IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


බුද්ධ ශාසන බලමණ්ඩල හඬට සැවොම සවන්දෙමු

අර්බුද කළමනාකරණය විද්‍යාත්මක පදනමින් කළ යුත්තකි. එය එසේ නොවූවිට සිදුවන්නේ අර්බුදය උත්සන්න වී අර්බුද සුළියක් නිර්මාණය වීමය. එවිට විසඳුම් සොයාගත නොහැකිව වල්මත්වීමට සිදුවීම ඒකාන්ත ය.  නියම ප්‍රතිඵලය පරාජය හා විනාශය පමණි. රට ගමන් කරමින් තිබෙන්නේ එබඳු අඳුරු ප්‍රපාතයකට දැයි  සැක සිතෙන තරම්ය. 

දෙවසරකට  වඩා වැඩි කාලයක් මුළුල්ලේ මුළු රටම කොරෝනා  මාරාන්තික උවදුරෙන් බැටකමින් සිටී. බඩු මිල ගුවන්ගතය. කුණු බක්කි අවුස්සා  කෑමට යමක් සොයන ශාපලත් කාලයක් නිර්මාණය වී නැතත් එබඳු යුගයක් උදා නොවේයැයි  සහතිකයක්ද නැත. රට ඩොලර් අර්බුදයක පැටලී තිබේ. විසඳුම ලෙස ආදේශවී තිබෙන්නේ විදුලිය කප්පාදුවය. බරපතළ  ඉන්ධන හිඟයක ද ලකුණු පහළ වී තිබේ. 

එළැඹ ඇත්තේ ගැලවුම්කරුවකු පතමින් කාලය නාස්ති කිරීම නොවේ. මහා සාමුහික ප්‍රයත්නයකින් අර්බුදයෙන් ගොඩ ඒමට මගක් සෙවීමය. එහෙත් එබඳු සාමුහික ප්‍රයත්නයක් වෙනුවට දක්නට ලැබෙන්නේ ‘නාඩගම්’ වලින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන සිදුවීම්ය. ඇමැති විසින් ඉවත් කරනු ලැබූ සභාපති ‘මමයි තවමත් සභාපති’ යැයි කියමින් සේවයට වාර්තා කරයි. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලිඛිතව  දන්වා වැඩ නතර කළද ‘ජනාධිපතිවරයා කීවා’ යැයි කියා සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයට වාර්තා කරන්නීය. අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ‘වැඩ කරන්නට බැහැ’ යැයි කියමින් රාජ්‍ය ඇමැතිවරයෙක් ගෙදර ගියේය. ‘ප්‍රෙස් එකක් තියලා උඹට කුඩු වෙන්න ගහනවා’ යැයි රාජ්‍ය ඇමැතිවරයකු තවත් රාජ්‍ය ඇමැතිවරයකුට තර්ජනය කරන හඬ පටයක් අන්තර්ජාලයේ සැරි සරයි. 

මේක රටක්ද නාඩගම් මඩුවක්ද යැයි හිතෙන තරමට මෙම සිදුවීම් ජුගුප්සාජනකය. ‘අන්තො ජටා - බහි ජටා’ යැයි කීවා සේ ඇතුළත් ගැට ය. පිටත් ගැට ය. කප්පිත්තකු නැති නෞකාවක් මෙන් රට පාවෙමින් තිබේ. රටට මේ මොකක්ද වුණේ යැයි හූල්ලමින් කාලය ගත කිරීමට ජනතාවට සිදුවී තිබේ. මෙම ඉරණමෙන් රට ගලවා ගනු පිණිස අල්ප මාත්‍ර වූ උත්සාහයක් හෝ ගන්නා බවක්ද නොපෙනේ. 

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ඉකුත්දා නිකුත් කළ නිවේදනය අතිශයින්ම වැදගත් වන්නේ මෙම පරිසරය තුළ ය. එම නිවේදනයේ සඳහන් වන්නේ වර්තමානයේ මුහුණපා ඇති විපතින් රට මුදා ගැනීමට ආණ්ඩු පක්ෂය හා ප්‍රතිපක්ෂය නිෂ්ඵල කතා අනවශ්‍ය විවේචන හා වාද විවාදවලින් බැහැරව එක්ව කටයුතු කළ යුතු බව ය. එමෙන්ම මේ අවස්ථාවේ දී සාධාරණ විවේචන ඉතා වැදගත් බවත් පුහුදුන් බිමේ සෑම අයකුම දෝෂ සහිත වූවන් බැවින් ඒවා පෙන්වා දුන්විට ප්‍රතිවාද නොනගා ඉදිරියට යාම රටේත් සමාජයේත් දියුණුවට හේතුවන බවත් එම නිවේදනයෙන් පෙන්වාදී තිබේ. 

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය අවධාරණය කරන ඉතා වැදගත් කරුණක් වන්නේ සරල චාම් ජීවන විලාසය අපගේ සංස්කෘතික අනන්‍යතාවක් බවය. වත්මනෙහි ඇති ආර්ථික අර්බුදයට එක් විසඳුමක් වන්නේ එම සරල චාම් දිවිපෙවතට අවතීර්ණවීම බව පෙන්වා දෙන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ‘සමාජයේ ඉහළ මට්ටම්වල සිටින සියලු දෙනා ආදර්ශයෙන් හා උපදේශයෙන් රටට දැනෙන පරිදි අවංක වූ පොදු යහපත සලකා අධි සුඛෝපභෝගී  සංකල්ප හා විහරණවලින් ඈත්ව පරාර්ථකාමී හැඟීම්වලින් වාසය කළ යුතු බව’ පෙන්වා දේ. 

රජයේ දේපළ මහජන දේපළ බව පෙන්වා දෙන එම නිවේදනය මහජන දේපළ සොරා නොකෑ යුතු බවට අවධාරණය කරයි. මහජන දේපළවලට අදාළව සිදුවන අල්ලස, දූෂණය හා නාස්තිය වළක්වා ගැනීමට සෑම දෙනාගේම  අවධානය  යොමුවිය යුතු බවද  පෙන්වා දෙයි. 

වෘත්තිය කුමක් වුවත් මව්බිම වෙනුවෙන් අවම ලෙස ඵලදායිතාව සියයට 25කින්වත් වැඩිකර ගැනීමට සියලු වෘත්තිකයන් ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය සුපිළිපන් සමාජ සංස්කෘතියක් නිර්මාණය කිරීමට පක්ෂ ප්‍රතිපක්ෂ නායකයන් කිසිදු බේදයකින්  තොරව ඉදිරිපත් විය යුතු බවද අවධාරණය කරයි. එමෙන්ම මාධ්‍යයෙහි ක්‍රියාකාරිත්වය කෙරෙහිද අවධානය යොමු කර ඇති බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මාධ්‍ය පක්ෂ, පක්ෂ දේශපාලනය නොසලකා රටේත් ජනතාවගෙන් පොදු යහපත උදෙසා ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙයි. 

රටෙහි ඇත්ත තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනා නොගෙන විසඳුම් ආදේශ කළ නොහැකිය. එළැඹ ඇත්තේ ‘ප්‍රාතිහාර්ය’ පෑ හැකි  අවස්ථාවක් නොවේ. සියල්ලන්ම අවබෝධයකින් යුතුව කැප කිරීම් හා පරිත්‍යාග කරමින් රට ගොඩනැගීමට තමන්ගෙන් ඉටුවිය යුතු පංගුව  වඩාත් වගකීමෙන් යුතුව ඉටුකළ යුතුය.



අදහස් (0)

බුද්ධ ශාසන බලමණ්ඩල හඬට සැවොම සවන්දෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 665 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 847 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 366 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site