IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


කිරිගල්පොත්තේ දිවියන් සොයා රැයක්

27_SLT_P_22

   

වර්ෂ 1988 මාර්තු මස 16 වැනි දින ජාතික උද්‍යානයක් ලෙස නම්කරන ලද හෝර්ටන් තැන්න යනු මීටර 2100ක පමණ උසින් පිහිටි විශාල පතනකි. එම පතනේ ලංකාවේ දෙවැනි හා තෙවැනි  උසම කඳු පිහිටා තිබෙන තෝතැන්නකි. විශාල ජෛව විවිධත්වයකට හා අපූර්වතම කාලගුණික හා වනාන්තර රටාවකට උරුමකම් කියන හෝර්ටන් තැන්න 2010දී ලෝක උරුමයක් බවට පත්විය. අද අපගේ ක‍්‍රියාදාමය වනුයේ මීටර 2389ක් උසැති ලංකාවේ දෙවැනි උසම කන්ද වන කිරිගල්පොත්ත තරණය කිරීමයි. එලෙසම අවසර සහිතව එම භූමියේ කඳවුරු ලා රැුය පහන් කිරීම හා එහි වෙසෙන ප‍්‍රබලම මාංශ භක්ෂක සත්වයා වන දිවියන් පිළිබඳව සෙවීමයි.


හෝර්ටන් තැන්නට ආ හැකි පිවිසුම් මාර්ග දෙකකි. එනම් පට්ටිපොල සහ ඔහිය පිවිසුම් මාර්ග දෙක වේ. කොළඹ සිට හැටන් පාරේ නානුඔය, රුවන්එළිය, අඹේවෙල හරහා පට්ටිපොල පිවිසුමට දුර කි.මි. 200කි. එලෙසම රත්නපුර සිට බදුල්ල පාරේ හපුතලේ, බොරලන්ද හරහා ඔහිය පිවිසුමෙන්ද හක්ගල සිට අඹේවෙල හරහා පට්ටිපොලෙනුත් ළඟා විය හැකිය. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කෙළවර වන මහා ලෝකාන්තය  (මීටර 884) පිහිටි නිජබිම මෙයයි. හෝර්ටන් තැන්න රක්ෂිතය හා ශ්‍රීපාද රක්ෂිතය යනු එකට යාවුනු මහා රක්ෂිතයකි. බගවන්තලාව, බලංගොඩ මාර්ගය මේවා  වෙන් කරන මායිම වේ. පසෙකින්  පට්ටිපොළ සිට ඔහිය දුම්රිය මාර්ගයෙන්ද තවත් පසෙකින් අඹේවෙල සිට බගවන්තලාවට මහ කැලයෙන්ද මායිම් වී ඔහිය සිට සීඝ‍්‍ර හෙලක් ඔස්සේ බෙලිහුල්ඔය අවටින් මායිම් වුනු මෙම උස්බිම බි‍්‍රතාන්‍ය පාලන සමයේදී සුප‍්‍රසිද්ධ දඩබිමකි. මෙහි අතීතයේ වාසය කරන ලද අලි ඇතුන් වග වලසුන් තොග පිටින් මරා දැමීම ඔවුන්ගේ විනෝදාංශය බවට පත්ව තිබිණි.


අපගේ චාරිකාව පට්ටිපොළ පිවිසුමෙන් සිදුකර හෝර්ටන් තැන්න ප‍්‍රධාන කාර්යාලය අසල රථ ගාලේ අපද වාහන ගාල් කළෙමු. මේ අවට මිනිස් ඇසුරට ප‍්‍රිය  කරන විශාල ගෝනෙකු සිටිනු කාටත් දැකිය හැකිය. විටෙක ගෝනුන් දෙදෙනකු පමණ වාහන හා මිනිසුන් සිටින ඉසව්වල සැරිසරා ආහාර ගැනීමට ප‍්‍රිය කරයි. ගෝනා (Sambar Deer) තමාගේ පාඩුවේ ඔබ මොබ යමින් දෙස් විදෙස් සංචාරකයින්ට නිරූපණ ශිල්පියෙකු සේ ක‍්‍රියා කරයි. දවල් 12 පමණ වූ නිසා අප අපගේ ගමන් මලූද කිලෝ 5ක් බරැුති කූඩාරම් රෙද්ද පමණක් උසුලගෙන කාර්යාලය  අසලින් වැටී තිබෙන පැරණි මාර්ගය ඔස්සේ  කිරිගල්පොත්ත බලා පිටත් වූණේ මෙතැන් සිට ගමන අවසානයට දුර කි.මී. 7ක් බව මතක් කර ගනිමිනි.

1
ගමන ආරම්භයේදීම වම් පස කැලයෙන් එළියට විත් කෑ ගසා අපට සුභ පැතීමට වල් ඌරන් සතර දෙනකු පැමිණ අතර එහි සුභ අසුභතාවය ගැන නොසිතාම උන්ගේ පින්තූර ගෙන අප සෙමින් ගමන ආරම්භ කළෙමු. මෙතැන සිට කි.මී. 1ක් පමණ යනතුරු ඈතට මාර්ගය දැකිය හැකිය. මන්ද එම මුළු ප‍්‍රදේශයම තනි පතනක් වූ හෙයිනි. වෑවර මාන වැනි විශාල පඳුරු මතින් මාර්ගය සාදාගෙනම මීටර 70ක් ගිය පසු ගරා වැටුණු ළිඳක් හා කාමරයක් තිබුණු අතර එයිනුත් තවත් මීටර් 150ක් ගිය පසු බේකර්ස් ඇල්ලට යන ප‍්‍රධාන මාර්ගයෙන් සාදා තිබුණු අලූත් කිරිගල්පොත්ත පාරට වැටුණි. එය අඩි 4ක් පමණ පළල් වූවත් ඉදිරියෙන් එය නිමාවී පැරණි මාර්ගයට සම්බන්ධව තනි මගක් ලෙස වැටී තිබුණි. මෙසේ මීටර 500ක් පමණ ගිය පසු හෝටර්ටන් තැන්නට ආක‍්‍රමණික පඳුරු විශේෂයක් වූ යුලෙක්ස් යුරෝපියස් පිහිටි ප‍්‍රදේශයක් විය. එම පත‍්‍ර කටු වැනි නිසා ඒ මැදින් කකුල් සූරාගෙන මීටර් 150ක් විතර යාමට සිදුවූයේ ඈතින් අඩි තබමිනි. වර්ෂාව සති කිහිපයකින් නොලැබී තිබුණත් ප‍්‍රධාන ජල පෝෂක පරිසරයක් වන මෙහි තැනින් තැන කුඩා දිය දහරවල් හා මඩවගුරු දක්නට ලැබුණි. ඒ සියල්ල උල්පත්ය. කටු පඳුරු හා මහතුත්තිරි පඳුරු මැදින් ඉතා පටු මාර්ගයේ කි.මී. 1ක් පමණ ගිය පසු අපට ඉතා ඈතින් ගමන ආරම්භ කළ ස්ථානය දැකගත හැකිවිය. පසුව අප වම් පසට හැරුණු පසු අසල කඳු වැටියෙන් ඒවා වැසී ගියේය. මෙහිදී ප‍්‍රථම වරට මීටර් 10ක පමණ වපසරියක කලූ පාට මඩ සහිත ප‍්‍රදේශයක් විය. එම නිසා අවට පැතිරුණු විශාල පඳුරු මතින් ගොස් මඩ ගොහොරුව මග හැරීමට අප සිතුවෙමු. නමුත් පඳුරේ මැදට පමණක් අඩිය තැබිය යුතුය. මන්ද මුළු පොලවම කලූමඩෙන් පිරී තිබුණි. නඩයේ දෙදෙනකු  එලෙස පඳුරෙන් ලිස්සා විලූඹ තෙක් මඩෙන් නෑවෝය. හෝර්ටන්  තැන්න පරිසර පද්ධතියේ කූඩැල්ලන් නොමැති නිසා අපට අපහසුතාවයක් නොදැනුණි. විටක මඬේ එරී ගමන් කිරීමද විනෝදජනක විය. තවත් මීටර 300ක් පමණ ගිය පසු ප‍්‍රථම වරට අප කැලයකට ඇතුළු වීමු.


වේලාව සවස 1.30 ළංව තිබුණත් අවට පරිසරයම මීදුමෙන් වසාගෙන තිබුණි. මෙම කැලයේදී පටු අඩි පාර තිබුණු මීටර 10 පමණ උස ගස් දක්නට ලැබුණි. මග අවහිර කරමින් පඳුරු හා ගස් වැටී තිබුණු අතර යෝධ දළඹුවන්ද පාර හරහා සිටියහ. වන පියස බොහෝ  දුරට විනිවිද දැකිය හැකිය. අඳුරේ ජීවත්වන සතුන්ගේ හඬත් සුළඟට  වැනෙන අතු ඉතිවල ශබ්දය හැරුණු විට අපගේ අඩි සද්දය පමණක් මුළු කැලයෙම තිබුණි. විටෙක වල්ඌරන් පලා ගෙන ගිය අවශේෂ මාර්ග කැලය තුළට විහිදී තිබුණි. කැලය තුළ මුළු පොලෝ තලයම පාහේ ශාක පත‍්‍ර වලින් පිරී තිබුණි. මඩ තැවරුණු පත‍්‍ර මත පා නගන විට ලිස්සන සුළු විය.  මීටර 200ක පමණ කැලෑ ගමනින් පසු අඩි 5ක දිය දහරක් තරණය කොට පිවිසියේ තරමක විවෘත භූමියකටය. මඳ දුරක් ගියවිට අප දුටුවේ අපට අවසන් වරට දක්නට ලැබෙන බෙලිහුල්ඔය  දොළ පහරය. මෙම ස්ථානයේදී දකුණු පස ප‍්‍රදේශයම පාහේ මීටර් 2ක් පමණ උස පඳුරු වර්ගයක් වැවී තිබුණි. කෙසේ හෝ අඩි 12ක් පමණ පළල්ව ගලා යන බෙලිහුල්ඔය තරණය කළේ දෙපා හිරිවට්ටන අධික හීතලේය. චතුර හා අකිල දෙඋර මත දරාගෙන දිය තරණය කළේ කූඩාරම් රෙද්ද  අධික බර බැවිනි. මෙහි වූ ගල් තලාවේ වැතිරුනේ බෑග්ද කරලාගෙනය. පැය භාගයක් පමණ මෙහි නැවතී සීතල දියෙන් ගත දොවාගෙන පිරිසිදු වුනෙමු. ගල්තලාවේ දෙකෙලවරින් අඩි පාරවල් තිබුණි. එම නිසා අප වම් පස අඩි පාරේ ගමන් කළෙමු. මීටර් 50ක් පමණ  ගිය පසු අඩිපාර නිමාවූ අතර කැලයට අවතීර්ණ වීමට අපට සිදුවිය. එහිදී අඩි පාරවල් 2ක් පමණ තිබුණු අතර අප බෙදී ගොස් මග බැලූ නමුත් ඒවා මීටර් 20කට වඩවා දුරක් සෑදී නොතිබුණි.


මාර්ගයේ තිබුණු අඩි සලකුණු බැලූ කල මේවා සතුන් ගිය පාරවල් බව වැටුහුණි. මන්ද විශාල ගස් කඳන් කටු පඳුරු කඩාගෙන අපට යාමට සිදුවූ හෙයිනි. මෙම ප‍්‍රදේශයේ  වසුරු වර්ග 3ක් දක්නට ලැබුණි. කෙසේ හෝ විනාඩි 20 ක් පමණ මෙම ප‍්‍රදේශය පීරුවද නිශ්චිත මගක් දක්නට නොලැබිණි. එම නිසා අප ආ මගේම දොළ ළඟට ගොස් දකුණට වැටී තිබුණු මග දිගේ යාමට තීරණය කළෙමු. එය නිවැරදි මාර්ගය බවට දැන ගැනීමට බොහෝ වෙලාවක් ගත නොවුණි. බෙලිහුල්ඔය කොමලියගෙන් සමු ගත්තද දකුණු පස පඳුරු පිරි ප‍්‍රදේශයෙන් ගලා යන ජලයේ හඬ නොමදව ඇසුණි. මෙසේ තවත් මීටර් 300ක් පමණ ගිය පසු අපට සුදු පාට මල් පිරුණු යායකට  ඇතුළු වීමට ලැබුණි. එලෙසම එම පටන් ගැන්මේ සිට මීටර් 150ක දුරින්  නැවතත්  කැලය හරහා පාර වැටී තිබෙනු දක්නට ලැබුණු අතර ඒ සමස්ථ මීටර් 150ම කලූපාට මඬේ බැස ගමන් කිරීමට අපට සිදුවිය.  තණකොළ වැවී තිබුණද  මඩ වලින් මුළු  කකුලම වැසී තිබුණි. දණහිස පමණ වනතුරු මඩ විසිරී තිබුණි. දෙදෙනකු මඩෙන් බේරී පඳුරුවල බඩගා යාමට උත්සාහ කළද මඩට ලිස්සීමට ඔවුන්ට සිදුවිය. පසුව අවසන් මීටර 10 ගස් අතු අතරින් රිංගා කටු ඇනගෙන කැලයට පනින ලදී. මෙම මඩ ඉතා සියුම් නිසා ගලායන දිය දහරකට ඇල්ලූ විට ලේහෙසියෙන්ම සේදී යයි. මෙම ප‍්‍රදේශයේ  වතුර රැුඳී තිබෙන්නේ උල්පත් පිහිටි නිසාවෙනි. මාර්ගය බොහෝ ස්ථානවල මඩ වී තිබුණි. නමුත් කැලය ඇතුළේ මඩ ස්වභාවයක් දක්නට නොලැබුණි.


කැලයට පිවිසුණු අප එලෙස ඉදිරියට යන විට මාර්ගයට වැටී තිබුණු ගසක් මත අපට දිවියෙකුගේ නිය පහරවල් දක්නට ලැබුණි. අප සතුව තිබූ ඡුායාරූප හා එම සලකුණු මැනවින් ගැලපුණි. කැලයේ දිවියන් බොහෝ විට ගස්වල නැග සිටිති.  මෙහිදී ද එලෙස දිවියෙකු ගසට නැගී ඇති බව අපට සිතුණි. නමුත් හෝර්ටන් තැන්නේදී එලෙස දිවියෙකු සිටිනු කවදාවත් අපට දැකිය නොහැක.


අප මේ සිටින්නේ වලාකුළු වනාන්තර වලය. අපි අහසත් මීදුමත්  ගෑවෙන ඉසව්වක සුදුපාට මීදුම මැද හුදෙකලා වුනු පිරිසකි. කැලයෙන් පසු නැවතත් කඳු වැටියක් නගිමින් පතනේ ඇවිද යාමට අපට සිදුවිය. විශාල එළිමහන් බිමක් වූ නිසා මෙම ප‍්‍රදේශයට කිරිගල්පොත්ත කඳුවැටිය පැහැදිලිව දිස්වුණි. නමුත් ඇසිල්ලකින් එම දර්ශන පෙදෙස කඳුවැටියක් තිබුණද කියා නොදකින ලෙස මුළු කිරිගත්පොත්තම මීදුම හා වලාකුළු වලින් වැසුණි. මීටර 800කට පමණ දුරින් ගෝනුන් රංචුවක්  තණ උලා කමින් සිටි අතර උන්ගේ හඬවල් පෞද්ගලික බස්රථවල නලා හඬට වඩා වැඩි විය. මේ වනවිට කිලෝමීටර් 3කට වඩා අප පැමිණ තිබූ අතර බොහෝ අවස්ථාවල පඳුරු හා මඩ ගොහොරුවලින් පිය මනින්නට අපට සිදුවිය. දැඩි සුළඟක් හුදෙකලාවේ අපට හිනාවෙන මීදුමත් හැරුණු විට වෙනත් කිසිම දෙයක් සිදු නොවුණි. දහදිය හෝ වෙහෙසක් නොදැනුනේ අප ගත වටා දැවටෙන සීතල නිසාවෙනි. පාළුව මකාගනු වස් විශාල දල වල්  ඌරෙකු මීටර 100ක දුරින් වම් පස කැලය තුළින් එළියට ආ අතර කිසිත් කරගනු නොහැකි වූ අප ගල් ගැසී එතනම සිටියෙමු. නමුත් ඌ කැලයෙන් එළියටවී තැන්නට ඇතුළු වුනු අමුත්තන් බලා නැවත කැලය තුළට ගියේ හඬ නගාගෙනය. පා ඉක්මන් කළ  අප ලහි ලහියේ ඉදිරියට ඇදුනෙමු.


විටින් විට ගල් තලාවක හෝ තණ පඳුරු මත වැතිරුණු අප ගෙන ආ බිස්කට් ආදිය කෑවෙමු. නමුත් පොලිතින් හා ප්ලාස්ටික් කිසිවක් බිම නොදමා රැුගෙන ඒමට අප වගබලා  ගත්තෙමු. මේ වනවිට කිරිගල්පොත්ත කඳුවැටිය ආශ‍්‍රිත කැලයට අප ළංව සිටියෙමු. තවත් කැලෑවල් දෙකක් පසුකොට අවසන් තැනිතලාවද තරණය කරමින් අප ඉදිරියට ඇදුනෙමු. මෙහිදී අපගේ දවසේ යටි අරමුණක්ව තිබූ පෙර සඳහන් කළ ප‍්‍රබලම මාංශ භක්ෂක  සත්වයා වූ දිවියෙකු දැක ගැනීමට අපට හැකිවිය. නමුත් ඒ මීටර් 500කට එහා ඈතින් තැන්න දිගේ කැලය දෙසට ඇවිදගෙන යන එකෙකි. අප සැවොම එකට ළංවී ශබ්දනොකර පහත්වී සිටියෙමු. මා ඡුායාරූපයක් දෙකක් ගත් නමුදු ඌ නිසොල්මනේ කැලයට තුළට පියමං කෙරූ අතර අපගේ තැතිගැන්ම හා හද ගැස්මේ වේගය නම් අඩු  නොවුණි. අප දිවියෙකු දැකීමට ප‍්‍රිය කළත් එලෙස දැකීමට හැකිවෙතැයි සිතුවේම නැත. මන්ද එය ඉතා දුර්ලභ දසුනක් වන හෙයිනි. බොහෝ විට මිනිසුන් යනෙන මගේ දිවියන් රැුක ඉන්නේද පහර දෙන්නේද නැත. මීට පෙර බොහෝ දිවියන් හෝර්ටන් තැන්නේ සිටි නමුත් වර්තමානයේ එම අගය 15x20 දක්වා අඩුව ඇති බව වනජීවී කාර්යාලයෙන් පවසන ලදී. සමහර විට දිවියන් අසල ගම්මානවල වෙසෙන බල්ලන් හා හරකුන්ද තම ගොදුරු කර ගත් අවස්ථා වාර්තාවී ඇති බව අපට පැවසීය. නමුත් දශක 2ක සිට දිවියන් කිසිදු සංචාරයකුට හිරිහැර කළ බවට වාර්තාවී නැත. ගෝනුන් හා වල් ඌරන්ට වඩා මන්දගාමී උපත් රටාවත් නිසාත් දඩයක්කරුවනගේ උගුල්වලට හසුවූ නිසාත් දිවියන්ගේ වර්ධන වේගය දැන් අඩුය. එලෙසම දිවියන් බොහෝ විට සක‍්‍රීය වන්නේ රාත‍්‍රී කාලයටයි. විශේෂයෙන් ඔහිය  පිවිසුමේ සිට ඔහිය දක්වා ඇති ඝන කැලය තුළ දිවියන් බහුලව සැරිසරයි. දිවියා :ඡු්බඑයැර් නදඑසහ්* මිනිස් ඇසුරට බිය වන්නේ කැලෑබදව හුදෙලාවේ ජීවත් වන නිසාවෙනි. කෙසේ හෝ තැතිගැන්ම අවසන් වූ නමුත් පවිත‍්‍රාගේ බිය නම් පහව ගියේ නැත. කෙසේ හෝ පැය හතරකට ආසන්න ගමනකින් පසු අප කිරිගල්පොත්තට ළඟාවුනෙමු. ගිමන් හැර බොහෝ වෙලා සිටිය අතර මීදුම නිසා අවට පරිසරය දැක ගැනීමට අපට අවස්ථාව නොලැබුණි. අඳුර තවමත් වැටී නොමැති නිසාත් අද රැුය පුරා සඳවතිය සිටින නිසාත්  අප ආ වේගයට වඩා වැඩි වේගයකින් ආපසු යෑමට තීරණය කළේ කූඩාරම් ගැසිය යුතු හෙයිනි. කෙසේ හෝ වලාකුළු වනාන්තර වල මුදුනටම ගිය අප වෙව්ලන සීතලේ මඩද නාගෙන ආපසු බෙලිහුල්ඔය බලා යාමට ගමන් ඇරඹීමු.

3

බෙලිහුල්ඔය පසු කරමින්...


මග සොයාගෙන ඉදිරියට  යාම දුෂ්කර වුවද එම ආ මගේම ආපස්සට  ගමන් කිරීම බොහෝ පහසුය. එම නිසාම ගෝනුන්ද දැක බලා ගනිමින් පැය දෙකට ආසන්න කාලයක් තුළ අප කොහේවත් නොනැවතී කෙලින්ම මඩ ගොහොරුද මග නොහැර බාධක විඳගෙනම අපගේ නවාතැන්පොල වෙත ආවෙමු. දැන්නම් කඳු වළලූ පෙනෙන්නට නැත. පාළු ප‍්‍රචණ්ඩ  සුළඟත් වේගයෙන් වැනෙන පඳුරු අස්සෙන් චිරි චිරියේ ගලායන බෙලිහුල්ඔයත් හැරුණු විට  අහස් කුසින් එළිය වියැකී අඳුරු වලාකුළු දුවන ආකාරය අපට දක්නට ලැබුණි. ආ වෙහෙසද නොතකාම ලහි ලහියේ  බරැුති  කූඩාරම් රෙද්ද දිග හැර එය බිමටත් ඉහළටත් සිටින ලෙස කඹ 2ක් යොදා ගස්වල ගැට ගැසුවෙමු. මෙහිදී කූූඩාරම තුළ හෝ පිටත කිසිදු කණුවක් භාවිතා නොකොට සුළඟට සමානව සුළං හමන දෙසට විවෘත කොට සුළං හමන අත වසා රෙද්ද එලා ගත්තෙමු. දැන් විවෘතව ඇත්තේ පැති 2ක් පමණි. දකුණු පස කැලයට විවර වූ කොටසද ආවරණය කළ අප සීතල දිය දහරින් ගත දොවාගෙන ගල් තලාවේ වැතිරුනෙමු. සැබැවින්ම කියාගන්නට නොහැකි සීතලක් අප ගත වසාගෙන තිබුණි.


කැලයෙන් දර ලබා ගැනීම තහනම් බැවින් රාත‍්‍රියේ ගිනි මැල දල්වන්නට නොවීය. නමුත් සඳ එළිය මුළු තැන්නම ආලෝකමත් කරන බැවින් කඳුවැටි හා ගස් කොළංද පැහැදිව දක්නට ලැබුණේ අඳුර වැටී තිබුනාටත් පසුවය. වලාකුළු වනාන්තරය රැුය පහන් කරන අපට සඳවතිය එළිය දුන්නද කළු වලාකුළු විටින් විට ඇයව වසන ලදී. නොනැවතී හඬ නගා ගලා යන බෙලිහුල්ඔය කොමලියද ඊට එපිටින් වම් පස  කැලයේ හෝගා වැනෙන උස් පඳුරු  විශේෂයද සොබාදම්  මාතාව එවන ලද මීදුම් පින්තාරුවෙන් වර්ණ ගැන්වී ඇත. දැන් නම් සැබවින්ම අප වලාකුළු  උඩ සිටිනවා වැනි දසුනකි. මුළු පරිසරයම එක පොදියට සුදු පැහැතිය. ගසක කොළයක්වත්  නොපෙනන තරම්ය. මේ අතර දිවියාගේ මතකයද අපට ගලා ආවේ පැති දෙකක්ම විවෘත හෙයිනි. හදිසියෙවත් එක දිවියකු හෝ ආවොත් අප කුමක් කරම්ද? කොහේ දුම්වද? රාත‍්‍රිය උන්ගේ රජදහන්ය. මීට පෙර විවෘත කූඩාරම් රෙද්දක් අටවා ගත් පිරිසක් තියා පැත්තක්වත් හැර නිදාගත්තවුන් මෙහි සිටින්නට නැතැයි සිතුණි. මන්ද සීතල දැරිය නොහැකි තරම්ය. අපගේ ඇඳුම් තුන හතරක් ඇඳ නිදා ගත්තෙමු. ගිනිමැල නොමැති නමුත් දුරකතන  පන්දම් එළි පමණි.

2

දිවියකු කැමරා කාචයට හසුවූ අවස්තාවක් (රවුමින් දැක්වේ)


රාතී‍්‍ර 10 වනතුරුත් නින්දක් පැමිණියේ නැත. ගෙනආ පාන්, බිස්කට් ආදිය සියල්ල කා හමාරය. අද දවසටම බත් කෑවේ  උදේ 8ට පමණය. වල් ඌරන්ගේ හඬ කැලය දෙසින් විටින් විට ඇසෙයි. පඳුරු පුරා ඉසිරෙන පින්නේ වේගය එන්න එන්නම වැඩි විය. සඳවතිය බොඳ වූ නමුත් තරමක එළිය දසත පැතිර තිබුණි. නොනවත්වා හඬ නගන දොළ පාරත් වම් පස පඳුරු යාය නිසා පින්නේ ප‍්‍රබලත්වය හොඳට දැකිය හැකිය. එක් දුරකථනයක එළි දල්වා අසල තිබූ මහරත්මල් ගසේ සවිකර තිබුණි. විටින් විට මාගේ මුහණට වැටෙන පින්න තවත් සීතල වැඩි කරයි. දිවියන් සොයා රැුයක් වන වැදුනද දිවියෙකු දුටු නිසාත්  මෙවැනි අධික සීතල හා පින්න සපිරි වලාකුළු වනාන්තරේ  එළිමහනේ සිටිය නොහැකිය. කිරිගල්පොත්ත කඳුවැටිය  මුළුමනින්ම සුදුපාටය. ක‍්‍රමක‍්‍රමයෙන් අප එකිනෙකා  නිදන්නට වූ අතර මාද නින්දට වැටුණු බව දැන ගත්තේ නැවතත් පාන්දර තුනට ඇහැරුණු විටයි. එම  අවස්ථාවේද පරිසරය පෙර පරිදිම සුදු මීදුමත්  ධාරානිපාත පින්නත් පමණි. වැස්ස නොමැති නිසා අප මෙසේ සිටීම යහපත්ය. කෙසේ හෝ නැවතත් පාන්දර 5.30ට මා නැගිට  සෙස්සන්ද කීද්දුවේ කාලය පෙන්වමිනි.


අරුමයක මහත!  පාන්දර 5.30 වුවත් අඳුරත් මීදුමත් ඊට නොදෙවනි පින්නත් එලෙසමය. දැන්නම් පින්නේ ප‍්‍රබලත්වයත් සුළෙඟ් ප‍්‍රචණ්ඩත්වයත් බොහෝ වැඩිය. කූඩාරම් රෙද්ද බොහෝ ඝනකම් නිසාත් දැමු ගැට වල ශක්තිය නිසාත් එය ගසාගෙන ගියේ නැත. කෙසේ හෝ උදේ 7 වනවිට යාන්තම් අරුණාලෝකය පතනට පතිත විය. අප නිදිගැට හැර එළියට ආ නමුත් පින්න තවමත් එලෙසමයි. සුළඟට සමාන  ලෙස අනෙක් අත බලා සිටි නිසා  අපගේ පිටවල් තෙත්වී තිබුණි. අයිස් කැට  ගෝනියක සිටින්නාක් මෙන් දැනෙන සීතලේ වෙව්ලූවේ නැති කෙනෙකු නැතිවිය. මලිත්ගේ දත් ගැටෙන හඬත් ගංදියේ හඬ මෙනි. නමුත් මාද චතුරද අධික සීතල වතුරින් මුහුණ හා දෑත් දොවා ගත්තෙමු. පසුව කූඩාරම අකුලා බෑගයට දමා එම තනි බෑගය එල්ලාගෙන යෑමට මා බාර ගතිමි. නිරාවරණය වුනු අත්ල හා කකුල් වලට දැනෙන සීතල කියන්නට වචන නොමැත.


කෙසේ හෝ අප කාර්යාලය බලා ගමන ආරම්භ කළෙමු. එක දිගට ඉතා වේගයෙන්  පා තබා මඬේ එරී කටුවලට සූරාගෙන වුව අප ගමනාත්තයට එනවිට 9.30 පමණ විය. මිනිස් වාසයෙන් බොහෝ දුර මාංශ භක්ෂක සතුන් නිදැල්ලේ සිටිනා අඩවියක නොසෑහෙන්නට පින්නෙන් පෝෂණය වුනු සීතලේ මීදුමට මැදිව අර්ධ කූඩාරමක ගෙවූ රැුය ඉතා අපූරුය. වළාකුළු වනාන්තර නමින් හදුන්වන පරිසර පද්ධතියක විශාල අවදානමක් ගෙන ගත කළ ක‍්‍රියාදාම රාත‍්‍රිය  පිළිබඳ සිතනා විට අපටද පුදුමයි. එනම් අප සැවොම නිදා සිටින අතරතුර දිවියෙක් හෝ පැමිණ අපව බලා ”පව්” කියා සිතා යන්න ගිහින් ඇත්දැයි සිතන විටය.


අද දිනයේ වලවේ ගෙඟ් උපත සොයා යන ලංකාවේ කුළුඳුල් චාරිකාවේ දිනයයි. වලවේ ගෙඟ් උපත සමග ලබන සතියේ හමුවෙමු.


m



අදහස් (0)

කිරිගල්පොත්තේ දිවියන් සොයා රැයක්

ශමින්ද රන්ශාන් Thursday, 02 October 2014 02:21 PM

ස්තුතියි ගාමිණී සිරිවර්දන, අපි ඉතින් "කට්ට කන්න" බලාගෙන තමයි ට්‍රිප් යන්නේ... https://www.facebook.com/RANcreations (නි)

:       0       0

දිල්ෂාන් නෝනිස් Tuesday, 07 October 2014 04:16 PM

අපි හෙට පාන්දර යන්න ඉන්නේ, හැබැයි ලෝකන්තේ බලන්න විතරයි. (අ)

:       0       0

සුරංග Tuesday, 07 October 2014 11:12 AM

දිවියෙක් දැකීම ඉතාම දුර්ලභ අවස්ථාවක් (නි)

:       0       0

සුපුන් මදුරංග Sunday, 05 October 2014 05:24 AM

හෝර්ටන් තැන්නේ මමත් හොදට ඇවිදලා තියෙනවා. හෝටන් තැන්න ගැන කිසි කැක්කුමක් නැති පිරිසක් තමා පාලනය කරන්න දාල ඉන්නේ. ඒ නිලදාරී ඉන්න කාර්යාල, ගොඩනැගිලි වටේටම ආක්‍රමණික ශාකයක් වෙන 'යුලෙක්ස්' පැලවෙලා තියෙනවා දහස් ගනන්. ඒ තැන්වල බෝඩ් නම් ගහල තියෙනවා දුටු තැන ගලවල දාන්න කියල. අනේ මන්දා මේ නිලධාරින්ගේ ඇස් පොට්ටද කියලා දෙවියෝ තමා දන්නේ (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 30 September 2014 05:19 PM

ශ්‍රී ලංකාවේ කඳු තරණය කිරීම ඉතාමත් අනතුරු දායකයි.කාල ගුණය ,ගිරි දුර්ග, ජලදුර්ග, වනසතුන්,ඉතා පහසු ගමන් මාර්ග හැඳිනගෙන තරණය කිරීම තමා ආරක්ෂාව.මෙවැනි කණ්ඩායම් වලට ක්‍රීඩා අමාත්‍යාංශය ,වන ජීවී ,වන සංරක්ෂණ රජයේ ආයතන වගේම ක්‍රීඩා සමාජ වලින් අනුග්‍රහය දැක්වීම හා යටිතල පහසු කම් සලසා දෙන්නේ නම් කඳු තරණය කරන්නන් දිරිමත් කිරීමක් ! (දී)

:       0       0

ශමින්ද රන්ශාන් Monday, 06 October 2014 03:19 PM

සුපුන් මධුරංග, එක නම් ඇත්ත.. ‘යුලෙක්ස්‘ බොහොම ඉක්මනට බෝ වෙනවා. කකුල් හුරගෙන තමයි අපිත් ගියේ. ඔවුන් මිට වඩා උවමනාවෙන් එ්ක කරන්න ඕන. (අ)

:       0       0

සඳුනි Saturday, 04 October 2014 10:47 AM

ගාමිණී ඔයාගේ අදහස් ඉතා වටිනවා. (නදී)

:       0       0

හේරත් Monday, 06 October 2014 05:04 PM

හරිම සුන්දර චාරිකාවක් (නි)

:       0       0

සුපුන් මධුරංග Sunday, 05 October 2014 08:56 AM

හෝටන් තැන්න බේරගන්න වෙලා තියෙන්නේ එන සංචාරකයන්ගෙන් නෙවේ, එ්ක බලාගන්න දාලා ඉන්න නිලදාරින්ගෙන්. තව කාලයක් යනකොට මුළු හෝටන් තැන්නම ‘යුලෙක්ස්‘ කියන ආක්‍රමණික පැලෑටිය නිසා වැහිලා යනවා. ඒකට වගකියන්න ඕනෑ වෙන කව්රුත් නෙවේ ඒකේ ඉන්න මහත්තුරු ටික (නදී)

:       0       0

යෂාන් Thursday, 02 October 2014 12:58 AM

ගාමිණී, ඔබේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

සිරිල් ධර්මතිලක Monday, 20 October 2014 02:53 PM

හෝර්ටන් තැනන කියන්නේ අහස උඩ පිහිටි පාරාදීසයක් වගේ.. හරිම අපුරුයි..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාස්කු දා ප්‍රහාර පරීක්ෂණ
2024 ජුනි මස 22 122 0

2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුව එ


ප්‍රමිතියෙන් තොර ඖෂධ නිකුත් කිරීම ජාතික අපරාධයක්
2024 ජුනි මස 22 69 0

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට පසුදින වුවද අපට ලිවීමට සිදුවී තිබෙන්නේ සිත් නිවී සැනසීම් බවට පත් කරන කරුණක් නොව සිත් කීරිගස්වන්නට හේතුවන භීතිය අවුළු


බොහෝ පව්කම් කුසලයෙන් වැසීයයි
2024 ජුනි මස 21 234 0

සියලු පව්කම් නොකළ යුතු බවත් උතුම් කුසල ධර්මයේ යෙදිය යුතු බවත් සියලු බුදුවරයන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය බව බොහෝ දෙනා දන්නා කරුණකි. ව්‍යවහාරික සමාජයේ ස


මිහිඳු හිමි ශිෂ්ඨාචාරයෙන් රට යළි පුබුදුවමු
2024 ජුනි මස 21 74 0

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීම මෙරට මිහිඳු ශිෂ්ටාචාරයක් සඳහා පදනම දැම්මේ ය. අප අද සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය බවට හඳුනා ගන්නා අපගේ සියලු‍ භෞතික හා ආධ්‍යා


රටට අභිමානය උදාකළ උතුම් පොසොන් පෝය
2024 ජුනි මස 21 88 0

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. සකල ලංකාවාසි ජනී ජනයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් අනුබුදු මිහිඳුමහරහතන් වහන්සේ මෙරටට වැඩම කර අභිමානවත් ශිෂ්ටාචාර


ජනවාර්ගික සංහිඳියාව අගය කළ ලක් පුත්‍රයා - ඩඩ්ලි
2024 ජුනි මස 20 202 1

නිදහස් ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වී සිවුවරක්ම අගමැති පදවිය හෙබවූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතාගේ 113 වැනි ඡන්ම දිනය ඊයේට (19) යෙදිණි. මේ ලිපිය ඒ නිමිත්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 151 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site