IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුවන්තොටේදී වීසා නිකුතුව ක්‍රමවත් පිළිවෙළකට ඕනෑ

ශ්‍රී ලංකාව සංචාරකයන්ට පාරදීසයකි. ඒ බව ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතායතනවල පිළිගැනීමය. එසේ නම් එම පාරාදීසයට ඇතුළු වන ස්ථානය අපායේ දොරකඩක් බවට පත්විය යුතු නැත. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුෙපාළේ පසුගිය බ්‍රහස්පතින්දා (02) උද්ගතව තිබුණේ අපායක තත්වයකි.  වීසා නිකුත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් විදේශීය සංචාරකයන්ට බලවත් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවීම ඒ තත්වයට හේතු වී තිබිණි.

කොවිඩ් තත්වය හේතුවෙන් ලොවපුරා සංචාරක ව්‍යාපාරය බින්දුවට බැසීමේ පීඩනයට ශ්‍රී ලංකාවද ගොදුරු විය. පසුව ලොවේ සෙසු රටවල් සාමාන්‍ය තත්වයට පත්වීමේදී එම තත්වය පහව ගිය අතර ශ්‍රී ලංකාව තුළ අරගලයත්,  ආර්ථික අර්බුදයත් මතුවීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට යළිත් පහර වැදුණි. එහෙත් පසුව එම තත්වය සමනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ පියවර හේතුවෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයද යළි  හිස එසවීමට පටන් ගත්තේය. මෙරටට පැමිණෙන ඇතැම් රටවල් සඳහා ගාස්තුවකින් තොරව වීසා නිකුත් කිරීමේ පහසුකම්ද ක්‍රියාත්මක කෙරුණේ එසේ වර්ධනය වන සංචාරකයන්ට තවදුරටත් රුකුල්දීමක් වශයෙනි.

එසේම කටුනායක ගුවන් තොටුපොළේදී විසා නිකුත් කිරීමේ  ක්‍රමයද ආරම්භ කරනු ලැබුවේ සංචාරකයන්ගේ පහසුව සඳහාය. එම වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගමකට බාර දී තිබූ අතර එම ක්‍රියාවලිය තුළ දැඩි ප්‍රමාදයක් ඇතිවීමෙන් සංචාරකයන් බලවත් අසීරුතාවකට පත්ව සිටි බවද වාර්තා විය. පැය කිහිපයක් තුළදී එම තත්වය තවදුරටත් බැරෑරුම් අතට හැරීම නිසා එකී රාජකාරිය අදාළ සමාගමෙන් ඉවත් කර ආගමන විගමන නිලධාරීන්ටම යළිත් පැවරීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි. එම පියවර ගැනීමෙන් රටේ ප්‍රතිරූපයට සිදුවිය හැකිව තිබූ බරපතළ හානියක් වැළකී ගියේය.

ලොකුම ගැටලුව මතුවන්නේ මෙතැනදීය. එනම් මෙතෙක් කාලයක් ගුවන් තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු කිසිදු ප්‍රමාදයකින් සහ චෝදනාවකින් තොරව සිදුකරමින් සිටි ආගමන විගමන නිලධාරීන්ගෙන් එය ගලවා විදේශීය සමාගමකට පැවරීමය. එය සිදුවූයේ කාගේ වුවමනාවකටද කුමන හේතුවකටද යන්න සොයා බැලිය යුතු නොවේද? සංචාරකයන්ගේ වඩාත් ආකර්ශනයට ලක්විය යුතු සේවාවක් මේ ආකාරයට ඔවුන්ගේ විකර්ශනයට පාත්‍රවන අන්දමේ බාල තත්වයකට ඇද දැමීමේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවට හැකියාවක් නැත. සිද්ධිය සම්බන්ධයෙන්  ආණ්ඩුවද පරීක්ෂණයක් අරඹා ඇති බව ප්‍රකාශ වුණත් වඩාත් වැදගත් වන්නේ එමගින් නිවැරදිව සොයා ගන්නා තොරතුරු මත ගන්නා පියවර බව පෙන්වා දිය යුතුය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන්ට වීසා අයැදුම් කිරීමට පහසුකම් සැලැස්වීමෙන් ආණ්ඩුව කර ඇත්තේ යහපත් ක්‍රියාවකි. එහෙත් එම සංචාරකයන් ශ්‍රී ලංකාවට පා තබන විට වීසා නිකුත් කිරීම ප්‍රමාද වන්නේ නම් එකී පහසුකමෙන් ප්‍රයෝජනයක් නොලැබේ. පෞද්ගලික සමාගමකට මේ බැරෑරුම් කාර්යය පවරා දෙන විට අදාළ සමාගමට සිය වගකීම ඉටුකිරීමට තිබෙන හැකියාව පිළිබඳ පැහැදිලි තක්සේරුවක් තිබිය යුතුය. මේ අවස්ථාවේදී පෙනී යන්නේ එම සමාගම ජාත්‍යන්තර වශයෙන් රටවල් 60කට අධික සංඛ්‍යාවකට සේවය සලසන ආයතනයක් යැයි ප්‍රකාශ වුවද ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ගේ අවශ්‍යතා පිළිබඳ ඔවුන්ට නිසි වැටහීමක් තිබී නැති බවය. කොතනක හෝ වැරැද්දක් සිදුව තිබෙන බව රජයේ බලධාරීන් ද තේරුම් ගත යුතුව තිබේ.

මෙහිදී තවත් මතු කෙරෙන කාරණාවක් වන්නේ පෞද්ගලික සමාගම මේ සේවා සඳහා අමතර ගාස්තු අය කිරීමය. ඒ හේතුවෙන් සංචාරකයන්ට වීසා ගාස්තුවලට අමතරව තවත් ගාස්තුවක් ද ගෙවීමට සිදුව ඇති බවත් සඳහන් වෙයි. මේ සියලු කරුණු වහාම විමර්ශනය කර අප්‍රමාදව සිදුවූ වැරදි නිවැරදි කරගත යුතු බව පෙන්වා දෙමු.

(***)



අදහස් (2)

ගුවන්තොටේදී වීසා නිකුතුව ක්‍රමවත් පිළිවෙළකට ඕනෑ

mangala Monday, 06 May 2024 03:14 PM

නිවැරැදි කිරීම තමයි ඔය පර කවුන්ටරේ වහලා දාන එක. පෙර තිබුණු ඔන්ලයින් වීසා දෙන විදියට එක වෙනසයි කරන්න ඕන. ලංකාවට එන සංචාරකයාට ඉන්න ඕනෑ කාලය විමසා බලලා මාසය දෙක තුන හෝ හයකට වලංගු වීසා එකක් ඒ කාලය අනුව මිල නියම කර නිකුත් කිරීම. එතකොට සංචාරකයා කොළඹ රස්තියාදු වෙන්නේ නැහැ. ඒ වගේම රටතුළ සංචාරකයා වියදම් කරන ඩොලර් 25 ක් වුණත් ඉන්දියන් කොම්පැනියකට යන්නෙත් නෑ.

:       0       23

සුපුන්ප චාමර Tuesday, 07 May 2024 10:36 AM

වැඩිපුර අයකරන ගාන යන්නෙ කාගේ සාක්කුවටද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. තව මාස 4ක් වගේ තමා තියෙන්නෙ ඊට කලින් කීයක් හරි හොයාගන්නත් එපැයි

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site