IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කටකතාවලට තටු ඇලවූ දියතලාවේ පිපිරීම

තරිඳු ජයවර්ධන

දියතලාව සිදුවීම ගැන විවිධ පිරිස් විවිධ කතා පතුරුවති. සිදුවූම වූ අවස්ථාවේම මෙය බෝම්බ පිපිරීමක් බවත්, යාපනයේ සිට පැමිණි බස් රථයක පිපිරීම සිදුවී ඇති බවත් කියමින් උතුරද සම්බන්ධ කර ලංකාවේ යළිත් ත්‍රස්තවාදය හිස ඔසවා ඇතිය යන අදහස ගම්‍ය වන ආකාරයේ ප්‍රචාර රැසක් ගොස් තිබිණි.

බස් රථයට වැඩිපුරම හානි සිදුවූයේ පිපිරීමෙන් නොව ගිනි ගැනීමෙනි. ගින්නට හේතුව පිපිරීමක් බව මූලික පරීක්ෂණවලින් සනාථ වී ඇත. මෙම බස් රථය යාපනයේ සිට දියතලාව හරහා බණ්ඩාරවෙලට යන බස් රථයක් බව කීම ද අසත්‍යකි. මෙය බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයකි. බසයේ ගමන් බලපත්‍රය ඇත්තේ දියතලාවේ සිට මහියංගනයේ හෙබරව දක්වා යෑමටය. 

යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා පැමිණි බස් රථයේ සිටි පිරිසෙන් කොටසක් ඉන් පසු බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයට ගොඩ වී තිබේ. ඒ අතරමඟදී බස් රථයේ ඉදිරිපස සිට තුන් වැනි හෝ හතර වැනි ආසන පේළියේ වාඩිගෙන සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු බසයෙන් බැසීමට නැගිට ඇතැයි මූලික පරීක්ෂණවලින් සනාථ වී තිබේ. 

ඇසින් දුටුවන් කියා ඇත්තේ ඔවුන් සතුවූ යමක් බිම වැටෙනු දුටු බවත්, ඉන් අනතුරුව පිපිරීම් ශබ්දයක් ඇසුණු බවත්ය. එම පිපිරීමෙන් පසු එතැන තිබූ ගමන් මල්ලක් ගිනි ගත් බව ද ඇසින් දුටුවන් කියා ඇත. මෙම සාක්කකිකරුවන් අතර යුද හමුදා සාමාජිකයෝ ද සිටිති. 

ඒ අනුව පොලිසිය සැක කරනුයේ යුද හමුදා සාමාජිකයකුගේ ගමන් මල්ලේ තිබූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් මේ අනතුර සිදුවී ඇති බවයි. පිපිරීමෙන් විසිවූ කැබලි ආදිය පරීක්ෂා කරද්දී මෙය අත්බෝම්බයකින් සිදුවූවක් බව සැක කළ හැකි බව ද පොලිසිය පවසයි. කෙසේ වෙතත් පිපිරීමෙන් සහ ගිනි ගැනීමෙන් 19 දෙනකු තුවාල ලබා ඇති අතර යුද හමුදාවේ හත් දෙනෙක් ද ඒ අතර සිටිති. 

යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාදවලට දැඩි හානි සිදුවී ඇති බව ද, පිපිරීම සිදුවී ඇත්තේ ඔවුන් දෙදෙනා පැමිණි ස්ථානයේ බවට සැක කරන බව ද පොලිසිය කියයි. හමුදා සාමාජිකයකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

නීති විරෝධී අත්බෝම්බයක් රැගෙන යෑම සහ අනාරක්ෂිතව එය රැගෙන යෑමෙන් පිපිරී 19 දෙනකුට පමණ තුවාල සිදු වීම ආදී චෝදනා යටතේ අත්බෝම්බය රැගෙන ආ බව කියන යුද හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් යුද හමුදාව ද කියා තිබුණේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවයි. යුද හමුදා පොලිසිය ද මේ ගැන විමර්ශනයක් පවත්වන අතර සිද්ධිය වන අවස්ථාවේ එම බස් රථයේද යුද හමුදා පොලිසියේ දෙදෙනකු සිට ඇති බව දැනගන්නට තිබේ. 

අද දහවල් රස පරීක්ෂක සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්විණි. මේ වන විටත් සිද්ධිය ගැන උසාවියට කරුණු වාර්තා කර ඇති බව පොලිසිය කියයි. ‍

සිද්ධිය සම්බන්ධයෙන් බොරු කතා පැතිරවීමෙන් වලකින ලෙස පොලිසිය ඉල්ලා සිටියි.



අදහස් (5)

කටකතාවලට තටු ඇලවූ දියතලාවේ පිපිරීම

Bamunuarachchi Wednesday, 21 February 2018 11:24 PM

බොරුකතා පැතිරවීමට හා බොරුකතා විස්වාස කිරීමට සිංහලයා තරම් ජාතියක් ලොව තවත් නැත. ඒ හේතුවෙන් 2015 දී සිංහලයා. තමන්ටමත් රටටත් නස්පැත්තියක් කරගත්තේය.

:       875       704

Nuwan Thursday, 22 February 2018 10:24 AM

මේ සිද්ධිය ගැන බොරු කතා පැතිරවීමෙන් වලකින්න.

:       0       0

saman k Thursday, 22 February 2018 01:05 PM

බමුණු , ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ.

:       0       0

Dr. රන්ජිත් වෙල්ගම Thursday, 22 February 2018 10:45 PM

මම ඉන්නේ එංගලන්තයේ. ශ්‍රී ලංකාවේදී 1992 සිට 2002 දක්වා කාලය තුල සිදුවූ බොහොමයක් බෝම්බ, මහා බැංකු බෝම්බය සහ අනෙකුත් පිපිරීම් පිළිබඳව පරීක්ෂණ කරලා තියනවා. මෙම පිපිරීම බස්රථය තුල සිදුවූ බව පේනවා. ඊට අමතරව තුවාල කරුවන් පිලිබඳ විස්තර අනුව නම් අත් බෝම්බයක් හෝ granade එකක් වෙන්න පුළුවන් මෙම බස්රථයේ ගිනිගැනීමකින් සිදුවූ ලක්ෂණ ඉතාමත්ම පැහැදිලිව සියලු කෝනයන්ගෙන් youtube එකේ video තියෙනවා. බෝම්බයක් පිපුරුණු බවට කිසිම සාධකයක් නෑ .. බොරුවට, ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරන්නඑක බොහොමත්ම නරකයි.

:       0       0

Priyantha Friday, 23 February 2018 08:29 AM

බමුණුට හොඳටම පිස්සු. නියම ආරච්චි කෙනෙක් තමයි බොලාගේ මුත්තත්. තාම රජ කෙනෙක් හොයනවා ආරච්චිකම් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site