ගල්කිස්ස මුහුදු තීරයේ රාත‍්‍රියට සිදුවන සමහර දෑ ගැන පසුගිය සතියේ රසවිතෙන් කතා කළෙමු. බීච් පාටි ද ඒ අතර විය. බීච් පාටි අතර අමුතුම තාලයේ බිච් පාටියක් ගැන අප සමඟ පැවසුවේ ප‍්‍රදේශවාසියෙකි.

එය වෙනස්ම ආකාරයේ බීච් පාටියක් වන්නේ ලංකාවේ සංස්කෘතියට සම්පූර්ණයෙන්ම නොගැළපෙන දෙයක්වීම නිසාය. ලංකාවේ එවැනි ප‍්‍රවණතාවක් නැතත් එවැන්නක් ඇති කිරීමේ අරමුණෙන් එලෙස කරනවාදැයි නොදන්නා බව ද ඔහු කීවේය.

-සම ලිංගික බීච් පාටි” ඒ  ඔහු පැවසූ අමුතුම සාදයයි.

මීට ටික කාලෙකට කලින් මෙහෙ බීච් පාර්ටි එකක් තිබුණා. ඒවගේ ඒවා ඉඳලා හිටලා කරනවා. ඒක අමුතු පාටි එකක්. සමලිංගික ආදරවන්තයෝ තමයි ඒකට ආවේ. ප‍්‍රශ්නෙ තියෙන්නේ ආපු අයගෙන් වැඩිපුර හිටියේ ඉස්කෝලේ යන වයසේ පිරිමි ළමයි. ළමයි කොහෙද යන්නේ කියලා අම්මලා තාත්තලා හොයන්නේ නැද්ද මන්දා.

අවුරුදු 13 - 18 වයසේ වගේ ළමයින් එක එක විදියට ඇඳගෙන එනවා. එයාලගේ ඇදුම්වලට වියදම් කරලා තිබුණේ ඒක සංවිධානය කරපු අය. මොරටුව පැත්තේ කෙනෙක් තමයි මේක සංවිධානය කර තිබුණේ.

අවුරුදු 25ට වගේ වැඩි පිරිමිනුත් පාටියට එනවා. ඒ අතරේ 45, 50 වගේ අයත් හිටියා.  ඉන් පස්සේ ළමයිනුයි මේ ගොල්ලොයි එකට බොනවා. ළමයි ගොඩක් කෙල්ලෝ වගේ තමයි ඇඳගෙන ඉන්නේ. දෙගොල්ල එකට බීලා එකට නටනවා. ඉන් පස්සේ වෙන වෙන දේවල්.

මේක සංවිධානය කරන අයට ආදායම එන්නේ අර වැඩිහිටි පිරිමින්ගෙන්. ඇත්තටම මෙතන වෙන්නේ මේ ඉස්කෝලේ ළමයින්ව අර මිනිස්සුන්ට විකුණන එක. ළමයි  ඕවා ගැන දන්නේ නැහැනේ. ළමයින්ටත් කීයක් හරි හම්බෙන හින්දා එයාලත් යනවා.

සංවිධානය කරන අය ළමයින්ට උගන්වලා තිබුණා ගැහැනු ළමයින් වගේ හැසිරෙන්න. කතා බහ කරන්න. මේ ළමයිනුත් අතට කීයක් හරි එන නිසා ඒ විදියට කරනවා ඇති. මෙහෙම ගිහින් ඒ ළමයින්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවනේ. ඊට පස්සේ සමාජෙනුත් උසුලූ විසුලූ කරන තත්ත්වයකට එයි.

 


ළමයි මේවට ගිහින්  ඕකටම ඇබ්බැහි වෙයිද කියන එකයි අපට තියන බය.  ෆේස්බුක් මගින් තමයි එයාලා ගොඩක් අය සම්බන්ධ කරගෙන තිබුණේ. ඒවා බලන් ඉද්්දි හරිම අප්පිරියාවක් දැනෙනවා. අද කාලේ ගැහැනු ළමයින් විතරක් නෙමේ පිරිමි ළමයින් යන එන තැන් ගැනත් අම්මලා තාත්තලා හොයලා බලන්න  ඕනෑ. රෑ තිස්සේ කොහෙද යන්නේ කියලා හොයා බලන්න  ඕනෑ.

බීච් පාටි අතර අමුතුම බීච් පාටිය ගැන ඔහු අප සමඟ පැවසුවේ කනගාටුවෙනි. 

එම ප‍්‍රදේශ අවට විවිධ ස්ථාන ඇති බවත්, එවැනි බීච් පාටි අවසානයේ වැඩිහිටියන් ළමයින් සමඟ එවැනි තැන්වලට යන බවත් ඔහු කීවේය.