IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුංග්ෆූ පැන්ඩා දෙනියායේ ඉපදිලා

 

 

ලෝකයේම පොඩිත්තන් අතර ප‍්‍රසිද්ධ ඇමෙරිකාවෙ කුන්ග්ෆු පැන්ඩා පහුගිය කාලෙ දෙණියාය පැත්තෙ ඉපදිලා යස අපූරුවට සිංහල භාෂාවත් කතා කරනවා කියලා ස්වර්ණවාහිනිය පැත්තෙන් ආරංචියක් ආවා. කතාවෙ ඇත්ත නැත්ත හොයාගන්න අප කුන්ග්ෆු පැන්ඩා හොයාගෙන බොරලැස්ගමුවෙ දිවුල්පිටියට ගියේ කුන්ග්ෆු පැන්ඩා මේ වෙලාවෙ සිලැක්මා ආයතනයේ ඉන්න ආරංචියටයි.

කුන්ග්ෆු පැන්ඩා තරම් මහත නැති හාදයෙක් අප පිළිගත්තෙ නම සමන් සිල්වා යැයි හඳුන්වා දෙමිනුයි. කුන්ග්ෆු පැන්ඩාට සිංහල හ`ඩක් දෙන සමන්ට තාමත් සමහරු කතා කරන්නෙ කුන්ග්ෆු පැන්ඩා කියලලූ. කොහොමද කුන්ග්ෆු පැන්ඩා දෙනියායෙ වුණේ. ස්වර්ණවාහිනියෙන් ආරාධනයක් ලැබුණ පොඩිත්තන් අතර ජනප‍්‍රිය කුන්ග්ෆු පැන්ඩා චිත‍්‍රපටිය සිංහලෙන් හඩ කවන්න.

මේ ගැන හොඳින් සොයා බලද්දී මුල් පිටපතේ ඇති ඇතැම් දෙබස් ඉංග‍්‍රිසියෙන් සිංහලට පරිවර්ථනය කළාම අපේ සංස්කෘතිය තුළ පොඩිත්තන් වෙනුවෙන් යෙදීම එතරම් නුවණට හුරු නැති වුණා. මේකට විසඳුමක් විදිහට මම තෝරගත්තෙ නිර්මාණයට හානියක් නොවන විදිහට දෙබස් නවීකරණය කරලා පොඩි විශේෂත්වයක් කරන්න. මල්බාර් නම යෙදුවෙ ඒ අනුව දකුණේ කෙනෙක් විදිහට ඒ ග‍්‍රාමීය භාෂාව මෙයට යොදා ගැනීම සුදුසුයි කියලා හිතලා මං ඒක කළා. කොහොම හරි අවුරුදු තුන හතරෙ සිඟිත්තාගේ සිට අසූවේ මහළු අය පවා කුන්ග්ෆු පැන්ඩාට ආදරය කරන්න පටන් ගත්තෙ එහෙමයි.

 



මල්බාර් කුන්ග්ෆු සටන් ක‍්‍රමය ප‍්‍රගුණ කළ කෙනෙක් නේ. මකර රණකාමියා කියන මල්බාර්ට ඔවැනි නෝන්ජල් ස්වරූපයක් ආරූඩ කිරීම වැරදියි නේද?
නැහැ කුන්ග්ෆු පැන්ඩා ගොඩ නැගී ඇත්තේ ඇමෙරිකාවෙ ගම්බද ප‍්‍රදේශයක් මුල් කරගෙන නේ. කොහොමත් ස්වභාවයෙන් පැන්ඩා තරමක නෝන්ජල් චරිතයක් තියෙන කෙනෙක්. ඒක පෙන්නන්න නම් ඊට නෝන්ජල් හ`ඩක්  ඕන. අපේ හ`ඩ කැවීම් ශිල්පීන් වීර චරිතවලට කැමති වුණාට මෙවැනි චරිතවලට බයයි. ඇයි ඉතිං ඒක උසුළු විසුළුවලට ලක්වීමේ මුල නේ.... මං අමු අමුවෙම ඇමෙරිකානු පිටපත ලංකාවට හැරෙව්වෙ නෑ. පොඩි ළමයින් ඉලක්ක කරගෙන කරන වැඩසටහනක් නිසා මොන දෙයක් කළත් ඒක අපේ සංස්කෘතියේ සීමාවන් ඉක්මවා යන්න බැහැ. විශේෂයෙන් ස්වර්ණවාහිනිය එවැනි ඉක්මවා යාමකට ඉඩ දෙන්නේ නැහැ.

 


හඩ මගින් රඟපෑම ශිල්පියකු සතු විශේෂ හැකියාවක් ද?
අපොයි ඔව්. වචන දැන ගත්තට කතා කරන්න පුළුවන් වුණාට දෙබස් කියන්න විශේෂ හැකියාවක්  ඕනෑ. දුක, සතුට, කේන්තිය, ලැජ්ජාව, ආදරය මේ හැම දේම හ`ඩින් තමයි පෙන්වන්න  ඕනෑ. අහන් ඉන්න නැතිනම් ඇහෙන කෙනාට ඒ හැඟීම දැනෙන විදිහට හ`ඩ නිකුත් නොවෙනවා නම් ඒක සාර්ථක හ`ඩ කැවීමක් වෙන්නෙ නෑ.

 


ඔබ හඩ කැවීම් ශිල්පියෙක් විතරක් නෙවෙයි.
ඔව්, මම ගීත ගයනවා. ටෙලි නාට්‍ය සහය අධ්‍යක්‍ෂණය වගේම හඩ කැවීම් අධ්‍යක්‍ෂණය කරනවා. ඒ අනුව තමයි මං හ`ඩ කැවීම් නිශ්පාදනය සඳහා සිලැක්මා ආයතනය බිහිකළේ.

 


දැන් ඔබ ප‍්‍රාග් ඓතිහාසික කතාවක් ස්වර්ණවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරනවා.
ඔව්, ලෙජන්ඞ් ඔෆ් එන්යෝ. ඒකත් මේ දිනවල පොඩිත්තන් අතර හරි ජනප‍්‍රියයි. මට මේ නිර්මාණය ලැබුණු දා ඉඳලා මාසයක පමණ කාලයක් මං එය අධ්‍යයනය කළා. මං ඊට අවශ්‍ය හඩවල් පවා දීර්ඝ කාලයක් තිස්සේ පරීක්‍ෂා කරලයි යොදා ගත්තේ. මම හඩ කැවීම් අධ්‍යක්‍ෂකවරයෙක් විදිහට හිතනවාට වඩා වැඩිහිටියෙක් විදිහට හිතලයි මේ නිර්මාණ කරන්නෙ. මගේ දරුවන්ට බලන්න හොඳ නැති තරමෙ නිර්මාණයක් අනෙක් දරුවන්ට දීලා කීයක් හරි හොයා ගන්න තැන මම නෑ. සිලැක්මා කවදත් ශ්‍රී ලාංකේය අභිමානය රැක ගනිමින් වැඩ කරනවා.

 

 


කාටුන් පොඩිත්තන්ගෙ වැඩක්. ඒ වගේ දෙයක් රැකියාව කරගන්න හිතුවෙ ඇයි ?
පොඩි දරුවොත් එක්ක ගැවසෙන්න ඇත්නම් ඒක කොයි තරම් ප‍්‍රිය මනාපද. මං කොහොමත් පුංචි කාලෙදී එක එක සතුන්ගෙ හඩ අනුකරණය කරනවා. ගෙදර වැඩිහිටියො ඒ හඩවලට රැවටිලා ඒ සතුන්ව එළවන්නත් යනවා. මගේ පුතාලා දෙන්න අරවින්ද සහ කාවින්දත් මේ වගේ හැකියාවන් තියෙන අය. ඔවුන් වගේම රටේ අනෙකුත් දක්‍ෂ දරුවන්ට මං මේ ක්ෂේත‍්‍රයේ දක්‍ෂතා දියුණු කර ගන්න අත දෙනවා. මම මේ රැකියාව ගැන හරි තෘප්තිමත්. ඒ වුණාට අපේ අම්මා තාමත් මගෙන් අහන්නේ රස්සාවක් හොයාගත්තෙ නැද්ද කියලයි.

 

 


හඩ කැවීම් සඳහා එන හැකියාවද, පාඨමාලාවක් හැදෑරීමද?
හැකියාව පිහිටා තිබිය යුතුයි. නිරන්තර අභ්‍යාසය තුළින් ඒවා දියුණු කර ගත යුතුයි. සටහන් පොත්වල සටහන් ලියාගෙන පාඩම් කරලා විභාග ලියලා මේ වැඬේ කරන්න බෑ. හන්දියක් ගානෙ අද තියෙන පාඨමාලා කඩවල මේවා විකුණුවාට මිලදී ගන්න  ඕනෑ පරිස්සමෙන්. හඩකැවීම් පුහුණු වෙන්න දරුවො ආවම මං ඔවුන්ව නොමිලයේම පුරුදු කරලා හඩ කැවීමකට යොදා ගත්තොත් මුදලකුත් ගෙවනවා. කොහොම නමුත් සිලැක්මා කරන මේ සේවය, අසංක එදිරිසිංහ මහත්තයා සහ ගලහිටියාව මහත්තයා නොහිටින්න හීනයක් විතරයි.

 

 


අමතක නොවන සිදුවීම්  ඕනෑ තරම් තියෙනවා කිවුවා නේද?
අපොයි ඔව්. දවසක් හදිසියේම අවශ්‍ය වෙච්ච පරිගණක උපාංග වගයක් මිලට ගන්න අසංග ආටිගලයි මමයි සාප්පුවකට ගියා. සෑහෙන වෙලාවක් ගතවෙලත් වෙළෙඳ සේවකයෙක් අප ළඟට ආවෙ නෑ. දැන් අපට බඩු ටිකත් ඉක්මනට  ඕනෑ. කඬේ මුදලාලි ළඟට ගිහින් අපි මේ ගැන පැමිණිලි කළා.

සමාවෙන්න මහත්තයෝ, මේ කට්ටිය එක්ක ඔහොම තමයි. මේ වෙලාවට ඒ අය අල්ලගන්න බෑ. අර කාටුන් එකක ඥාණපාලයෙක් අල්ලගෙන ඔක්කොම ඒක බලනවා මිස වැඩ කරන්නෙ නෑ. මමයි අසංගයි ගල් ගැහුණ. ඇයි දෙයියනේ මේ ඥාණපාල මමනේ. ඒ ඥාණපාලට හඩ දෙන්නෙ මමයි නොකියා බුම්මගෙන පැය භාගයක් විතර ඉඳලා අවශ්‍ය දේ අරගෙන එන්න මට සිද්ද වුණා. මේ වගේ දේවල් නම් අනන්තයි, අප‍්‍රමාණයි. සිලැක්මා අපි අතර ඉන්න මලින්ද අරන්දර, අශාන් ආටිගල දෙදෙනාත් එක්ක මේ ගමන අපි ආවෙ පහසු ගමනක් නොවෙයි.

 

 

 
සමන් සිල්වා, අරවින්ද සිල්වා, මලින්ද අරන්දර, අශාන් ආටිගල

 

 

 



අදහස් (0)

කුංග්ෆූ පැන්ඩා දෙනියායේ ඉපදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site