IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මාගම මහ සම්පත විකිණීමේ ලාභය

 

මාගමට මහා සම්පතක් වූ තිස්ස වැව මේ දිනවල ජාතික මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් එම වැවේ මඩ හා පස් ඉවත් කිරීමේ කටයුත්ත චීන ජාතික සමාගමකට ලබා දීම පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමගය.

බර යන්ත්‍රෝපකරණ යොදාගෙන වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටියේ හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකයන් පිරිසක් විසිනි. එය මාධ්‍ය මගින් පෙන්වූ පසු එම ඇඳුම් ඉවත් කර සාමාන්‍ය ඇඳුමින් සැරසී එම සේවකයෝ කටයුතු කරනු පෙනිණි.

කෙසේ වෙතත් තිස්ස වැව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එකකි. ඒ එහි ඇති ඓතිහාසික වටිනාකම නිසාය. එහෙත් මාධ්‍ය එම  ප්‍රතිසංස්කරණ පිළිබඳ අනාවරණ්‍ය කරන තුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එවැනි ප්‍රතිසංස්කරණ කටයුත්තක් ගැන දැන සිටියේවත් නැත.

වැව් කිහිපයක් එක්කර තනාඇති තිස්ස වැවේ නිර්මාතෘ ඉලයනාග රජු බව මහාවංශ මුලාශ්‍ර අනුව පෙනේ.

දැනට තිස්සමහාරාම නිවාඩු නිකේතනය (Rest house) ඇති ස්ථානය පුරාණ මාගම නගරයේ මායිම සේ සැළකේ. රාජකීයයන් හා ප්‍රභූන් ගේ අවශ්‍යතා සඳහා පැවැති නාගරිකයක් වන මෙකි නාගරිකය වත්මන් නිවාඩු නිකේතනය පිහිටි ගොඩැල්ලට මායිම් වී පිහිටියේ යැයි විශ්වාස කරන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.

20 වන ශතවර්ෂයේ මුල් කාලයේ හෙන්රි පාකර් මහතා විසින් එම ස්ථානායේ කරන ලද කැණීමකදී පැරණි වරිච්චි සහිත නිවාස වර්ගයක නටබුන් හමුවී ඇතැයි ඒවා කුඹල්කරුවන්ගේ ගේ නිවාස පෙළකැයි විශ්වාස කරන බව ද සෝමදේව මහතා කීය.

එම කැණීම්වලින් හෙළිවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 400 පමණ පෙර සිට මෙම ප්‍රදේශ ජනාවාස වී තිබු බවකි. වැව ආසන්නයේ ඇති ටිකිරියාගොඩාන නමැති ස්ථානයේ ඇති ඉපැරණි ගඩොල් ප්‍රාකාරයක් උඩට ද මතුවී තිබේ. එහි කුට්ටම් පොකුණට වඩා ලොකු පොකුණක් ද තිබී ඇතැයි ‍මහාචාර්ය සෝමදේව කියයි.

“එහි කළ කැණීම්වල දී අර්ධ මැණික් ඒ වගේම ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමු වී තිබුණා. එකල අපනයන වෙළඳපොලට රතු මැණික් සපයන ලද්දේ මෙතැනින් යැයි විශ්වාස කෙරෙනවා.

නාගරික ගොඩැල්ලෙන් සේදී  සියලු පුරාවස්තු වැව් පතුලේ ඇති බවටත් විශ්වාසයි. ”  යැයි ඔහු කියයි.

මේ බර යන්ත්‍රෝපකරණ යොදාගෙන හාරා ගොඩට ගන්නට සූදානම් රොන් මඩ හා පස්වල වටිනාකම මහාචාර්ය සෝමදේව ගේ වචනවලින් එලෙසිනි.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක කැණීමක් හෝ සංවර්ධනයක් සිදුකරන විට එය කළ යුතු කෙසේද?

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ඒ පිළිබඳ මෙසේ පවසයි.

“මුලින්ම හානි අගැයීමක් කරන ලෙස අදාල ආයතනය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළයුතුයි. එමෙන්ම එම ව්‍යාපෘතියට වැයකරන මුදලින් සියයට එකකට සමාන මුදලක් පුරා විද්‍යා තක්සේරුව සඳහා වෙන් කල යුතුයි. එහි දී අදාල ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර එයින් පුරාවස්තූන්ට යම් හානියක් සිදුවේ ද යන්න සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. අදාල ව්‍යාපෘතිය ඉදිරියට කරනවා ද කරන්නේ කෙසේ ද ආදී කරුණු සියල්ල තීරණය වන්නේ ඒ අනුවයි.”

එහෙත් මෙම ව්‍යාපෘතිය සිදුකරමින් පවතින බව මාධ්‍ය මගින් හෙළි කරන තුරු තමන් දැන නොසිටි බව හම්බන්තොට දිස්ත්‍රික් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ වසන්තා අලහකෝන් මහත්මිය පවසන්නීය. එය සැළවූ වහාම ලිපියක් මගින් එය නවත්වන ලෙස අණ කරමින් දන්වා සිටි බවත් මේ වනවිට ව්‍යාපෘතිය නවත්වා ඇති බවත් අලහකෝන් මහත්මිය පැවැසුවාය.

මෙම ව්‍යාපෘතිය ගැන මුලින් හෙළි කළ මාධ්‍යවලට එහි කැණීම් සිදුකරන සමාගමේ දේශිය නියෝජිතයා කියා තිබුණේ තමන්ට එහි කැණීම්වලින් වාසියක් නැති බවත් ගොඩ දමන පස් හා වැලි විකුණා යම් ලාභයක් ලබා ගත හැකි වුවහොත් තමන්ට ඉතිරිවන්නේ එම මුදල පමණක් බවත් ඔහු කැමරා ඉදිරියේ කියනු පෙණිනි.

‍මේ කැනීම් කරන්නට එපා යැයි කියන්නේත් එම රොන්මඩ හා පස්වල ඇති වටිනාකම නිසාය. පෞඪ ඉතිහාසයක ජීවී සාක්ෂි හාරා ගොඩ ගන්නට පිටරැටියනට ඉඩදෙනවා ද නැද්ද යන්න බලධාරින්  යලිත් වරක් සිතා බැලිය යුතුව පවතින්නේය.

සටහන - විනීතා එම් ගමගේ

 



අදහස් (0)

මාගම මහ සම්පත විකිණීමේ ලාභය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 28 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site