IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාත්‍යන්තරය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අවාසනාව

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගනිමින් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියකට අදාළව පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දේවපුරගේ ෂෙහාන් මධුශංඛ සහ ඔහුගේ මිත්‍රයකු ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් මාධව අධිකාරී මහතා නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කුඩුවලට කළ හැකි විනාශයේ තරම මෙම පුවතින් ද මනාව නිරූපණය වේ. ගමෙන් පැමිණ කොළඹ ක්‍රිකට් ක්‍රීඩාකර ජාත්‍යන්තරය දිනා පැහැබර අනාගතයකට හිමිකම් කී ජවාධික ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ලෝකය මුළුමනින්ම කුඩු පට්ටම් කර දැමීමට කුඩුවලට හැකිවිය. මෙම ක්‍රිකට් ක්‍රීඩකයා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නකු, මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු මෙන්ම තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් ප්‍රකාශකයකු ප්‍රකාශ කළ බව ද අප පුවත්පත අමතර වශයෙන් වාර්තා කර තිබුණි.

රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබීම අතිශයින්ම දුර්ලභ අවස්ථාවකි. දෙකෝටි විසිලක්ෂයක් ඉක්මවා ඇති ජනගහනයක් සහිත රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම හිමිවන්නේ ක්‍රීඩකයන් 11 දෙනකුට පමණි. එම වරම හිමි කර ගැනීමට සෙස්සන් පරයා යන තරමේ සුවිශේෂී හැකියා සම්පත්තියක් තිබිය යුතුය. සෙස්සන්ට වඩා දස්කම් විස්කම් ප්‍රදර්ශනය කළ යුතුය. රොද බඳින ක්‍රීඩා ප්‍රේමීන් ආස්වාදයට පත් කරන ඔවුන් වසඟයට ගැනීමට සමත් අපූරු ක්‍රීඩා කෞෂල්‍යයක් තිබිය යුතුය.

තවමත් විසිපස් හැවිරිදි ෂෙහාන් මධුශංඛ ඒ සියලු රුව ගුණ තේජසින් සපිරිව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයෙකි. 2018 වසරේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වරම් ලැබූ ෂෙහාන් මධුශංඛ තමන් සහභාගි වූ මංගල එක්දින තරගයේදීම පිට පිටම පන්දු තුනකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් එම හපන්කම පෑ ලොව සිව්වැනි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජගත් ක්‍රිකට් වංශ කතාවේ තමන් නමින් වෙනම පරිච්ජේදයක් වෙන් කර ගත්තේය. පහසුකම් අඩු, ගම්බදින් පැමිණ ජගත් ක්‍රිකට් පිටියේ වාර්තා පොත අලුත් කිරීමට සමත් වූ මෙම පැහැබර යෞවනයාට අද සිදු වී තිබෙන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමටය. මෙතැනින් එහාට ඔහුගේ ලෝකය කෙසේ සකස්වේදැයි යන්න අපගේ අනුමානයෙන් එපිට පිහිටියකි.

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු මත්කුඩු දැලට හසුකර ගතහොත් තමන්ගේ ජාවාරම් බොහෝ පහසුවෙන් කරගැනීමට හැකිවනු ඇතැයි ජාවාරම්කරුවන්ට සිතෙන්නට ඉඩ තිබේ. රටම දන්නා ක්‍රීඩකයකු වූ කල විශේෂ පරීක්ෂා කිරීම්වලින් තොරව මුර කපොලු පැන යා හැකි යැයි යමකුට සිතීම සාධාරණය. එය ගමින් ගමට පමණක් නොව රටින් රටට ද විය හැකිය. ජාත්‍යන්තර මට්ටමට යන ක්‍රීඩකයන් පරිස්සම් විය යුත්තේ එහෙයිනි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම අතිශයින්ම ශක්තිමත් සේම මත්ද්‍රව්‍ය වැටලීම් ද සාර්ථකය. ඉතා රහසිගතව මහ මුහුදෙන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙති. ලැබෙන කුඩා හෝ තොරතුරක් වූවද ඉවත නොහෙළා ඒවා හඹා යමින් රටම විමතියට පත් කිරීමට සමත් මෙරට ආරක්ෂක අංශ සමත් වූයේ වරක් දෙවරක් නොවේ.

ආරක්ෂක අංශවල උපක්‍රමශීලිත්වයත්, වේගවත් බවත් නිසාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ද තම සුපුරුදු උපක්‍රම වෙනුවට අලුත් උපක්‍රම සොයා යෑමට සිදු වී තිබේ. ආරක්ෂක අංශවලට සැක නොසිතෙන පුරවැසියන්ගෙන් කෙනකු දෙදෙනකු හෝ කිහිප දෙනකු ඩැහැ ගැනීමට හැකි වුවහොත් එමඟින් විශේෂ බාධාවකින් තොරව තම ජාවාරම කරගෙන යාමට හැකියාවක් ලැබෙනු ඇතැයි ජාවාරම්කරුවෝ සිතති. ෂෙහාන් මධුශංඛ ගොදුරු වූයේ එවැනි දැලකටදැයි අපි නොදනිමු. එහෙත් වගකීම් සහගත ලෙස ක්‍රියා කළේනම්, තමන්ගේ හැකියා සම්පත්තිය කෙරෙහි විශ්‍වාසය තැබුවේනම්, තමන් රට නියෝජනය කරන තානාපතිවරයකු බඳු පුරවැසියකු බව තේරුම් ගත්තේනම් මෙබඳු මර උගුල් පහසුවෙන් මග හැර ගත හැකිව තිබිණි.

ෂෙහාන් මධුශංඛ ගේ ඉරණම සෑම පුරවැසියකුගේම අවධානයට යොමු විය යුත්තේ ඊළඟ ගොදුර තමන් විය හැකි බව තේරුම් ගත යුතු හෙයිනි. ඊළඟ ගොදුර තමන්ගේ ජීවිතයේ සමීපතමයා විය හැකි හෙයිනි. අටවා තිබෙන්නේ මර උගුල්ය. ඒවා පියවි ඇසට නොපෙනෙන්නේය. පියවි සිහියෙන් මෙන්ම හොඳ අවබෝධයකින් කටයුතු කළයුතු වන්නේ එහෙයිනි.



අදහස් (6)

ජාත්‍යන්තරය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අවාසනාව

Rata Perata Thursday, 28 May 2020 06:21 AM

එ්ක නම් ඇත්ත. කරනවා නම් අර කුඩු ලොක්කන් වගේ රාජ්‍ය අනුග්‍රහය අරගෙන කරන්න ඕනෑ.

:       1       65

maalaka Thursday, 28 May 2020 07:27 AM

කෙතරම් මත් කුඩු අල්ලගත්තත්, ඒවා ගෙන්වන අය නීතියේ රැහැනට අසු නොවීම විමතියට කරුණක්. එමෙන්ම, අල්ලන කුඩු වලට කුමක් සිදුවේද? මේවා විනාශ කිරීමේ ක්‍රියාවලිය කුමක්ද? එය කොතරම් විශ්වාශනීය දායකද?

:       0       52

p.d goonawardena Thursday, 28 May 2020 07:41 AM

තමන්ගේ අගය තමන්ට නොවැටහෙන, තමන් කොපමණ දුෂ්කරතා මැද මේ තත්වයට ආවද කියලා නොවැටහෙන සල්ලාලයින්ට වෙන වෙන්න දෙයක් නැහැ.. හිරේ තපින කොට හොඳට තේරෙයි.. අපරාදේ මුන්ව හදපු දෙමව්පියෝ...

:       62       343

Raveendra Thursday, 28 May 2020 09:01 AM

ජාත්‍යන්තරේ නොව තුන් ලෝකෙම දිනු ක්‍රීඩකයකු වුවත් නීතිගරුක පුරවැසියකු නොවේ නම් උපරිම දඬුවම් ලැබිය යුතුමයි. එමෙන්ම ක්‍රීඩාවෙන් සදහටම පන්නා දැමිය යුතුය. මුදල් වෙනුවෙන් ඕනෑම තුට්ටුදෙකේ වැඩ කරන මෙවන් නිවට ක්‍රීඩකයන් මුදල් වෙනුවෙන් අනාගතදී තරගයන් පාවාදීම කිරීමට ඇති හැකියාවන් ඉතාමත්ම ඉහළ මට්ටමක තිබිය හැකි නොවේද? අප නම් තරයේ විශ්වාස කරන්නේ මෙවන් නිවට තුප්පහි ක්‍රීඩකයන්ට නිසි දඩුවම් ලබාදී ක්‍රීඩා පිටියක පය තැබීමටවත් ඉඩදීම නොකළ යුතු බවයි. ඇත්තෙන්ම පව් මේ පුද්ගලයාගේ ඒ ආදරණීය දෙමාපියන්..

:       126       564

Royfedricks Thursday, 28 May 2020 10:23 AM

උසාවියෙන් වරද කරුවීමට පෙරම මාධ්‍ය ඔහුව වරදකරු කිරීම නොහොබිනා ක්‍රියාවකි. චෝදනා ඔප්පුවෙන තුරුම ඔහු නිර්දෝෂී පුද්ගලයෙකි.

:       131       262

අසේල Friday, 29 May 2020 02:57 PM

බලාගෙන ගිහාම ෂෙහාන් නෙමේ... දක්ෂතා පෙන්නලා තියෙන්නේ ෂිහාන් ගේ ඇඟේ තියෙන කුඩු. පව් අසරණයා. දැන් ඉතිං කල්දේරම් බත් කන්න තමයි වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site