කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් තබා තිබූ ඇතැම් පුරෝකථන එකින් එක බිඳ වැටෙමින් තිබේ. අප පුවත්පතට ප්‍රකාශයක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබුණේ ‘‘කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති තීන්දු තීරණ තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවය. එමෙන්ම රටේ සැබෑ තත්ත්වය එළැඹෙන 17 වැනිදායින් පසුව දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඉකුත් සෙනසුරාදා පමණක්, ඇමෙරිකාවෙන් දිනකට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1497කි. එය මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාවෙන් මාසයකට ආසන්න කාලයක් පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව හයකි. එය වූ කලී කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහිව කඳවුරු බැඳ දිවා රෑ දෙකෙහි අඛණ්‍ඩව, අනවරතව මෙහෙයුමෙහි නියුතු සෑම පාර්ශ්වයකම කැපවීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණයකි. මෙම තත්ත්වය තවදුරටත් සවිමත්ව පවත්වා ගෙන යෑමෙන් රට මේ අඳුරු ප්‍රපාතයෙන් ගොඩගැනීම සම්බන්ධයෙන් ‘විශ්වාසය’ ජනිත කරවන්නකි.
කොරෝනා මාරාන්තික වයිරසය ආසාදනය වී තිබේදැයි පරීක්ෂා කිරීම ‘නිරෝධායනය’ ලෙස හැඳින්වේ. එය දින 14ක කාලයකට සීමා වී ඇති බවට මතයක් සමාජගතව තිබිණි. නිරෝධායන මධ්‍යස්ථානයක කාලසීමාව දින 14ක් වීම එයට හේතුවය. එහෙත් එම පුරෝකථනය දැන් බිඳ වැටී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කොරෝනා වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව දින 10ක් වැනි කාලයක් තුළ දී රෝග ලක්ෂණ මතුවන අතර ඇතැම් පුද්ගලයන්ට දින 20ක් ගිය පසුව ද රෝග ලක්ෂණ මතු විය හැකි බවය. ඒ අනුව සැක සහිත කොරෝනා රෝගියකු දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු අතර ඉන් නිදහස්ව ගිය පසුව තවත් දින 14ක් නිවෙසේ ස්වයං නිරෝධායනය වීම අනිවාර්ය බවය.
රට අබිමුව ඇති අනතුරේ තරම තේරුම් ගැනීමට තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. සෑම පුරවැසියකුගේම පැහැර හැරිය නොහැකි වගකීම වන්නේ මෙම අනතුරු එයට හිමි නිසි අර්ථයෙන් හඳුනා ගෙන එයට අවනතවීමය. එහෙත් ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී පැහැදිළි වන්නේ ඔවුන් මෙම අනතුර හඳුනාගෙන නැති බවය. සමාජානුයෝජනය නොවුණු ඔවුහු තකතීරු ලෙස ක්‍රියා කරති. එමඟින් තමන්ගේත් අනුන්ගේත් ජීවිත අනතුරට හෙළති. මුළු රටම කැරකොප්පුවක් බවට පත් කරති.
ඇඳිරි නීතිය පනවා තිබිය දී පුත්තලම දිස්ත්‍රික්කයේ දන්කොටුව, මෝරුක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක ඉකුත් 4 වැනිදා දහවල් දේව මෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට දන්කොටුව පොලිසිය ක්‍රියා කළ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. අත්අඩංගුවට ගත් පිරිස මෝරුක්කුලිය ප්‍රදේශය පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
‘පණ්‍ඩිතයන් සිය දෙනෙකු සමග වාද කර ජයග්‍රහණය අත්පත් කර ගත හැකි වූවද එක මෝඩයකු සමග වාද කර ජයග්‍රහණය කළ නොහැකි බව’ අපේ ජන වහරේ කියමනකි. මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව අදහන්නවුන් මේ මොහොතේ ද එය ප්‍රදර්ශනය කරමින් සිටිති. කවර ජාතිකත්වයකට අයත් වූවද, කවර ආගමක් ඇදහුවද රටේ නිර්මාණය වී ඇති පොදු තත්ත්වය නොසලකා කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. යමකු එම පොදු නීතිය නොතකා කටයුතු කරන්නේ නම් ඔහුට උරුම කර දිය යුත්තේ මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බැලීමය. රටේ අනාගතය වෙනුවෙන් වෙනත් විකල්පයක් නැත.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයේ දී පානීය ජලය බෙදාහරිමින් සිටී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට 15 හැවිරිදි අයකු පිහියෙන් ඇන තුවාල සිදුකර පලා ගොස් ඇති බවය. මෙම බලවයස්කරුගේ නිවෙසට පැමිණ වතුර දීමට යාමේ දී ඇති වූ බහින්බස්වීමක දී මෙම පිහි ඇනුම සිදු වී ඇතැයි ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
මේ මොහොත වනවිට සමාජය ඉතාම පැහැදිළිවම කොටස් දෙකකට බෙදී ඇත. පළමු කොටස නම් කොරෝනා මාරාන්තික වයිරසයත් සමග සෘජුව ගැටෙමින් එය තුරන් කිරීම සඳහා තම දිවි පරදුවට තබා කටයුතු කරන පිරිස්ය. සෞඛ්‍ය අංශය හා ආරක්ෂක අංශය එහිදී ප්‍රධාන වෙති. දෙවැනි කොටස නම් පොදු මහ ජනතාවය. එම පොදු මහ ජනතාවගේ පරම වගකීම වන්නේ තම දිවි දෙවැනි කොට සිය වගකීම ඉටු කරමින් සිටින පිරිස් වෙත තම නිර්ලෝභී දායකත්වය ලබාදීමය. ඉහත දෙයංශය මේ මොහොතේදී අඩපණ වූවහොත්, කළකිරීම්වලට ලක් වූවහොත් කොරෝනා මර්දන මෙහෙයුම අයාලේ යනු ඇත.
සබුද්ධික ජනයාට මේවා තේරුම් ගැනීමේ හැකියාව තිබේ. එහෙත් මුග්ධයෝ තම සිතැඟි පරිදි කටයුතු කරති. ඔවුන් වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි යන්න නොපමාවම තීරණයකට ආ යුතු තරම්ය.
COMMENTS
මේ මොහොතේ මරණ බිය පැත්තක තබා රටේ ආර්ථිකය ගොඩ ගැනීමට සියලු දෙනා පෙරට ආ යුතුයි. සැබෑ නිර්භීතකම වන්නේ එයයි. අප්‍රිකානු රටක මට්ටමට වැටුනට පස්සේ කොරෝනා ඉවරයි කියා සතුටු විය නොහැක. අපේ අනාගත පරම්පරාවට කොන්ද කෙලින් තබා ගෙන ජිවත් වීම සඳහා අප යම් අවදානමක් ගැනීමේ වරදක් නැත. බයගුල්ලන් රටට උපදෙස් දීම නතර කල යුතුය.
මිනිස්සුනේ දැන්වත් තේරුම් ගන්න . එහෙම නැත්තන් අහලා පහළ මිනිසුන්ටත් අයිතියක් තියෙනවා යමෙක් කියන්දේ නොහා මෙහෙම හැසිරෙනවා නම් පහර දී කකුල් දෙක කඩා දමන්නවත් පෙළ ගැසෙන්න . මෝඩ මිනස්සුන්ට කියලා දෙන්න කාලේ ඇවිල්ලා.
සම්බුද්දික ජනතාව, මෙහි බැරෑරුම්කම හොඳින්ම තේරුම් අරගෙන තියෙන්නේ. මුග්ධ ජනයා කියන දෙයක් අසන්නේ නැතිනම් , ඉන්දියාවේ දුන්න වේවැල් කසායෙන් ඇති පදමට, බෙදා හදා දුන්නා නම්, කව්රුවත් කිසිම දෙයක් කියන එකක් නැහැ... මුග්ධයන් හැර..
ලංකාවේ නීතිය දුර්වලයි. ක්‍රියාත්මක කිරීමේදී දෙන දඬුවම ඉතා ලිහිල්. තාම දඬුවම් දීපු තැනක් හොයන්න බෑ. ඇඳිරි නීති කඩකළ අය පොලිස් කුඩුවේ හිටියට තුන් වෙලා කාල ජොලියේ ඇති. බරපතල වැඩ ඇතිව හිරගෙට දාන්න. නිරෝදායනය මගහරින අය බන්ධනාගාර ගත කර එහිදී නිරෝධායන කරන්න. ඔවුන්ගේ දේපොළ රාජසන්තක කරන්න. ආණ්ඩුව මිනිසුන් හුරතල් කරලා මේක හදන්න බෑ.
මේ දිනවල ඉන්දියාවේ පොලිසිය ඇඳිරි නීතිය නොතකන අයට පොලු වලින් පහරදෙන ආකාරය මම දුටිමි. මහත්මා ගාන්දිගේ අවිහිංසා ව්‍යාපාරය පටන්ගත්තේ ඉන්දියාවය. කිසිම ක්‍රමවේදයක් නැතිව අන්දුරුනීතිය පනවා මිනිසුන් ඉතාම අසීරු තත්වයකට පත්කොට මිනිසුන්ට පොලු පහරවල් දීම හරිද කියන දෙය මම ඉන්දියානු මිතුරෙකුගෙන් විමසියෙමි... ඔහු කීව ඉන්දියාවේ මිනිසුන් සමග සාකච්චා කොට කිසිම දෙයක් තේරුම් කරන්නට ගියොත් ඔවුන් හැම වෙලාවේම ඔවුන් ප්‍රති විරෝද අදහස් දක්ව දක්වා ප්‍රශ්නයේ මිදීමට කටයතු කරනවා මිස අවශ්‍ය සහයෝගය නොදෙන බවය. එම නිසා අන්තිමෙදී කෙලවර වන්නේ මිනිසුනට පහරදී තත්වය පාලනය කිරීමය. එමනිසා කාලය ඉතිරි කරගෙන ප්‍රශ්නය විසඳීමට පහර දීම ප්‍රථමයෙන්ම කරන බවය. අප රටෙහි ජනාධීපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයන් හරියාකාරව ක්‍රමවේද සකසා, පුදුමාකාර පහසුකම් ගොඩක් සලසාදී , දිවා රාත්‍රී නොබලා , ජීවිතය පරදුවට තබා කරන සේවය අගය කරන්නේ නැති අන්ධ භක්තිකයන්ට ඉන්දියාවේ පොලිසිය ගත තීරණය ගත යුතුද?
"සෑම පුරවැසියකුගේම පැහැර හැරිය නොහැකි වගකීම වන්නේ මෙම අනතුරු එයට හිමි නිසි අර්ථයෙන් හඳුනා ගෙන එයට අවනතවීමය." මෙම වැදගත් කාලෝචිත ලිපියෙහි සදහන් ඉහත වාක්‍ය තේරුම් ගැනුමට අප කිසිවෙකුට හසල බුද්ධියක් අවශ්‍ය නැත. දැන්වත් අප අවංක පුරවැසියන් හැටියට අදාළ අංශවල තීන්දු තීරණ සදහා අවනතවීම ඉතාමත්ම වැදගත් මෙන්ම එය අපගේ පරම යුතුකමකි. යම් යම් අඩුපාඩු විය හැක නමුත් අප මෙම අවදානම් අවස්ථාවෙන් ගොඩ ඒමට නම් සාමුහිකව නීතියට අවනතවීම හැර වෙන විකල්පයක් නොමැත. අප සියල්ලෝටම "තීරණ දෙකක් " පමණක් ඉතිරිව ඇත. පළමු වැන්න රටේ පනවා ඇති සියලු නීතිරීතිවලට අවනත වී මෙම අගාදයෙන් ගොඩ එනවාද නැතහොත් නුගත් මෝඩ පණ්ඩිතයන්සේ රගමින් මියයනවාද යන්න පමණි. තීරණය ඔබ, අප තුල පමණක් ඇත. අප යෝජනා කරනවා ආරක්ෂක අංශවලට වැඩි දෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් නීතියට අවනත නොවෙන අයට වෙඩිතබා මරා දමන ලෙස....
ජනතාවගේ මුද්ධ බවට වඩා, අන්තවාදය හා බැඳි, දේශපාලන කුමන්ත්‍රණයක් (ලංකාවේ පමණක් නොවේ) සිදුවෙන බවට ඉඟි පළවෙනවා. එයට එරෙහිව, හැකි ඉක්මනින් වැට නොබැන්දොත්, මිනී කඳු ගොඩ ගැහෙන විට, කුමන්ත්‍රණයේ තුච්ඡතම කොටස ක්‍රියාවට නැඟේවි....
ඔබ පවසන දෙයට මා එකඟ වන අතර, ජනතාවගේ මුග්ධ බවට වඩා, අන්තවාදය හා බැඳි, දේශපාලන කුමන්ත්‍රණයක් (ලංකාවේ පමණක් නොවේ) සිදුවෙන බවට ඉඟි පළවෙන බව මගේ හැඟීමයි. එයට එරෙහිව, හැකි ඉක්මනින් වැට නොබැන්දොත්, මිනී කඳු ගොඩ ගැහෙන විට, කුමන්ත්‍රණයේ තුච්ඡතම කොටස ක්‍රියාවට නැඟේවි.
වත්මන් තත්වය ගැන අපූරු විග්‍රහයක් . ඔබට ස්තුතියි නමුත් ඇත්තටම මේකෙදි ඕනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය නරකයි . එහෙම උනොත් ලංකාවෙන් භාගයක් වලපල්ලේ මේ අමන මිනිස්සු හින්ද ඒ හින්ද දැන් වත් කල යුතු දේ කල යුතුයි...
මෙය ලියන සත්බව නුවණ ඇත්තනි, දැනට සියයට කීයද ඔය නීති අත්‍යාවශ්‍ය වශයෙන්ම කඩා තියෙන්නේ? දේශපාලකයන්ගේ පුත්තු ගෙදර සාද , මන්ත්‍රීවරු බෙදීමේ සාද , මාළු හෝ එළවලු විකුණන ලොරියට තහංචි. මෙහෙම රටක නැවත නොඉපදෙවි පතමි.
රණ කියන කෙනා කියනවා මෙහෙම රටක නැවත නොපිදේව කියලා . මේවගේ මිනිසුන් ඉන්නකම් රටක් මළගෙයක් ම තමා තව කට්ටිය කියනවා ආර්ථීකය ගොඩගන්නලු... කොරෝනා පැත්තක දාලා මුන් මිනිසුන් නොවන තිරිසන්නු. මැරුණට පස්සේ ලෙඩ්ඩු අදැන් වල ඉන්නකොට රෝහල් පිරෙනකොට ආර්ථිකය නංවාගත හැකිද?
කොහොමද ආර්ථිකය , සංවර්ධනය , දේශපාලනය , යනාදී වශයෙන් නෙමෙයි මේ අවස්ථාවේදී සිතා කටයුතු කල යුත්තේ. සාමුහික හැගීමෙන් රටක් වශයෙන් අපි හැමෝම මේ උවදුරෙන් කොහොමද ගොඩ එන්නේ කියලා උනන්දු විය යුතුය. මොනා කරන්නත් ජිවත් වෙලා ඉන්න එපැයි.
ඉහත අදහස් දැක්වූ රණා වෙත. මාළු එළවළු ලොරියට තහංචි දමන කතාවක් මේ ලිපියේ තිබුණද? රටේ වගකීම් දරන මිනිස්සු මෙච්චර විශාල මෙහෙයක් කරද්දී අපෙන් දිය යුතු එකම සහයෝගය ගැනයි මෙතන සිහිපත් කරලා තියෙන්නේ. ඒකවත් තේරුම් ගන්නේ නැතුව පරහට අදහස් දක්වන ඔබ වැනි අය ගැන අපිටත් තියෙන්නේ ඔබේ පැතුමමයි. ඔබ වැන්නන් නැවත මේ රට නොඉපදේවා!
@Rana, ඔබ මේ රටේ නොව ඇමරිකාවේ හෝ ඉතාලියේ නැතහොත් ස්පාඤ්ඤය වගේ රටකම ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න. එතකොට ඔබට ඇස් ඇරිලා මොලේ පෑදෙයි...