IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පරණවිතාන පදනමට පණදුන් මහාචාර්ය අබය ආරියසිංහ

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය ආරම්භ කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා කෙතරම් සමීපව ඇසුරු කළාද යන්න එතුමා විසින් ලියන ලද (ඉංග්‍රීසියෙන්) සකල සිංහල චක්‍රවර්ති හා උතුරුකරයේ ආර්ය රාජ්‍යය නමින් අනෙක් සිංහල ග්‍රන්ථය ද පළ කළේය. එපමණක් ද නොව මහාචාර්ය සෙනරත් පරණවිතාන පුරා විද්‍යාඥයා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1940 සිට 1956 තෙක් සේවය කර ඉන් පසු පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය ද ඇති කර එයින් බිහි වූ මහාචාර්ය අබය ආරියසිංහ මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම යනුවෙන් සංවිධානයක් බිහි කිරීමේ පුරෝගාමියා වූයේය.

මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතාණන් එහි සභාපතිවරයා ලෙසින් ද එවක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න. එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල හා එවක ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සහ එවක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වූ අපගේ සහ තවත් විද්වතුන් කීප දෙනෙකුගෙන් ද සමන්විත වූ මෙම මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ එතුමා 1996 සිට 2009 තෙක් සභාපතිවරයා ලෙසින්  ඉමහත් සේවාවක් ඉටු කළේය.

පරණවිතාන පඬිවරයා පිළිබඳවිද්වත් ජනතාවට මෙන්ම පාසල් දූ දරුවන්ට ද අවබෝධයක් ලබාදීමේ සම්මන්ත්‍රණ ගණනාවක් මහාචාර්ය අබය ආර්යසිංහ මහතාගේ සභාපතිත්වය යටතේ සිදු වූයේය. ඒ අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධවීමට  පෙර මෙකල ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උඩුගම්පල විද්‍යාලයේ ඉංග්‍රීසි උපගුරුවරයකු ලෙස සේවය කළ හෙයින් එම විද්‍යාලය මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ  විද්‍යාලය නමින් නම් කිරීමට මහාචාර්ය අබය ආර්යසිංහ මහතා පෙරමුණගෙන ක්‍රියා කළේය.

මහාචාර්ය අබය ආර්යසිංහ විද්වතාණන්  2009 වර්ෂයේ ජනවාරි 14 වැනිදා එනම් මීට වසර 14 ඉහතදී අභාවයට පත්වූ පසුව මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම පිහිටුවීමට මුලික වූ තවත් විද්වතකු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සභාපතිවරයා ලෙසින් ඉමහත් සේවාවක් ඉටු කළේය.

මාස් පතා සෙනරත් පරණවිතාන අනුස්මරණ දේශන පැවැත්වීමේ වැඩසටහන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ඇරඹුවේ එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ සිටි සමයේදීමය. එහිදී පුරාවිද්‍යා සඟරාවේ විශේෂ කලාපයක් පළ කිරීමටද කටයුතු කරනු ලැබිණි.

ආචාර්ය ශිරාන් දැරණියගල මහතා 2021 වර්ෂයේ දී අභාවයට පත්වීමෙන් පසුව එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ චන්දිම විජේ බණ්ඩාර මහතාය. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසින්ද සේවය කළ විද්වතෙකි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමෙහි  මුල්වූ මහාචාර්ය  අබය ආර්යසිංහ  විද්වතාණන් විසින් අසෝක රජුගේ ශිලා ලේඛන පිළිබඳ ප්‍රථම වතාවට ග්‍රන්ථ 4ක් සිංහල භාෂාවෙන් පළ කරන ලදී.

(*** සිරිසමන් විජේතුංග)



අදහස් (1)

පරණවිතාන පදනමට පණදුන් මහාචාර්ය අබය ආරියසිංහ

Senarath Friday, 17 January 2025 09:10 AM

එතුමාට නිවන් සුව ලැබේවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site