IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


"දිනුදා" රට පටවන්න ගිය අලි මෝඩයෝ



 

හෙට 12 වැනිදා පින්නවල අලි අනාථාගාරයේ ඉන්න අලි පැටව් දෙන්නකු දකුණු කොරියාවට ගෙන යනවා. සත්ව හුවමාරු වැඩ සටහනක් යටතේ ඒ රටින් ලංකාවට ව්‍යාඝ‍්‍රයන් දෙනවා. මේ වචන කිහිපය කිව්වේ පින්නවල අලි අනාථ ගාරයේ වැඩ කරන කෙනෙක්.

ඒ තොරතුර ලද සැණින් පින්නවල අලි අනාථගාරයේ ඉන්න සතුන්ට ආදරය කරන අපේ හිතවතෙකුට දුරකථනයෙන් කථා කරල මේ පුවතේ ඇත්ත නැත්ත සොයා බැලූවා. ඔහු කිව්වෙ මෙහෙම කථාවක්. ඔව් මහත්තයෝ හෙට 12 වෙනිදා දිනුදා යි උදාරය යි දකුණු කොරියාවට රැුගෙන යන්න සියල්ල සූදානම් කරල තියෙන්නෙ. අපේ අලි වත්තේ මහත්තයකුයි තව අලි බලන අය දෙන්නෙකුයි මේ පැටව් දෙන්න එක්ක යනවා. සත්ව හුවමාරු වැඩ සටහන යටතේ අලි පැටව් දෙන්නකු දුන්නට කමක් නෑ. හැබැයි අපේ රට ආපස්සට ඇදලා දමපු වසර 30ක් තිස්සේ මේ රට විනාශ කරපු සාපලත් යුද්ධය දිනපු 2009 මැයි 18 දා ජයග‍්‍රහණය සටනේදී පින්නවල අලි අම්මා කෙනෙක් පැටියකු ප‍්‍රසූත කළා. ඒ පැටියා මෙලොව උපත ලැබුවේ මේ රටේ ඓතිහාසික දිනයකයි. ඒ අපි 30 වසරක සාප ලත් යුද්ධය දිනුදායි ඒ නිසයි අපි ඒ අලි පැටියට දිනුදා කියල නම තිබ්බේ.

ඒ වගේම අපේ යුද ජයග‍්‍රහණයටත් වසර 5ක් පිරෙනවා. අපේ ඒ ජයග‍්‍රහණයේ සමරු සටහනක් වගේ ඉන්න දිනුදා අලි පැටවා දකුණු කොරියාවට යවන්න තීරණය කළේ කවුද කියලා අපට හිතාගන්න බෑ. හැබැයි එකක් කියන්නම්, මේක ජනාධිපතිතුමා දැනගත්තොත් මේ අලි පැටිය යවන්නේ නෑ. මාධ්‍යවේදීන් හැටියට ඔයාලට කරන්න පුළුවන් දෙයක් ඉක්මනට කරන්න මම මේවා කිව්වා කියලා නම් කියන්න එපා. ඔහු දුරකථනය විසන්ධි කළේය.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඒ බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ පළවිය. එය දුටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘දිනූදා’ රට පැටවීම වහාම තහනම් කළේය.

මෙම කටයුතු මෙසේ සිදුවෙද්දී දකුණු කොරියාවට රැුගෙන යාම සඳහා දිනුදා හා උදාර පින්නවල අලි අනාථගාරයේ කෙළවර මඩුවක කරට සුදු පැහැති පටියක් දමා වෙන්කර බැඳ තිබුණි. ඒ අතර ඔවුන් නහවා පිරිසිදු කර ඔවුන් රැුගෙන යාම සඳහා වාහනය එනතුරු රඳවා සිටියහ. වෙනදා අලි රැුලක් සමග මා ඔයේ දිය නෑමට යන දිනුදා හා උදාර දිය නෑමට රැුගෙන ගියේ නැත. දෙදෙනාම මඩුවක බැඳ දමා සිටීම දඟකාර වයසේ පසුවන දිනුදා හා උදාර දිය නෑම සඳහා මා ඔයට රැුගෙන නොයාම ගැන උරණවී එහාට මෙහාට පැන පැන බැඳ සිටින පටිය ගලවා ගන්නටද උත්සහ දරයි.

පෙරවරු 10.30 පමණ වන විට සත්වෝද්‍යාන අධ්‍යක්ෂක වරයාගෙන් පින්නවලට දුරකථන ඇමතුමක් ලැබුණි. කොරියාවට රැුගෙන යන්න සූදානම් කරලා තියෙන පැටව් දෙදෙනා යවන්න එපා ගමන අවලංගුයි. යන තොරතුර ලැබිණි. මේ තොරතුර ලැබී ගින්නක් සේ පින්නවල අලි අනාථගාරය පුරා පැතිර ගියේය.
සැම වසරකම පෙබරවාරි 16දා පින්නවල උපන්දිනය කුංචනාදය නමින් සමරන්න පසුගිය පෙබරවාරි 16 දා තීරණය කළේ වත්මනේ රජයේ පොදු විනෝදාත්මක විෂය භාර අමාත්‍යවරයා වන ජයරත්න හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

කුංචනාදය සැමරුම් උළෙලට සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කෑගල්ල දිසා මන්ත‍්‍රී කනක හේරත් මහතාද සහභාගි වූහ. එදා මෙදා තුර පින්නවල අලි අනාථාගාරයට ඇතුළත් වන්න මාධ්‍යවේදීන්ට ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කළේ නැත. ඒ පින්නවල රැුකගන්න කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාධ්‍යවේදීන් විශාල දායකත්වයක් ලබා දුන් නිසාය.

එහෙත් 12 දා පින්නවල ඇතුළුවීම මාධ්‍යවේදීන්ට තහනම් විය. අනතුරුව මා කළේ රුපියල් සියයක් ලබා දී ප‍්‍රවේශ පත‍්‍රයක් මිලට ගැනීමය. එයද ලබාදීම මුලින් ප‍්‍රතික්ෂේප කළේය. එහෙත් මා ඔවුන්ට කීවේ සාමාන්‍ය පුද්ගලයකු ලෙසින් පින්නවල ඇතුළට යාමට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබා දෙන ලෙසයි. කෙසේ හෝ පැයක් පමණ කාලයක් ප‍්‍රධාන දොරටුව ළඟ රැදී සිට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාගෙන අලි අනාථාගාරයට ඇතුළු වූයෙමි. මට අවශ්‍ය වූයේ දිනුදා හා උදාර පින්නවල අනාථාගාරයේ සිටිනවාද යන්න දැන ගැනීමටය. 

එහෙත් එම පැටව් දෙදෙනා ඉන්න ප‍්‍රදේශයට යාම ආරක්ෂක නිලධාරින් තහනම් කළේය. වසර 20කට අධික කාලයක් පින්නවල අලි අනාථාගාරයේ අස්සක් මුල්ලක් නෑර ඇවිද තියෙන කිසිදාක පින්නවල ඇතුළත ඇවිදීමට ඡායාරූප ගැනීමට තහනම් නොතිබූ අපට අද තහංචිය. මෙහෙම තහංචි මීට පෙරද වරක් හෝ දෙකක් අපට දමා තිබුණි.

2012 වර්ෂයේ ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස භාෂ්වර සේනාංක මහතා පත්වූයේය. එම මහතා මාධ්‍යවේදීන්ගේ සහෘද්ධයෙක් විය. ඔහුගේ ජංගම දුරකථන අංකය මාධ්‍යවේදීන්ට ලබා දුන්නේ පැය 24  ඕනෑම වෙලාවක පින්නවල ගැන තොරතුරක් දැනගන්නට අවශ්‍ය නම් ඔහු අමතන ලෙසය. ඒ අනුව පින්නවල ගැන ලෝකයට තොරතුරු ගෙන යාමට මාධ්‍යවේදීන්ට හැකි විය. එවකට ජාතික සත්වෝද්‍යානය භාර ඇමති වරයා වර්තමාන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. ඒ වකවානුවේදී පින්නවල අලි අනාථාගාරයේ දියුණුව මෙන්ම කාර්ය මංඩලයේ විනයද ක‍්‍රමානුකූල තත්ත්වයකට සැකසිණි.

කෙසේ වෙතත් කොරියාවට යන්න ඉන්න දිනුදා හා උදාර ඉන්න ඉසව්වට යාමට මාධ්‍යවේදීන්ට තහනම් විය.

අන්තිමේදී සියලූ රැකවලූන්ට හොරෙන් දිනුදා හා උදාර බැඳ සිටි ස්ථානයට යාමට හැකියාවක් ලැබිණ.

එම සතුන්ගේ ඡුායාරූපද ලබා ගතිමි.

කෙසේ වෙතත් තිස්වසරක සාපලත් යුද්ධය දිනුදා මෙලොව උපන් දිනුදා පින්නවලට ආශිර්වාදයකි. මේ ආශිර්වාදය විනාශ කරන්නට කිසිවකුටත් ඉඩ දිය නොහැකිය. දිනුදා කොරියාවට යවන්නට තීරණය කළ බලදාරියා කවුද යන්න දැන ගැනීමට මේ රටේ යුද ජයග‍්‍රහණය සමරණ ශ්‍රී ලාංකිකයන්ගේ අයිතියකි.
 


 

 

 

නූපන් අලින්ටත් බලපත‍්‍ර දෙන ජාවාරමක්

පරිසරවේදීන් පවසන්නේ ශී‍්‍ර ලංකාවේ අලි ඇල්ලීමේ ජාවාරම මුලින් ආරම්භ වූයේ කැලයේ අතරමංවී සිටින අලි පැටවුන් ඇල්ලීමෙන් බවයි. මිය යන මව හැරදමා නොගොස් මව අසළට වී සිට පසුව අතරමංවන අලි පැටවුන් මෙසේ අල්ලා කොළඹ ගෙන ඒමේ ජාවාරමක් දැනට වසර කිහිපයකට පෙරාතුව කි‍්‍රයාත්මක වූයේය. අලි යන මාර්ගයන්හි බොරු වළවල් කපා අලි පැටවුන් එහි වැටෙන්නට සලස්වා අල්ලා ගැනීම ද තවත් එක් ක‍්‍රමයකි. 

ශී‍්‍ර ලංකාවේ වනාන්තර ආශි‍්‍රතව මේ ජාවාරමට හවුල් කරුවෝ සිටිති. රුපියල් 25,000.00 ක මුදලක්, මත්පැන් බෝතල් කිහිපයක් හා වාහන බඳපටි හතරක් ලබාදුන් විට මේ හවුල් කරුවෝ අලින්ට උගුල් අටවා අලි පැටවුන් අල්ලා දීමේ දක්ෂයෝය. පැටවුන් සිටින අලි රංචුවක් වටකර වෙඩි දමා බියට පත්කැර අලි පැටවා අතරමං කිරීමෙන් අල්ලා ගැනීම ද තත් එක් ක‍්‍රමයකි. මේ ආකාර සියල්ලට ම වඩා පහසු ක‍්‍රමයක් වූයේ පැටවකු සිටින මවට වෙඩි තබා මරා දමා අලි පැටවා කොළඹ ගෙන ඒමයි. 

දැන් ජාවාරම් කරුවෝ අලූත්ම ක‍්‍රමයකට පුරුදුව සිටිති. ඒ අලි පැටවාට නිර්වින්දන එන්නත් විද අල්ලා ගැනීමයි. පසුගිය දා මීරිගම වලව්වක සිටියදී සොයාගත් අලි පැටවාගේ උදරයේ තිබූ තුවාලය එලෙස නිර්වින්දන එන්නතක් විදීමෙන් ඇතිවූ තුවාලයක් බව පරිසරවේදීන්ගේ මතයයි. 

කැලයෙන් අල්ලා කොළඹ ගෙන එන අලි පැටවුන්ට බලපත‍්‍ර සෑදීමේ ජාවාරම ද ජයටම සිදුකෙරෙමින් පවතී. 2009 වර්ෂයේ දී වනජීවී නීති සංශෝදනයේ දී අලියකුට පැටවකු බිහිවීමට සිටින්නේ නම් ඒ ගැන තොරතුරු දැනුම් දීම අවශ්‍ය බවත් අලි මවගේ සෞඛ්‍ය සම්බන්ධ අඛණ්ඩ තොරතුරු වාර්තා පැටවා ප‍්‍රසූත කළ පසු පැටවා පළිබඳ වාර්තා, පැටවා මියගියේනම් ඒ පිළිබඳ වාර්තා සියල්ල අවශ්‍ය බවට නීති සංශෝධනය කැරිණි. නමුත් සිදුව ඇත්තේ කැලයෙන් අල්ලාගෙන එන අලින්ට 2008 පෙර දින යෙදු බලපත‍්‍ර ලබා දී තිබීමයි. එවිට අලි පැටවාගේ මවගේ පැටිකිරිය අවශ්‍ය වන්නේ නැත. මේ අලි ජාවාරම්කරුවන් ගේ බලපත‍්‍රවල සටහන්ව ඇත්තේ 2008 දී ඉල්ලූම් කළ බලපත‍්‍රය 2011 සිට 2013 දක්වා වූ වසර වලදී ලබා දී ඇති බවයි. මේවා එකින් එක හෙළිදරව් වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුව සතුව තිබූ හීලෑ අලි සම්බන්ධ ලේඛණය හෙවත් අලි තෝම්බුව අතුරුදන් වූවේය. ඒ අලි ජාවාරම පිටුපස සිටින නිලධාරී පැලැන්තිය ආරක්ෂාවීමට යෙදු එක් උපායකි.  

මෙරට අලි වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කිරීම් වඩාත් හාස්‍ය ජනක සිදුවීම කරලියට එන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතුව 2013 වර්ෂයේ ජුනි මස 20 දිනැතිව නිකුත් කැර ඇති අංක 358 හා අංක 359 දරණ අලි බලපත‍්‍ර දෙකකිනි. ඉන් එක් බලපත‍්‍රයක් ගාල්ල  ඕපාත වලව්වටත් අනෙක් බලපත‍්‍රය හෝකන්දර පදිංචි කරුවකු නමටත් නිකුත් කැර තිබේ. (මේවා ව්‍යාජ බව සැක කෙරේ.)

358 අංකය සහිත බලපත‍්‍රය නිකුත් කැර ඇත්තේ පිරිමි අලියකු වෙනුවෙනි. ඉල්ලූම් කළ දිනය 2008 දෙසැම්බර් 20 දිනයයි. එදිනට අලියාගේ වයස අවුරුදු 02 ක් ලෙස බලපත‍්‍රයේ සටහන්ව ඇත. උරහිස දක්වා උස සටහන්ව ඇත්තේ අඩි දෙකක් හා එක් අ`ගලක් ලෙසිනි. බලපත‍්‍රය නිකුත් කරන 2013 ජුනි 20 දිනට අලියාගේ වයස අවුරුදු හතක් ලෙස සටන්ව ඇත. අලියාගේ උස බලපත‍්‍රය නිකුත් කරන දිනට අඩි හතරයි අ`ගල් දෙකක් ලෙස දැක්වේ. එය සිදුවිය නොහැකි දෙයකි. අලි පැටවකු වසර පහක දී උසයන්නේ අඩි දෙකක් යැයි කීම මුසාවකි. වයස අවුරුදු හතක පිරිමි අලියෙක් අඩි හයක් පමණ උසැති විය යුතුය. මේ නිකුත් කැර ඇති බලපත‍්‍රය හොර අලියකු වෙනුවෙන් ලබාදුන්නක් බව ඒ අනුව පැහැදිලි වේ.

මේ බලපත‍්‍ර නිකුත් කිරීමේ ජාවාරමේ නිරුවත හෙළිවන්නේ පසුගිය බ‍්‍රහස්පතින්දා සවස ඇරව්වල නිවසක සිටින අලියකු ඇල්ලීමට වනජීවී නිලධාරීන් එහි ගිය විටදීය. එහි සිටි අලි පැටවා වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බව කියන අංක 202 දරණ බලපත‍්‍රයක් පෙන්වා දී තිබිණි. 2013 ජුනි 10 දිනය වනවිට 359 වැනි බලපත‍්‍රය ද වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත්කැර තිබේ. මේ අංක දෙක අතර බලපත‍්‍ර 157 ක් නිකුත් කැර තිබේ. 2013 වර්ෂයේ දී අලි පැටවුන් 157 දෙනකු වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කිරීම පුදුම සහගත දෙයකි. පසුගිය කාලයේ දී පින්නවල අලි අනාථාගාරයෙන් පෞද්ගලික හිමිකරුවන්ට ලබාදුන් අලි සංඛ්‍යාව 20ක් යැයි උපකල්පනය කළහොත් බලපත‍්‍ර නිකුත් කළ අලි 157 දෙනාගෙන් 137 දෙනකු උපත ලැබුවේ කවර ස්ථානයක දී ද යන්න ගැටළුවකි. 

එසේනම් මේ අලි 137 දෙනා කැලයෙන් අල්ලාගෙන ආ අලි බවට විවාදයක් නැත. අලි ජාවාරම සිදුවන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ ද අනුදැනුම ඇතිවය. නැතිනම් මේ තරම් අලි බලපත‍්‍ර නිකුත් කළ නොහැකි වනු ඇත
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සබාපති පුබුදු වීරරත්න මහතා මෙසේ කීවේය. 

අලි ජාවාරම දැන් ජයටම සිදුවනවා. මේ පසුපස වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරන් සිටින බව පැහැදිලියි. නැතිනම් මේ විදියට බලපත‍්‍ර දිය නොහැකියි. ඒ වගේ ම අලි තෝම්බුව නැති වුණෙත් මේ ජාවාරමේ තොතුරු වසං කළ යුතු නිසා අලි පැටවුන් අපි අනුමාන කරන විදියට අලි පැටවුන් 140ක් 150ක් පමණ ප‍්‍රමාණයක් පසුගිය වසර දෙක තුනක කාලයේ දී වනාන්තරයෙන් අල්ලාගෙන කොළඹට ගෙනවිත් තිබෙනවා. වනජීවී නීති උල්ලංඝනය කරමින් ඔවුන් වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කරන්නේ නීතිය කි‍්‍රයාත්මක කළ යුතු නිලධාරීන් විසින්.’’

 

 



අදහස් (0)

"දිනුදා" රට පටවන්න ගිය අලි මෝඩයෝ

අමිල Saturday, 22 March 2014 12:09 AM

දිනුද වෙනුවට වෙන අලිපැටියෙක් රට යවලා නේද? ඒ අලි පැටිය ගැන කතාකරන්න කවුරුවත් නැද්ද? (නදී)

:       0       0

ජානි Friday, 21 March 2014 05:04 PM

මේ අපරාධ කරන මිනිස්සු දන්නේ නැද්ද ජීවිතේ කෙටි බව? ඊට පස්සේ එයාලා යන ලෝකේ දරුණු කමත් සිහිකරලා දෙන්න. පුළුවන් නම් හොඳයි. ජරාව කාලා මෙවැනි තීරණ ගන්න නිලධාරින් කවුද කියලත් හෙළි කරන්න.(නදී)

:       0       0

ආසිරි Friday, 21 March 2014 05:07 PM

ජනාධිපතිතුමා, දන්නේ නැද්ද රටේ වෙන දේ? මාද්‍යයෙන් කියන්නම ඕනෙද? (නදී)

:       0       0

කමණී Friday, 28 March 2014 05:08 PM

තව ටික දවසකින් අපිට අලි බලන්න පිට රට යන්න වේ වී . සත්ව හිංසන හෙලා දකින්න කවුරුවත්නැද්ද කෝ විෂය බාර ඇමති ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජුලි මස 27 4 0

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21


අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 259 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 128 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 290 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 136 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 641 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site