IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාති - ආගම් - කුලය අනුව නීතිය බෙදන්න යන්න එපා

ආගම, කුලය හෝ වර්ණය නොසලකා මුළු රටම එකම නීතියකින් පරිපූර්ණ වියයුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පසුගියදා නිකුත් කරන ලද නිවේදනයකින් ප්‍රකාශ කර තිබිණි. සමාජය වෙළාගෙන තිබෙන සැකය, සංකාව සහ භීතිය ඉවත් කිරීම දැඩි අවශ්‍යතාවක් බවට අවධාරණයෙන් සඳහන් කරන රදගුරු මණ්ඩලය ඒ සඳහා නීති සියලු  දෙනාටම එක හා සමානව පරිපූර්ණ වීමේ අවශ්‍යතාව මෙසේ පෙන්වාදී තිබේ.

රටේ පවත්නා නීතිය සහ ක්‍රියාත්මක නීතිය සම්බන්ධයෙන් වරින් වර විවිධ මට්ටමින් බරපතළ විවේචන සහ විග්‍රහ සිදුවෙයි. මේ සම්බන්ධයෙන් බලයට පත්වන සෑම රජයකටම එරෙහිව ජනතාව විසින් චෝදනා එල්ල කරනු ලැබ තිබේ. සරලව ප්‍රකාශ කළහොත් පවතින නීතිය රටේ සාමාන්‍ය ජනතාවටත් බලයේ සිටින රජයේ මැති ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ට වෙනම නීතියකුත් ක්‍රියාත්මක වන ආකාරය මේ ජනතාවට හොඳට පුරුදුය. නීතිය ක්‍රියාත්මක වීමේ මෙම බරපතළ විසමතාව කොතරම් දැඩිව විවේචනය කෙරුණ ද කිසිම රජයක් ඊට කන්දීමට සූදානම් නැත. එය නීතියේ ආධිපත්‍යය ගිලිහුණු රටක් දක්වා ප්‍රසාරණය වීමට ලොකු ඉඩක් පවතින බව පසුගිය දින කිහිපය තුළදී පවා හොඳින්ම ප්‍රදර්ශනය විය.

එකම දේශයක ජනතාවක් වශයෙන් කටයුතු කරන විට විවිධ ආගම් ජාතීන් සඳහා වෙන වෙනම නීති පැවතිය නොහැක. ජාතිය හෝ ආගම හෝ කුමක් වුවද රටේ පොදු නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සියලුම ජනතාවට එක හා සමානවය. එය කාත්තන්කුඩියට එක් නීතියකුත් ගාල්ලට තව නීතියකුත් වශයෙන් ක්‍රියාත්මක විය යුතු නැත. කොළඹ යතුරුපැදිකරුවන්ට ක්‍රියාත්මක හෙල්මට් නීතිය මඩකලපුවේදී ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් එය නීතිය ඉදිරියේ සියලු_දෙනාම සමාන විය යුතුය යන සිද්ධාන්තයෙන් බැහැර වීමකි. එවැනි සිදුවීම් පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් යොමු නොවීමේ ප්‍රතිඵල දැන් ඇස්පනාපිටම ප්‍රදර්ශනය වෙමින් තිබේ. මේ රටේ පමණක් නොව ආසියානු කලාපයේම එකම අවස්ථාවක වැඩිම ජීවිත විනාශයක් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයට මූලික පදනම කාත්තන්කුඩියෙන් වැටීමේ පදනම එය විය හැකිය. මෙවැනි නීතිමය විසමතා සම්බන්ධයෙන් රටේ විවිධ අවස්ථාවලදී කොතෙක් කරුණු පෙන්වා දුන්නද මෙතෙක් බලයේ සිටි කිසිම රජයක් ඒ ගැන ඇස්, කන් යොමු කළේ නැත. දැන්වත් මේ රටේ සියලු පක්ෂ, විපක්ෂ දේශපාලන පක්ෂ අතර මුළු රටටම එකම නීතියක් පැවැතිය යුතු බවට එකඟත්වයක් ඇති කරගත යුතුය. ප්‍රමාද වී හෝ එවැනි එකඟත්වයකට පැමිණීම එය සිදුනොවෙනවාට වඩා හැම අතින්ම යහපත්ය. රදගුරු මණ්ඩලය පෙන්වාදී ඇත්තේ එම යථාර්ථයයි.
පාඩම් ඉගෙන ගැනීම සම්බන්ධයෙන් අපේ රට තවමත් සිටින්නේ සෙසු රටවල්වලට වඩා බොහෝ පසුපසිනි. එසේ නොවන්නට වසර 30ක දරුණු යුද්ධයක් මැද ජීවත් වූ අපට එය අවසන් කොට වසර 10ක් යද්දී රටේ ජාතික ආරක්ෂාව අමතක වී යා නොහැක. බලයට පත්වෙන ප්‍රධාන පක්ෂයට දරදිය අදින සෙසු දේශපාලන පක්ෂ රැකගැනීම සඳහා නීති වෙනස් කිරීමේ පලවිපාක ඇස්පනාපිට පෙනෙද්දීත් එය නිවැරැදි කරගැනීමට පියවර නොගැනීම රටේ අවාසනාවකි. මේ තත්ත්වය වහා වෙනස් කළ යුතු බවට වන ප්‍රබල පණිවුඩයක් රදගුරු මණ්ඩලයේ නිවේදනය තුළ ගැබ් වී තිබේ.

රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වියයුතු බවට මහා සඟරුවනද වරින් වර ප්‍රකාශ කරති. රාජ්‍ය නායකයන්, දේශපාලන පක්ෂ නායකයන්, මැති ඇමැතිවරුන්, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු සෙසු මහනාහිමිවරුන් බැහැදැකීමට යන අවස්ථාවලදී මේ පිළිබඳව සඳහන් කරන බව අපි අසමු. දකිමු. එහෙත් පසුව පක්ෂ දේශපාලනයට එකතු වනවිට බොහෝමයක් නායකයන්ට එය අමතක වන බව හෝ වුවමනාවෙන් අමතක කරන බව ද අපි හොඳින් දැන සිටිමු.

මුළු රටටම එකම නීතියක් පැවතීම පසුගිය 21 වැනිදා සිදු වූ ආකාරයේ අන්තවාදී, අවාසනාවන්ත ම්ලේච්ඡ සිදුවීම්වලට වගකිවයුත්තන් සොයාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණවලට ද උපකාරයකි. එම පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම අත්‍යවශ්‍යම කාරණයකි. සමාජය වෙළාගෙන ඇති බිය, සැක, සංකාව, එකිනෙකා කෙරෙහි සැකයෙන් බැලීම වැනි සංකීර්ණ තත්ත්වයන් දුරුකෙරෙනු ඇත්තේ සිදු කෙරෙන පරීක්ෂණ කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඇතිවූවොත් පමණක් බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ජනතාවට සාමය සහ සැබෑ නිදහස භුක්ති විඳීමට හැකි වන්නේ සත්‍යය සහ යුක්තිය නැවත පිහිටුවනු ලැබූ විට පමණක් බවය. ඒ සඳහා බලය රැකගැනීම වැනි දේශපාලනික අරමුණු ඉවත දමා කටයුතු කිරීම අවශ්‍යය. එය කළ හැකි වන්නේ මුළු රටටම බලපාන්නේ එක නීතියක් නම් පමණි. එය නාමිකව පැවැතීමෙන් පලක් නැත. ක්‍රියාවෙන්ද පෙනෙන්නට තිබිය යුතුය. 



අදහස් (3)

ජාති - ආගම් - කුලය අනුව නීතිය බෙදන්න යන්න එපා

janahitha Friday, 17 May 2019 11:37 AM

ආගම, කුලය හෝ වර්ණය අනුව පක්ෂ නිර්මාණය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළයි...

:       0       121

Kriss Saturday, 18 May 2019 02:38 PM

බීරි අලින්ට වීණා වැයීමෙන් පලක් වේද.

:       0       0

Kriss Tuesday, 11 June 2019 02:28 AM

ජාතිවාදයේ උපන් ගෙය පාර්ලිමේන්තුවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31322 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13535 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site