10_SLTK_P7_Back  

 

කීප විටක් උත්සාහ කොට මා සම්බන්ධ කරගත් දුරකථන ඇමතුමකි.


‘මම ඉළුක්කුඹුර’ අනෙක් පසින් ඇසෙයි. එසේ කියන විටම මගේ මතකයට ආවේ ජවිපෙ රත්නපුර හිටපු සන්නද්ධ නායක ගුණරත්න සහ බළංගොඩ හිටපු සන්නද්ධ නායක සමන් මහත්තයා විසින් සටන පාවා දෙනු ලැබුවකු ලෙස පසුගිය ලිපි පෙළේ දිගින් දිගටම සපථ කළ ඉලූක්කුඹුරගේ චරිතයයි.
ඉලූක්කුඹුර ජීවත්ව සිටිනවාද? නැත්නම් මළවුන් අතරද යන්න අප දැන උන්නේ නැත. ගුණරත්නලා හරියට දැන උන්නේද නැත. ඉලූක්කුඹුර ගැන තොරතුරු අසමින් මවෙත ලැබුණු පණිවුඩ ප‍්‍රමාණයද සුළු නැත.

 


‘මම සටන පාවා දුන්නේ නෑ. මට ඇත්ත කියන්න  ඕනෙ’ ඉලූක්කුඹුර මට කියයි. ඒ අනුව ඉළුක්කුඹුරට අවස්ථාව දෙන්නට අපි තීරණය කළෙමු.


පර්සි කොළඹආරච්චි ඔහුගේ ඇත්ත නමයි. ඔහුගේ පියා හිටපු හමුදා නිලධාරියෙකි. මාතර පිටබැද්දර පාසලේ නවය පන්තියේදී පර්සි ජවිපෙට ‘කොක්ක’ ගැසුවේය. ඒ ඉහළ පන්තියක සිටි රණසිංහ හරහාය. මේ කාලයේ ජවිපෙ මාතර දිස්ත‍්‍රික්කය භාරව සිටියේ ඞී.එම්. ආනන්ද සහෝදරයාය. දෙනියාය ආසනයේ දීර්ඝ කාලීන ශිෂ්‍ය අංශ නායකයකු ලෙස පර්සිට, ඞී.ඇම්ව මුණගැසුණේය. පසුකාලීනව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයට පැමිණෙන පර්සි එහිදී දේශපාලන විද්‍යාව විශේෂ උපාධිය හැදෑරීමට පටන් ගනී. දිගින් දිගටම ජවිපෙ ක‍්‍රියාකාරී ශිෂ්‍ය නායකයාවූ පර්සිට එක්තරා මොහොතක විශ්ව විද්‍යාලයේ තවදුරටත් සිටින්නට අවස්ථාව ඇහිරිණ. ඒ අනුව පක්ෂය විසින් පර්සි විශ්ව විද්‍යාලය තුළින් එළියට ගනු ලැබිණ.

 

2

6


ඉන් පසු ජවිපෙහි පූර්ණ කාලිකයකු හැටියට පර්සි රඟ දක්වයි.


දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය හෙවත් ජවිපෙහි සන්නද්ධ අංශයේ නායකයාවූ සමන් පියසිරි ප‍්‍රනාන්දු, පර්සිට මුණ ගැසුණේ මේ අතරය. එතැනින් පසු පර්සිගේ ජීවිත සටහන පක්ෂයේ හා රටේ වූ විශේෂ සිදුවීම් සමග මෙතැන් සිට දිග හරිමි.

23
විශ්වවිද්‍යාලයෙන් දොට්ට බැස්සාට පසු පර්සි විවිධ තැන්හි විවිධ නම් වලින් පෙනී සිටියේය. දේශපේ‍්‍රමී අරගලය තුළ රවී, හේමන්ත, ඉළුක්කුඹුර වැනි නම් වලින් පෙනී සිටි සන්නද්ධ නායකයා පර්සි කොළඹආරච්චිය. පර්සිට පක්ෂයෙන් ලැබුණු පළමු වගකීම කොළඹ දිස්ත‍්‍රික්කයේ ‘ඞී-4’ කලාපයේ සංවිධායකයා කිරීමයි. 1987 - 1988 කාලයේදී මේ පත්වීම සිදුකෙරිණි. මේ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ දිස්ත‍්‍රික්කය D-1,D-2,D-3,D-4 ලෙස කලාප හතරකට බෙදාගෙන තිබිණි. D-4 කලාපයට අයත් වුණේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, කොස්ගම, කඩුවෙල, හෝමාගම, මහරගම ආදී ප‍්‍රදේශය.
ඞී-4 කලාපයේදී හේමන්ත ලෙස පෙනී සිටි පර්සි කොළඹආරච්චි යටතේ පක්ෂයේ ප‍්‍රචාරක අංශය, භික්ෂු සංවිධානය, ශිෂ්‍ය සංවිධානය ආදී සියල්ල තිබිණි.
මේ කාලයේ ඞී-4 කලාපයට අයත්වූ පනාගොඩ යුද හමුදා කඳවුරු ප‍්‍රහාරය රටේම අවධානයට පාත‍්‍ර වූවක් විය.


‘මේ කාලයේ පක්ෂයට බරපතළ ආයුධ හිඟයක් තිබුණා. ඒ නිසා දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය දිගින් දිගටම ආයුධ එකතු කිරීමට සැලසුම් කළා. ඒ අතරේ තමයි පනාගොඩ යුද හමුදා මූලස්ථානයට දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය විසින් ප‍්‍රහාරයක් එල්ල කෙරෙන්නේ මට මතක හැටියට 1988 දී.


පනාගොඩ හමුදා ප‍්‍රහාරය සඳහා සැලසුම හැදුවෙ මම. ඒ වගේම මට තව වගකීම් කීපයක් තිබුණා. මේ ප‍්‍රහාරය සඳහා දේශපේ‍්‍රමී ව්‍යාපාරයට සම්බන්ධ අති දක්ෂ පුහුණු සන්නද්ධ නායකයන් විශාල පිරිසක් පිටස්තර ප‍්‍රදේශ වලින් කැඳවීම් කළා. ඒ ආපු පිරිස් වලින් එක කොටසක් භාරව හිටියෙ මම. ඒ අයට නවාතැන් දීම වගේම රැුගෙන එන ආයුධ ගබඩා කිරීමට සුදුසු තැන් සූදානම් කළෙත් මමයි. හැබැයි ඒ සියලූ ස්ථානවල වගකීම මට තිබුණෙ නෑ. විශාල ප‍්‍රහාරයක් නිසා අපි කොටස් බෙදාගෙන හිටියෙ.


මම පනාගොඩ කිට්ටුව ගෙවල් දෙකක් පිටුපස ‘ආමරි’ (ආයුධ ගබඩා කිරීමට කොන්ක‍්‍රීට් වළවල්) හැදුවා. මා භාරව සිටි කණ්ඩායම එදා ? නවාතැන් ගත්තෙ පනාගොඩ ගලේ පන්සලේ. එතනට කෑම්ප් එක හොඳට පේනවා. ඒ කාලෙ ගලේ පන්සලේ හිටපු කෙනෙක් ජවිපෙට සම්බන්ධයි. ඒ නිසා සන්නද්ධ අංශයේ 50 කට පන්සලේ නවාතැන් ලැබුණා. හැබැයි ඔය ප‍්‍රහාරයට මම ගියේ නෑ. මම කළේ සැලසුම දීම හා නවාතැන් සැපයීම විතරයි.’ පර්සි කියයි.
තීරණය ගත් දවසේ අලූයම 2.00 පමණ කඳවුරට පැති කීපයකින් ජවිපෙ සන්නද්ධ අංශය කඩා පැන්නෝය. වැඩි වේලාවක් ගත නොවිණ. කඳවුරෙන් වෙඩි හඬ එක දෙක ඇසෙන්නට විය.


දිගට හරහට වෙඩි පත්තු වෙද්දි අපි දැනගත්තා, සටනක් ඇති වුණ බව. මොකද මම හොඳටම දන්නවා පනාගොඩ ප‍්‍රහාරයට දේශපේ‍්‍රමී සන්නද්ධ නායකයො ගෙනිච්චෙ කම්බි කපන කතුරු විතරයි. ඒත් කෑම්ප් එකට ඇතුළු වෙන්න. ඒක කෑම්ප් එක මායිමේ වෙල පැත්තෙන් සාර්ථකව සිදුවී තිබුණා. කොහොමත් ටික වේලාවක් යද්දි ‘පැරා’ ගැහුවා. ඒ ලයිට් එළිය කඳවුර විතරක් නෙවෙයි මුළු ගමම එළිය වුණා. ඒ එක්කම තිබුණු උත්තරේ තමයි ‘වහා පසු බැස යාම.’


පැරා ලයිට් එළිද සමග සන්නද්ධ කණ්ඩායම පසුබැස ගියහ. මේ ප‍්‍රහාරයේදී එක් යුද හමුදා නිලධාරියකු මරණයට පත්විය. ඔහු කෝප‍්‍රල් කුමුදුය.


‘කුමුදු ගැන මට යමක් කියන්න තියනවා. ඔහු පනාගොඩ යුදහමුදා කඳවුරට අනියුක්තව සේවය කළේ. නමුත් කෝප‍්‍රල් කුමුදු තමයි කඳවුර ඇතුළෙන් මේ ප‍්‍රහාරය සැලසුම් කළේ. ඒ කියන්නෙ කුමුදු දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නිලධාරියෙක්. ඔහු එදා දවල් කෑම්ප් එකේ රාජකාරි කරලා රාත‍්‍රිය ‘ ඕෆ්’ වෙලා හිටියෙ.


ඔහු රැ අපේ ප‍්‍රහාරයට උදවු කරන්න එද්දි රාත‍්‍රි රාජකාරි කළ සෙබළෙක් ඔහුව සැක කළා. නමුත් මුහුණ හරියට දැක්කෙ නෑ. සෙබළා හිතුවේ ඔහු එළියෙන් කෑම්ප් එක ඇතුළට පැනපු කෙනෙක් කියලයි. කුමුදු කෑගහලා තියනවා, ‘මම කුමුදු කුමුදු’ කියලා. ඒත් වෙඩි තියලා තියනවා. කෙසේ වෙතත් පනාගොඩ ප‍්‍රහාරය සාර්ථක වුණේ නෑ. මා භාරව සිටි කණ්ඩායම ආයුධ ගෙනාවෙම නෑ. හැබැයි අනෙක් කණ්ඩායම් වලින් ආයුධ යම් ප‍්‍රමාණයක් රැගෙන ගිහින් තිබුණා.’


‘දැන් සමහරු කියනවනෙ, මම පාවා දුන්නා කියලා.. අහගන්න පළමුවැනි උත්තරේ පර්සි තවත් කතාවක් මාතෘකා කරයි.


‘මම අවස්ථා ගණනාවකදී හමුදාවේ හා පොලිසියේ අත්අඩංගුවට පත්වුණා. ඒ බොහෝ තැන්වලදි මට ගහද්දි මම කිව්වේ පාතාලෙ එකෙක් කියලා. අවිස්සාවේල්ල පොලිසියට අහුවෙලා වේළපු හරක් ලිංගයෙන් ගැහුවා. ඒ පාරවල් වදිද්දි හම පුපුරනවා. ඒත් මම කිව්වේ පාතාලෙ නම් ටිකක්.


රත්නපුරේ දිස්ත‍්‍රික් සන්නද්ධ අංශ නායකයා විදිහට මම ගියේ 1989 මැද. එහෙ මාසයක් දෙකක් විතරයි හිටියෙ. ඒ ඉළුක්කුඹුර කියන නමින්. එහෙදි අත්අඩංගුවට පත්වුණේ මම ජවිපෙ බව දැනගෙනමයි. ඊට පස්සෙ පාතාලෙ කියලා කියන්න බෑ. ජීවිතේ ගලවා ගන්නත්, ඊළඟට පක්ෂය බේරාගන්නත් විදිහට දන්න ඇත්තවල් කියන්න  ඕනෙ. කියන දේවල් ඇත්ත බව හමුදාව පිළිගන්නත්  ඕනෙ. ඒ වාතාවරණය උඩ මම පනාගොඩ ප‍්‍රහාරයේ සමහර දේවල් කිව්වා මාව අල්ලගත්ත ගමන් පතුරු යන්න ගැහුවා.


‘කියපිය ඇත්ත’ දෙක තුන වදිද්දි ‘ඇත්ත කියන්නම්’ කියලා මට කෙඳිරි ගෑවුණා.


‘මොනවද, කියපිය’ එහෙම කියද්දිත් ගහනවා. මම ඒ වෙලාවේ කිව්වා මං රත්නපුරේ නෙවෙයි, කොළඹ වැඩ කළේ කියලා. (පොළොව යට ආයුධ හංගපු තැන්) දෙකක් ගැන කිවුවා.


දැන් මම කළේ පාවා දීමක්ද?


ඒක පාවාදීමක් නෙමෙයි. මම කියපු තැන් දෙකම කලින් හෙළිවූ තැන් දෙකක්. ඒ තැන්වලට අමතරව තව බොහෝ තැන් මම දැන හිටියා. ඒත් කිව්වෙ නෑ. තැනක් දෙකක් කියද්දි ප‍්‍රහාර එල්ල කරන එක අඩු වෙනවා. මොකද තොරතුරු වමාරනවා කියලා ඔවුන් හිතන නිසා.


මම හෙළිකළ තැන් ගැන ඊළඟට කියන්නම්, පර්සි මහතා මා දෙස බලයි. මම ඔහුට එකඟතාව පළ කළෙමි.


‘අතුරුගිරිය මුල්ලේගම චන්දරේ අයියා කියලා පක්ෂයට සම්බන්ධ කෙනෙක් හිටියා. එයාගෙ පවුලම පදිංචි වෙලා හිටිය ගේ පිටුපස්සෙ ආමරි තිබුණා. පනාගොඩ හමුදා ප‍්‍රහාරයෙන් එකතු කරපු ආයුධ දාන්න. නමුත් චන්දරේ අයියගේ ගේ පිටුපස ආමරි තියන බව මට කලින් හෙළි කළේ පද්මසිරි හා දේවා කියන අපේ සන්නද්ධ අංශයේ දෙන්නෙක්. මට ආරංචි හැටියට හෝමාගම පොලිසියෙන් ඔවුන් පැන ගිය බව ආරංචි වුණා.


ඊළඟට මම තව තැනක් කිව්වා. එම ස්ථානය මුලින් හමුදාවට හෙළි කළේ කොළඹ දිස්ත‍්‍රික්කයේ සන්නද්ධ අංශයේ වැඩ කරපු පති සහෝදරයා සහ කල්ප සහෝදරයා.


දරුණු ප‍්‍රහාර හමුවේ ඉලූක්කුඹුර හෙළි කළ තොරතුරු හමුදාවේ බලවත් ප‍්‍රමෝදයට හේතුවිය.


‘දැන් යමං.. පෙන්නපිය ඒවා’ වාහන සූදානම් වෙයි... ක්ෂණික විහිදුම් බළකායේ (ඍෘත්‍) නිලධාරීන් පිරිසක් වහ වහා ඉලූක්කුඹුර හා වාහනවලට නැගගත්හ.


‘ආර්.ඞී.එෆ් එකේ ලූතිනන් සිරිසාන්ත තමයි මාව ‘ආමරි’ පෙන්නන්න එක්ක ආවේ. මම ඒ තැන්වලට එද්දි ඒ එක තැනකවත් පක්ෂයේ කිසිම සහෝදරයෙක් හිටියෙ නෑ. සමහර තැන් හමුදාව විනාශ කරලා තිබුණා. සමහර ගෙවල් පාළුවට ගිහින්. ඒත් ආමරි ඒ විදිහටම තිබුණා.


ලූතිනන් සිරිසාන්ත ඇතුළු හමුදා නිලධාරීන් තීරණය කළා මම ඇත්ත කිව්ව බව. සන්සන්දනාත්මකව ඔවුන් තොරතුරු වාර්තා කරගත්තා. අපි ගැවසුණු ප‍්‍රදේශයේ ප‍්‍රබල සහෝදරවරුන් ඉන්න තැන් සේරම මම දැන හිටියා. හැබැයි කිව්වෙ නෑ. මම කිව්වේ ඊට මාස ගාණකට පෙර හෙළි කර තිබුණු තැන්,
පර්සි කියයි. D-4 කලාපය භාරව සිටියදී හේමන්ත යන නමින් සිටි පර්සි, කොස්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය. ඒ පක්ෂ සගයකු වූ ලී නැමැත්තාද සමගය.


එදා ඔවුන් ඇල්ලූවේ යුදහමුදාව හා පොලිසිය මගින් ඒකාබද්ධව කළ හදිසි මෙහෙයුමක් නිසාය.


කොස්ගම ප‍්‍රදේශයේ ජවිපෙ හි සන්නද්ධ සාමාජිකයකු වූ චන්දරේ හමුවීමට ඉලූක්කුඹුර ගියේය. ඒ කාලයේ චන්දරේ යනු යමක් කමක් තිබුණු ආර්ථික හයියක් ඇති සගයෙක් විය. ඔහුගේ ජීවනෝපාය වූයේ ඌරන් ඇති කර විකිණීමය. චන්දරේගේ ගෙදර කොයි වේලේ ගියත් කෑම ටිකක් කෑ හැකි බව දන්නා ඉලූක්කුඹුර කොස්ගම ගෙදරට ගියේ ඔහුද හමුවී ආහාර ගැනීමේ අරමුණිනි. නමුත් ආපසු ඒමේදී ඉලූක්කුඹුර හා ලී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


අවිස්සාවේල්ල සිට කඩුවෙල, මහරගම දක්වා ජවිපෙ D-4 කලාපය බාර හේමන්ත දැන් කොස්ගම පොලිස් අත්අඩංගුවේය. එහෙත් මේ ඉන්නේ ආණ්ඩුවම හොයන ජවිපෙ සන්නද්ධ නායකයකු බව හඳුනාගන්නට එදා කොස්ගම පොලිිසිය අසාර්ථක විය. එය පොලිසියට මග හැරුණේ කෙසේද?

m