IMG-LOGO

පුරවැසි වගකීමත් අකුරට ඉටුකරමු

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු පහ දක්වා බල පැවැත්විණි. කොරෝනා මාරාන්තික වයිරසය පැතිර යාම සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය මෙසේ පැනවිණි. තනි තනි කොරෝනා රෝගීන් හමුවීමේ සිට කොරෝනා පොකුරු රෝගීන් හමුවීම දක්වා කොරෝනා මාරාන්තික වයිරසය පැතිරයාම වර්ධනය වී තිබෙන අතර, මෙම සටහන තබන මොහොත වන විට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළ නැග තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, කොරෝනා අවදානම් ප්‍රදේශ ලෙස නම් කෙරුණ කලාප රැසක කොරෝනා රෝගය පැතිරීම හොඳින් පාලනය වී ඇති බවය. එමෙන්ම මේ වන විට කිසියම් ප්‍රශ්නයක් වී තිබෙන්නේ නිවාඩු ගිය නාවික භටයන් හරහා සිදුවන සම්ප්‍රේෂණය පමණක් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

අවධාරණය කළ යුතු වැදගත් කාරණයක් වන්නේ කොරෝනා මාරාන්තික වයිරසය හා ඇඳිරි නීතිය අතර සම්බන්ධයක් නොමැති බවය. ඇඳිරි නීතිය පැනවීමෙන් කොරෝනා මාරාන්තික වයිරසය පාලනයට නොවන අතර, එමගින් සිදුවන්නේ මිනිස් චර්යාවන් පාලනය වීමය. විශේෂයෙන්ම මිනිසුන් රංචු ගැසීම පාලනය කිරීමය. ඇඳිරි නීතිය පනවා තිබුණ ද සමාජ දුරස්ථකරණය සිදු නොවී මිනිසුන් රංචු ගැසෙන්නේ නම් කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තිය නිරුප්‍රද්‍රිත වනු ඇත.

එළැඹ ඇත්තේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු පැයය. එමගින් කියැවෙන්නේ බිය වැදී වණ වැදීම නොවේ. සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය පිළිවෙත් අකුරටම ඉටු කිරීමය.

නිවාඩු ගිය නවික හමුදා සෙබළුන්ගේ මාර්ගයෙන් කොරෝනා මාරාන්තික වයිරසය රට පුරා ව්‍යාප්ත වීමක් සිදුවී ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසකට පැමිණෙනතුරු කිසියම් අවදානමක් තිබෙන බව පැහැදිලිය. අවශ්‍ය වන්නේ අවදානම එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් කළමනා කටයුතු සංවිධානය කිරීමය.

ඇඳිරි නීතිය ඉවත් කළ ඇතැම් පළාත්වල කඩ සාප්පු විවෘත නොකිරීමට වෙළෙඳ ප්‍රජාව සාමූහික තීරණයකට එළැඹ ඇති බව අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තිවලින් කියැවේ. කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා අනුරාධපුර නගරයේ කඩ සාප්පු ඇතුළු සියලු පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන දින කිහිපයකට වසා දමා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය, වාණිජ මණ්ඩලය ඇතුළු නගරයේ සංවිධාන කිහිපයක් එක්ව අනුරාධපුර නගර සභාව හා පොලිසිය දැනුවත්ව කඩ සාප්පු වසා දැමීමේ ක්‍රියාමාර්ගයට ව්‍යාපාරිකයන් උපරිම සහාය පළ කර ඇති බව ද එම ප්‍රවෘත්තියෙන් සඳහන්ය.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රධාන නගර කිහිපයකම ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබූ බවය. ගල්ගමුව, කුලියාපිටිය, හිරිපිටිය හා කුඹුක්ගැටේ යන නගරවල වෙළෙඳසල් එසේ වසා දැමීමට වෙළෙඳ සංගම් තීරණය කර ඇති බව ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

ඇඳිරි නීතිය පැනවීමෙන් මහජනයා බලවත් ලෙස අපහසුතාවට පත්වන බව සත්‍යයකි. යම් ප්‍රගතියක් දුටු සැණින් රජය ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන්නේ ජනතාව එම පීඩනයෙන් මුදවාලීමටය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් අවශ්‍යතා ද මිලදී ගැනීමට නොහැකිවීම තුළ ජන ජීවිතය බිඳවැටේ.

මේ මොහොත යනු සෑම පුරවැසියකුම තමන්ගේ වගකීම කුමක්ද යන්න නිවැරැදිව හඳුනා ගත යුතු මොහොතකි. සමාජ දුරස්ථකරණය ආරක්ෂා කරමින් හා මුඛ ආවරණ පළඳමින්, දෑත් සෝදා ගනිමින් සෞඛ්‍ය පිළිවෙත් අකුරටම පිළිපඳින්නේ නම් මෙම මාරාන්තික වයිරසයෙන් ගැලවී යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

ව්‍යාපාරික ස්ථාන මෙන්ම පාරිභෝගික ජනයා මෙම සෞඛ්‍ය පිළිවෙත ආරක්ෂා කරන්නේ නම් තත්ත්වය පාලනය කර ගත හැකිය. ව්‍යාපාරික ස්ථානවල සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයන්නේ නම් හා ජනතාව සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන්නේ නම් රට යළිත් යථා තත්ත්වයට පත් වනු ඇත. කඩ සාප්පු හා ව්‍යාපාරික ස්ථාන වසා දැමීම ප්‍රශ්නයට කල් පවත්නා පිළිතුරක් නොවන බව අවධාරණය විය යුතුය.



අදහස් (2)

පුරවැසි වගකීමත් අකුරට ඉටුකරමු

බද්රානි Monday, 04 May 2020 03:58 PM

කවුද ඒ අපි නොදන්නා පුරවැසි වගකීම ගැන අපට උගන්වන්න එන කෙනා? තලගොයි මස් කියලා කබරගොයි මසුත් විකුනනවා... දුවල ගිහින් චන්දෙ දාපියව් උන්ට මේ රට කන්න.... පාලකයින් කියන පදේට නටලා උන්ටම කඹුරන්න මේ ලෝකෙට පාත් වෙලා ඉන්නේ...

:       141       23

DD Monday, 04 May 2020 07:06 PM

එළැඹ ඇත්තේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු පැයය. ජේ ආර් මහත්තයත් ඔකම කිව්වනේ ඒ කාලෙ තත්වෙ හැටියට ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 45 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 611 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site