ඉහතින් දක්වා තිබෙන්නේ අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන සිරස්තලය වේ. පවතින දේශපාලන තත්ත්වය හා ලබන 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් පසු වාර්තා කළ ප්‍රවෘත්තියේ ප්‍රධාන සිරස්තලය එපරිදිය.
මෙබඳු සිරස්තලයක් ගමේ ප්‍රජා ශාලාවේ පැවැත්වෙන මරණාධාර සමිතියක් හෝ සුබ සාධක සංගමයක රැස්වීමක් අවසානයේ පළ වූයේ නම් අමුතු විමතියක් ඇතිවන්නේ නැත. එහෙත් මෙම සිරස්තලය පළ වන්නේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් සම්බන්ධයෙනි. සිරස්තලය බැරෑරුම්ව ගත යුත්තේ එහෙයිනි.
මෙහි පක්ෂ නායකයෝ යනු පක්ෂවල නායකයෝම පමණක් නොවෙති. ඔවුහු රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ වෙති. කෝටි දෙකද ඉක්මවා ගිය මෙරට ජනයාගේ ඉරණම විසඳීමේ බාරගත් නායකයෝ වෙති. ඒ අර්ථයෙන් ගත් කල්හි ඔවුහු සුවිශේෂී වෙති. ඔවුහු පරමාදර්ශී චරිත වෙති. කෝටි දෙකද ඉක්මවූ ජනයාගේ අනුත්තර නායකයෝ වෙති.
එබඳු නායකයන්ට සාකච්ඡාවෙන් යම්කිසි ප්‍රශ්නයක් නිරාකරණය කරගත නොහැකි නම් ඔවුන් වෙතින් පළවන පරිණතභාවය, විචක්ෂණ බව කුමක්ද යන්න විමසිය යුතුය. මම ඔබගේ මතයට එකඟ නොවෙමි. එහෙත් ඔබගේ මතය ප්‍රකාශ කිරීමට ඔබට තිබෙන අයිතිය මම පිළිගනිමි යන්න නූතන ශිෂ්ටත්වය තුළ උත්කර්ෂයට නැංවූ ජනකාන්ත අදහසකි. ‘අප බැලිය යුත්තේ කවුරු හරිද? යන්න නොව කුමක්ද හරි’? යන්නද එබඳුම සම්භාවනාවටම පාත්‍ර වූ අදහසකි.
ශිෂ්ටත්වය මැනිය යුත්තේ වාගාලාපවලින් නොව ආදර්ශයෙනි. ක්‍රියාකාරිත්වයෙනි. කෝටි දෙකක් ඉක්මවූ මෙරට පුරවැසියන්ගේ පරමාධිපත්‍යයේ බලය නියෝජනය කරන රටේ උත්තරීතරම ආයතනය හොබවන ජනතාවගේ නියෝජිතයන් වෙතින් එබඳු බලගතු පරමාදර්ශ ප්‍රදර්ශනය නොවෙන්නේ නම් එය ඉතා බරපතළ ඛේදවාචකයකි. එහෙත් ශ්‍රී ලංකාව යනු විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා ඛේදවාචක කැඳවා ගැනීමම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරමින් සිටින රටක්ය යන්න ඇත්ත තත්ත්වයකි. එබඳු රටක පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අවසානයේ ඉහත වර්ගයේ සිරස්තල පළවීම සම්බන්ධයෙන් විමතියක් ඇතිකර ගත යුතු නැත.
රටේ ඉතාම බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය. මෙම තත්ත්වය රටේ පැවැත්මට මෙන්ම රටේ අනාගතයට ද ඉතාම අහිතකර බවද සත්‍යයකි. මෙම දේශපාලන අර්බුදය රටේ ආර්ථිකයට මාරාන්තික බවද එපමණටම සත්‍යයකි. එහෙයින් අවශ්‍ය වන්නේ මෙම දේශපාලන අර්බුද සුළිය නොපමාව මැඬපවත්වන දියුණු වියත් මෙහෙයුමකි. අර්බුදය තීව්‍ර වන්නට ඉඩ හැරීම මුළු රටටම මුහුණදීමට සිදුවන බරපතළ ඛේදවාචකයක්වීම වැළැක්විය නොහැකිය.
එහෙත් මේ මොහොතේද දක්නට ලැබෙන්නේ නිර්මාණය වී ඇති දේශපාලන අර්බුදය එයට හිමි නිසි බරින් නිසි පැහැයෙන් හඳුනා ගැනීමකින් තොරව තම තමන්ගේ මනසේ දිග පළලට අනුව සිදු කෙරෙන විග්‍රහ කිරීම්ය. අර්ථ නිරූපණය. එම අර්ථ දැක්වීම් කෙළවර වන්නේ තමන්ට අවශ්‍ය පරිදි මෙම අර්බුදය නිමාවිය යුතුය යන අදහසෙනි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම අවසානයේ ඉහත වර්ගයේ සිරස්තලයක් යෙදීමට සිදුවී තිබෙන්නේ පෙර දක්වා ඇති තත්ත්වයේ තාර්කික අන්තයක් වශයෙනි. මෙබඳු සිරස්තලවලින් මෙරට ක්‍රියාත්මක දේශපාලන සංස්කෘතියේ දරිද්‍රතාව මනාව පිළිබිඹු වෙයි. ජන නායකයන්ගේ ඇත්ත තත්ත්වය ප්‍රදර්ශනය වෙයි.
මෙම තත්ත්වය රටට වැඩක්ම නැත. මේ රට මේ වැටී තිබෙන තැනින් අඟලක් හෝ ඔසොවා තැබීමට මෙයින් නොහැකිය. එහෙයින් ජනනායකයන් මෙයට වඩා රට ගැන බැරෑරුම්ව කල්පනා කර කළමනා කටයුතු සංවිධානය කිරීමට පෙරමුණ ගත යුතුය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පක්ෂ නායක රැස්වීමේ ගාලගෝට්ටි - තීරණයක් නැතිව අවසන්’