IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නීතියයි ඔබයි

අධිකරණයකදී විත්තිකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම දරන්නට එකඟවන පුද්ගලයා ගෙවන වටිනාකම ඇපය යනුවෙන් හැඳින්වෙයි. එය විත්තිකරුවන් වෙනුවෙන් වන විධිමත් පොරොන්දුවකි.

ඇපයක් තැබීමෙන් බලාපොරොත්තු වනුයේ විත්තිකරුවන් නියමිත පරිදි අධිකරණයට පැමිණවීමයි. ඇපකරුගේ වගකීම වන්නේ ද එයයි.

බන්ධනාගාර නිලධාරීන් සතු වගකීම සිවිල් පුද්ගලයකුගේ භාරයට පත් කිරීම ඇපයකදී සිදු වන බව සරලව කිව හැකිය.

මුදල් ඇප හා ශරීර ඇප වශයෙන් ඇපය කොටස් දෙකකි. අධිකරණයකදී මේ ඇප දෙකම හෝ ඉන් එක් ඇපයක් නියම කළ හැකිය.

විත්තිකරු  අධිකරණය හමුවට පැමිණවීම, විත්තිකරුට අධිකරණයට ඒමට නොහැකි නම් ඒ ගැන අධිකරණයට වාර්තා කිරීම හා අධිකරණයේ පෙනී සිටීමට ඇපකරු බැඳී සිටියි.  නියමිත නඩු දිනවලදී විත්තිකරුවන් අධිකරණයට හමුවට ගෙන ඒමට නොහැවුවහොත් ඒ ගැන ඇපකරුවන් වග කිව යුතුය.

යම් හෙයකින් විත්තිකරු නඩු දිනයේ උසාවියේ පෙනී සිටීම මගහැරියහොත් ඇපකරු විසින් පොරොන්දු වූ ඇප මුදල ශ්‍රී ලංකා ජනරජයේ රාජසන්තක දේපළක් බවට පත් කළ හැකිය. යම් හෙයකින් විත්ති කරු හා ඇපකරු යන දෙදෙනාම අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇපකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ හැකිය.

විත්තිකරු නඩුවෙන් නිවැරදිකරු වී නිදහස් වීම, වැරදිකරු වීම, මියයෑම, නඩුව අවසන්වීම වැනි අවස්ථාවක මුදල් ඇප  නැවත ලබා ගැනීමට අයිතියක් ඇත.

අපරාධ නීතිය පදනම් වී ඇත්තේ නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය මතය. එම නිසා යම් පුද්ගලයකු   සැකකරැවකු බවට පත්වූ අවස්ථාවක අධිකරණයේදී වරද ඔප්පු වී ඔහු වරද කරුවකු කරන තාක් ඔහු නිර්දෝෂී පුද්ගලයකු සේ සළකයි. ඔහුට කිසිදු දඩුවමක් නොදෙයි.

සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේම ඇප ඉල්ලා සිටීමට ඔහුට අයිතියක් ඇත. ඔහු කර ඇත්තේ මුල් අවස්ථාවේදීම ඇප දිය හැකි වරදක් නම් ඇපපිට නිදහස් කෙරේ. එය මුදල් ඇප හෝ ශරීර ඇප හෝ ඒ දෙකම හෝ විය හැකිය.

සුළු පහරදීම්, අනර්ථය වැනි වැරදි සුළු වැරදි ලෙස හැඳින්වේ.

ආයුධ ළඟ තබා ගැනීම, ආයුධ එකතු කිරීම, ශ්‍රී ලංකා ජනරජයට හෝ ජනරජය සම සිටින රාජ්‍යයකට විරුද්ධව යුද්ධ කිරීම, කැරලි ගැසීම, මනුශ්‍ය ඝාතනය ආදිය මුල් අවස්ථාවේදීම ඇප නොහැකි වැරදි වේ.

මුල් අවස්ථාවේදීම ඇප දිය හැකි වරදක් වුවත් ඇපදීම මගින් ඉදිරි විමර්ශනවලට බාධාවක් වන්නේ නම් ඇප නොදී සිටිය හැකිය.

(ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධරයකු සමග සාකච්ඡාවකින් සකස් කළේ තුෂාර සිල්වා  )



අදහස් (0)

නීතියයි ඔබයි

දුමින්ද Wednesday, 20 February 2013 01:47 PM

වටිනා ලිපියක්. ලංකාදීපයට ස්තූතියි. (නි)

:       0       0

චන්දි Friday, 22 February 2013 03:36 PM

හොඳ වැඩක්....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site