IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බීලා නටන ‘‘බීච් පාටි’’

සාගරය සම්බන්ධයෙන් ලියැ වී ඇති කවි, සිංදු අපමණය. සාගරය ගැන එතරම් නිර්මාණ බිහිවී ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසාමය. සිනමා ශාලා තුළ බොක්ස් කුටි, සහ නගර මධ්‍යයේ කාමර වැඩි වශයෙන් නොමැති අවධියේ බොහෝ පෙම්වතුන් පෙම්සුව විඳින්නට ගියේ මුහුදු වෙරළටය.

පෙම්වතුන් පමණක් නොව පවුල් පිටින් විනෝද වන්නට යන්නන් ද ගියේ මුහුදු වෙරළට ය.  

දවාලට එතරම් සුන්දර මුහුදු වෙරළ අඳුර වැටීගෙන එද්දී කොතරම් සුන්දර වන්නේද? රෑ කොළඹ වටා යන ගමනේ අප ඊළඟට ගියේ ගල්කිස්ස මුහුදු වෙරළටය.

දිවාකාලයේ සුන්දරත්වය ඒ ආකාරයටම රාත‍්‍රියට ද ඇත. වෙරළේ එක් පසෙකින් මහා සාගරයය. අනෙක් පසින් විවිධ මාදිලියට ඉදි කරන ලද හෝටල් ය.
දෙස් විදෙස් සංචාරකයනට රෑ දවල් කියා මුහුදු වෙරළේ වෙනසක් නැත. ඔවුහු විනෝද වෙති. වැල්ලේ බිම වාඩි වී පෙම් සුව විඳින පේ‍්‍රමවන්තයෝ දිවා කාලයේ පමණක් නොව රාත‍්‍රියේ ද වෙති.

වෙරළේ පෙම් සුව විඳින ජෝඩු කෙතරම් වේලාවක් එසේ සිටීවිද? ඔවුන්ගේ සතුට කෙතරම් කාලයක් රැඳී පවතීද? ඒ ගැන දෙවරක් සිතන්නට සිදු වනුයේ පසු ගිය කාලයේ  මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් නිසාය.

.අපි මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් ඉන්නකොට  තරුණ ජෝඩුවක්  ඉන්නවා දැක්කා. ටිකක් ඈතට වෙන්න හිටියේ. ටික වෙලාවකින් අපි දැක්කා දෙන්නෙක් ඒ පැත්ත බලාගෙන ඉන්නවා. අපි ළගට ගිහින් බලද්දි මේ මිනිස්සු දෙන්නා ඒ ජෝඩුව දිහා බලාගෙන ස්වයං වින්දනයක් ලබනවා.

ඊට පස්සේ අපි ඒ දෙන්නට ගහලා පැන්නුවා. ඒ වගේ දේවල් ගොඩක් මේ පැත්තේ වෙනවා.. එසේ පැවසුවේ වෙරළේ ක‍්‍රීඩා කරමින් සිටි තරුණයෙකි.
තරුණ තරුණියෝ මුහුදු වෙරළට ආයුබෝවන් කියා කාමරවලට, සිනමා ශාලාවල බොක්ස් කුටි තුළට යෑමට පුරුදු වී ඇත්තේ මුහුදු වෙරළේ සිදු වන මෙවැනි ක‍්‍රියා නිසා බව බොහෝ දෙනා කියති.

ගල්කිස්ස වෙරළ තීරයේ බොහෝ දුරක් ඇවිද ගියක් එක පොලිස් නිලධාරියෙක්වත් දැකගන්නට නොහැකි විය.

.අපි දවසක් කොල්ලෝ තුන් දෙනකුයි කෙල්ලෝ තුන් දෙනෙකුයි වෙරළට ආවා සෙල්ලම් කරන්න. මුලින්ම ආවේ මමයි තව කොල්ලෙකුයි, කෙල්ලෝ තුන් හතර දෙනෙකුයි. මමයි අනෙක් යාළුවයි වෙරළට වෙලා ඉන්දි කෙල්ලෝ ටික රැුල්ල පාගමින් සෙල්ලම් කරමින් හිටියා.

එතනට ආවා පොරි විකුණන මනුස්සයෙක්. ඇවිත් කිව්වා පොරි ගන්න කියලා. අපි පැකට් දෙකක් ගත්තා. ඊට පස්සේ අර මනුස්සයා තර්ජනය කළා කෙල්ලො එක්ක මෙහේ ආවනම් එහෙම හරියන්නේ නෑ. තව පහක් ගන්න කියලා. එයාලගේ කට්ටිය වෙරළේ ඉන්නවා. ගත්තේ නැත්නම් ප‍්‍රශ්නයක් වෙයි කියලා අපි ගත්තා. . යැයි පැවසුවේ පානදුර තරුණයෙකි.

ඊට සමාන කතාවක් තවත් තරුණයෙක් අප සමග පැවසීය.

.මමයි ගෑණු ළමයයි මෙහෙ ආවා. අපි දැක්කා තවත් දෙමළ කපල් එකකුත් ඇවිත් ඉන්නවා. ටික වෙලාවකින් අපි ඉන්න තැනට පොරි, අයිස්ක‍්‍රීම් එහෙම විකුණන කෙනෙක් ආවා. අපි එකක් ගත්තා. ඊට පස්සේ අර දෙමළ කපල් එක ගාවට ගියා. ටික වෙලාවකින් ඒ වෙළෙන්දා දුවනවා දැක්කා. අපි ළගට ගිහින් බලද්දි අර දෙන්නත් එකක් ගන්න පර්ස් එක අදිද්දිම පර්ස් එකේ තිබුණු රුපියල් 500 කොළයක් අරගෙන දුවලා.

මේ පැත්තේ මෙහෙම දේවල් ගොඩක් වෙනවා..

මෙවැනි සොරුන්, ගැට කපන්නන්, මානසික ලෙඞ්ඩුන් නිසා මුහුදු වෙරළේ සුන්දරත්වය විදින්නට එන්නෝ බොහෝ අපහසුතාවන්ට පත් වෙති.
රාත‍්‍රියට මුහුදු වෙරළේ විවිධ උත්සව , සාද ඇත. එවැනි .බීච් පාටි. අතර හොද ඒවා මෙන්ම යෞවනයන් විනාශ කරන ඒවාද නැතුවාම නොවේ.
.රෑට වෙරළේ බීච් පාටි තියෙනවා. සමහර වෙලාවක පන්ති යන ළමයි එනවා. ඇවිත් ඒ පාටිවලදි ඇති වෙනකම් බොනවා. බීලා බීලා නටලා යනවා. තවත් සමහර බීච් පාටි වලදි තරුණ ජෝඩු එනවා. සමහරු පාසල් යන වයසේ ළමයි. එයාලට  ඕනෑම දෙයක් ප‍්‍රසිද්ධියේ කර ගන්න පුළුවන්. හැම බීච් පාටියකම එහෙම නෑ. . යැයි ප‍්‍රදේශවාසියකු පැවසීය.

තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරමද එහි අප‍්‍රසිද්ධියේ සිදු වෙයි. මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට රාත‍්‍රියට මුහුදු වෙරළට එන තරුණයෝ ද වෙති.
වෙරළේ සිටි තරුණයෙකු පැවසුවේ කේරල ගංජා සහ ගංජා ව්‍යාපාරය එහි වැඩි වශයෙන් ක‍්‍රියාත්මක වෙන බවයි.

 

 

රුපියල් 500ත් 1000ත් අතර මුදලකට කේරළ ගංජා අලෙවි වෙන බවත්, රුපියල් 150ත් 300ත් අතර මුදලකට ගංජා අලෙවි වෙන බවත් ඔහු කීවේය.
තවත් මත්ද්‍රව්‍ය රාශියක් එහි ඇති බවත්, ඒවා මිලදී ගන්නේ බෝහෝ විට තරුණයන් බවත් කියති.

සුන්දර වෙරළ අසුන්දර වන තවත් දෑ ඇත. පෙම්සුව විදින්නට වෙරළට පැමිණි ජෝඩුවක පෙම්වතාට පහරදී පෙම්වතිය දුෂණ කළ අවස්ථාවක් ද මෑතකදී වාර්තා විය.  සුන්දර වෙරළ අසුන්දර කරන තවත් දෑ මොනවාද? ලබන සතියේ රසවිතෙන්.

 

 

 



අදහස් (0)

බීලා නටන ‘‘බීච් පාටි’’

දිසානායක Thursday, 16 January 2014 09:51 AM

මම නම් කැමති නෑ

:       0       0

ක්‍රිෂාන්ත දිලුක් Tuesday, 21 January 2014 05:53 AM

රටේ අනාගතේ.(නදී)

:       0       0

වෙනුර ලියනගේ. Friday, 17 January 2014 11:17 PM

අවසානයේ බලපුවාම ලිපියේ අන්තර්ගතයේ අඩංගු කරුණු වලින් ගත යුත්තක් නැහැ කියලි මටනම් හිතෙන්නේ. පින්තුරත් ලිපියත් අතර සම්බන්දතාවයක් පැහැදිලිවම නැහැ.(අ)

:       0       0

නව්සාර් Friday, 17 January 2014 11:29 PM

බහුතරයක් බෞද්ධයන් වෙසෙන මේ රටේ බෞද්ධයාගේ අභියෝග මොනවාදැයි කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් මේ රටේ ජනතාව මුහුණපා සිටින්නේ මේ සිදුවන දේවල් තේරුම් ගත නොහැකි තත්ත්වයකටය.(අ)

:       0       0

සජීව් Friday, 17 January 2014 09:32 AM

බීච් පටි වලින් වෙන්න රටේ පොඩි ගෑනු ළමයි නැති වන එකයි . (අ)

:       0       0

අමාලි අමරකෝන් දිසානායක Saturday, 18 January 2014 01:02 AM

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත (අ)

:       0       0

රුවන් Thursday, 16 January 2014 03:04 PM

අපේ රටේ මතට තිත.(නදී)

:       0       0

සෑම් Tuesday, 18 February 2014 12:31 PM

මේ වගේ දේවල් වලට පොලීසිය මැදිහත් වෙලා මේවා වලක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි (දී)

:       0       0

සුමිත් Friday, 17 January 2014 03:58 PM

මේකේ ඇති ප්‍රශ්නේ මොකක්ද? මොලේ තියෙන ඕනේ මනුස්සයෙකුට තේරෙනවා වයස 18 වැඩි ඕනේ කෙනෙකුට ආදරය කරන්න තහනම මොකක්ද ? මේවා තව දුරටත් හංගන්න ඕනේ දේවල් නොවෙයි. අපි ඇෆ්ගන් වල වගේ තලේබාන් සංස්කෘතිය ගන්න හොඳ නැහැ.. හැම දේටම වැඩ වටින්නේ නිදහස.. (අ)

:       0       0

එක්සා Wednesday, 12 February 2014 06:28 PM

බීච් එක තියෙන්නේ පොල් ගාන්නද ? (දී)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 22 January 2014 12:56 PM

පොලිසිය නිදිද? (නදී)

:       0       0

සමන් Thursday, 16 January 2014 07:43 PM

තව ඉස්සරහට බල ගන්න පුළුවන් අපේ රටේ කෙල්ලන්ගේ වැඩ (අ)

:       0       0

සුලෝචනා Wednesday, 15 January 2014 03:12 PM

මේ හැම දයක්ම කල යුත්තේ එක ප්‍රමාණයකට (දී)

:       0       0

බැසිල් Thursday, 16 January 2014 09:01 PM

මේ වගේ දේවල් වලට පොලීසිය මැදිහත් වෙලා මේවා වලක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site