IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කිරට ගොම මුසු කිරීම

අනුරාධපුර නගරයේ පාසල්වල ද මේ දිනවල අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ඒ පළාතේ දේශපාලනය කරන අය නොදැන ගැනීමට හේතුවක් නැත. ඊට හේතුව මැතිවරණ කොමසාරිස් විසින් මෙම විභාගය සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් නිකුත් කර තිබීමය. එහි අඩංගු වන්නේ විභාග මධ්‍යස්ථානයක සිට කිලෝමීටරයක් පමණ දුරක් ඇතුළත මැතිවරණ ප‍්‍රචාරක රැලි හා ප‍්‍රචාරක කටයුතු තහනම් බවය. එය විභාග කොමසාරිස්වරයාගේ නියෝග මත මැතිවරණ කොමසාරිස්වරයා ගනු ලැබූ තීරණයකි. මේ බව ද මේ දිනවල අනුරාධපුර පළාතේ දේශපාලනය කරන අය නොදන්නවා නොවේ. ඒ පළාතේ දේශපාලනය කරන අය අතර අත්දැකීම් සහිත කෘතහස්ත දැන උගත් පිරිසක් ද සිටිති. එසේම ආධුනික අයද ඇතැයි උපකල්පනය කළ හැක. මේ කිසිවකුට විභාග මධ්‍යස්ථානයක් අසල රැලියක් පැවැත්වීම හෝ රැලියකට යන පිරිස් නඟන උද්ඝෝෂණ හා සටන්පාඨ වැමෑරීමේ වරද කියා දිය යුතු නැත. ඒ පළාතේ සාමාන්‍ය ගැමියෙක්වත් විභාග මධ්‍යස්ථානයක් අසල නිතර නිතර හඬලන අම්බරුවකු වත් බැඳ තබන්නේ නැත ඊට හේතුව එම අම්බරුවා නිතර නිතර කෑ ගැසීම විභාග මධ්‍යස්ථානයේ කටයුතුවලට බාධාවක් වන නිසාය. එහෙත් අනුරාධපුරයේ පැවැති මැතිවරණ රැලියක් සඳහා පැවැති උද්ඝෝෂණ හා පෙළපාළි නිසා ඒ පළාතේ විභාග මධ්‍යස්ථාන තුනකට බාධා ඇති වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇතැයි පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණි. කොමසාරිස්වරයා හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ නිගමනය මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේම කනගාටුව ප‍්‍රකාශ කිරීමට තරම් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා නිහතමානී වීමද ප‍්‍රශංසනීයය. එහෙම නම් ඇයි මෙහෙම වෙන්නේ? තම පළාතේ ඡන්දදායකයන්ගේ දරුවන්ගේම විභාග කටයුතුවලට බාධා පැමිණෙන ලෙස හැසිරෙන්නේ මන්ද? නොදන්නා කමටද? නොතේරුම් කමටද? නැත. එය බල පුළුවන්කාරකමට හෝ දේශපාලන උණ නිසා ඇතිවන උද්ධච්චකමට දැයි කියන්න දන්නේ නැත. කාට මොනවා වුණත් තමන් ගොඩයෑම වැදගත් යැයි කල්පනා කිරීම අද මේ රටේ දේශපාලනයේ එක් සම්ප‍්‍රදායක් වීම නිසා මෙවන් දෑ සිදුවෙනවා විය හැකිය. එහෙත් වැඬේ නීති විරෝධීය, සදාචාර විරෝධීය. තොපේ දරුවන්ගේ විභාග කටයුතුවලට අපේ වැඩ නිසා බාධා පැමිණුනත් තොපි අපේ නායකයාට කැමැති නිසා නායකයාගේ පිහිටෙන් වැටෙන ඡන්දවලින් මෙවරත් අපට ගොඩ යා හැකියැයි සමහරුන් කල්පනා කරනවා දැයි කියන්න දන්නේ නැත. මෙහෙම ගියොත් නායකයාගේ ද රිස්ස යන බව මෙම පළාත්බද ගෝල බාලයෝ කල්පනා කරන්නේ නම් හොඳය. සමස්තයක් වශයෙන් ගත් කල මේ මැතිවරණය පසුගිය පළාත් සභා මැතිවරණවලට සාපේක්‍ෂව යහපත්ය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හා මැතිවරණ නීති උල්ලංඝනය වීම් අඩුය. සමස්තය එසේ වුවද සමහර තැනක සිදුවන සිදුවීම් කමකට නැත. ලැජ්ජා සහගතය. ආධුනිකයන් හා පක්ෂවල ප‍්‍රාදේශීය නායකයන් අහිංසක ලෙස තම මැතිවරණ සටන මෙහෙයවන විට සමහර තැනක මැතිවරණ නීති උල්ලංඝනය කරන්නෝ ජ්‍යෙෂ්ඨයෝය. හෙට අනිද්දා විශ‍්‍රාම යෑමට සිටින නායකයෝය. දරු සෙනෙහසේ වරදක් නැත. දරු සෙනෙහස නිසා මැතිවරණ නීති උල්ලංඝනය කර තම පක්ෂයට කැළලක් ඇතිකිරීම වරදකි. සමහරු හෙට අනිද්දා දේශපාලනයෙන් සමු ගැනීමට සිටින බැහැපු බැට්රි කෑලි වාගේ ය. ඔවුන් සූදානම් වන්නේ පළාත් සභා තම දරුවන්ගේ හා ඥතීන්ගේ  මොන්ටිසෝරියක් ලෙස පාවිච්චි කිරීමට වාගේය. ඔවුනට මෙම මැතිවරණය එම මොන්ටිසෝරියට දරුවන් ඇතුළත් කරන පරීක්ෂණයක් වැනිය. එහෙත් අනෙක් අයට එසේ නොවේ. මෙවර වෙනදාට වඩා මැතිවරණ නීති උල්ලංඝනය වීම්වල අඩුවීමක් දක්නට ලැබීමට හේතු දෙකක් ඇත. කලකට පසු කොන්දක් ඇති මැතිවරණ කොමසාරිස්වරයෙක් රටට ලැබී තිබීමය. සාධාරණ මැතිවරණයක් ප‍්‍රාර්ථනා කිරීමේ දී දේශපාලන පක්ෂවල සහාය මෙන්ම මැතිවරණ කොමසාරිස්ගේ කොන්ද ද වැදගත් වෙයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රයගේ කශේරුකාව ශක්තිමත් නිසා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද වැඬේ ඇඟට ගෙන තිබේ. සමහර තැනක මැතිවරණ නීති උල්ලංඝනය කරන ඇමැතිවරුන්ගේ කාර්යාලවලට සීල් වදින්නේ ඒ නිසාය. කටවුට්, බැනර්, ගැලවී පාරපුරා ලියවෙන ”අපබ‍්‍රංශ වදන්” සෝදා හරින්නේ ඒ නිසාය. අනේ අපට බලයක් නැතැයි වනිතාවන් මෙන් ඇඹරෙනවාට වඩා තිබෙන බලය සාධාරණව පාවිච්චි කිරීම මෙවන් නිල දරන අනිත් රජයේ අයටද ආදර්ශයක් දීමට මැතිවරණ කොමසාරිස්වරයා හා එම දෙපාර්තමේන්තුව සමත්ව සිටී. ඔහු ප‍්‍රථමයෙන් සුහදශීලීව කතා කරයි. දෙවනුව නීතියේ පිහිටා කටයුතු කරයි. එසේම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පෞද්ගලිකවම මැදිහත් වී සාධාරණ මැතිවරණ ප‍්‍රතිඵලයක් අපේක්‍ෂාවෙන් කටයුතු කිරීමද මෙවර මැතිවරණ ව්‍යාපාරය යම් සාධනීය තැනකට ගොනු වී තිබීමට හේතු වී තිබේ. ආණ්ඩුවේ වාහන මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කිරීම පසුගිය මැතිවරණවල දී සාමාන්‍ය කාරණයක් වී තිබුණි. එහෙත් මෙදා ඒ සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කර තිබේ. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බැලීමට සබරගමු පළාත් සභා කාර්යාලයට ගියේය. එතැනදීම වහාම අදාළ අයගෙන් රජයේ වාහන නැවත පවරා ගන්නා ලෙස නියෝග කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එහෙත් පසුව මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊට පටහැනි පුවතකි. ”සබරගමුවේ ඇතැම් සන්ධාන අපේක්ෂකයෝ ජනපති නියමයන්ටත් පිටුපාති. (17.08.2012 ලංකාදීප) මේ බව සඳහන් කරන්නේ ද රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයාමය. ජාත්‍යන්තරයට සාධාරණ මැතිවරණ ප‍්‍රතිඵලයක් පෙන්වීමට රටේ නායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට තද  ඕනෑකමක් තිබෙන බව පෙනේ. එහෙමනම් සන්ධානයේම සමහර ඇත්තන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මේ ද්‍රෝහී වන්නේ කාටද? තමන්ගේම නායකයාටය. දෙවනුව ජාත්‍යන්තරයට ප‍්‍රදර්ශනය කළ යුතු රටේ අපේක්‍ෂාවටය. අපේ රටේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ දැවැන්ත කළු පැල්ලමක් සටහන් කළේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංගගේ නායකත්වයෙන් 1997 පැවැති වයඹ පළාත් සභා මැතිවරණයේ දී ය. එදා ඡන්ද මධ්‍යස්ථාන 220ක ප‍්‍රතිඵලය අහෝසි කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවිය. එය සමාන වූයේ 1983 ලාම්පු කළගෙඩි ජනමත විචාරණයටය. එවන් කැත මැතිවරණ පැවැත්වීමේ ඉතිහාසයක් ඇති අපේ රටේ මැතිවරණ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය අහසට පොළොව මෙන් වෙනස්ය. මේ මැතිවරණයෙන් ජයගන්නේ කවුදැයි  ඕනෑම පොඩි එකෙකුට තේරේ. වැස්සකට වත් පාසලකට ගොඩ නොවූ අයෙක් වුවද එය දැනටමත් නිගමනය කර අවසන්ය. සමහර පක්ෂ සටන් කරන්නේ ඡුන්ද ප‍්‍රතිශතය වැඩිකර ගැනීම වෙනුවෙන්ය. මේ ඡන්දයෙන් ජය පරාජය කෙසේ වෙතත් අඩුම ගානේ සියයට 30ක ප‍්‍රතිශතයක්වත් ලබාගැනීමට නොහැකි ප‍්‍රධාන පක්ෂයක් වෙත් නම් ඒ පක්ෂවල නායක කාරකාදීන් ගැන තීරණයක් ගැනීමට හෝ කි‍්‍රයාකාරී දේශපාලනයෙන් ඉවත්වීමට පාක්‍ෂිකයන්ට සිදුවනු ඇත. එසේම ජයග‍්‍රහණය නිවැරැදිව හඳුනාගෙන සිටින සමහරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මේ සිදුකරමින් සිටින්නේ තම පක්ෂයේ හෝ සන්ධානයේ ජයග‍්‍රහණයේ පිරිසිදු කිරි හට්ටියට ගොම බින්දු මුසුකිරීමය. එසේම තමාගේම නායකයාගේ අපේක්‍ෂා බිඳ දමා ද්‍රෝහී වීමය. මේ වන විට නැඟෙනහිර පළාතේ පවතින්නේ අමු ජාතිවාදී මැතිවරණ ව්‍යාපාරයකි. යුක්තියේ හා සාධාරණත්‍වයේ දෙවඟනගේ අතරැඳි තරාදිය රැගෙන නිලබලය දරාගෙනම නැඟෙනහිරට ගොස් සිටින සමහර නායකයන් අමු අමුවේ ඇය කෙලසමින් සිටින බව පෙනේ. මේ අතර ජාතිවාදයට හා ගෝත‍්‍රවාදයට පිළිතුරු දෙමින් නැඟෙනහිර හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගෙනයන මැතිවරණ සටන ප‍්‍රශංසනීයය. ඔහු දෙමළ බහුතරයක් හා ඊට වඩා අඩු මුස්ලිම් ප‍්‍රතිශතයක් සිටින සිංහලයන් සියයට 1ක් වත් නැති මඩකලපු දිස්ති‍්‍රක්කයේ තරගවදිමින් සිංහල දෙමළ හා මුස්ලිම් සමගිය වෙනුවෙන් තම මැතිවරණ සටන මෙහෙයවන බව පෙනේ. නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා ද එම ස්ථාවරයම ගැනීම විශේෂයෙන් සටහන් කළ යුතුය. මෙම නැගෙනහිර මැතිවරණ ව්‍යාපාරයේදී චන්ද්‍රකාන්තන්ට එරෙහිව ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් නඟන චෝදනාවද බරපතළය. මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ද්‍රවිඩ සන්ධානයට අවහිරතා ඇතිවන අයුරින් මැතිවරණ සටන මෙහෙයවන බවයි. එය සත්‍යයක් නම් එම වැඬේද ශිෂ්ට දේශපාලනයට නොගැළපෙන බවද කිවයුතුය. ද්‍රවිඩ සන්ධානය මෙම පළාත් සභා මැතිවරණයට තරගවදින්නේ ප‍්‍රථම වතාවටයි. එල්.ටී.ටී.ඊ. යට බිය වී තටු හකුළාගෙන සිටි ඔවුනට දැන් හිස් අවකාශයක නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියක නිරතවීමට හැකි වී තිබේ. එසේම ද්‍රවිඩ සන්ධානය මේ මැතිවරණයට පැමිණීම අගය කළ යුතුය. සමහර අයට එහි දේශපාලන වටිනාකම තේරෙන්නේ නැත. මේ මැතිවරණයත් සමඟම ඔවුහු පළාත් සභා ක‍්‍රමයට අනුගත වී සිටිති. ස්වයංපාලන, ෆෙඩරල් ආණ්ඩු හා 13 වැනි සංශෝධනය ඉක්මවාගිය බලය බෙදීමක් අපේක්‍ෂා කළ අය නැඟෙනහිර පළාතේ පළාත් සභා ව්‍යුහය තුළ බලය අල්ලා ගැනීමට සූදානම් වීම අනියමින් එම ක‍්‍රමය පිළිගැනීමක් වාගේය. හැම කෙනෙක්ම ඉල්ලනකොට ඉල්ලන්නේ වැඩියෙන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඉල්ලන මස් රාත්තල ඒ විධියටම නොලැබෙන බව ඉල්ලන අයම දනිති. එහෙත් ඔවුන්ට ඉල්ලීමට තියන අයිතියටද එරෙහි වීම සාධාරණ වන්නේ නැත. එමගින් කිසි දිනක ප‍්‍රශ්නයට විසඳුමක් සොයාගත නොහැකිය. ආර්. සම්පන්දන්ලා මොනවා ඉල්ලූවත් ප‍්‍රායෝගිකව ඔවුන් තම ඉල්ලීමට වඩා අඩු පළාත් සභා ක‍්‍රමයට දේශපාලන වශයෙන් අවතීර්ණ වීම හෙට දවසේ උතුරේ ප‍්‍රශ්නයට අවංකවම විසඳුමක් ලබාදීමට සූදානම් පිරිසට සුබදායක ප‍්‍රවේශයක් වනු ඇත.

වසන්තප‍්‍රිය රාමනායක
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඡන්ද කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය සම්පන්දන්



අදහස් (0)

කිරට ගොම මුසු කිරීම

ප්‍රවීන් Sunday, 26 August 2012 01:14 PM

අයියෝ සල්ලි

:       0       0

සිසිර කුමාර Friday, 24 August 2012 01:01 PM

දුක්ගන්නා රාළ කෙනෙක් වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 84 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 144 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 408 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 64 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 238 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 370 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 984 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 245 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site