(විනීතා එම් ගමගේ)
ගම්පහ දිස්ත‍්‍රික්කයේ එකතුවන කැලි කසළවලට ස්ථිර විසඳුමක් ගෙනෙමින් කසළවලින් විදුලිය නිපදවන විදුලි බලාගාරයක් වත්තල කෙරවලපිටියේ දී බ්‍රහස්පතින්දා (10) මුල් ගල තැබීමට නියමිතය.
කසල මෙට්‍රික් ටොන් 700 ක ධාරිතාවක් ඇති මෙම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 240 ක විදුලිය එකතු කෙරෙනු ඇත.
කොරියානු සමාගමක් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ජී එස් පී වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම සහ ඊ එම් එල් කන්සල්ටන්ට් පෞද්ගලික සමාගම විසිනි. මෙය රුපියල් බිලියන 1200 කට ආසන්න ආයෝජනයකි.

ඉදිරි වසර දෙක තුළ ඉදිකර නිම කිරීමට නියමිත බවත් සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි එකක් ලෙස පවත්වා ගෙනයාමට කටයුතු කරන බවත් ව්‍යාපෘති සමාගම වන කේ සී එච් ටී ලංකා ජැන්ග් පෞද්ගලික සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුමිත් ජයවර්ධන මහතා පවසයි.
කසල දහනයෙන් විදුලිය නිපදවී එහිදී ජනනය වන අළුවලින් දුම සමඟ පිටවන අළු අරුවක්කාලූ කසළ රඳවනය වෙත යැවීමටත් පතුලේ තැන්පත් වන අළු ඉදිකිරීම් කර්මාන්තයේ දී අවශ්‍ය විවිධ ගඩොල් වර්ග නිපදවීමටත් යොදා ගැනීමට නියමිතය.
දුම සමඟ පිටවන අළු විෂ සහිත බැවින් එය චිමිනිය ඔස්සේ ඉහළට යා නොදී එකතු වීමට සළස්වා පැකට් ලෙස ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇත.
දිනකට ටොන් 600 ක කසල විදුලිය නිපදවීම සඳහා යොදාගත හොත් එයින් මෙවැනි දුවිලි අළු ටොන් හයක් පමණ ඉවත් කිරීමට සිදුවනු ඇත.

කසල දහනය කරන සුවිසල් කුටීරය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 850 ට රත් කරනු ලබන අතර වියලා ගත් කසල එතුළට දමනු ලබයි. දැඩි ලෙස රත්වූ කසල දැවීම ආරම්භ වීම සඳහා ඩීසල් පොම්ප කර කසල ඇවිලීමත් සමඟ ඩීසල් පොම්ප කිරීම නවතනු ලබයි.
මෙම කුටීරයේ ඇතිවන උණුසුමින් ජල බොයිලේරුවක් රත් වීමට සලස්වන අතර විදුලිය නිපදවනු ලබන්නේ එහි වාෂ්ප වලින් වැඩ කරන ටර්බයිනයකින් මඟිනි.
ගම්පහ දිස්ත‍්‍රීක්කයේ දැනට ජනනය වන කසල ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ක් පමණ වේ.
දැනට අවිධිමත් ඒවා අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීම නිසා පරිසරය දුෂණය වේ
කෙසේ වෙතත් වැඩිවන ජනහහනය සමඟ භූමිය අහිමිවීම හේතුවෙන් කැලි කසල සඳහා නිවැරදි විසඳුම් නොලැබීම ජාතියේ අවාසනාවක් වී ඇති යුගයක මේ විදුලි බලාගාරය ගම්පහ දිස්ත‍්‍රීක්කයට ආශිර්වාදයක් වනු ඇත.
COMMENTS
මේක වත් කරයි ද?
ඉතාමත් කාලෝචිත ව්‍යාපෘතියක්.
ඉතාමත් කාලෝචිත ව්‍යාපෘතියක්. ජපානයේ මෙවැනි බලාගාරයක් නිරීක්ශනය කොට තිබෙනවා. වටහා ගැනීමට අපහසු, කොරියානු සමාගමක් ව්‍යාපෘතිය කලාට, සැලසුම නම් චීන අකුරු වලින් ලියා තිබෙන්නේ. අඩුම ගණනේ ජපන් වත් නොවෙයි.
රුපියල් බිලියන 1200 කට ආසන්න ආයෝජනයකි....?
කාලෝචිතයි වැඩේ සාර්ථක වෙයි දෙසපලුවෝ ගෑවුනේ නැත්නම්.
විෂ සහිත අළු පැකට් කරනවා කියනවා. ඒවාට මොනවද කරන්නේ, එකට විසදුමක් හොයන්න වෙනම කර්මාන්ත ශාලාවක් තිබුනොත් හොඳයි. කුණු වලට වඩා හානියක් වෙයිද? මම අහන එක ධනාත්මකව ගන්න. විහිලුවට කමෙන්ට් කරනවා නොවේ. අපිත් කැමතියි ලංකාව පිරිසුදු රටක් වෙනවනම්.
කරනවා නම් මෙන්න හොද වැඩ , සාර්ථක වී කුණු ප්‍රශ්නයට විසදුමක් ලැබේවා
මේවා තමයි වැඩ. හැබැයි කෙලින්ම ජනපති හරහා අධීක්ෂණය වුණානම් හොඳයි. නැත්තම් ඇමතිවරු ගසාකනවනේ. ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානත් රටපුරා ඇතිකළ යුතුයි. එයින් ඉහළ ආදායම් උපයාගත හැකියි.