IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ගජමන් නෝනා ඇලපාත සාමනේර සමග කරතොට හිමිගෙන් ශිල්ප ලබයි

20_SLT_P_6

 

කරතොට ධර්මාරාම හිමි වැඩවාසය කළේ මාතර, වේරගම්පිට රජමහා විහාරයේය. ගජමන් නෝනා සොයා ගිය ගමනෙහි එක් නැවතුමක් ලෙස අපි වේරගම්පිට රජමහා විහාරය තෝරාගතිමු. එහි විහාරාධිකාරී තෙලූල්ලේ නන්දාලෝක හිමියන් අප එහි යනවිට පන්සලේ වැඩසිටියහ.

 

   
හාමුදුරුවනේ, අපි ආවෙ කරතොට ධර්මාරාම හාමුදුරුවෝ ගැන තොරතුරු සොයාගෙන.


නන්දාලෝක හිමියන්ට මම පැවසුවෙමි.


කරතොට හාමුදුරුවො වැඩසිටියේ රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ උඩරට පාලනය කරන කාලෙ. මේ කාලෙදී කරතොට හාමුදුරුවෝ රජ්ජුරුවන්ට හසුනක් යැව්වා උඩරට පහතරට දෙකේම නායකත්වය තමන්ට පවරාදෙන ලෙස ඉල්ලමින්.


නමුත් මෙතෙන්දී සිදුවුනේ හාමුදුරුවො පවා නොසිතුව දෙයක්. රජු උදහස් වුණා. රජ්ජුරුවන්ගෙ උදහස කොයිතරම් ප‍්‍රබල වුණාද කියනවා නම් රජ්ජුරුවෝ කළේ වහාම හාමුදුරුවන්ව කන්ද උඩරට රාජධානියෙන් පිටුවහල් කිරීමයි.

d


ඒ නිසා කරතොට හාමුදුරුවෝ තමන් මුල් පන්සලට වැඩම කළා. ඒ පන්සල තමයි වේරගම්පිට රජමහා විහාරය.


කුමාරදාස රජ්ජුරුවන්ගෙ කාලෙදී කරවපු මේ පන්සල පස්සෙ නටබුන් බවට පත්වෙලා තිබුණා. මහ කදුරුපොකුණේ සුවන්නජෝති හාමුදුරුවොයි මේ පන්සල නැවත ආරම්භ කළේ. ඒ වෙද්දී වෙහෙරක නටබුන් තිබුණු නිසා වෙහෙරගම්පිට කියන නමයි මෙතනට භාවිත වුණේ. ඒ අනුව වේරගම්පිට කියන නම මේ පන්සලට ලැබුණා.


කලින් කිව්ව සුවන්නජෝති හාමුදුරුවන්ගෙ ප‍්‍රධාන ගෝලයා තමයි කරතොට ධර්මාරාම හාමුදුරුවො.

 


හිත් වේදනාවෙන් මේ පන්සලට වැඩම කරපු කරතොට හාමුදුරුවො අපූරු වැඩක් කළා. ඒක තමයි බාරස නමින් කාව්‍යයක් රචනා කිරීම. මේ කාව්‍යය බැලූ බැල්මටම ප‍්‍රහේලිකාවක්. ඉතින් මේ ප‍්‍රහේලිකා කාව්‍යය කරතොට හාමුදුරුවො රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ට යැව්වා.


ඒත් මේ ප‍්‍රහේලිකාව තේරුම් ගන්න තරම් හැකියාවක් රජ්ජුරුවන්ට තිබුණෙ නැහැ. පස්සෙ රජ්ජුරුවො උඩරට රාජධානියේ හිටපු උගත්තුන්ට, බුද්ධිමතුන්ට මේ කාව්‍ය පෙන්නලා තේරුම ඇහුවා. ඒත් කාටවත්ම මේක තේරුම්ගන්න පුළුවන්වුණේ නැහැ. ඔන්න දැන් රජ්ජුරුවො පැරදිලා. එයා වහාම කළේ කරතොට හාමුදුරුවන්ව පිටුවහල් කළ රාජ නියෝග අවලංගු කිරීම. රාජ දූතයන්ව වේරගම්පිට විහාරයට පිටත්කරලා දෝලාවකින් උන්වහන්සේව රජමැදුරට වැඩම කෙරෙව්වා.


උන්වහන්සේගෙ දෙපාවැඳලා, සමාව අරගෙන බාරස කාව්‍යය තේරුම් කරදෙන්න කියලා කාරුණික ඉල්ලීමක් කළා.


කරතොට හාමුදුරුවෝ ඒ කාව්‍යය තේරුම් කරලා දුන්නට පස්සේ රජ්ජුරවො පණ්ඩිත ශිරෝමණී කියන ගෞරව උපාධියත් සමග සංඛපාල විහාරයේ ඒ ආශි‍්‍රත පල්ලෙබැද්ද නින්දගමත් පූජා කළා. ඒ වගේම පහතරට නායක පදවියටත් කරතොට හාමුදුරුවන්ව පත්කළා.


නමුත් මේ නායක හාමුදුරුවන් වැඩවාසය කළේ වේරගම්පිට රජමහා විහාරයේ ඉදිකරන ලද කුඩා ආවාස ගෙයකය. කාමර හතරකින් පමණක් යුතු මේ කුඩා ආවාස ගෙයි කරතොට හිමි වැඩසිටි කාමරයද අල්පේක්‍ෂක්‍ය එකකි. හැබැයි එදාට සාපේක්‍ෂව මේ ආවාස ගෙය සැපපහසුකම්වලින් පිරුණු එකක් විය යුතුය. මන්දයත් උළු සෙවිලි කළ නිවෙස් මේ යුගයේ නොතිබූ නිසාය. රජ සහ රජුගේ මැති ඇමැතිවරුන් හැරුණු විට උළු සෙවිලි කරන්නට අවසර ලැබුණේ පන්සල්වලට පමණක් නිසාය.


කරතොට හාමුදුරුවෝ තම ආවාසගෙහි වැඩසිටි එක් දවසක පත්තායමේ ලේකම් සහ කහවත්ත තෝම්බුවේ මුලාදැනි තැන හුරුබුහුටි කොලූ පැටවකුද කැඳවාගෙන පන්සලට පැමිණියහ.


හාමුදුරුවන්ගේ දෙපා නැමද එකත්පස් වූ පත්තායමේ ලේකම් දෙස කරතොට හාමුදරුවන් හෙළුවේ විමසුම් බැල්මකි.කොහොමද ලේකම් දැන් ඔහේ කාව්‍ය ශාස්ත‍්‍රය එහෙම දිගටම කරගෙන යනවාද?


කරතොට හාමුදුරුවෝ තම පැරැුණි යාළුවාගෙන් විමසූහ.


‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ’’


පත්තායමේ ලේකම් කීවේ බොහෝ ගරු සරු ඇතිවය.


‘‘ඒ වුණාට මම නම් මෑතකදී ඔහේගේ කාව්‍යයක් දැක්කෙ එහෙම නෑ.’’


‘‘එහෙමයි.’’


‘‘පත්තායමේ ලේකම් කීවේ මද සිනා ඇතිවය.’’

20-page4-S2-2

වේරගම්පිට රජමහා විහාරය


‘‘එහෙමයි කියල බෑ ලේකම්, සත්‍ය අසත්‍ය හැමවෙලාවෙම තියෙන්න  ඕනේ ලේකම්. එහෙම නොවුනොත් කාව්‍ය ශාස්තරේ නිකම්ම අමතක වෙනවා.’’
”එහෙමයි’’


කාව්‍ය ශාස්ත‍්‍රය කියන්නෙ බොහොම වැදගත් එකක්. දැන් බලන්න මම ලියපු බාරස කාව්‍ය නිසානෙ මම රාජ උදහසින් ගැලවුණේ. පහතරට නායක තානාන්තරේට පත්වුණේ. පල්ලෙබැද්ද නින්දගම සංඛපාල විහාරය මේ කියන හැමදේම ලැබුණෙ. කරතොට හාමුදුරුවෝ ආඩම්බරයෙන් කියාගෙන ගියහ.එහෙමයි අපේ හාමුදුරුවනේ.


පත්තායමේ ලේකම් කීවේය.


‘‘හොඳයි දැන් කියමු බලන්න මොකද මේ හදිස්සියෙම මේ පැත්තෙ ආවෙ කියලා. කව්ද මේ දරුවා කියලා.’’


හාමුදුරුවෝ විමසූහ.


‘‘අවසර අපේ හාමුදුරුවනේ මේ ඉන්නෙ කහවත්ත තෝම්බුවේ මුලාදෑනි ෆ‍්‍රැන්සිස්කු සේනාරත්න. මේ ඉන්නෙ මෙයාගෙ  පුතා. මගෙත් ළඟම නෑයෙක්.’’
පත්තායමේ ලේකම් එසේ කියා හාමුදුරුවන්ගේ මුහුණ බැලූවේය.


කරතොට හාමුදුරුවෝ ඒ දරුවාගේ නිකටට අතතබා බිමට හැරුණු මුහුණ ඔසොවා බැලූහ.


‘‘ඉතිං ඉතිං මොකක්ද දැන් මගෙන් කෙරෙන්න  ඕන. මං ලව්වා උගන්නගන්නද  ඕනෙ.’’


‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට තේරුණා.’’

1

කරතොට හාමුදුරුවන්ගේ සොහොන


‘‘මට නම් විවේකයක් නැහැ. ඒත් ඉතින් ලේකම්ගෙ ඉල්ලීම කොහොමද ඉවත දාන්නෙ.’’


හාමුදුරුවෝ මදක් කල්පනාවේ නිමග්න වූහ.


‘‘ඉතිං ලේකම්ට පුළුවන්නෙ උගන්නන්න. මොකද ලේකම් දක්සය කියල මං දන්නවනේ.’’


‘‘අවසර අපේ හාමුදුරුවනේ, මේ දරුවට මගෙන් ශිල්ප ලැබුණා. නමුත් දැන් මට උගන්වන්න දෙයක් ඉතිරිවෙලා නෑ. ඉතිරි කොටසයි අපේ හාමුදුරුවන්ගෙන් කෙරෙන්න  ඕනෙ.


”ඔව්.... ඔව්.... එහෙමනම් හවසට හවසට දරුවාව එවමුකො. සපුගොඩ පන්සලේ සාමනේර නමකුත් හවසට එනවනෙ. දෙන්නටම එකට ශිල්ප දෙන්න බැරියැයි.’’


නායක හාමුදුරුවෝ කීහ.


පත්තයාමේ ලේකම් ෆ‍්‍රැන්සිස්කු සහ කොර්නේලියා පිටව ගියේ සතුටිනි.


‘‘හැබැයි දුවේ, ඔයා කෙල්ලක් බවනම් හාමුදුරුවන්ට අඟවන්න එපා. කොල්ලෙක් වගේම හැසිරෙන්න පරෙස්සම් වෙන්න  ඕනෙ. නැත්නම් මටයි බැණුම්.’’
පත්තායමේ ලේකම් නැවත වතාවක් කොර්නේලියාට කීවේය.


ඇය හිස සැලූවේ මද සිනා මුවෙහි ඇතිවය.


ඊට පසුදා පටන් කොර්නේලියා, කොරනේල්ස් සේනාරතන වී වේරගම්පිට පන්සලට ගියාය. කරතොට හාමුදුරුවන්ගෙන් සිංහලත් කාව්‍ය ශාස්ත‍්‍රයක් මොනවට උගත් ඇය පත්තායමේ ලේකම් සමග තරගෙට කවි ලිව්වාය.


ඇය සමග වේරගම්පිට පන්සලේදී අකුරු කළ ඇලපාත ධම්මරත්න සාමනේර හාමුදුරුවෝද කවියටත් ඉගෙනීමටත් දක්‍ෂකම් පල කළහ. මේ නිසා කොර්නේලිස් ධම්මරතන හාමුදුරුවෝත් තරගයට මෙන් කවි නිර්මාණ කරන්නට වූහ.


පොඩි හාමුදුරුවෝද ගැහැණු ළමයකුගේ බඳු ලද බොළඳ පෙනුමක් ඇති ‘‘කොර්නේලිස්’’ සමග මිතුරු වූහ.


මම ඉන්නෙ කඹුරුපිටියෙ සපුගොඩ පන්සලේ සාමනේර හාමුදුරුවෝ කීහ.


‘‘වෙලාවක ඔයත් එන්න මගෙත් එක්ක පන්සලට යන්න.’’


‘‘හොඳයි හාමුදුරුවනේ මම එන්නම් ‘‘කොරනේලිස්’’ ගැහැණු ළමයෙකුගේ හඬින් කීය.


අන්න ඒ සපුගොඩ පන්සලට අප ගියේ ඇලපාත ධම්මරතන සාමණේර හාමුදුරුවන් ගැන තොරතුරු සොයන්නටය.


සපුගොඩට ආසන්නව ලස්සන වෙල් යායක් අසබඩ පිහිටා ඇති මේ පන්සලේ පිරිවෙණ මාතරටම ප‍්‍රසිද්ධ එකකි.


පන්සල පාරෙනුත් පාරට යාබද දොල පාරකින් දෙකට බෙදී තිබේ.


එහා පැත්තෙහි පිහිටා ඇත්තේ දේවාල සංකීර්ණයක් නිසා මේ බෙදීම බරපතළ බෙදීමක් ලෙසද නොපෙනේ. මෙහා පැත්තේ විද්‍යානිකේත පිරිවෙණ, චෛත්‍යය සහ බුදුගෙය ඉදිකර තිබේ.


ලබන සතියේ
ගජමන් නෝනාගේ විවාහය

M



අදහස් (0)

ගජමන් නෝනා ඇලපාත සාමනේර සමග කරතොට හිමිගෙන් ශිල්ප ලබයි

පාලිත Monday, 13 July 2015 03:24 AM

ඉතා වැදගත් ලිපි පෙළක් අද කලේ ළමයින්ගේ ඉතිහාස දැනුම දෙන්න ලංකාදීපේ කරන මේ දේ ඉතා වටිනවා (ම)

:       0       0

රසික Wednesday, 24 June 2015 07:38 AM

ඉතාමත් අලංකාර ලිපි පෙළක්. (නදී)

:       0       0

නුවන් සමරකෝන් Tuesday, 23 June 2015 08:27 PM

මෙහි සඳහන් දොල පාර "කිරම ආර" ලෙස හැඳින්වෙන නිල්වලා ගඟේ අතු ශාඛාවකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 78 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 145 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 157 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 868 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 235 2

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1120 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 80 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1307 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 334 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site