IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


නිධානයක් ගන්න සිසුවෙක් බිලිදී පෝරකයට නියමවූ අපරාධකාරයෝ

  566

 

 

ප‍්‍රසාද් මධුශංඛ ඉගෙනුම ලබමින් සිටියේ බලංගොඩ, කල්තොට, මැදබැද්ද විද්‍යාලයේය. පාසලේ ශිෂ්‍ය නායකයා වූයේද මධුශංඛය.

 


ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 15ක් පමණ වූ අතර ඔහුගේ පවුලේ වැඩිමලා වූයේද මධුශංඛය. ඔහුට සහෝදරයෙක් හා සහෝදරියක් සිටිති. මධුශංකගේ පියා කිත්සිරි දිසානායක වන අතර මව ලීලා දිසානායක වූවාය.


කිත්සිරි කල්තොට ඉන්ධන පිරවුම් පොළේ සේවය කළ අතර ලීලා මහත්මිය කල්තොට ග‍්‍රාමීය බැංකුවේ ලිපිකාරිණියක් ලෙස රැකියාවේ නිරතව සිටියාය. ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ මධුශංඛ මව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ පමණක් නොව පාසල් ගුරු මණ්ඩලයේද නොමද ආදරයට ලක්ව සිටි සිසුවෙක්ව සිටියේය.


කොච්චර හරි හම්බ කළත් කිසිම දියුණුවක් නැහැ. අතේ සල්ලි කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ගෙදර මොනවා හරි දෝෂයක් තියෙනවාද දන්නේ නැහැ. සෙත් ශාන්තියක් කරගත්තොත් ගෙදර දෝෂ එහෙම තිබුණොත් නැතිව යැයි කියා කතිකාකරගත් කිත්සිරි හා ලීගා අඹු-සැමි යුවළ එතැන් පටන් යකැදුරෙක් සොයන්නට පටන්ගත්හ.

1


නිවසට යකැදුරෙක් කැඳවාගෙන එන්නේ දිසානායක පවුලේ සමීපතම හිතවතුන් දෙදෙනකු විසිනි.


කඩුගන්නාව - වටප්පල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්වූ විතාරණගේ ධනරාජ් බණ්ඩාර නමැත්තෙක් දිසානායක මහතාගේ ගෙදරට ශාන්තිකර්මයක් කිරීමට පැමිණි කපුවා විය.


මේ ගෙදර ලොකු දෝෂයක් තියන බව පේන්න තියනවා. කවුරු හරි කෙනෙක් කොඩිවිනයක් කරලා තියෙනවා, ඒකයි කිසිම දියුණුවක් නැත්තේ යැයි කපු උන්නැහේ කියා සිටියේ ගෙවත්තේ හැම තැනම ඇවිද පරීක්ෂා කර බැලීමෙන් පසුවය. කපුවාගේ කතාව අසා මහත් සේ බියට පත්වූ අඹු - සැමි යුවළ ගෙදර ඇති මේ දෝශ නැති කිරීමට කුමක් කළ යුතුදැයි කියා විමසා සිටියහ.


ගෙදරට සෙත් සාන්තියක් කරන්න කළින් ගෙදර හැම දෙනාගේම කේන්දරේ බලන්න  ඕනෑ. ඒ හින්දා සේරම දෙනාගේ කේන්දර කොපි ටික මට දෙන්න.
කපුවා දිසානායක යුවළ සමග කියා ඇත.


මාස කිහිපයක් තිස්සේ සිට කපුවා කල්තොට ප‍්‍රදේශයේ ගෙවල් ගණනාවකට ගොස් ශාන්තිකර්ම කර තිබුණ නිසා ඔහු ගැන ගමේ නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට ඔහු කල්තොට ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධව සිටියේය.


කේන්දර පිටපත් එකිනෙක පරීක්ෂාකර බැලූ කපුවා අවසන් වරට පරීක්ෂාකර බලා ඇත්තේ මධුශංඛගේ කේන්දර පිටපතය. මෙය මහ බලගතු කේන්දර පිටපතක් බව කපුවාට තේරුම් ගියෙන් ඒ බවක් ඔහු ගෙදර උදවියට කියන්නට ගියේ නැත.

2


හොඳයි අපි ළඟදි දිනක සෙත් ශාන්තිය කරමු. එතකොට ඔය කියන සේරම දෝෂ නැතිවෙලා යයි. මේ වගේ වැඩද මම කරලා තියෙන්නේ. නෝනයි මහත්තයයි කිසිම දේකට බය වෙන්න එපා යැයි කියා කපුවා පුරසාරම්ද දොඩවා ඇත. පසුදිනක කිත්සිරි දිසානායක මහතාගේ ගෙදර සෙත් ශාන්තියක් කපුවා කළේ ගජරාමෙට මන්තර ජප කරමිනි.


පැය ගණනක් තිස්සේ පැවැති මේ සෙත් ශාන්තියට උදව් කළේ නින්ද්‍රාවත්ත කංකානම්ලාගේ සෙනවිරත්න සහ දිසානායක මුදියන්සේලාගේ හරිස්චන්ද්‍ර යන කල්තොට ගමේම පදිංචි දෙදෙනෙකි.


සෙනවිරත්න හා හරිස්චන්ද්‍ර කපුවා හඳුනාගත්තේද ගමේ වෙනත් ගෙවල්වල සෙත් ශාන්ති කිරීමට පැමිණ සිටියදීය. ඒ නිසා කපුවා මේ දෙදෙනාගේ ගජ මිතුරෝ වී සිටියහ. ඔන්න දැන් කිසිම දෙයකට බය වෙන්න එපා මහත්තයෝ. ගෙදරට විතරක් නෙවේ පවුලේ සේරටම හොඳ ආරක්ෂාවක් මේ ශාන්තිකර්මයෙන් ලැබුණා. සේරම අපල උපද්‍රව නැතුව ගියා. ඒත් තව දේව පූජාවක් තියන්න  ඕනෑ. ඒක තව දවස් දෙක තුනකින් විතර කරමු.


කපුවා කිත්සිරි හා ලීලා සමග පවසා යන්ට ගියේ සෙත්ශාන්තිය කිරීමේ ගාස්තුවද අරගෙනය. කිත්සිරි මහතාගේ නිවසට කපුවා යළි පැමිණියේ දේව පූජාවක් පැවැත්වීම සඳහාය. ඒ 2005 වසරේ සැප්තැම්බර් මස 18 වැනිදාය.


කපුවා සෙනවිරත්න හා හරිස්චන්ද්‍රද කැටිව ආවේ දේව පූජාව පැවැත්වීමට සහාය කර ගැනීමටය. දේව පූජාව පැවැත්වෙන්නේ රාත‍්‍රි කාලයේ නිසා කපුවා ගමේ දෙදෙනාද කැටිව කිත්සිරිගේ ගෙදරට උදේම පැමිණ තිබිණි.


නිවසේ පැවැත්වෙන දේව පූජාවට අවශ්‍ය මූලික කටයුතු කරද්දී කිත්සිරි හා ලීලාවතී වැඩට ගියේ එදින වැඩට යා යුතු නිසාමය.


ප‍්‍රසාද් මධුශංඛ පදිංචිව සිටි නිවසට නුදුරින් කන්දක් පිහිටා ඇති අතර ඒ කන්ද හැඳින්වෙන්නේ රූටගලකන්ද යන නමින්ය. මේ කන්දේ ඇතෙක් බරට වස්තුව නිධන්කර ඇති බවට සමහර ගම්මුන් අතර විශ්වාසයක් පවතින බව කපුවා දැනගෙන ඇත්තේ ගමේ යකැදුරුකම් කිරීමට පැමිණි මුල්කාල වකවානුවේදීමය.


මධුශංඛ රූටගලකන්දට නැගලා බහිද්දී පය ලිස්සා ඇදගෙන වැටුණා. මධුශංක ලේ ගලන තුවාල එක්ක වැටිලා ඉන්නවා කියා කිත්සිරි දිසානායකලාගේ ගෙදරට පණිවිඩය ගෙන ආවේ ඔහුත් සමග කන්දට ගිය ළමයෙකි.


රෝහලට ගෙන යන විටත් මධුශංඛ සිසුවා ජීවිතයෙන් සමුගෙන තිබිණි. රත්නපුර මහ රොහ්ලේදී සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ජී. පී. වීරමන් මහතා විසිනි.


මධුශංඛ සිසුවාගේ මරණය බලංගොඩ, කල්තොට ගම්මානය පමණක් නොව රටම හැඬවූ අතිශය ඛේදජනක සිද්ධියක් විය.


මෙය පය ලිස්සා ගලක හිස වැදීමෙන් සිදුවූ මරණයක් නොවන බවට සැකසංකා පහළවූ නිසා මධුශංඛගේ මව්පියන් මේ බව පොලීසියට පැමිණිලි කළේ තම පුතුගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරමිනි.


සබරගමුව පළාත භාර එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නෙවිල් විජේසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය මත සිසුවාගේ මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට භාරදෙන්නේ සබරගමුව පළාත් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහන්  ඕලූගල සහ පොලිස් පරීක්ෂක එම්. ආර්. පී. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු එම ඒකකයේ පොලිස් කණ්ඩායමක් වෙතය.


නියෝජ්‍ය පොලිස්පති නෙවිල් විජේසිංහ මහතා මෙම පරීක්ෂණ කටයුතු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  ඕලූගල මහතාට සහ පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාට භාරදෙන්නේ ඔවුන් මීට පෙර අපරාධ විමර්ශන කටයුතුවලදී දක්ෂතා පෙන්වා ඇති නිලධාරීන් දෙදෙනෙක් නිසාය.


මධුශංඛ සිසුවා එක්ක රූටගලකන්දට පැමිණියා යැයි කියන ළමයාගෙන් හෙළිකරගත් තොරතුරු මත කිත්සිරිගේ ගෙදරට සෙත් ශාන්තියක් කිරීමට පැමිණි යකැදුරා (කපුවා) සහ ඔහුගේ අත් උදව්වට පැමිණි දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. යකැදුරා සොයා ඔහු පදිංචිව සිටි කඩුගන්නාව වටප්පල ගම්මානයේ පිහිටි පැල්පතට යනවිට ඔහුගේ දියණිය මල්වරවී කාමරයක සිටියාය.


අත්අඩංගුවටගත් තිදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මුවගල කන්දේ තිබෙනවා යැයි කියන නිධානය ගොඩගැනීමට මධුශංඛ බිල්ලටදී ඇති බව යැයි පොලීසිය කියයි.


කිත්සිරිගේ ගෙදර දේව පූජාවක් පැවැත්වීමට සියල්ල ලක ලැහැස්තිකරමින් සිටි අතරවාරයේ යකැදුරා සහ ඔහුගේ උදව්වට පැමිණි ගමේ දෙදෙනා මධුශංඛගේ වයසේ පසුවන ළමයෙක් රවටා ඔහුව (මධුශංඛ) කඳු මුදුනට කැඳවාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය.


මධුශංඛගේ කේන්දරය බලා ඔහු බල සම්පන්න ළමයෙක් බව පෙනී ගොස් තිබූ නිසා බිලිපූජාවක් පවත්වා කන්දේ ඇතැයි විශ්වාස කරන නිධානය ගොඩගැනීමට තීරණයකර ඒ බව යකැදුරා මිතුරන් දෙදෙනාට දැනුම්දී ඇති අතර ඔවුන්ද එයට කැමැත්ත පළකර ඇත.


නිධානය ගොඩගැනීමට මධුශංඛ බිල්ලට දී ඇත්තේ ඉන්පසුවය.


මිනිස් ලේ බහිරවයාට පූජා කිරීමෙන් පසු නිධානය ගොඩගැනීමට වරම ලැබෙන බව යකැදුරා පැවැසීමෙන් පසු මධුශංඛගේ හිසට ගලකින් පහර දුන් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවිණි.


මධුශංකගේ හිසෙන් ගලාගිය රක්තවර්ණ ලේ බහිරවයා පානය කරන බවත් ඊට පසු කිසිම බාධාවකින් තොරව නිධානය ගොඩගැනීමට හැකිවනු ඇති බවත් යකදුරා ඔහුගේ මිතුරන් දෙදෙනා සමගද පවසා ඇති බවද පරීක්ෂණවලින් වැඩිදුරටත් අනාවරණය විය.


අණවින, හදි හූනියම් කර ඇත්දැයි කියා බැලීමට යකැදුරාව නිවෙස්වලට ගෙන්වාගත් පසු ඔහු කිසිවකුටත් නොදැනෙනසේ යම් යම් දේවල් වළදමා පසුව ඒවා ගොඩ ගෙන නිවැසියන් රවටා මුදල් ගරා ගන්නා අයකු බවටද පොලීසිය පරීක්ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ගත්තේය.


අනෙක් දෙදෙනා ගමේ ප‍්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කාරයෝය.


රත්නපුර මහාධිකරණයේ විභාගවූ මේ නඩු විභාගය අවසානයේ පසුගිය 21 වැනිදා මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා යකැදුරා ඇතුළු තිදෙනාට මරණීය දණ්ඩනය නියම කළේ මධුශංඛ සිසුවා ඝාතනය කිරීම සම්බන්ධයෙනි.


ඒ සිසුවා ඝාතනය කර වසර 10ක පමණ කාලයකට පසුවය.

 


සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නෙවිල් විජේසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා මේ සාහසික අපරාධය කළ යකැදුරා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන්  ඕලූගල සහ පොලිස් පරීක්ෂක එම්. ආර්. පී. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.


පොලිස් සැරයන් මහින්ද (4370), කොස්තාපල් රත්නපාල (18354) සහ කොස්තාපල් මුදලිගේ (13042) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පරීක්ෂණවලට හවුල්වී ඇත. මධුශංඛ බිල්ලට දී ගොඩගත් නිධානයක්ද නැත. රූටගලකන්දේ නිධානයක්ද නැත. මේ කන්දේ නිධන් ඇතැයි කීම බොරු විශ්වාසයක් පමණක් බව ගමේ බොහෝ දෙනෙක් පවසති.


අණවින හදි හූනියන් විශ්වාස කිරීමට යාම නිසා අවසානයේදී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ පැහැබර අනාගතයකට උරුමකම් කී අහිංසක දරුවකුටය.
අණවින, හදි හූනියම් වැනි මිථ්‍යා විශ්වාස පසුපස යන්නන්ට මධුශංඛගේ ඝාතනය කදිම පාඩමකි.

 

dg



අදහස් (0)

නිධානයක් ගන්න සිසුවෙක් බිලිදී පෝරකයට නියමවූ අපරාධකාරයෝ

ලක්මිණී Tuesday, 03 February 2015 01:39 PM

මේක මහ අපරාධයක්. මේ වගේ අයව උල තියන්න ඕනේ. (නදී)

:       0       0

කුමාර Wednesday, 28 January 2015 12:27 PM

මේවා හොඳ පාඩම්. නැවත නැවත කියවා තේරුම් ගන්න (නි)

:       0       0

අජිත් Wednesday, 28 January 2015 01:38 PM

අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු?? (නි)

:       0       0

කපිල දේශප්‍රිය Thursday, 05 February 2015 03:49 AM

මේ වගේ දේවල් වලට විශාල ප්‍රතිචාරයක් ලබා දෙන්න ඕනා. එවිට මෙවැනි මිත්‍යා මත ගැන සමාජය හොඳින් දැනුවත් වෙනවා. වංචා කාරයන්ට අපරාද කිරීම ඉන් වැලක් විය හැකි වෙනවා (නදී)

:       0       0

නිරෝෂණී Monday, 02 February 2015 06:14 AM

මට නම් මේ දුන් දඬුවමත් මදි (නි)

:       0       0

අසෝක Tuesday, 03 February 2015 01:12 AM

මෙයාලව නිධානය ගන්න ගෙනා ආයුධ පෙන්වන්න ගෙනියන්න තිබුනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 44 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 56 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 30 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 15 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 20 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 469 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1266 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1532 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site