එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් රටවල් 193ක් ලෝකයේ තිබේ. අප කැමැති වුවත් අකැමැති වුවත් මෙයින් සියයට හැත්තෑපහක ආර්ථික පාලනය වන්නේ ධනවාදී ක්‍රමයෙනි. එනම් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදයෙනි. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් යනු ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ ආර්ථික ක්‍රමයකි.
කවුරු කැමැති වුවත් අකැමැති වුවත් අවසානයේදී මෙය හඳුන්වන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය වශයෙනි. මීට දශක හතරකට පහකට පෙර ලෝකයේ රටවල්වලින් සියයට පනහක පමණ භාවිත වූයේ සමාජවාදී ආර්ථික ක්‍රමයකි. එහිදී ආර්ථික කටයුතු තීරණය කෙරුණේ රජය විසිනි. එහෙත් කලානුරූපීව මේ ක්‍රමය වෙනස් වී ලෝකයේ රටවල් සියයට අසූවක් පමණ මේ වනවිට වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට අනුගත වී ඇති ආකාරයක් දැකගත හැකිය.
ආර්ථිකය දියුණුවීම, තාක්ෂණයේ, සන්නිවේදනයේ, අන්තර්ජාලයේ දියුණුව සමග ඇතිවූ පුනරුදය සමග ජනතාවට ලෝකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබුණි. තාක්ෂණය, සන්නිවේදනය හරහා ලැබුණු විශ්ව දැනුමත් සමග ජනතාව වෙනස් ආකාරයකට සිතන්නට යොමු වූ බවක් පෙනෙන්නට තිබේ.
මෙසේ ලබාගත් දැනුම හා ඇතිවූ පුනරුදය හේතුවෙන් ලෝකයේ ආර්ථික රටාව පවා වෙනත් මගක් ගත්තේය. භෞතික වශයෙන් දියුණු රටවල්වලට ගොස් ඒවායේ තිබෙන දැනුම ලබාගෙන ජනතාව වෙනස් ආකාරයකට සිතන්නට පටන් ගත් විට එකී රටවල්ද එලෙස වෙනස් වුණි. මේ රටවල් නම් කිරීම අවශ්‍ය නැත. සංවෘත ක්‍රමයෙන් විවෘත ආර්ථික ක්‍රමයට පිවිසියේය. ලංකාවද 1977 දී එසේ විවෘත ආර්ථිකයට පැමිණි රටකි. නාගරිකව ඇතිවී තිබෙන දියුණුව කාපට් මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම්වල දියුණුව යනාදිය එකී ක්‍රමයේ යහපත් ප්‍රතිඵලය. අහිතකර ප්‍රතිඵලද නැතුවා නොවේ. කෙසේ වුවත් ලෝකයේ රටවල් අති බහුතරයක ඇත්තේ වෙළෙඳපොළ ආර්ථිකය බව පැහැදිලිය. රජයේ ඇඟිලි ගැසීම් ඉතා සීමිතය.
ඇමෙරිකාවේ ප්‍රාථමික අධ්‍යාපනය හැරුණු කොට අනෙක් තලවලදී මුදල් ගෙවිය යුතුය. සෞඛ්‍ය සේවාවට මුදල් ගෙවිය යුතුය. ෆිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ රාජකාරි හැරෙන්නට රජයේ මැදහත්වීම ඉතාම අවම ආර්ථික ක්‍රම ලෝකයේ ක්‍රියාත්මක වෙමින් තිබේ.
ලෝකයේ රටවල් එකසිය හැටක පමණ ආර්ථික කටයුතුවලින් සියයට 80ක් පාලනය කරන්නේ පෞද්ගලික අංශයයි. පෞද්ගලික අංශය යනු ව්‍යවසායකත්වයයි. මීට වසර පනහකට ඉහතදී සුපිරි වෙළෙඳසල් දකින්නට තිබුණේ නැත. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල නම කියූ විට ඒ සමගම කියැවුණේ ඒවායේ බඩු ගණන් කියාය. එහෙත් අද ඒවා ජනතාවට ඉතා සමීප වී තිබේ. එදා කඩෙන් රෙදි මිලදී ගෙන ඇඳුම් මස්සවා ගත්තද අද මිලදී ගන්නේ නිමි ඇඳුම්ය. මේ අකාරයට සියල්ල වෙනස් වූවේය. එයින් පෙන්නුම් කරන්නේ පෞද්ගලික අංශයේ පිබිදීමයි. රටේ යම් වර්ධනයක්, පිබිදීමක් අතිවූයේ පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් පසුවය. දේශපාලනික වශයෙන් එදා නරකයි අද හොඳයි වැනි අදහසක් මෙයින් අර්ථවත් කෙරෙන්නේ නැත.
ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්ද? අවධානයට ගත යුතු ප්‍රධාන කාරණයකි. මෙය මගෙන්ම පැහැදිලි කළ හැකිය. උපාධිය ලැබීමෙන් පසු සහකාර රේගු අධිකාරීවරයකු වශයෙන් සේවය කළ මා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යොමුවූයේ විවෘත ආර්ථිකයත් සමග ඇති වූ පිබිදීමේ අපට අවස්ථා ඇති බව සිතුණු නිසාය. යමක් ආරම්භ කිරීමට ලොකු අවස්ථාවක් තිබේය යන සිතිවිල්ල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ වුවමනාවක්ද ඇති විය. වටිනා රැකියාවක් අතහැර ව්‍යාපාරයක් අරඹා එය ව්‍යාපාර ජාලයක් දක්වා දියුණු කිරීම පිටුපස සුවිශේෂී කරුණක් තිබේ. කළමනාකරනයේදී වැඩියෙන් කතා කරන අපේ සමාජයේ ව්‍යාපාරිකයන් අතර කතා නොකරන වචනයක් තිබේ. එනම් ‘‘අවස්ථා’’ යන්නයි. කළමනාකරණයේදි ‘‘SWOT’’ ඇනලිසිස් සාකච්ඡාවට ලක්වන්නකි. එනම් ශාඛ්‍යතා, දුර්වලතා, අවස්ථා සහ තර්ජන සම්බන්ධයෙනි. අපේ ව්‍යාපාරිකයන් නිරන්තරයෙන් මෙකී ‘‘SWOT’’ඇනලිසිස් නොකිරීම ප්‍රධාන ප්‍රශ්නයක් බව මගේ අදහසය. මෙයින්ද ‘‘අවස්ථා’’ හරියට හඳුනා නොගැනීම බරපතළ ප්‍රශ්නයක් බව මට නිරන්තරයෙන් නැගෙන අදහසකි. අට දෙනෙක්ගෙන් ව්‍යාපාරයක් අරඹා එය 2300ක් සේවකයන් වැඩ කරන කර්මාන්ත ශාලා දහයක් සමගින් ඇතැම් අංශවල වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වූ ව්‍යාපාර ජාලයක් බවට එම ව්‍යාපාරය පත්කිරීමට හැකිවුයේ දැන හෝ නොදැන ‘‘SWOT’’ඇනලිසිස් එක හරියට කිරීමය. ගම් මට්ටමේ සිටින සාර්ථක ව්‍යාපාරිකයන්ට න්‍යායික දැනුම නොතිබෙන්නට පුළුවන. එහෙත් ඔවුහු සාර්ථක ව්‍යාපාරිකයෝ වෙති. ඔවුන් දැන හෝ නොදැන මේ කටයුත්ත කළා විය හැකිය. මා ඇතුළු මේ ව්‍යාපාරිකයන් සියලු දෙනාටම අද සිටින තත්වයට පැමිණීමට හැකිවූයේ ‘‘අවස්ථා’’ නිවැරැදිව හඳුනාගත් නිසාය. අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසර තුන හතරකදී විප්ලවයක් කිරීමට හැකිවූයේ එහි තිබූ ‘‘අවස්ථා’’ හඳුනාගෙන ඊට ගැළපෙන ආකාරයට කටයුතු කිරීම හේතුවෙනි.
‘‘අවස්ථා’’ හඳුනාගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එම අවස්ථාව උපයෝගීකර ගනිමින් ජනතාවට අවශ්‍ය දේ ලබාදීමද අවශ්‍යය. ජනතාව නැතිනම් වෙළෙඳපොළේ පවතින භාණ්ඩයක් වුවද එයට ජනතා ආකර්ෂණයක් ඇතිවන ආකාරයට ඔවුන්ගේ සිතැඟිවලට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කිරීම අවශ්‍යය. එදා පැකට් ලක්ෂ හතරක් පහක් වූ මෙරට සොයාමීට් වෙළෙඳපොළ අද වනවිට තරගකරුවන් රාශියක් සමග මාසයකට පැකට් ලක්ෂ සියයක වෙළෙඳපොළක් දක්වා පරිවර්තනය වීම එයට හොඳම උදාහරණයකි. එවන් තැනක වෙළෙඳපොළ නායකත්වය හිමිකර ගැනීමට හැකිවීම හඳුනාගත් අවස්ථා ඉතාම නිවැරැදිව හසුරුවා ගැනීමේ ප්‍රතිඵලයකි. අප තේරුම් ගත යුත්තේ අද කතා කරන ව්‍යවසායකත්වයට අවශ්‍ය කාරණය මෙයින් උකහා ගන්නේ කෙසේද කියාය. වෙළෙඳපොළ විප්ලවයක් කළ හැකි උපාය උපක්‍රම බොහෝ බව මේ පවත්නා ක්‍රමයෙන්ම අවබෝධ කරගත හැකිය. තිබෙන තර්ජන මොනවාද යන්න හරියට අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නම් සාර්ථක ව්‍යවසායකුවීම, අදාළ ක්ෂේත්‍රයේ විප්ලවයක් කිරීම අපහසු කාරණයක් නොවේ.
ලංකාවේ ආර්ථිකයෙන්ද සියයට අසූවක් පමණ මෙහෙය වෙන්නේ පෞද්ගලික අංශයෙනි. විවිධ ආණ්ඩු බලයට පැමිණ ව්‍යවසායකත්වය දියුණු කිරිමට විවිධ නම් යොදා උත්සාහ කළත් ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණාදැයි ප්‍රශ්නයකි. අද මෙරට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ තිබේ. ඊට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල හතළිහක් පමණ තිබේ. ඒ සෑම විශ්වවිද්‍යාලයකම කළමනාකරණ උපාධි පාඨමාලා ව්‍යාපාර පරිපාලන පාඨමාලා තිබේ. මේවායෙන් කළමනාකරණය උගත් සහ ඉගෙන ගන්නා පිරිස අතිවිශාලය. මේ සියලු දෙනා තම උපාධිය සම්පූර්ණයෙන් පසු රැකියා සොයා යනවා මිස රැකියා උත්පාදකයකු වන්නේ නැත. එයටද හේතුවක් තිබේ. එනම් අලුත් විධියට නොසිතීමය. යමක් සාර්ථකවීමට නම් එසේ අලුත් විධියට සිතීම අත්‍යවශ්‍ය කරුණකි. නැතිනම් සිදුවන්නේ කොතරම් උපාධි ගත්තත් රැකියා සොය සොයා ඇවිදීම පමණි.
තවත් සුවිශේෂී කාරණයක් මෙහිදී සඳහන් කළ යුතුය. එනම් රේගුවේ රැකියාවෙන් ඉවත් වීමට අස්වීමේ ලිපිය රැගෙන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ගිය මට මුහුණදීමට සිදුවූ කාරණයකි. කරුණු පැහැදිලිකර දුන්නත් එහිදී එක්වරම මගේ අස්වීමේ ලිපිය බාර ගත්තේ නැත. ටික දිනක් මට කල් දුන් එවක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මගෙන් ඉල්ලා සිටියේ මානසික වෛද්‍යවරයකු ලවා මොළේ පරීක්ෂා කරවාගෙන එහි වාර්තාවද රැගෙන පැමිණි පසු අස්වීමේ ලිපියට අත්සන් කළ හැකි බවය. ඔහු එදා එසේ කීවේ ඒ වනවිටත් මා සුළුවෙන් ව්‍යාපාරයක් කරගෙන යන බව දැන සිටි නිසාත් අප බොහොම හොඳින් දැන හඳුනා ගෙන සිටි නිසාත්ය. එහෙත් මෙයින් කියැවෙන්නේ කුමක්ද යන්න පමණක් අපට වැදගත්ය. එනම් සමාජය ව්‍යවසායකයන් දෙස බලන ආකාරයයි. මේ තත්වය වෙනස් නොකළහොත් කුමනාකාරයේ ව්‍යවසායක උන්මාදයක් ඇති කළත් විශ්වවිද්‍යාලවලින් කොතරම් න්‍යාය උගැන්වුවත් කොතරම් විදෙස් ආයෝජන ගෙනැවිත් ලංකාව දියුණු කරන්න උත්සාහ කළත් පලක් වන්නේ නැත. එනිසා ලංකාව දියුණු වන්නට නම් සමාජයේ පවත්නා සිතිවිලි ධාරාවේ වෙනසක් අත්‍යවශ්‍යය. ව්‍යසායකත්ව සමාජයක් ගොඩනැගිය යුතු බව සැබෑය. එයට කුමනාකාරයේ නම් යෙදුවද සිතවිලි රටාව වෙනස් නොකර එවැන්නකින් සාර්ථකත්වය ලබාගත නොහැක. එයට ප්‍රධාන හේතුව අපේ අය අවදානමක් ගැනීමට පසුබට වීමය. ව්‍යාපාර පරිපාලනය උගත් පුද්ගලයාත් රැකියා උත්පාදකයකු නොවී රැකියා සොයන්නකු බවට පත්ව ඇත්තේ ඒ නිසාය.
ලංකාවේ වැඩ කළ හැකි ජනගහනයෙන් ව්‍යවසායකයන් සිටින්නේ සියයට 2.8කි. කනගාටුම කාරණය එයයි. ඉන්දියාවේ මෙම ප්‍රතිශතය සියයට 10කි. චීනයේ සියයට 14කි. තායිලන්තයේ සියයට 28කි. එරටට සුනාමිය පැමිණි අවස්ථාවේ ලෝක බැංකුවෙන් ආධාර කරන විට එය ප්‍රතික්ෂේප කළේය. ඒ ඔවුන්ට මුදල් තිබෙන නිසාය. ඔවුන් සශ්‍රීක ආර්ථිකයක් පවත්වාගෙන යන්නේ ව්‍යවසායකත්වයේ ඉහළ අගය නිසාය. ඔවුන් එම තත්වයට ගොස් ඇත්තේ අඩු සම්පත් සහිතවය. එහෙත් ඔවුන් ව්‍යවසායකත්ව මනසකින් එම සම්පත් හසුරුවා තිබේ. මෙරට කොතරම් සම්පත් තිබුණත් අපට එවැනි තත්වයකට ළඟාවීමට හැකිවී නැත. ලංකාවේ අවුරුදු 18 සිට අවුරුදු 65 දක්වා වූ වැඩකළ හැකි පිරිස ලක්ෂ 85කි. මෙයින් ව්‍යවසායකයන් සිටින්නේ ලක්ෂ දෙකක් පමණ නම් තත්වය තේරුම් ගත හැකිය. මෙයින් බොහොමයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වේ. කොරෝනා වසංගතයත් සමග මෙයින් සෑහෙන සංඛ්‍යාවක් කඩා වැටුණි. ඒ තර්ජනයද අපට තිබේ. එහෙත් දැන් ඇතිව තිබෙන පිබිදීමත් සමග සමාජයේ සිතිවිලි රටාව, සිතිවිලි ධාරාව වෙස් කළ යුතුය. රටක ආර්ථිකයේ සියයට 80ක් මෙහෙයවන්නේ පෞද්ගලික අංශය නම් පෞද්ගලික අංශය කියන්නේ ව්‍යවසාකයන් නම් ඔවුන් නැතිව පෞද්ගලික අංශයක් නිර්මාණය වන්නේ කෙසේද? මෙතැනදී දේශපාලනඥයන්ට දොස් පැවරීමෙන් වැඩක් නැත. අප අපටම දොස් නගාගත යුතුය.
කොතරම් උගැන්නුවත් එහි ප්‍රයෝජනය රටට ආර්ථිකයට නිසිලෙස ලැබෙන්නේ නැත. අද සිටින්නේ ‘‘බැක් පැක්’’ ළමා පරපුරකි. එදා සමාජයේ දරුවා ලැබූ අත්දැකීම් අද දරුවාට ලැබෙන්නේ නැත. මෙවැනි දරුවන්ගෙන් නිර්මාණය වන සමාජයක් අවදානමක් ගන්නට හුරු වන්නේ කෙසේද? ව්‍යවසායකයන් යනු අවදානමක් ගන්නා පිරිසක් බැවින් රටේ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමේදී ඉහත කාරණය දැඩි බලපෑමක් කරන බව පෙනේ. තමන් කීපදෙනකුට රැකියා දීමට තරම් අවදානමක් ගැනීමට අද පරපුර සුදානම් නැත. ඔවුන් සුදානම්ව සිටින්නේ මාසය අවසානයේ තමන්ට වැටුපක් ලැබෙන ක්‍රමයටය. අවදානම් ගැනීමට සුදානම් නැති සමාජයක ව්‍යවසායකත්ව මනසක් බිහි වන්නේ නැත. පවත්නා ඛේදවාචකය මෙයයි.
දැන් පවතින්නේ නව පාලනයකි. සියයට 2.8ක් වන මෙරට ව්‍යවසායකත්වය අඩුම තරමින් සියයට 10ක් දක්වාවත් කඩිනමින් වර්ධනය කර ගැනීමේ අභියෝගය නව පාලනය ඉදිරිපිට තිබේ. රටේ ඈත ප්‍රදේශවල දක්ෂ ව්‍යපාරිකයෝ සිටිති. එහෙත් ඔවුන් එක මට්ටමකින් එහාට යන්නේ නැත. යම් ව්‍යාපාරයක් යම් මට්ටමකින් තවත් තලයකට ඔසොවා තැබීමට වෘත්තීය දැනුම අවශ්‍යය. බදු ක්‍රමය ගැන අවබෝධයක් නැතිවූ පසු සිතන්නේ බදු සොරකම් කිරීම හොඳම ක්‍රමය යැයි කියාය. බදු ගෙවමින් තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගන්නා යාන්ත්‍රණය ගැන අවබෝධය මේ අයට නැත. වෘත්තිකයන් පිළිබඳ විශ්වාස කරන්නේ නැත. එවිට සිදුවන්නේ එක් තැනක හිරවීමය. මෙවැනි අය ධනය රැස් කරනවා මිස ව්‍යාපාර පුළුල් කිරීමක් නිෂ්පාදනය වැඩි කිරීමක් වන්නේ නැත. එනිසා ඉදිරියට යාමට නම් මේවා වෙනස්විය යුතුය. දේශීය ව්‍යවසායකත්ව නැමියාව නැංවීමට මේ වෙනස අවශ්‍යය. මේවා කිය කියා සිටීමෙන් පලක් නැත. අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට පිවිසිය යුතුය. මූලික ප්‍රශ්නය තිබෙන්නේ සමාජයේ බව අවබෝධ කරගත යුතුමය. ව්‍යාපාරිකයන් පිළිබඳව ඇති සමාජ ආකල්ප වෙනස් කිරීම අවශ්‍ය බව මෙයින් පැහැදිලිය. මේ වෙනස කරමු යන්න මාගේ යෝජනාවය. කයිවාරුවලින් ඒ වෙනස කළ නොහැකි බව මේ වනවිට ඔප්පු වී ඇති ආකාරයයි.
(*** සටහන - චමින්ද මුණසිංහ)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දියුණුවේ මාර්ගයට අවස්ථා