළහොත් පමණක් මෙම විනාශයට සහනයක් අපේක්ෂා කළ හැකි බවයි. දැනට ශ්‍රී ලංකාවට අයිස් ප්‍රවාහනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම මුහුදු මාර්ග ඔස්සේය. පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව මේ දක්වා විශාල වශයෙන් මුහුදු මාර්ගයේ එන නැව් ආදියේ අයිස් ප්‍රවාහනය කර ආරක්ෂක අංශවලට හමුව නැතත් කුඩා මාළු බෝට්ටුවලින් අයිස් ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගැනීම් රාශියක් කර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතය නීති මගින් පමණක් වැළැක්විය හැකි කරුණක් නොවේ. සමාජ අවබෝධය පුළුල් කිරීම, දැනුවත් කිරීම ආදිය මගින් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනයට උත්සාහ ගත යුතුය. එසේම නීති රීති දැඩි කිරීමත් වැදගත්ය. මේ සියල්ලට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් (විශේෂයෙන් බාල වයස්කරුවන්ට) පුනරුත්ථාපනයට රජය මෙයට වඩා ප්‍රමුඛස්ථානයක් දීම අත්‍යවශ්‍ය කරුණකි. දැනට මේ රටේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය සඳහා රාජ්‍ය පෞද්ගලික දෙඅංශයම එක්ව ස්ථාපනය කර ඇති ආයතන ගණන 16 කි. එහෙත් රාජ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇත්තේ 4 කි. මෙම මධ්‍යස්ථාන 16 හි එක වරකට පුනරුත්ථාපනය කළ හැක්කේ උපරිම වශයෙන් 4,000ක පමණ පිරිසක් බව නිල වාර්තා පෙන්වා දෙයි. අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වේගය අනුව පුනරුත්ථාපන අංශය මෙයට වඩා පුළුල් හා සංවිධානාත්මක ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක විය යුතුය.

මත්ද්‍රව්‍ය නිවාරණයේදී ජනමාධ්‍යයට පැවරෙන කාර්යභාරයද සුළුපටු නොවේ. මේ සඳහා ප්‍රධාන දහරාවේ ජනමාධ්‍ය මෙන්ම සමාජ ජාලා මාධ්‍යද උපයෝගී කරගත හැකිය. ඒ සඳහා දැරෙන ප්‍රයත්නයද තවමත් සඵල වූ බවක් නොපෙනේ. කෙසේ වෙතත් අයිස් වේවා, වෙනත් මත්ද්‍රව්‍යයක් වේවා සමාජයෙන් සහමුලින් තුරන් කළ නොහැකි වුවත් එය දැඩි ලෙස පාලනයට ඊට බලපාන නීති රීති යාවත්කාලීන කොට කාලයේ තාලයට ගලපාගත යුතුය. නීති රීති දැඩි කරන අතර දැනුවත් භාවය පුළුල් කිරීම මත්ද්‍රව්‍ය පාලනය සඳහා උපයෝගී කරගත හැකි හොඳම මෙවලම බව විද්වත් මතයයි. එසේම සෑම පවුලකම දෙමාපියන් තම දරු දැරියන්ගේ හැසිරීම් ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටීම සහ ඔවුන් සමඟ ආදරය කරුණාව බෙදාගනිමින් දයාබර ලෙස ගනුදෙනු කිරීම මගින්ද දරුවන් නොමඟ යාම වළක්වා ගැනීමට ප්‍රයත්න දැරීම ඉතා වැදගත්ය.

(***)



අදහස් (2)

මානව සංහතිය වනසන අයිස් මත් රකුසා

R..G. vinodani wimalasena Sunday, 18 December 2022 07:30 PM

මත්ද්‍රවය භාවිතයන් පිලිබදව දී ඇති අවසරයන් හා භාවිතා කරන්නන් පිලිබදව දක්වන ප්‍රතිචාර පිලිබදව සමාජය, ප්‍රජාව මෙන්ම විශේෂයෙන් පාසල් දරුවන් සමග නිරන්තරයෙන් සාකච්චාමය ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළ යුතුවෙනවා. සතුටු කැලැණ්ඩරය, මේ සදහා කදිම නිදසුනක්..මත්ද්‍රව්‍ය භාවිතය සදහා යොමු වන්නේ මෝඩ මෙන්ම සැබෑව හදුනා නොගත් සහ පුහු මතවලට ඉඩ සලසන පුද්ගලයන් බව අවධාරණය කළ යුතු වෙනවා.

:       0       0

චන්නක ලක්ජිව Wednesday, 06 September 2023 05:57 PM

මත්ද්‍රව්‍ය වසංගතය මැඩලිය නොහැක්කක් නොවේ, එය මැඩලිය හැක්කකි. එයට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය කොරෝනා පොකුරු ඇල්ලු හැටි අපට මතකය. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් බොහෝමයක් නිදැල්ලේ සැරිසරති. ඔවුන් තව තව පිරිසට ඊට යොමු කරති. බොහෝ දෙනා සත්‍ය නොපවසයි. බොරු බේගල් ඇදබාමින් තම කටයුතු කරගනී... අවම වශයෙන් පරික්ෂණ සාර්ථක පරීක්ෂණයකට හෝ නොඑළඹෙයි. ස්වාමියා බිරිඳකගේ දරුවන්ගේ හැසිරීම ගැන අවධානයෙන් සිටිය යුතු නම් හැසිරිමේ වෙනසක් වෛද්‍යවරයෙකුට දැන්වූවිට වෛද්‍යවරයා ස්වාමියා අපහාසයට ලක්කරයි නම් විරමණ ලක්ෂණ බොහෝමයක් ඹවුන් සතුව පවතී නම් නිවාරණය යනු කුමක්දැයි හැඟේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 278 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 806 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site