IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කැමරාව අක‍්‍රිය කළත් හොරා කැමරාවේ


 

 

අපරාධකරුවන් සීසීටීවී කැමරා අක‍්‍රීය කර අපරාධ සිදු කිරීමේ ප‍්‍රවණතාවක් ද අද දක්නට ඇත. එලෙස අක‍්‍රීය කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථවී සියලූ සිද්ධීන් කැමරාවේ සටහන් වූ අවස්ථාවක් මීට කලකට ඉහත වාර්තා විය.

එය නිට්ටඹුවේ සුපිරි වෙළෙඳසලකි. වෙලාව රාත‍්‍රී අටට පමණ වන්නට ඇත. වෙළෙඳ සලට පැමිණි පාරිභෝගිකයන් පස් හය දෙනෙක් ද එහි වූහ.
කිසිවකු නොසිතන මොහොතක හෙල්මට් පැළැඳගෙන මුහුණු ආවරණය කර ගත් හතර දෙනෙක් වෙළෙඳ සලට ඇතුළු වූහ. ඔවුන්ගේ අත ගිනි අවි විය.
එක් අයෙක් දොරටුව අසල සිටි අතර අනෙක් පිරිස අවි එල්ල කරගෙන වෙළෙඳසල තුළටම ආහ.

වෙළෙඳ සලේ සේවකයනට ගිනි අවි එල්ල කළ ඔවුහු සේවකයන් බිම දණ ගැස්වීය. එක් අයෙක් කෙළින්ම ගියේ මුදල් අයකැමි සිටින ස්ථානයටයි. එහි තිබූ ලක්ෂ පහ හයක් කොල්ල කෑවේය.

තව අයෙක් සිගරට් කාටූන කිහිපයක් ගත්තේය. වෙළෙඳසලට පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිප දෙනකුගේ රන්මාලද කඩා ගත් ඔවුහු වෙළෙඳසැලෙන් එළියට විත් යතුරු පැදි දෙකකට නැග ගත්හ.

නැගගෙන පවනට බඳු වේගයෙන් යන්නට වූහ.

කොල්ලකරුවන් යතුරුපැදිවලින් පළා යද්දී වෙළෙඳසලේ සිටි නිර්භීත තරුණයකු මෝටර් රථයකින් ඔවුන් ලූහුබැඳ ගොස් තම මෝටර් රථය යතුරු පැදිවල ගැටීමට සලස්වා කොල්ලකරුවන් ගමන් ගත් යතුරු පැදි දෙකම අනතුරට පත් කළේය.

එහි එක් යතුරු පැදියක් පළා ගිය අතර අනෙක් යතුරුපැදිය අනතුරට පත් විය.

තුවාල ලත් කොල්ලකරුවෝ මෝටර් රථයට වෙඩි තබා අසළ නිවසකට බලහත්කාරයෙන් ඇතුලූවී නිවැසියන්ට ගිනි අවි එල්ල කර ඔවුන් සතු වූ යතුරුපැදියක් ගෙන පළා ගියහ.

එම අවස්ථාවේ කොල්ලකරුවන් අතින් ගිලිහී ගිය ගිනි අවිය හා අතහැර දමා ගිය යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඒ ඔස්සේ පරීක්ෂණ දියත් කළේය.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඞී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වයි. පී. අමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ ඇරැඹූහ.

ඒ අනුව කළ පරීක්ෂණවලින් කොල්ලකරුවන් හතර දෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ. කොල්ලකරුවන් අතර ගුවන් භටයෙක් ද විය.
පරීක්ෂණවලින් අනාවරණය වූයේ සැකකරුවන් තවත් අපරාධ රැසකට සම්බන්ධ බවයි.

වෙළෙඳසලට පැමිණි විගස සීසීටීවී කැමරා කැඞීමට උත්සාහ කළත් ඔවුන් මුල සිට කළ සියල්ල සීසීටීවී කැමරා ඇසේ පැහැදිලිව සටහන් වී තිබිණි.

 

 



අදහස් (0)

කැමරාව අක‍්‍රිය කළත් හොරා කැමරාවේ

කින් බෙනට් Monday, 10 February 2014 01:45 PM

දැන් එතකොට මොකක්ද දෙන දඬුවම(දිල්)

:       0       0

බෙනට් Monday, 10 February 2014 01:46 PM

මේක කියවද්දී නිකන් හොලිවුඩ් ෆිල්ම් එකක් බලනවා කියලයි මට හිතුනේ.(නදී)

:       0       0

දුෂාන් Saturday, 08 February 2014 10:18 AM

ඉස්සරහට හොරකම් කරන්න ඉන්න ඉන්න කට්ටියට හොද පාඩමක් .දැන්වත් හොරකම් නොකර ඉන්නනේ නැතැයි නේද ? (දිල්)

:       0       0

සරා Wednesday, 05 February 2014 04:56 PM

කෝ වීඩියෝ එක (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1534 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1350 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site