වැසි කාලයේදී විශේෂයෙන්ම කුඩා දරුවන් අතර වයිරස් රෝග පැතිරී යාම සුලබය. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ඌනතාව මත දරුවකුගෙන් තවත් දරුවකුට රෝග බෝ වීම සිදුවේ. අද අපි කතා කරන්නේද කාලෙන් කාලෙට මතුවන අත් පා මුඛ රෝගය ගැනයි. බොහෝ දෙනා මෙය Hand Foot Muouth disease ලෙසින්ද හඳුන්වයි.
රෝගයේ ස්වභාවය
'Coxakie'නම් වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝගය වැළඳේ. රෝගය ආසාදනය වූ පසු දරුවාගේ අත්, කකුල්, වැළමිටේ සහ කටේ රතු පැහැති බිබිලි දදයක් ආකාරයෙන් හට ගැනේ. මුඛය ඇතුළේද මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර එහිදී දරුවාට ආහාර ගැනීම අපහසු කෙරේ.
මීට අමතරව සුදු පැහැති වතුර පිරුණු බිබිලි අත්, කකුල් සහ තට්ටම් ප්‍රදේශයේද ඇති විය හැකි අතර ඉතාමත් ලෙහෙසියෙන් දරුවන් අතර ව්‍යාප්තව යයි.

ඉහත රෝගී ලක්ෂණ ඇති දරුවකුගේ සමෙහි තවත් දරුවකු ස්පර්ශ වුවහොත් රෝගය බෝවීමේ හැකියාවක් ඇත.
අත් පා මුඛ රෝගය මාරාන්තික නොවන අතර දින 03ක් 04ක් ඇතුළතදී සුව වී යනු ඇත. වඩාත් අවශ්‍ය වන්නේ රෝගය අන් දරුවන් කරා බෝ වීම වළක්වා ගැනීමයි. පෙර පාසල් මෙන්ම පාසල් දරුවන්ද වැඩි වශයෙන් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඉක්මන් හඳුනා ගැනීම තුළින් ශරීරයේ පැතිරීම මෙන්ම වෙනත් පාර්ශව කරා සම්ප්‍රේශනය වීමද වළක්වා ගත හැකි වනු ඇත.
බෝ වීම වැළැක්වීම
කවර හෝ දරුවකු අත් පා මුඛ රෝගයෙන් පෙළේ නම් පාසල්, පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවා නිවසෙහි රඳවා තබා ගන්න. එවිට තවත් දරුවකුට රෝගය බෝවීමට ඇති අවස්ථාව ඇහිරේ. නිවසෙහි සිටින දරුවකු රෝගයෙන් පෙළේ නම් සෙසු දරුවන්ගෙන් රෝගියාව ඈත් කොට තබන්න. රෝගී දරුවා පරිහරණය කරන දේවල් ඔහුටම වෙන් කොට තබන්න. සෙසු දරුවන් අතර හවුලේ පරිහරණය කිරීමෙන් රෝගය ඉතා පහසුවෙන්ම බෝ වීමට පුළුවන.
සුදුසු ආහාර පාන නිසි අයුරින් ලබා දී රෝගියාට ඇඳ විවේකය ලබා දෙන්න.
දදයක් ආකාරයට බිබිලි සිරුර පුරා පැතිරී යාම වැළැක්වීමට බිබිලක් දෙකක් මතුවන විටදීම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න. දරුවා පෙර පාසල් හෝ පාසලට ගොස් පැමිණි වහාම හොඳින් පිරිසුදු වී පැමිණීමට ඔහුට උපදෙස් ලබා දෙන්න. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැඳී සිටිනා දරුවන්ගේ පෞදගලික පරිහරණයට ඇති දේවල් අනෙකුත් දරුවන් සමග හුවමාරු කර ගැනීමෙන් වැළකීම සුදුසු වේ.
ප්‍රතිකාර
දදයක් ආකාරයට සුදු පැහැ වතුර පිරුණු බිබිලි හෝ රතු පැහැති ලප ඇති වීම මූලික ලක්ෂණයයි. එහෙත් මේ ඇති වන බිබිලි පැපොල රෝගය හේතුවෙන් හටගත් බිබිලිද නැත්නම් වෙනත් රෝගයක් නිසාවෙන් හට ගත්තාද යන්න නිවැරැදිව තහවුරු කර ගැනීමක් අවශ්‍ය වේ. එනිසා දරුවාගේ සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් කල් නොයවා වෛද්‍ය උපදෙස් සඳහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් අත් පා මුඛ රෝගයේදී ද පැරසිටමෝල් පැය 6න් 6ට ලබා දීමද සිදුවේ.
යම් හෙයකින් දරුවාගේ උණ තත්ත්වය පහව නොගියේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.
රෝගී දරුවාට වැදගත් වන පෝෂණය
දරුවාගේ මුඛය ඇතුළත රතු පැහැති ලප හටගෙන ඇත්නම් එබඳු දරුවන්ට ආහාර ගැනීම තරමක් අපහසු විය හැකියි. එවිට මඳක් සිසිල් කළ ආහාර පිළිගැන්වීම සුදුසුය. අනෙක් රෝගී දරුවන්ට සාමාන්‍ය පරිදි ආහාර ලබා දීම සිදු කළ හැකියි. දියර ජාති ලබා දීමේදී ස්වාභාවික පාන වර්ග පමණක් ලබා දීමට උනන්දු වන්න.

නියපොතු හැළෙන්නේ ඇයි?
අත් පා මුඛ රෝගයට ගොදුරුව සුව වූ පසු සමහර දරුවන්ගේ නියපොතු හැළී යනු දක්නට ලැබේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට සින්ක් අඩංගු සිරප් වර්ගයක් හෝ සින්ක් ඇතුළත් ආහාර පාන ලබා දීම සුදුසුය. මෙහිදී විශේෂයෙන්ම පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු අතර එවැනි ආහාරද දරුවාට විටින් විට හඳුන්වා දෙන්න.
මාරාන්තික රෝගයක් නොවුණද කල්තියා හඳුනා ගැනීම, දැනුම්වත් වීම තුළින් සෙසු පාර්ශව කරා රෝගය ව්‍යාප්ත වීම වළකා හැකිය. රෝගී දරුවාට මනා පෝෂණය, විවේකය
ලබා දීමෙන් ඉක්මනින් සුවපත් වීමකට මඟ සැලසෙනු ඇත.
සටහන-මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාලයෙන් කාලයට මතුවන අත්, පා,මුඛ රෝගය