IMG-LOGO

2023 ඔක්තෝබර් මස 01 වන ඉරිදා


තමිල්නාඩුවේ ආයෙත් කොටි කඳවුරු

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය තුළ මේ වනවිට කොටි කඳවුරු දෙකක් පවත්වාගෙන යන බව බුද්ධි අංශ වාර්තාවක සඳහන් කර ඇත. මේ බව ඉකුත් ඉරිදා ”කරළිය කතාබහ” තීරුවේද පළවිය. මෙහි  සඳහන් වන්නේ තමිල්නාඩුව ක‍්‍රමානුකුලව එල්ටීටීඊයට රැකවරණය දෙන අන්දම ගැනවිස්තරයකි. මෙම පිරිසගේ පැවැත්ම වෙනුවෙන් මහ ඇමැති කරුණානිධි සංවිධානය කළ ඊලම් සමුළුවක්ද අද (12) තමිල්නාඩුවේදී ආරම්භවේ. අපේ රටේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුම ඉන්දියාවට ගිය අවස්ථාවේ පසුගිය කාලයේ විවිධ හිරිහැර තාඩන පීඩනවලට ලක්වීමට සිදුවුයේ එරට සිටින කොටි හිතවාදීන් නිසාය. අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි නිරූපමා රාජපක්ෂ මහත්මිය ද මෙසේ ඉන්දියාවේදී කොටි හිතවාදීන්ගේ තාඩන පිඩන හා හිරිහැරවලට ලක්වූ දේශපාලනඥයෝ අතර වෙති. මේජර් ජරනාල් ජගත් ඩයස් සහ නාවික හමුදාවේ රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහත්වරුන් නවාතැන් ගෙන සිටි චෙන්නායිහි පිහිටි හෝටලයක ඉදිරිපිට පැමිණ විරෝධතාවයක නිරත වූයේද කොටි හිතවාදීන් පිරිසකි. රටවල් 14ක සහභාගිත්වයෙන් පැවැත්වූ අන්තර් ජාතික ආරක්ෂක සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් දෙදෙනා ගොස් ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා නවාතැන් ගෙන සිටි හෝටලය ඉදිරිපිට විරෝධතා පා ගමනින් පැමිණි සටන් පාඨකයින් කොටි  හිතවාදීහු විශාල පිරිසක් කළහකාරි ලෙස හැසිරී ඇත. දඹදිව වන්දනාවේ සහ වේලකන්නි වන්දානවේ ගිය ශ්‍රී ලාංකික බෞද්ධ හා කතෝලික බැතිමතුන්ට ද මේ කොටි හිතවාදීන්ගේ තාඩන පීඩන හා හිරිහැරවලට අවස්ථා කිහිපයකදීම මුහුණ පෑමට පසුගිය කාලයේ සිදුවිය. අපේ දේශපාලනඥයන්ට ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ බැතිමතුන්ට හිරිහැර තාඩන පීඩන කළ විරෝධතාවයන්ට එක්වූ කොටි හිතවාදීහු බුරුතු පිටින් ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පසුබටවූයේද නැත. මේවාගේ සිද්ධීවලට අත්අඩංගුවට ගනු ලැබුවේ ජයලලිතාගේ හා වයිකෝ වැනි තමිල්නාඩුවේ සිටින දේශපාලනඥයින්ගේ ගෝල බාලයින්ය. වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවැති කාලයේ කොටි ත‍්‍රස්තවාදීන් ගණනාවක්ම මුහුදු මාර්ග ඔස්සේ පලාගියේ දකුණු ඉන්දියාවටය. මෙසේ පලාගිය කොටි ත‍්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව 500කට පමණ ආසන්න බවට තොරතුරු ලැබී ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. පලාගිය මෙම කොටි ත‍්‍රස්තවාදීන් තමිල්නාඩු ප‍්‍රාන්තයේ නිවාස කිහිපයක ඉතා රහසිගතව පුහුණුවීම් ලබමින් සිටින බවට ද තොරතුරු ලැබී ඇති බව හෙළිකර සිටියේ බුද්ධි අංශ නිළධාරියෙකි.දකුණු ඉන්දියාවට පළාගිය මෙම කොටි ත‍්‍රස්තවාදීන් අවි පුහුණුවීම ලබා ඇති නිසා නැවත අවි පුහුණුවීම ලබා ගැනීමක් නොකරන බවත් ඔවුන් වෙනත් ක‍්‍රියාකාරකම්වල නිරතවීම සඳහා පුහුණු සැසි වරින්වර පවත්වන බවත් ලැබී ඇති තොරතුරුවලින් හෙළි වන්නේ යැයි බුද්ධි අංශ නිලධාරිහු කිහිප දෙනෙක් පැවසූහ. මේ සඳහා ඉන්දියාවේ සිටින කොටි හිතවාදීන් දේශපාලනඥයින්ගේ ආධාර උපකාර නොඅඩුව ඔවුන්ට ලැබෙන බවටද මෙරට බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ඇතැම් විදේශයන්හි සිටින කොටි හිතවාදීන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ගත යුතුපියවර සහ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට විරෝධතා දැක්වීම ඊළාම් සංකල්පය ලෝකයේ වෙනත් රටවල ව්‍යාප්ත කර ඔවුන්ගේ ආධාර උපකාර ලබාගත යුතු ආකාරය පිළිබඳව තමිල්නාඩුවේ දී කොටි ත‍්‍රස්තවාදීන් පුහුණුවීම් ලබන බව මෙරට බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී තිබෙන බව කියති. ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවශ්‍ය අරමුදල් රැුස් කරන ආකාරය ගැන මෙන්ම ලෝකයේ අනෙක් රටවල ශ්‍රී ලංකාව කෙරෙහි අපකීර්තියක් ඇතිකරවන අසත්‍ය පුවත් නිර්මාණය කර ප‍්‍රචාරය කිරීමට අදාළ පුහුණුවීමද අපේ රටෙන් පැන ගිය කොටි ත‍්‍රස්තයන් පුහුණුවීම් ලබන බව පැවසේ. අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාද මීට ටික කාලයකට ඉහතදී තමිල්නාඩුවේ කොටි පුහුණු කඳවුරු ඇති බව පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කර තිබිණි. කොටි පුහුණු කඳවුරු නොමැති බව ඉන්දීය මධ්‍යම රජය පසුව ප‍්‍රකාශයට පත්කර තිබිණි. අග‍්‍රාමාත්‍යවරයා මෙවැනි ප‍්‍රකාශයක් කර තිබුණේ මෙරට බුද්ධි අංශයක් විසින් ලබාදුන් තොරතුරු වාර්තාවක් පදනම් කරගෙන බව දැනගැනීමට ඇත. ඉන්දීය මධ්‍යම රජයද එරට සිටින කොටි හිතවාදී දේශපාලන ඥවරියන්ගේ හා දේශපාලඥයන්ගෙන් කොතරම් බාධා එල්ල වුවත් එරට සිටින කොටිහිතවාදීන් අත්අඩංගුවට ගැනීමට පසුබට වන්නේ ද නැති බව කී එරට මාධ්‍ය මගින් අපට පෙනී යයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ නිවාස කිහිපයක රහසිගතව පුහුණුවීම් ලබා කොටි සාමාජික සාමජිකාවන් බුද්ධි මෙහෙයුම් සම්බන්ධව ද යම් යම් පුහුණුවීම් ලබන බව වාර්තාවේ. මෙවැනි ආකාරයේ පුහුණුවීම් ලබාගත් කොටි සාමාජිකයන් කණ්ඩායම් කිහිපයක් පසුගිය කාලයේ වරින්වර රහසිගතව මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම සහ තලෙයි මන්නාරම ප‍්‍රදේශයට පැමිණ නැගෙනහිර පළාතට පැනගෙන ඇති බවට තොරතුරු ලැබීමත් සමගම පොලිස් බුද්ධි අංශ හා යුද හමුදාව ඒකාබද්ධව ඒ පිළිබඳව මෙහෙයුමක් ආරම්භ කළේය. මෙම මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගම දකුණු ඉන්දියාවේ සිට රහසිගතව පැමිණ සිටි කොටි සාමාජිකයන් මුහුදු මාර්ග ඔස්සේ නැවතත් දකුණු ඉන්දියාවට පලා ගිය බව පැවසුවෝ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරි කිහිප දෙනෙකි. ත‍්‍රිකුණාමලයේ ඊ.පී.ඞී.පී. ප‍්‍රබලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ද්‍රවිඩයන් කිහිප දෙනා අතර සිටි දෙදෙනෙක් තමිල්නාඩුවේ සිට පැමිණි කොටි සාමාජිකයන් බව ද හෙළිවී තිබිණි. පුනරුත්ථාපනය නොවී සහ විදෙස්වල සිට රහසිගතව පැමිණ සිටි හිටපු කොටි සාමාජික සාමාජිකාවන් සොයා පොලිසිය හා හමුදාව ඒකාබද්ධව මෙහෙයුම් කරගෙන යද්දී ඒවා නතර කිරීමට මෙරට සිටින දේශද්‍රෝහි කොටි හිතවාදී සමහර දේශපාලනඥයන් දැඩි ලෙස බලපෑම් කළ බවද පැවසුවේ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනෙකි. තමිල්නාඩුවේ සිටින කොටි සාමාජික සාමාජිකාවන් නෙදර්ලන්තයේ සිටින කොටි නායකයෙක් වන නෙදියවන් හා ප‍්‍රංශයේ සිටින කොටි නායකයකු වන විනයාගම් බවටද මෙරට බුද්ධි අංශ තහවුරු කරගෙන ඇත. තමිල්නාඩුව කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක වන කොටි හිතවාදීන් ශ්‍රී ලාංකිකයින් හොර රහසේ ඔස්ටේ‍්‍රලියාවට යැවීමේ ජාවාරම ද මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරී කිහිපදෙනෙක් පැවැසූහ. ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ගුවන් මගින් සංචාරකයින් ලෙස ගෙනයන ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍ර සකස් කර එහි සිට යුරෝපීය රටවලට යැවීමේ ජාවාරමකද තමිල්නාඩුවේ සිටින කොටි සාමාජිකයින් විසින් සිදුකරනු ලැබ ඇති බව කියති.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසුරිය
තමිල්නාඩුවේ දේශපාලනඥ නෙඩුමාරන් ප‍්‍රථම කළු කොටියාවූ  මිලර්ගේ පෝස්ටරයක් ළඟසිට සාකච්ඡාවක 1985 දී ප‍්‍රභාකරන්, පොට්ටුඅම්මාන් ඇතුළු  පිරිස තමිල්නාඩුවේ අවි පුහුණුවක



අදහස් (0)

තමිල්නාඩුවේ ආයෙත් කොටි කඳවුරු

චාමිකා Sunday, 12 August 2012 10:50 PM

ලංකාව වගේද තමිල්ණාඩුව? කොච්චර විශාලද? කැමති අය යන්නකෝ එහාට. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 13 August 2012 04:03 AM

ඔය පුහුණු වෙන්නේ තමිල්ණාඩුවේ තවත් ඊළමක් පිහිටුවන්නද? (නි)

:       0       0

අනු Monday, 13 August 2012 04:30 AM

ඒල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් නතර කිරීමට ඉන්දියාවට බලපෑම් කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රතිපත්ති කාලයේ තාලයට
2023 සැප්තැම්බර් මස 30 68 1

ජාතික ජන බලවේගයේ අනාගත ආණ්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට නොපැකිලෙන බවත්, එසේ වුවද එම ආණ්ඩුව එහිදී කටයුතු කරනු ඇත්තේ තමන් ලබන ජන වරමට


නිකම් දිරායන දැවවලට වන්දි ගෙවන රටක්
2023 සැප්තැම්බර් මස 30 157 0

මුනින් නැවූ කළගෙඩියට කොතරම් වතුර වත්කළත් පලක් නැත. අපේ රටේ ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයද සිහිගන්වන්නේ එම කතාවයි. පසුගියදා අපගේ ලංකාදීප පුවත්ප


​සමාජ මාධ්‍ය නියාමනය
2023 සැප්තැම්බර් මස 30 49 0

වත්මන් ජාතික රාජ්‍ය සැකැස්ම යන්න එහි නිර්මාපකයන් වන අප පවතින හැඩයෙන් පවත්වාගෙන යායුතු බව අප තවදුරටත් සිතන්නේ නම් එම රාජ්‍ය තුළ පවතින තොරතුරු නිෂ්පාද


බලශක්ති අර්බුදයට වැදගත් නඩු තීන්දුවක්
2023 සැප්තැම්බර් මස 30 155 0

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉතා වැදගත් වන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ බලශක්


දුප්පත්කම වැඩිවීමේ ප්‍රවණතාව
2023 සැප්තැම්බර් මස 28 438 1

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් තිස් එක් ලක්ෂ අසූ දෙදහසක් (31,82,000 ක්) දුප්පතුන් ගොඩට ඇද වැටෙන බව ලෝක බැංකුව


නාඳුනන තුවක්කුකරුවන්ට නැගිටින්න ඉඩ නොදෙමු
2023 සැප්තැම්බර් මස 28 202 1

මේ රට චිකාගෝ නුවර දැයි සැක සිතෙන තරමට අපරාධ බහුල වෙමින් තිබේ. නාඳුනන තුවක්කුකරුවාගේ අණසකට රටම යටත් වෙමින් තිබෙන සෙයකි. උදේ දිවා රෑ වෙනසකින් තොරව ඉලක්ක හ


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2046 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 775 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site