IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


පොලිස් අණ නොතැකීම රටේ නීතිය බාල්දු කිරීමක්

යාපනය, වඩමාරච්චි, වල්ලිපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී වැලි ජාවාරම් කිරීමේ සිද්ධියක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැඟවී සිටි ටිපර් රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

රථ වාහන පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙම වසරේ මුල් මාස තුන රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව14 දෙනෙකි. ඉන් දහ දෙනකුම මියගොස් තිබෙන්නේ රාජකාරි කරමින් සිටියදීය. ඉකුත් මාස තුන ඇතුළත රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 13 දෙනෙකි. සුළු තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 49 කි. 2020 වසරේදී රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 28 කි. රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ හා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ 2018 වසරේ සිට 2021 මුල් මාස තුන දක්වා කාලය තුළ රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් ඇති බවය.

රටේ සාමාන්‍ය පොදු ජනතාවට මහ මගට බැසීම දින නියමයක් නැති මරණ සහතිකය අතට ගැනීමකි. පොලිස් නිලධාරීන්ට මහ මග රාජකාරි කිරීම යුද්ධය පැවති සමයේ උතුරේ යුද බිමක රාජකාරි කිරීමක් බවට පත්ව ඇති සෙයකි. අලුත්ම සිදුවීම පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා මුහුණදුන් බිහිසුණු සිදුවීම වේ.

අපගේ ප්‍රවෘත්තියට අනුව ටිපර් රථ යොදා ගනිමින් නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කරන බවට යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් හය දෙනකු එම ස්ථානයට යමින් සිටියදී  වැලි පටවාගෙන පැමිණි ටිපර් රථයක් ඉදිරියට පැමිණ තිබේ. එම ටිපර් රථයට නවතින ලෙසට පොලිස් පරීක්ෂකවරයා සංඥා ලබාදී ඇතත් රියැදුරු රථය නොනවත්වා ධාවනය කරමින් ඉදිරියට විත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හප්පා පළාගොස් තිබේ. සිදුවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දකුණු පාදයට තුවාල වී ඇති බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

පොලිස් නිලධාරියකුගේ සංඥාවට අවනත නොවී එම පොලිස් නිලධාරියා හප්පා පලායාම සාමාන්‍ය සරල සිදුවීමක් නොවේ. මේ හප්පන්නේ පොලිස් නිලධාරියකු පමණක් නොවේ. රටේ නීතියට ජනතාව  සතු ගෞරවනීය විශ්වාසනීය හැගීම් ද මෙබඳු හැප්පීම්වලින් විනාශ වී යයි. නීතියට බිය නොවීමේ පුරවැසි දාමරික හැඟීම මෙමගින් මනාව පැහැදිලි වේ.

රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. එහි විනාශයේ තරම වටහා ගැනීම අසීරු නොවේ. නීතිය සම්බන්ධ ජනතා විශ්වාසය බිඳ වැටීම තුළ නීතියට ඇති භය හා පක්ෂපාතීත්වය දුරුවී යයි. තමන්ගේ අනීතික ක්‍රියාවලට එරෙහිව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරියකු හප්පා යටකර පලා යාමට  පුරවැසියකුට හැකිවීම සරල දෙයක් ලෙස ගණන් නොගත යුත්තේ එහෙයිනි.
නීති විරෝධී ලෙස වැලි ජාවාරමේ යෙදෙන්නා හොඳාකාරවම දන්නා දෙයනම් තමන් කරනු ලබන්නේ අනීතික ක්‍රියාවක් බවය. එමෙන්ම මෙරට සාතිශය බහුතරයක් ජනයා නීතියට භය පක්ෂපාතී වෙති. එහෙයින් ඔවුහු වැලි ජාවාරම්, පස් ජාවාරම්, දැව ජාවාරම් ආදී මහා පරිමාණ ජාවාරම්වල නොයෙදෙති. එසේ යෙදෙන යමෙක් වෙත්නම් ඒ සාමාන්‍ය ජනයා නොවෙති. විශේෂ බලයක් ඇත්තකු හෝ එබඳු විශේෂ බලයක් සහිත පුද්ගලයකුගේ ආශිර්වාදය රැකවරණය ලබන්නෙක්ම වෙයි. පොලිස් නිලධාරියකු හප්පා යටකර පලායාමේ එඩිතර බව නිර්මාණය වන්නේ ඒ අනුවය. එහෙයින් එම ජඩ රියදුරා පමණක් නොව ඒ පසුපස තිබෙන විශේෂ ශක්තියද කුදලා නීතිය ඉදිරිපිටට රැගෙන ආ යුතුය.

මහරගම පන්නිපිටියේදී රියැදුරෙකුට රෙස්ලින් පන්නයේ ප්‍රහාරයක් එල්ල කළ මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා සම්බන්ධයෙන් වාර්තා වූයේ ඉකුත් සතියේදීය. එම තුච්ඡ හැසිරීම මෙම තීරුවේම අපි දැඩි ලෙස හෙළා දුටුවෙමු. ඒ එබඳු පන්නයේ සිදුවීම් නිසා මහජනයා තුළ පොලිසිය සම්බන්ධයෙන් පැවතිය යුතු ගෞරවනීය හා පක්ෂපාතී හැඟුම් විනාශ වී යන හෙයිනි. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ මහ මගදී පොලිස් නිලධාරියාගේ සංඥාවලට අවනත නොවීම පමණක් නොව එම පොලිස් නිලධාරියා හප්පා යටකර පලායන දාමරික පුරවැසියන් බිහිවීමයි. කෙසේ වෙතත් මෙම ප්‍රවණතාව රටේ පැවැත්මට යහපත් නැත. දාමරික අනීතික පුරවැසියන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුත්තේ එහෙයිනි.


(***)



අදහස් (3)

පොලිස් අණ නොතැකීම රටේ නීතිය බාල්දු කිරීමක්

Rata Perata Wednesday, 07 April 2021 06:11 AM

හරිම සුන්දර කතුවැකියකි. රටේ නිතිය විසි වැනි සංශෝධනයෙන් සම්පුර්ණයෙන්ම නැ

:       3       8

මෝ Wednesday, 07 April 2021 03:57 PM

ජනතාව විසින් පිලිගතයුතු සහ දැනගත යුතු කරුනක් විය යුත්තේ සමාජයේ නීතිය සහ සාමය සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව සහ නිලදාරීන් අත්‍යවශ්‍යම සාධකය බවත්‍ ය.ඒත් අද දින ජනතාව විසින් නීතියට හිස නොනැමීම ,බියක් සැකක් නැතිව නීති කැඩීම පොලිස් නිලධාරීන්ට අපහාස,කිරීම පහර දීම අනතුරු කිරීමසහ මරා දැමීම සිදුකෙරේ. ඒවගේම පොලිස් නිලධාරින් සමහරක් පගා ගැනීම්,දූෂණ ,පහර දීම්,මරාදැමීම් ආදී අකටයුතු කිසිදු හිරිකිතයකින් තොරව සිදුකරයි. වඩා භයානක දේ වන්නේ පොලිසිය දේශපාලකයින්ට නතු වීමයි. මේ සිදුවීම් සියල්ල නතරකල හැකි දැඩි නීති පද්දතියක් මගින් සහ,නීති කඩන්නන්ට දැඩි දඩුවම් හදුන්වා දීමත් ජනතාවට පහසුවෙන් සහ අඩු වියදමින් නීති උපදෙස් ලබාගත හැකි ක්‍රමවේදයක් මගින් මේ තත්වය මග හැර ගැනීම අපහසු නොවෙයි. ඒත් මෙම නීති සම්පාදනය කරනවාට වඩා දැනට ඇති යල්පැනගිය නීති සහ ඉතා ලිහිල් දඩුවම් ක්‍රම ඒ ලෙසම තබාගෙන තමන්ට අවශය ලෙස පොලිස් දෙපාර්තමේන්තුව හැසිරවීම දේශපස්ලකයින්ගේ අභිප්‍රායයි.

:       1       8

Perera Monday, 12 April 2021 07:02 PM

රටට නායකත්වය දෙන දේශපාලකයින් කියාගන්න දේශපාලකයින් රටේ නීතිය තුට්ටුවකටවත් මායම් කරන්නේ නැතිනම් රටේ මිනිස්සු ඒ ආදර්ශය අරන් ඒ අයත්නීති පිළිපදින්න පෙළඹෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32966 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15598 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 499 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site