IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුන්න තීන්දුවක් වැරදියි කීම විනිසුරුවරයකුට ගැලපෙනවාද

IMG_5968

hellping

 

හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි.

 

 

ප‍්‍රශ්නය - ලබන ජනවාරියේ ජනාධිපතිවරණයක් තියන්න යන බවට මාධ්‍ය වාර්තා කළා. ජනවාරියේ ජනාධිපතිවරණයක් තියෙනවට ඇයි ඔබ විරුද්ධ?

පිළිතුර -  ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නීතියෙන් හැකියාවක් නැහැ.

 


ප‍්‍රශ්නය - ඇයි පවත්වන්න බැරි?
පිළිතුර -  අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුත්තේ ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු හයක් ඉක්ම ගිය පසුවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එය පැහැදිලිව සඳහන් වෙනවා. තුන්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති මෙයට වෙනසක් එකතු කළා. 1982 ගෙන ආ එම සංශෝධනය අනුව පළමුවැනි ධුර කාලයෙන් වසර හතරකට පසු වරමක් ලබා ගන්න ප‍්‍රකාශයක් නිකුත් කළ හැකියි. එලෙස බලයක් ආරූඩ කර ගත්තේ ජේ. ආර්. ජයවර්ධන මහත්මයා සද්භාවයෙන් තොරවයි. ඒ වෙනකොට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරලයි තිබුණේ. එහෙම කරලා හතර වැනි සංශෝධනය ගෙනත් පාර්ලිමේන්තුවේ කාලයත් දීර්ඝ කිරීම තුළින් 1983 තියන්න තිබුණු මැතිවරණය නැවැත්වුවා. එයින් ප‍්‍රචණ්ඩත්වය ඇතිවෙලා දෙමළ අරගලයත් පටන් ගත්තා. ජවිපෙ තහනම් කිරීමෙන් 88, 89 අරගලත් ඇති වුණා. ව්‍යවස්ථාවත් එක්ක නොමනා දේවල් කරන්න යනකොට රටට විශාල අනිසි ඵල විපාක ලැබිලා තියෙනවා. ඒ නිසයි මං මේ කරුණු මතු කරන්නේ. ජේ. ආර්. ජයවර්ධනගේ තුන්වැනි හා හතරවැනි සංශෝධනේ නැත්නම් ප‍්‍රභාකරනුත් පාර්ලිමේන්තු ඒමේ අවකාශය තිබුණා. හැබැයි ජේ. ආර්. ජයවර්ධන තුන්වැනි සංශෝධනය දැම්මට එහි ඇතුළු කළා අඩු කාලයකින් ජනාධිපතිවරණය පවත්වා පත්වෙන ජනාධිපති අවුරුදු හයක් ධුරය දැරිය යුතුයි කියා. අන්න ඒ වගන්තියට වෙනසක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරලා නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විශේෂ විධිවිධානවලට වෙනසක් කරලා නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේ ජනාධිපතිගේ අවුරුදු හය ඉවර වනතුරු ජනාධිපතිවරණයක් පවත්වන්න බැහැ කියලා. 2016 නොවැම්බර් වනතුරු මහින්ද රාජපක්ෂ ධුරය දැරිය යුතුයි.


 

ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයක් තිබුණොත් ජනතාවයි තීරණය කරන්නේ ඊළඟට ජනාධිපති විය යුත්තේ මහින්ද රාජපක්ෂද, වෙනත් පුද්ගලයෙක්ද කියා. ඉතින් ඇයි ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂට ඉදිරිපත් විය නොහැකි බව ඔබ කියන්නේ?
පිළිතුර -  ඒක තමයි අපේ දෙවැනි විරෝධතාවය. මහින්ද රාජපක්ෂගේ නුසුදුසුකම. 18වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරය දරන වාර ගණන වෙනස් කර සුදුසුකම් ඇති කිරීමට උත්සාහ ගත්තත් ඒ වනවිටත් මහින්ද රාජපක්ෂ නුසුදුස්සෙක් වෙලා ඉවරයි. එය ආපස්සට ක‍්‍රියාත්මක වෙන්න විධිවිධානයක් යෙදෙව්වේ නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනයේ තියෙනවා ආපස්සට ක‍්‍රියාත්මක වෙන්න නම් විශේෂ විධිවිධාන ඇතුළත් කළයුතු බව. එවැනි විධි විධානයක් ඇතුළත් කර නැති නිසා අනාගතයටයි එය බලපාන්නේ. 


 

ප‍්‍රශ්නය - ජනාධිපතිවරයා 2010 නොවැම්බර් මාසයේ ධුරයේ වැඩ ආරම්භ කරන්න කලින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයට ඉදිරිපත් විය හැකි බව පිරිසක් කියනවා?
පිළිතුර -  නෑ නෑ නෑ. පත්වීම එකක්. ධුරය බාර ගැනීම තව එකක්. ‘‘ඉලෙක්ට්’’. මෙතන අර නුසුදුසුකම එන්නේ තෝරාපත් කර ගැනීමෙන්. තෝරා පත් කර ගැනීම සහ ධුරය භාර ගැනීම අතර විශාල වෙනසක් තියෙනවා. ජනතාව විසින් දෙවැනි වතාවටත් තෝරා පත් කර ගත් සැණින් යළි තරග කරන්න නුසුදුස්සෙක් වෙනවා.


 

ප‍්‍රශ්නය - හිතුමතේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැතිව ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා තියෙනව නේද?
පිළිතුර -  මේක සම්පූර්ණයෙන් නීති විරෝධී ක‍්‍රියාවක්. මහින්ද රාජපක්ෂගේ නුසුදුසුකම ගැන අපි දිගින් දිගටම කිව්වා. නීතීඥ සංගමයත් විශේෂඥ අදහස් විමසුවා. මෙය දැන් බුද්ධිමය තර්කයකට යොමු වෙලා තියෙන්නේ. මෙහි එක පාර්ශ්වකරුවෙක් තමයි මහින්ද රාජපක්ෂ. 
    නුසුදුසුකම තියෙනවද නැද්ද කියා මුලින් තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්. අවුරුදු හතර ඉවර වෙන්න කලින් අවුරුදු තුන හමාරකින් ජනාධිපතිතුමා ප‍්‍රකාශයක් කළා කියා අපි හිතමු. එවිට මැතිවරණ කොමසාරිස්ට කියන්න පුළුවන් ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථාවේ තියෙන්නේ අවුරුදු හතර කියලා. ඒ නිසා මැතිවරණයක් පවත්වන්න බැහැ කියන්න පුළුවන්. මේකත් එහෙම තමයි. අවුරුදු හයක් යනතුරු ජනාධිපතිවරණය තියන්න බැහැ කියා අපි කියනවා. ජනාධිපතිගේ ප‍්‍රකාශයක් අනුව මැතිවරණ කොමසාරිස් ඊට මැතිවරණයක් තියන්න සූදානම් වුණොත් අපි උසාවි යන්නේ මැතිවරණ කොමසාරිස්ට විරුද්ධවයි.
    මේ වාතාවරණය යටතේ අපි යනවා කිව්ව උසාවියට මහින්ද රාජපක්ෂ මේ ප‍්‍රශ්නය යොමු කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව යටතේ. ඒ වගන්තියෙන් බලයක් තියනවා ජනාධිපතිට පොදු වැදගත්කමක් ඇති ප‍්‍රශ්නයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට. මේ බලය පැවරිලා තියෙන්නේ ජනාධිපතිට පොදු වැදගත් කමක් ඇති ප‍්‍රශ්න සම්බන්ධයෙන්. ජනාධිපති කියන්නේ ජනතාවගේ විධායක බලය ක‍්‍රියාත්මක කරන පුද්ගලයා. එතුමාට බැහැ එතුමාගේ පුද්ගලික ප‍්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න. මෙතනදි නුසුදුස්සෙක් වෙලා තියෙන්නේ ජනාධිපති නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයායි නුසුදුස්සෙක් වෙලා තියෙන්නේ. ඊළඟට ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ අභිලාශය තියෙන්නෙත් ජනාධිපතිට නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාටයි. විධායක බලය පාවිච්චි කරලා තමුන්ගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න බැහැ. මම සුදුස්සෙක්ද නැද්ද කියා එතුමා විමසිය යුත්තේ එතුමාගේ පෞද්ගලික නීතීඥවරුන්ගෙනුයි. 

 

ප‍්‍රශ්නය - ඔබ හිටපු අගවිනිසුරුවරයෙක්. මොන දේ වුනත් ශේෂ්ඨාධිකරණයේ තීන්දුවට හිස නැමිය යුතුයි නේද?
පිළිතුර -  මෙතන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතතයි ජනාධිපතිට යවන්නේ. අනිත් එක ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දී තිබෙන්නේ නොවැම්බර් 05 සිට නොවැම්බර් 10 දක්වා කාලයක්. එතැනිනුත් නොවැම්බර් හය පෝය. අට සහ නව වැනිදා සෙනසුරාදා සහ ඉරිදා. වැඩ කරන දිනයකට තියෙන්නේ සිකුරාදා විතරයි. මොන අධිකරණයකටවත් එක දවසින් තීන්දුවක් දෙන්න පුළුවන්ද? මෙය ඉතා සංකීර්ණ නීති ප‍්‍රශ්නයක්.


 

ප‍්‍රශ්නය - නඩුවක තීන්දුවක් දෙන්නේ විනිසුරුවරයකුගේ අභිමතය මත ද? පැමිණිල්ල හා විත්තිය ඉදිරිපත් කරන කරුණු මත ද? 
පිළිතුර -  දෙපාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු මත තමයි නඩු තීන්දුවක් දිය යුත්තේ.
 

 

ප‍්‍රශ්නය - ඔබ කියා තිබුණා නේද මහින්ද රාජපක්ෂ අද ඔහොම ඉන්නේ ඔබ නිසා බව?
පිළිතුර -  එහෙම ආත්මාර්ථකාමී ප‍්‍රකාශ මා කළේ නැහැ. 2010 මම ඔහුට ඡුන්දෙවත් දුන්නේ නැහැ. සරත් ෆොන්සේකාට තමයි මං ඡුන්දෙ දුන්නේ. මහින්ද රාජපක්ෂගේ නීතිමය අයිතිවාසිකම් අපි අධිකරණයක් වශයෙන් ආරක්ෂා කර තියෙනවා. ඒ ආරක්ෂා කිරීම ඔහුට පිහිට වෙලා තියෙනවා මේ ධුරයට පත්වීමට. අපි ඔහුට දී තියෙන්නේ යුක්තියේ වාසිය. අපි කරපු යුක්තියට වඩා යුක්තියක් එතුමාගෙන් වෙයි කියලයි අපි අපේක්ෂා කළේ. ඒ අතින් අපේ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම සුන් වෙලා තියෙන්නේ.


 

ප‍්‍රශ්නය - ඒ කියන්නේ හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ඔබ පසුතැවිලි වෙනවා කියන එකද?
පිළිතුර -  පසුතැවිලි වෙනවා කියන්නේ. එතුමා ආවේ චූදිතයෙක් හැටියට. මූලිකම අවස්ථාවේ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධවයි ආවේ. අපි හැමවෙලේම බලන්නේ චූදිතයාට සැකයේ වාසිය දීමට. නීතියේ පූර්ව නිගමනයක් තියෙනවා නිර්දෝෂී භාවය. ඒ අනුව සැකයක් තියෙනවා නම් සැකයේ වාසිය චූදිතයාට දෙනවා. 

මෙතැනදී අගමැති වශයෙන් එතුමා අපිට දිවුරුම් පෙත්සමක් සහ ලියැවිලි මගින් කිව්වා ඔහු නිර්දෝෂී බව. කබීර් හෂීම් පැමිණිල්ල පදනම් රහිතයි කිව්වා. පුවත්පතක කරුණු මතයි පදනම් වී තිබුණේ. ඒ අවස්ථාවේ අපි සැකයේ වාසිය ඔහුට දුන්නා. ඔහු එතකොට අගමැතිනේ. දේශපාලන කරුණු මතයි පැමිණිල්ල ගොනු කරලා තියෙන්නේ කිව්වා. ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියලයි අපි දුන්නු නියෝගය. මොකද ඒ වෙලාවේ ජනාධිපතිවරණයකුත් තියෙනවා. ඔහු අත්අඩංගුවට ගත්තා නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලැබෙන්නේ නැහැ. ඔහුට අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ. අපි සැකයේ වාසිය ඔහුට දුන්නා.

බොහෝවිට මෙය සිදු වෙනවා. මිනී මැරුම් නඩුවක හෝ අපරාධ නඩුවක හෝ සැකයේ වාසිය අපි දෙනවා. පස්සේ බලනකොට අර නිදහස් කරපු මිනිහා ඒ වරදම කරනවා.  ඕවා අනන්තව සිද්ධ වෙනවා. එතකොට හිතෙනවා අපි මේ හරි මිනිහට ද සැකයේ වාසිය දීලා තියෙන්නේ කියලා. 
    මෙතැනත් මම කිව්වේ පසු කාලයේ වෙලා තියෙන සිද්ධි බැලූවම, නාස්තිය, දුෂණය බැලූවහම මොහු පොදු සම්පත් ගැන සැළකිල්ලක් දක්වනවද ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ අනුව සුනාමි ආධාර ගැනත් පොදු සම්පත් ලෙස ගරු කිරීමක් තිබුණාද කියන එක අපිට දැන් සැකයක් මතුවෙනවා.


 

ප‍්‍රශ්නය - එදා ඔබ දුන් තීන්දුව වැරදි කියල නේද කියන්නේ?
පිළිතුර -  නෑ. එදා දුන්නු තීන්දුව එදා හරි. හැබැයි, අපි එදා සැකයේ වාසිය දුන්නු පුද්ගලයා අපි හිතපු විදියේ නිර්දෝෂී පුද්ගලයෙක් නොවෙන්න පුළුවන් කියා දැන් අපිට හිතෙනවා. අපිට තිබුණා ඒ අවස්ථාවේ තවදුරටත් පරීක්ෂා කරන්න අත්අඩංගුවට ගන්න ඉඩ අරින්න. ඒ වෙලාවේ පහළ මනුස්සයෙක් නෙවෙයිනේ. අගමැතිනේ. අගමැති ඇවිත් කිව්වාම සැකයේ වාසිය දුන්නා. සමහරවිට අපේ ඒ තීරණය සැක සහිත වෙන්න පුළුවන්. එහෙම වෙලා අපි අතින් වරදක් සිදුවුනොත් මං සමාව ඉල්ලූවා. 


 

ප‍්‍රශ්නය - ඔබ සමාව ඉල්ලන්නේ කාගෙන්ද?
පිළිතුර -  ජනතාවගෙන් ඉල්ලන්නේ. මොකද කබීර් හෂීම්ගෙන් හරි වෙනකාගෙන් හරි ඉල්ලන්න බැහැ. කබීර් හෂීම් තමයි ඔතන වැරද්ද කළේ. ආධාර දුන්නු ව්‍යාපාරිකයෝ තමයි එක්සත් ජාතික පක්ෂයටත් පුවත්පතකටත් විස්තර කියලා තිබුණේ. කබීර් හෂීම්ට තිබුණේ මේ පැමිණිල්ල ඔහු නොකර ඒ ව්‍යාපාරිකයකු ලවා කරවන්න. එහෙම වුණා නම් දේශපාලනය ගෑවෙන්නේ නැහැනේ. එහෙම වුණා නම් මේ නඩුව වෙනත් අතකට යන්න ඉඩ තිබුණා. 


 

ප‍්‍රශ්නය - විනිසුරුවරයෙක් දුන්නු තීන්දුවක් වැරදි කියලා පාපොච්චාරණය කරනවා කියන්නේ ලොකු ප‍්‍රශ්නයක් නේ?
පිළිතුර -  නෑ. මං කිව්වනේ. අපි දුන්නු තීන්දුව ඒ අවස්ථාවෙදි සාධාරණයි.


 

ප‍්‍රශ්නය - ඔබ නිතර කියනවා 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ නිර්මාණය කර ගත් තුනෙන් දෙකකින් බව. ඉතින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ආණ්ඩුවට යන්න ඉඩ සකස් කළේ ඔබ නේද?
පිළිතුර -  නෑ නෑ නෑ. ඒක වැරදි මතයක්. එය සම්පූර්ණයෙන් වැරදි මතයක්. මං බොහෝ අවස්ථාවලදි එය නිරාකරණය කර තියෙනවා.  ඕනෑම මන්ත‍්‍රීවරයකුට හෘද සාක්කිය අනුව ආණ්ඩුවෙන් විපක්ෂයට යන්නත් විපක්ෂයෙන් ආණ්ඩුවට යන්නත් පුළුවන් කියන එක පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුල් බැහැගත් කරුණක්. ඒ අනුව තමයි බණ්ඩාරනායක මහත්මයා ගිහින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ. සී.පී. ද සිල්වා මහත්තයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ආවා. ඒ හෘද සාක්කිය අනුව ක‍්‍රියා කිරීමෙන්. 
    ජේ. ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාවේ දැම්මා යම් මන්ත‍්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරියහොත් මන්ත‍්‍රී ධුරය අහෝසි වන බව. ව්‍යවස්ථාව පටන් ගත් දින සිට මෙය ක‍්‍රියාත්මක වනු ඇත කිව්වා. එහෙම අස්කළ මන්ත‍්‍රීන්ට මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒ ඉවත් කිරීම සාධාරණ නැහැ කියා කියන්න අයිතියක් තියෙනවා. 
    මම නෙවෙයි ඔබ කියූ නඩු තීන්දුව දුන්නෙත්. වැඩබලන අග විනිසුරු. ඔහු හොඳ නඩු තීන්දුවක් දුන්නා. ඉවත් කරනවා නම් සාධාරණ පරීක්ෂණයක් කර ස්වභාවික යුක්තියේ මූලධර්ම අනුව ක‍්‍රියාකරන්න කියලා. 
මේ දුෂණය වුණේ මේ ආණ්ඩුවේ. 2010 මා හිටියේ නැහැනේ. ඒ කාලයේ තමයි විවිධ වරප‍්‍රසාද දීලා ගත්තේ.
 

 

ප‍්‍රශ්නය - චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට දුන් තීන්දුව ගැනත් ඔබ කනගාටු වෙනවද?
පිළිතුර -  නැහැ නැහැ. අපේ තීන්දුව සියයට සියයක් හරි. ව්‍යවස්ථාවට අනුව දුන්නු තීන්දුවක්. 

 

 

futtre-03

 



අදහස් (0)

දුන්න තීන්දුවක් වැරදියි කීම විනිසුරුවරයකුට ගැලපෙනවාද

රුවන් Monday, 10 November 2014 09:40 PM

බොහොම සාර්ථක වගේම හොඳ සාකච්ඡාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 144 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 284 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 351 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 87 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 528 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site