IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


ජනවාර්ගික සංහිඳියාව අගය කළ ලක් පුත්‍රයා - ඩඩ්ලි

නිදහස් ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වී සිවුවරක්ම අගමැති පදවිය හෙබවූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාගේ 113 වැනි ඡන්ම දිනය ඊයේට (19) යෙදිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 

මෙතුමා උපත ලැබුවේ 1911 ජුනි මස 19 වැනිදාය.

1952 මාර්තු 22 වැනිදා හදිසියේම මෙලොවින් සමුගත් ජාතියේ පියා මහාමත්‍ය ඩී..එස්. සේනානායක මහතාගේ දෙටු පුත් ඩඩ්ලි සිවු වරක්ම මෙරට අගමැති ධුරයට පත් වුවා පමණක් නොව අවංක කෘතහස්ථ නායකත්වයක් මෙරට දේශපාලනය තුළ සනිටුහන් කරමින් බත් දුන් පියා ලෙසද විරුදාවලි ලබමින් සමාදරයට හා ගෞරවනීයත්වයට පාත්‍රවූයේය. එතුමා හදවතින්ම ප්‍රකාශ කළ වදනක් වූයේ ‘සක්විති රජකම ලැබුණත් රට පාවාදෙන්නේ නැත’ යන්නය.

ජාතියේ පියාගේ අතිජාත පුත්‍ර ඩඩ්ලි හා රොබට් තම පියාගේ අඩි පාරේ යමින් මුලික හා ද්විතියික අධ්‍යාපනය හදාරන්නට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට යමින් විද්‍යාලයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ පිති හරඹයක නිරත වෙමින් ක්‍රීඩා කණ්ඩායමේ නායකයා බවටත් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායකයා බවටත් පත් වූයේය.

ඩඩ්ලි ක්‍රීඩාවේ දක්ෂයෙකි. පිහිනුම් ශූරයෙකු මෙන්ම ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙසත් දීර්ඝ කාලයක් කටයුතු කළේය. එම වකවානුව තම සංගමය දීප්තිමත් කාලයක් බවට පත් කරන්නටද එතුමා සමත් විය. එතුමා හොකී හා මලල ක්‍රීඩකයකු ලෙසද සම්භාවනාවට පාත්‍ර වූයේය.

ක්‍රීඩකයකු වූවාසේම උසස් අධ්‍යාපනයටද ඔහු අනලස්ව කටයුතු කර උසස් අධ්‍යාපනයට යොමු වී අනාගත නායකයකු වීමට අවශ්‍ය වන්නාවූ සියලු සුදුසුකම් සපුරාලීය. එතුමා ලන්ඩන්හි මිඩ්ල් ටෙම්ප්ල් උසස් අධ්‍යාපන ආයතනයෙන් නීතිඥ වෘත්තියට අදාලව බැරිස්ටර්වරයකු ලෙස විශිෂ්ට ලෙස සමත් වී ලංකාවට පැමිණියේය.

අධ්‍යාපනය නිමාකළ එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූවත් 1946 වන තෙක් වසර ගණනාවක්ම සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස ජන හද දිනාගනිමින් තම සේවාව ඉටුකළේය. 1946දී ඩඩ්ලි තම පියාගේ අඩිපාරේ යමින් කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සේවාව සපුරාලන්නට ඇති අදිටනින් එවක කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වූහ. 1952 තම දයාබර පියාණන් වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවය තෙක් ක්‍රියා කළ එතුමා 1952 දී ආණ්ඩුකාර සෝල්බරි සාමිවරයා විසින් නිදහස් ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගන්නා ලදී. එතැන් සිට 1970 දක්වා වන කාලයේදී එතුමා මෙරට සිවුවරක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවිය.

ජනවරම් ලද ඩඩ්ලි හැමවිටම ජනතාවාදී ලෙස රට මෙහෙයවමින් දේශයේ සමෘද්ධිය හා සංවර්ධනය ඉලක්ක කොට මෙහෙයවන්නට ක්‍රියා කළේය. හරිත විප්ලවය දියත් කරමින් රට සහලින් ස්වයං පෝෂණය කරන්නට එතුමා අප්‍රතිහත ධෛර්යයක් දැරුවේය. මේ වකවානුව තුළ කෘෂි නවෝදයක් තුළින් රට සංවර්ධන ඉලක්ක කරා යන්නට අපේක්ෂා කළාක් මෙන්ම ජනතාවට නොමිලේ සහල් සලාකයක් ලබා දෙමින් බත් දුන් පියා ලෙස විරුදාවලි ලැබුවේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා මුලික කටයුතු අවසන්කොට තිබුණ ගල්ඔය ජනපද ව්‍යාපාරය බහුකාර්ය ව්‍යාපාරයක් ලෙස නිමා කරන්නට ඩඩ්ලි ක්‍රියාකළ ආකාරය සැමගේම ප්‍රසංශාවට හේතුවක් විය. දේශීය මෙන්ම විදේශීය අරමුදල් සපයා ගනිමින් එදා මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා පිඹුරුපත් සකසා පොල්ගොල්ල ජලාශය ඉදිකරන්නට 1968 දී මූලික අඩිතාලම දැමුවේ ඩඩ්ලි සේනානායක මහතාය.

දේශිය කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම කාර්මික හා තාක්ෂණික සංවර්ධනයද එතුමාගේ ඉලක්කය විය. ඩඩ්ලි රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ ඊරියගොල්ල මහතා ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඇරැඹිය. කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයට පාසල් තුළින්ම අවශ්‍ය අඩිතාලම දමමින් අවශ්‍ය දැනුම ලබාදීමට ක්‍රියාකරන්නට සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවද එවකට සිටි වාමාංශික වංක දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව නොමග යවමින් ඇති කළ අමනෝඥ ක්‍රියාකලාප හේතුවෙන් අපේක්ෂිත අධ්‍යාපනයේ නව නැම්ම රටට ළඟා කරගැනීමට නොහැකි තත්වයක් උදාවිය. එදා තාක්ෂණ අධ්‍යාපනය ඒ අයුරින් හෝ අවශ්‍ය වෙනස්කම් කරමින් කරගෙන යාමට ඉඩ සැලසුනේ නම් අද වනවිට ආසියාවේ කාර්මික සංවර්ධනයේ ඉහළ හිනිපෙත්තටම අප ශ්‍රී ලංකාව ගෙන යාමට බොහෝ විට ඉඩකඩ තිබුණි.

ඩඩ්ලි බුදු දහම සුරක්ෂිත කිරීමටත් පෝෂණය කිරීමටත් හදවතින්ම බැඳී සිටි නායකයෙකි. එදා ඩී.එස්. සේනානායක මහතා රුවන්වැලි සෑරදු සංරක්ෂණය කමිටුවේ කටයුතු කළ අයුරු දැක බලා ඇති ඩඩ්ලි සේනානායක මහතා එම පිළිසකර කටයුතු තම පියාගේ අභාවයෙන් පසුවද නොපිරිහෙළා කරගෙන ගියේය.

මහියංගන සෑරදුන් චෛත්‍යයේ කොත පළඳවා කටයුතු නොපිරිහෙළා කරගෙන යාමට එතුමා තුළ ඉමහත් කැපවීමක් තිබුණි. අනුරපුර නගර සංවර්ධන කටයුතු විධිමත් පරිදි කරගෙන යාමට අතහිත දුන් එතුමා ඩී.එස්. සේනානායක මහතාගේ අනුග්‍රහයෙන් ගොඩ නැඟුණු සල්ගල ආරණ්‍ය සෙනසුන මැනවින් පවත්වාගෙන යාමට සියලු අයුරින් සහයෝගය ලබා දුන්නේය. තවත් වෙහෙර විහාර රැසක් තම පෞද්ගලික අධීක්ෂණය යටතේ ගොඩනගමින් කටයුතු කරන්නට ක්‍රියා කළේය. ඩඩ්ලි සේනානායක මහතා කාලයක් තිස්සේම ක්‍රියා කළේ බුදුදහම ලෝකය පුරා ප්‍රචලිත කිරීමටය. ජර්මනියේ බුදුදහම ප්‍රචලිත කිරීමට එතුමා පෞද්ගලිකවම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

ජනවාර්ගික සංහිඳියාව ඉතා අගය කළ එතුමා සිංහල දෙමළ මිත්‍රත්වය ගොඩ නැගීමට වෙහෙසුණ නායකයෙකි. එදා ඒ අරමුණ ඔස්සේ ක්‍රියාකළ එතුමා මතු දිනයක කිසියම් ගැටුමක් නිර්මාණය වියහැකි බවට තිබූ පසුබිම සමනය කිරීමේ ක්‍රමවේද අගය කළාක් මෙන්ම ඒ අරමුණ ඔස්සේ විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමට පසුබිම් සැකසීමටද කටයුතු කළේය.. එහෙත් අවස්ථාවාදී දේශපාලනය ඊට හරස් විය. එහි ප්‍රතිඵලය වූයේ පසුකාලෙක අන්තවාදී තවත් කලහකාරී පිරිසකට රට විනාශ කිරීමට මග පැදීමකි.

ඩඩ්ලි සේනානායක මහතා දේශපාලනය කළේ ජාතියේ පියාගේ අතිජාත පුත්‍රයකු ලෙසයි. එතුමා අගය කළේ ජනතාවය. එතුමාගේ ආදරය කරුණාව බැඳීම තිබුණේ බුදුදහමට හා සමානත්මතාවාදයටය. අද දේශපාලකයන් මෙන් මුදල් හා බලය හමා යන පටු අරමුණු එතුමා තුළ නොවූ බව සක්සුදක් සේ විද්‍යාමාන විය. එතුමා 1973 අප්‍රේල් මස 13 වැනිදා දැයෙන් සමු ගන්නා විට සන්තකයේ පැවැතියේ රුපියල් 500 කටත් වඩා අඩු මුදලක් සහිත බැංකු ගිණුමකි. අවංකත්වය හා මහත්මා දේශපාලනයට මහඟු ආදර්ශයක් වුණ එතුමා ලක් පොළොවේ ශ්‍රේෂ්ඨතම ජනතා පුත්‍රයකු ලෙස අභිනන්දනයට සදා පාත්‍ර විය යුතුම නායකයකු බව අවිවාදයෙන් පිළිගත යුතුය.

 

(***)
ඩඩ්ලි සේනානායක ගුණ සමරු කමිටුවේ විධායක සභික
ආචාර්ය අයි. දිසානායක



අදහස් (2)

ජනවාර්ගික සංහිඳියාව අගය කළ ලක් පුත්‍රයා - ඩඩ්ලි

M. SAMAN PERERA Sunday, 23 June 2024 03:47 PM

ජාතියට බත් දුන් පියා.

:       2       4

sam Monday, 24 June 2024 09:01 AM

ඩඩ්ලි සේනානායක මැතිතුමා ජනවාර්ගික සංහිඳියාව ඉතා අගය කළ එතුමා සිංහල දෙමළ මිත්‍රත්වය ගොඩ නැගීමට වෙහෙසුණ නායකයෙකි. එදා සියලු දේශපාලන පක්ෂ රට වෙනුවෙන් නොබෙදී කටයුතු කලේනම් අද වෙනස්ම ශ්‍රී ලංකාවක් අපට දකින්නට තිබිණි. නමුත් අද අප සිටින්නේ ලෝකයට ණයවූ රටකය. සමස්තයක් වසයෙන් මුළු රටම විනාශය කර ගෙනයාමට දුෂිත බලලොබි දේශපාලනය නිසා සිදුවී ඇත. බලලොබි දේශපාලනය නිසා ශ්‍රී ලංකාවට ලැබුණු කිසිවක් නොමැති උවත් අහිමිවූ සම්පත් බොහෝය.

:       2       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර
2024 ජුලි මස 13 341 1

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයකැයි ප්‍රකාශයට පත් කරන ලෙසද එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ද ඉල්ලා මොරටුවේ පදිංචිකරුවකු වූ චමින්ද ලේනව නමැති


පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය
2024 ජුලි මස 13 450 1

අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා ර


රජිව්ගේ පරිප්පු මෙහෙයුම
2024 ජුලි මස 12 631 1

එක්දහස් නවසිය අසූහතේ වසර එළඹුණේ ශ්‍රී ලංකාවට දුෂ්කර කාල පරිච්ඡේදයක් උදා කරමිනි. උතුරේ ත්‍රස්තවාදී සංවිධාන තම ප්‍රහාර උච්ච කර තිබූ අතර උතුරේ ත්‍රස්තව


ජනපති අපේක්ෂක අභියෝග
2024 ජුලි මස 12 196 0

මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17


දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු
2024 ජුලි මස 12 184 0

දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති.


ආර්ථිකය වැටීමට හේතු සාධක
2024 ජුලි මස 11 173 1

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර ලංකාවේ බදු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ජනතාවට මේ අවස්ථාවේ ඇති බරපතළ ප්‍රශ්නය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 59 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1801 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site