වංචාව, හොරකම, ජනතා මුදල් ගසා කෑම පමණක් නොව අඩු ආදායම් ලබන ජනතාවට පමණක් දෙන සහනාධාර පවා ගසාකෑමද අතීතයේ සිටම අප රටේ අඩුවැඩියෙන් ක්‍රියාත්මක විය. රජය සාමාන්‍ය ජනතාවගේ සුභසිද්ධිය සඳහා වෙන් කරන මුදල් හා සේවාවන් ඒ අයුරින්ම ජනතාවට ලැබෙනවාද යන්න රජයේ වගකිවයුතු පිරිස් සොයා බැලීම මන්දගාමී නිසාම ජනතාව වෙනුවෙන් එවැනි සිද්ධින් කීපයක් පිළිබඳව සොයා බැලීමට අප උත්සහායක නිරතවීමු.
![]() |
වී මිලදී ගැනීම් මධ්‍යස්ථානයට යන වී ලොරිය |
මෙවරද වී ගොවීන්ගේ අස්වැන්න වී අළෙවි මණ්ඩලය ඔස්සේ සහතික මිලකට ගොවින්ගෙන් මිලදී ගැනීමට රජය තීරණය කැර එහි වගකීම වි අළෙවි මණ්ඩලයට පවරා ඊට අවශ්‍ය මුදල් ලබාදුන්නේය. ඒ අනුව දිවයින පුරා මිලදී ගැනීම් ස්ථාන ආරම්භ විය.
වී අළෙවි මණ්ඩලයේ නිලධාරීන් වී මිලදී ගැනීම් ක්‍රියාත්මක කරද්දී ගොවීන්ට ප්‍රශ්න කීපයක් පැන නැගිණි. එනම් ලබාදුන් වී සඳහා නිසි කලට වේලාවට මුදල් නොලැබිණි. බැංකුවල ඇති ගිණුම් වැසිණි. එහෙත් නිලධාරීන් වී මිලදී ගැනීම සිදුකරනු ලැබිණි. වී මිලදී ගැනීමේදී ගොවීන් නොවන ව්‍යාපාරිකයන්ගේ වී තොගද ඉතා හොර රහසේ නිලධාරීන්ගේ සහාය ඇතිව වී අලෙවි මණ්ඩලයේ තොග තලයට එකතුවන බවට තොරතුරු වාර්තාවිය.
මේ අතරදී ගලේවෙල ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා අපට දුරකථනයෙන් කතා කොට මෙසේ තොරතුරක් ලබාදුන්නේය.
‘‘ගලේවෙල, දේවනහූව, ගොවි කලාපවල ගොවින්ගේ වී ඇස්වැන්න මුදලාලිලා ගන්නවා රුපියල් 20ට 25ට වී අළෙවි මණ්ඩලයේ අය ගොවින්ගේ වී ටික වෙනුවට මුදලාලිලාගේ වී ටික තමයි මිලදී ගන්නේ. මේක අපි ප්‍රාදේශීය සභාවේ කතා කළා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. ඒත් හරියන්නේ නැහැ. මේ අහිංසක ගොවීන්ට රජයෙන් ලැබෙන සහනය අරගෙන දෙන්න. මොකද මේක අපි කිව්වොත් හිතන්නේ දේශපාලන වාසි ගන්න හදනවා කියලා’’
මන්ත්‍රී වරයා එසේ අපට පැවසීය.
ඒ අනුව සූදානම්වූ අප දින ගණනාවක් ගලේවෙල දේවහුව ප්‍රදේශයේ සැරිසැරුවෙමු. වී මිලදී ගැනීමේ ජාවාරම රිසිසේ ක්‍රියාත්මක වන බව සියැසින් දැක ගතිමු.
වී මිලදී ගැනීමේදී ගොවීන් ගෙන් පමණක් වී මිලදී ගැනීමට රජය තීරණය කළේ වාසිය ගොවින්ටම ලබාදීමටය. ගොවින් බවට හඳුනා ගැනීම සඳහා පළාතේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී වරයාගේ අත්සනින් යුත් පෝරමයක් පුරවා වී අලෙවි මණ්ඩලයට ලබාදීමට ද රජය නීතියක්් පැණවිය. එහෙත් පොහොර සහනාධාර නියං සහනාධාර ගංවතුර, සහනාධාර ගෙඩිපිටින් ගිලපු අපේ රටේ ඇතැම් නිලධාරීන්ය. මෙම පෝරමය නීතිය එතරම් කජ්ජක් නොවීය. ඇතැම් කෘෂිකර්ම පර්යේෂක නිලධාරීන් ළඟ පමණක් නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ළඟද එම පෝරම අලෙවි විය. ඒ අනුව අපි දුරකථනයෙන් අදාළ නිලධාරියකු සමඟ මෙසේ සංවාදයක් ඇතිකැර ගත්තෙමු.
අපි :- ‘‘මහත්තයෝ මම වී කිරණ මුදලාලි කෙනෙක් කතා කරන්නේ. නසර් මුදලාලි තමයි මේ නම්බර් එක දුන්නේ. මගේ වී ලෝඞ් කීපයක් තියෙනවා. මණ්ඩලයට දාගන්න. පෝරම් කීපයක් ගන්ඩයි වුවමනාව’’
![]() |
වී පටවනු ලැබූ ස්ථානය |
නිලධාරියා:- ‘‘ඇයි නසාර්ට දීපුවා ඉවරවෙලාද ?’’
අපි:- ‘‘ඔව්.....මටත් කීපයක් දෙන්ඩ’’
නිලධාරියා:- ‘‘හරි.....දන්නවනේ කීයද කියලා......රුපියල් දෙදහක් දෙන්ඩ එකකට. මොකද මේක රස්සාව ගහලායන වැඩක්’’ එම නිලධාරියා කීවේය.
අපි ගලේවෙල කණාදන පිහිටි වී මිලදී ගන්නා ස්ථානයේ සේවකයකුට කතා කළෙමු. ඒ වී අලෙවිකැර ගැනීමට අවශ්‍ය බව පවසමිණි. ඔහු එම ස්ථානයේ කම්කරුවකු ලෙසත් සේවය කරයි. කම්කරු වැටුප ලබා ගත්තද ඒ මහතා පිළිවෙළකට ඇඳුම් අඳියි. කළමනාකරුවකු ලෙසද පෙනී සිටියි. ඒ මහතාද අපට කීවේ කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් නිලධාරීන්ට පාඩුවක් නොවන පරිදි සලකන ලෙසත් ඉල්ලා සිටියේය. ඔහු එහි කළමනාකරුගේ ජංගම දුරකථනයද ලබාදුන්නේය. කළමනාකරුගේ පිළිතුර වූයේ ‘‘හොඳට වේළිලා නේද තියෙන්නේ’’ යන්නයි.
සියල්ල පටිගත කැරගත් අප ගලේවෙල දේවහුව ප්‍රදේශයට ගොස් ගොවීන්ගේ වී මිලදී ගන්නා පෞද්ගලික ව්‍යාපාරිකයෝ පිළිබඳ විමසිල්ලෙන් සිටි අතර වී අළෙවි කරන්නට පැමිණි ගොවින් බව පවසා මිලදී ගන්නා මිල විමසීමක්ද කළෙමු. එම ව්‍යාපාරිකයන් කියා සිටියේ නාඩු වී කිලෝව රුපියල් 22කටත් සම්බා වී කිලෝව රුපියල් 25ටත් ලබා ගන්නා බවයි. අප ඒ ආසන්නයේ සිටියදී තවත් ගොවිහු පිරිසක් පැමිණ එම ව්‍යාපාරිකයාට වී අස්වැන්න අළෙවි කළහ.
දේවහුව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානය ආරම්භකැර දින දෙකක් ඇතුළත ගබඩාව පිරුණු බව පවසා නිලධාරීහු දේවහුව ගබඩාව වසා දැමූහ. පසුව ගොවින්ට සිදුවූයේ තම වී අස්වැන්න ගලේවෙල කණාදන පිහිටි මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට රැගෙනයාමටය. විශාල මුදලක් වියදම් කැර ගොවීන් වී රැුගෙන ගියද ගොවින්ට සිදුවූයේ දින දෙක තුන රස්තියාදු වීමටය. එහෙත් ව්‍යාපාරිකයන්ට එවැනි ගැටලූවක් නොමැත.
අප ඉතා රහසිගතව බලා සිටියදීම දේවහුව ප්‍රදේශයේ පෞද්ගලික වී මිලදී ගනු ලබන ව්‍යාපාරිකයෝ ගොවීන්ගෙන් අඩු මුදලට ලබාගත් වී තොග ලොරිවල පටවා ගලේවෙල කණාදන පිහිටි රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට රැගෙන යද්දී ඒ පිටු පස අපිද ගියෙමු. ලොරිය එකවරම වී මිලදී ගන්නා මධ්‍යස්ථානයට ඇතුල් කරනු ලැබීය. එහි සිටි තැරැුව් කාරයා ඔවුන් පිළිගන්තේ සිනාමුසු මුහුණෙනි.
මධ්‍යස්ථානයට ගොඩවූ අප එහි කළමනාකාර වරයා හමුවී වී මිලදී ගැනීම පිළිබඳව කතා බහක නිරතවී ගොවින්ගෙන්මදැයි වී මිලදී ගන්නේ යැයි විමසුවෙමු. ඔහු කියා සිටියේද ගොවින්ගෙන් පමණක් ගන්නා බවයි.
![]() |
ගොවින් බවට සනාථ කරන රජයේ ලියවිල්ල |
ඒ වන විටත් අවට වී වෙළෙන්දෝ රැසක් මධ්‍යස්ථානයට වී අළෙවි කරමින් සිටියහ. අප කළමනාකාර තැන ද සමඟමගොස් දේවහුව ප්‍රදේශයේ පෞද්ගලික වී මිලදී ගන්නා ස්ථානයේ සිට පැමිණි ලොරි රථයේ සිටි පිරිසගෙන් ගොව්යා කව්දැයි විමසුවෙමු. ඔවුන්ට කට උත්තර නැතිවිය. එම වී ගොවින්ගෙන් කිරාගෙන ආ බවත් මුදලාලි ළඟ තමන් සේවයකරන බවත් දිනපතාම මේ ආකාරයෙන් වී තොග මෙම ස්ථානයට රැගෙන ආ බවත් කළමණාකරු ඉදිරියේම ඔව්හු පැවසුහ. ඔවුන් සතුව තිබූ රජයේ ලියකියැවිලිද අප ඡායාරූප ගතකැර ගතිමු. ඒ සියල්ල ව්‍යාජ ඒවා බව කළමණාකරු ඉදිරියේදීම හෙළිදරව් කැර ගැනීමට අපට හැකිවිණි. එහි කළමාකරු අප සමඟ කීවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීවරයාගේ අත්සන ඇති නිසා වී මිලදී ගත් බවයි.
![]() |
ගොවින් ලෙස පැමිණි සේවකයෝ |
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගොවීන්ගේ වෙස්ගත් මුදලාලිලා වී අලෙවි මණ්ඩලයට වී විකුණන හැටි
ජනක Saturday, 27 April 2013 03:01 PM
මෙව්වට ප්‍රතිචාර දාන්න නම් කවුරුවත් නැහැ නේද? (නි)
ආනන්ද Sunday, 28 April 2013 01:29 PM
වැඩක් නැහැ ප්‍රතිචාර දාලා... මොනවා කියලා කියන්නද මේවට? (නි)
නන්දන රාජපක්ෂ Monday, 29 April 2013 12:30 AM
ඕවත් වැඩද, ලොක්කෝ ගසාකනකොට? වැඩක් නැහැ අදහස් ලියලා. එහෙත් හිතේ දුකට ලියවෙනවා. (නි)
පාල Sunday, 28 April 2013 04:03 PM
මොනවටද ජනක ප්‍රතිචාර දාන්නේ මේවට.අපි මොනවා ලිවුවත් රටේ ඉන්න බත් කන අයනේ ඡන්දෙ දෙන්නේ.ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඕනෑ එහෙම සමාජයක් නිසානේ අවශ්‍ය විදියට ඒක නිර්මානය කරගන්නේ. (නි)