IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඔවැනි ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නේ රඟපාන්න එන මුල් අවුරුද්දෙයි

 

 

ජීවිතය ලස්සනයි ‘‘චිත‍්‍රපටයේ මායි රන්ජන් රාමනායකයි කළ රඟපෑම හින්දා, හැමෝම වාගේ පැවසුවේ ඔය දෙන්න හොඳට ගැළපෙන බවයි. ඇත්තටම චිත‍්‍රපටය නැරඹුවාම මටත් වැටහුණා හොඳට ගැළපෙන බව, උසින් වගේම රඟපෑමෙන්ද අප දෙන්නා හොඳට ගැළපුණා. සමහරු අපි දෙන්නා යාළු ද කියලත් ඇහුවා. ඒ දවස්වල මම රන්ජන්ට ගැළපෙනවා කියලා කිව්ව හින්දා, රන්ජන් දවසක් මට සිනාවෙන් උත්තර දුන්නා. ඔහු මොකුත් කිව්වේ නෑ. හිනාවුණා පමණයි’’

 

දැන් ඔයාලට ප‍්‍රශ්නයක් ඇති මේ කවුද කියලා. ඇය මේ දිනවල ජනප‍්‍රිය රංගන ශිල්පිනියකි. ඒ වගේම රූපවාහිනී නිවේදිකාවකි ‘‘සිරීගේ ඉරණම’’ ටෙලිනාට්‍යයේත්, ‘‘සිහින සිත්තරාවි’’ ටෙලි නාට්‍යයේ සම්මානි ලෙසින් ද අප හමුවන එන මේ රුවැත්තිය රුවන්ති රත්නායකය. ‘‘ජීවිතය ලස්සනයි’’ චිත‍්‍රපටයෙන් හා ‘‘අහසින් වැටුණ’’ ටෙලිනාට්‍යයෙන් කාගේත් කතාබහට ලක් වූ රුවන්තිටත් ක්ෂේත‍්‍රයෙන් වගේම පිටතදීත් අමුතු යෝජනා එනවාද? ඒවාට ඇය දක්වන්නේ කුමන ප‍්‍රතිචාරයක්ද? මේ ගැන ඇයගෙන්ම දැන ගැනීමට මට සිත්වුණි.


 ඇත්තටම රුවන්ති, ඔයාට කාගෙන්වත් අමුතු යෝජනා එහෙම එන්නේ නැද්ද?
එහෙම නම් කවුරුවත් අහලා නෑ. දැනට නම් ඇවිත් නෑ. මොකද මා දන්නවා කරන්න  ඕනෑ දේ මොකක්ද කියලා. ඒ නිසා අනවශ්‍ය බලපෑම්, යෝජනා, ලිංගික අල්ලස් ඉල්ලන්න එන්නේ නෑ.

 


 ඒ කියන්නේ නිර්මාණයක් කරද්දීවත් ඔයාට එවැනි යෝජනා එන්නේ නැද්ද?
මෙහෙමයි මා හිතන්නේ ඒ කෙනාගේ අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ කියලයි. අනවශ්‍ය දේ වලට ආරාධනා ලැබෙන්නේ මුලින් ඇය දිහා බලලා තමයි යෝජනා ඉදිරිපත් කරන්නේ. තමන්ගේ දක්ෂතාවය පස්සට දාලා අනවශ්‍ය විදිහට ඒ තැන්වල හැසිරෙමින් කටයුතු කරන්න ගත්තොත්, ඇයව තමන්ගේ පැත්තට ගන්න පුළුවන් කියා ඔවුන් සිතනවා. එතනදී තමයි ඔවුන් ලිංගික බලපෑම්වලට පවා උනන්දු වෙන්නේ.

 


 අලූතින් එන නිළියන් බොහෝ විට ජනප‍්‍රියත්වය ලබාගන්න  ඕනෑම දෙයක් කරන්න සූදානම් බවක් පෙනෙනවා. මේ කතාවේ ඇත්තක් තිබෙනවා නේද?
හැමෝම ඒ ගණයට දාන්න බැහැ. සමහරු අවශ්‍ය වැඬේ කරන්නේ නැතුව  ඕන දෙයක් කරන්නම් කියලා. පොඩි චරිත ඉල්ලගෙන මේ ක්ෂේත‍්‍රයට එන අය ඉන්නවා. ඒ අයගේ ගමන කෙටියි. කිසිම කෙනෙක් බලහත්කාරයෙන් අයුතු යෝජනා, බලපෑම් කරන්නේ නෑ. මේ සමහරු කැමැත්තෙන් තමයි යන්නේ ඒ ඉක්මන් ජනප‍්‍රියත්වය ලබා ගන්නයි.

 

 


 ඒ කියන්නේ මුල වරද්දගත්තොත් ඔක්කොම ඉවරයි කියන එක නේද?
ඇත්තටම ඔව්. ක්ෂේත‍්‍රයට එන මුල් කාලයේ දී, ඒ කියන්නේ අවුරුද්දක් විතර යනතුරු තමයි ඔවැනි ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මුලදී වැරදි විදිහට පටන් ගත්තොත් ඉතිං ඉවරයි. ඊට පස්සේ හැමෝම බලන්නේ අයුතු ප‍්‍රයෝජන ගන්නයි. අප රඟපාන්න ආවා නම්, ඒ කටයුත්තට තමයි මුල්තැන දිය යුත්තේ. වෙනත් අනවශ්‍ය දේවල්වලට ගියොත් නරක නාමය වගේම ක්ෂේත‍්‍රයේත් දිගටම රැුදෙන්න ලැබෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත.

 

 


 ඔබට මුල වැරදුනේ නෑ නේද?
කොහෙත්ම නෑ. මම මුල වරද්දා ගත්තේ නෑ. අදටත් ඒ හින්දයි කැත නමක් හදාගන්නේ නැතුව මේ ක්ෂේත‍්‍රයේ රැුඳී ඉන්නේ. ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයකින් තමයි මා කටයුතු කරන්නේ. ඒ හින්දා හැමෝගේම සහයෝගයෙන් රංගනයේ කටයුතු හොඳින් කරගෙන යන්න මට පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ නිසාම මගේ දක්‍ෂතා අද පෙන්වන්න පුළුවන්. කාගෙන්වත් කතාවක් හැදෙන්නේ නැති විදිහට රංගනයේ
ගරුත්වය මා ලබා දී තිබෙනවා.

 

 


 ඔබ රංගන ශිල්පිනියකට අමතරව නිවේදිකාවක් ලෙසටත් කටයුතු කරනවා. ඒ ක්ෂේත‍්‍රයේත් මෙවැනි අමුතු යෝජනා එනවා නේද?
ඔය තත්ත්වය හැම ක්ෂේත‍්‍රයකම එන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවය. මා මුලින් කියූ පරිදි මුල වරද්දාගත්තේ නැතුව ගියොත් ඔවුන්ට වැටහෙනවා අපි එන්නේ අවශ්‍ය කටයුත්ත කරන්න පමණයි කියා. එතනදී ඔවුන් අනවශ්‍ය බලපෑම් කරන්නේ නෑ. අපට ඒ කටයුත්ත කරන්න අවස්ථාව ලබා දෙනවා. නිවේදන ක්ෂේත‍්‍රය තුළත් ඔය කියන අමුතු යෝජනා, බලපෑම් මට නම් ආවේ නෑ. රංගනයට වගේම නිවේදනයටත් මම කැමතියි. ඒ හින්දා තමයි අමාරුවෙන් ඉඩක් හදාගෙන නිවේදන කටයුතුවල නිරත වෙන්නේ.

 

 


 ඔයා විලාසිතාවලටත් හරි කැමතියි නේද?
විලාසිතා කරන්න ගොඩාක් කැමතියි. හැබැයි අසීමිත ලෙස ඒ පස්සේ පන්නගෙන යන්නේ නෑ. දිනෙන් දින අලූත් වන හැමදේම මම වැළඳගන්නේ නෑ. මම ඩෙනිමයි ටී ෂර්ට් එකට කැමතියි. ඒ වගේම සැහැල්ලූ ගවුමක් අඳින්නත් හරි කැමතියි. මට හිතට අල්ලන විලාසිතාව කරනවා.

 

 


 මේ දේවල් කරන්නේ පේ‍්‍රමවන්තයාට පේ්න්නද?
එහෙම පේ‍්‍රමවන්තයෙක් මට නෑ.  ගෙදරින් මට නිදහස දීලා තිබෙන්නේ හොඳ කෙනෙක් හොයාගන්න. ඔවුන් මට බලපෑම් කරන්නේ නෑ. හොඳ කෙනෙක් හමුවුණොත් ඒ ගැන සළකා බලනවා. ප‍්‍රශ්නය තිබෙන්නේ අද කාලයේ හොඳ කෙනෙක් හොයාගන්න එකයි.

 

 


 ඔයා මේ දිනවල මොකද කරන්නේ?
මේ දිනවල ‘‘කොළඹ අහස’’ ටෙලිනාට්‍යයේ රඟපානවා. මුඩුක්කු පරිසරය තේමා කරගත් එහි පාසල් ගුරුවරියගේ චරිතයක් මා රඟපාන්නේ. ඒ අතරේ මා රඟපාන ‘‘සිරීගේ ඉරණම’’ හා ‘‘සිහින සිත්තරාවි’’ මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙනවා. හොඳ නරක විවේචන දෙකම එනවා. හැබැයි ඉතිං වැඩියෙන්ම එන්නේ හොඳ ප‍්‍රතිචාර තමයි.

 

 

 

 



අදහස් (0)

ඔවැනි ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නේ රඟපාන්න එන මුල් අවුරුද්දෙයි

ඡයමහාමුදලි‍ගේ ගයාන් ලක්ෂිත Friday, 24 January 2014 11:44 AM

ලංකා‍‍වෙ‍ කෙල්‍ලන් මහා පුදූමා කාරයි මිනිසු‍නේ. (නදී)

:       0       0

ජයේ Saturday, 21 December 2013 10:23 AM

වැඩකට නැති ලිපියක්.. සරත් ලංකාවෙන් පිට ගියොත් බලන්න/දැනගන්න පුළුවන් වේවි ලංකාවේ කෙල්ලන්ගේ මුනුවල ලස්සන..මෙයාගේ මුනේ තනිකර මේකප්. (අ)

:       0       0

රස්පී Monday, 16 December 2013 07:31 AM

මේක ලොකු ගැටළුවක් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

සරත් Thursday, 19 December 2013 12:00 PM

ලංකාවේ කෙල්ලන්ගේ මුණු හරිම ලස්සනයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 06:07 PM

අනේ ඔය රේල් පාරෙන් ඉක්මනට අයින් වෙන්න. මෝල් ගහත් හදිසියට පත්තු වෙනවා කියනවා නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31351 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13569 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site