IMG-LOGO

2023 ඔක්තෝබර් මස 04 වන බදාදා


උඩරට තේ නිපදවන හැටි

ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප‍්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය. මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි‍්‍රතාන්‍ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස වගාව දෙකකට බෙදා ගනිමින් අප රටේ වගා කටයුතු සිදුවෙයි. ආරම්භයේ සිට මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් රටවල් තේ පානය සඳහා සුළු වශයෙන් භාවිත කර විවිධ වර්ණ සැකසීමේ මූලද්‍රව්‍යයක් ලෙස තේ කුඩු භාවිත කළේය. මෑතක සිට ශ්‍රී ලංකාවේ තේ ප‍්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික මත අපගේ තේ නිෂ්පාදනය කිරීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ සාර්ථක තේ වගාව කි‍්‍රයාත්මක කිරීමට පස සංරක්‍ෂණය කළයුතු බවට තලවාකැලේ තේ පර්යේෂණායතනය මගින් උපදෙස් දී තිබුණද, උඩරට තේ වගාවේ දී එය නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් උඩරට තේ වගාවේ ඵලදායීතාව හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 1300ක් දක්වා අගයක පවතින අතර එහි උපදෙස් නිසියාකාරව පිළිපදිමින් වගා කටයුතුවල නිරතවන පහතරට තේ ගොවීහු හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 2300ක ප‍්‍රමාණයක් ලබාගැනීම් ඔස්සේ සාර්ථක තේ වගාවක නිරතව සිටිති. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ”හරිත තේ” (Green Tea) පිළිකා හා හෘද රෝග සඳහා දිව ඔසුවක් බවට දැනට කරන ලද පරීක්‍ෂණවලින් සනාථ වීමත් සමග ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳපළේ හොඳ ඉල්ලූමක් ඇති වී තිබේ. තවද දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය අනුව එකතු කළ අගය මත (Value Added)  ශ්‍රී ලංකාවේ පහතරට තේ, කුරුඳු, ඉඟුරු, කරපිංචා ක්‍ෂණික තේ (Sliming Tea)දියවැයඩියා තේ (Diabetic Tea) ටි‍්‍රපල තේ වශයෙන් විවිධ වර්ගයන්ගෙන් නිෂ්පාදනය කරන අතර ඒවාට දේශීය වෙළඳපළේ විශාල ඉල්ලූමක් ද පවතී. උඩරට තේ වගාවෙන් දැනට තේ වර්ග 10කට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, පහතරට තේ වගාවෙන් එය වර්ග 20ක් දක්වා ව්‍යාප්ත කර ඇත. උඩරට හා පහතරට තේ වගාව මගින් ඍජුව හා වක‍්‍රාකාරයෙන් ලක්‍ෂ 30කට ආසන්න ජනතාවක් යැපෙන අතර උඩරට තේ වතු සමාගම් 23ක් යටතේ කළමනාකරණය සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ඉන්දියාව හා කෙන්යාව වැනි රට වලින් අභියෝග පැවතියද, විදේශිකයන් ඉතා හොඳම ගුණවත් තේ ශ්‍රී ලංකාවෙන් යනුවෙන් (Best Tea in Sri Lanka) හැඳින්වෙන නිසා එකී අභියෝග ජය ගැනීමේ අසිරුවක් නොවන බව තේ වගාව පිළිබඳ විශාරදයෝ පෙන්වා දෙති. ඉකුත් කාලයේ මැද පෙරදිග කලාපයේ පැවති යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතා පහළ මිලක් ලැබූණද එය මේ වනවිට ස්ථාවර මිල මට්ටමකට පැමිණෙමින් පවතින බව තේ වතු සමාගම් හිමියෝ පවසති. තේ බීජ වලින් හා තේ රිකිළිවලින් තේ පැළ තවාන් කර එම පැළ සිටුවා අවුරුදු දෙක හමාරක (මාස 30ක) කාලයකින් අනතුරුව අස්වැන්න නෙළීම සිදු කෙරේ. වැඩුණු තේ දල්ලේ කොළ දෙකක හා මොටෙයියා තේ කුඩු නිෂ්පාදනය සඳහා තේ ගසෙන් ලබා ගැනීම තේ වතුවල තේ දළු නෙළන කාන්තාවන් විසින් නෙළන තේ දළු රැුස් කරන ස්ථානවලදී කිලෝ 10 ඇසුරුම්වලට බහා නොතැළෙන සේ තේ කර්මාන්තශාලාව වෙත ප‍්‍රවාහනය කරයි. අනතුරුව ”තව් මැරීම” (Wedaring) සඳහා ලණු ගෝනි වලින් සැකසූ තට්ටුවල සඳහා අසුරනු ලබයි. එම අමු තේ දළු හතරැස් අඩි 01කට කිලෝ දෙක හමාරක් පමණ තවටු වලට බහාලයි. එහිදී පැය 1214ක කාලයක් ස්වභාවික හා කෘති‍්‍රම ආකාරයේ තෙතමනය ඉවත් කෙරේ. එහිදී අමු තේ දළුවල තෙතමනය 55%ක් ඉතිරි කර 45%ක් ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය සිදුවෙයි. අනතුරුව තේ දළු ඇඹරීම සඳහා ඇඹරුම් කාමරය (Rolling Room) වෙත යොමු වෙයි. විනාඩි 40කට වරක් අමු තේ දළු කිලෝ 775ක් ඇඹරුම් කාමරය තුළට ගන්නා අතර එය ඇඹරුම් යන්ත‍්‍ර (Rolar) තුනකින් අඹරා විනාඩි 20ක කාලයක් තව් මැරීම කරයි. එහිදී උෂ්ණත්වය ෆැරන්හහයිට් අංශක 12-75ක අගයක පවත්වා ගනී. මෙහිදී අඹරණ ලද තේ කොළවල රසායනික කි‍්‍රයාකාරීත්වය ආරම්භ කෙරේ. රොට වෑන් තුළට දැමීමෙන් තේ කොළ කුඩා කැබලිවලට කඩා ගැනීම සිදුවෙයි. මෙහිදී උෂ්ණත්වය ෆැරන් හයිට් අංශක 94-95ක අගයක තිබිය යුතුය. අනතුරුව කුඩා කැබලි කර ගත් තේ පෙනෙර මාර්ගයෙන් හලා ගනී. ඉන්පසු වර්ගීකරණය සිදු කරයි. මේ සඳහා පැය 03ක පමණ කාලයක් ගත වේ. මෙම කි‍්‍රයාවලියේ දී තේ කුඩුවල වර්ණය වෙනස්වීම හා ස්වභාවික සුවඳ එක්වීම වෙයි. අනතුරුව බොයිලේරුවේ උෂ්ණත්වයෙන් විනාඩි 22ක පමණ කාලයක් වේලීම කර යන්ත‍්‍රානුසාරයෙන් තේ කොළයේ මැද දණ්ඩ ඉවත් කර පිරිසුදු කිරීම කරයි. දණ්ඩ කොටස ඉවත කරන තේ කුඩු කසළ තේ වන අතර පිරිසුදු කර ගන්නා තේ ”කළු තේ” (Black Tea) ලෙස හැඳින්වේ. අමු තේ දළු කිලෝ 100කින් නිමි තේ කුඩු කිලෝ 25ක් ලබා ගත හැකිය. තේ කුඩු වර්ගීකරණ කි‍්‍රයාවලිය අවසන් වශයෙන් සිදු කෙරෙන අතර එහිදී නැවතත් දුවිලි ඉවත් කර පිරිසුදු කරයි. අනතුරුව නිෂ්පාදන කි‍්‍රයාවලිය කිලෝ 50, 57 හා 60 වශයෙන් ඇසුරුම් කරන අතර මෙහිදී බී. ඕ.පී. (B.O.P. - Broken Orange Packo) ඩස්ට් (Dust) වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කෙරේ. එසේ ඇසුරුම් කරන තේ කුඩු කොළඹ වෙළඳපළට යැවීමට ප‍්‍රථම වතු අධිකාරිවරු විසින් තේ කුඩුවල රස බැලීම කර්මාන්තශාලා තුළ දී සිදු කරනු ලබයි. කොළඹ තේ වෙළඳපළේ වෙන්දේසියේ දී නියම කෙරෙන මිල ගණන් අනුව අදාළ තේ ගැනුම්කරුවන් විසින් මිලදී ගැනීම කරනු ලැබේ. තේ කුඩු නිෂ්පාදනය සඳහා ශ‍්‍රම දායකත්වය ලබා දෙන කාර්මාන්ත ශාලාවල සේවය කරන එක් වතු කම්කරුවකට මාසයකට හොඳ තේ කුඩු කිලෝ එක හමාරක් හා තේ වතුවල සේවය කරන කම්කරුවන්ට මාසයකට කිලෝ ග‍්‍රෑම් 500ක් වතු පාලනාධිකාරිය මගින් නොමිලේ ලබාදෙනු ලැබේ. ඊට අමතරව වතු කම්කරු වන්ගේ සෞඛ්‍ය ඇතුළු සියලූ සුබසාධන කටයුතු සඳහා වතු පාලනාධිකාරිය මගින් වසරකට විශාල මුදලක් වැය කෙරේ. කොටස් වෙළඳපළේ තේ මිලේ උච්චාවචනය අනුව වතු කම්කරුවන් සඳහා වාර්ෂිකව ලාභාංශ බෙදීමද සිදුවෙයි. එම ලාභ ප‍්‍රතිශතය මත රාජ්‍ය අනුග‍්‍රහයද ඇතිව තේ නැවත වගාව කෙරේ. (මෙම ලිපිය සැකසීමේ දී නෝර්වුඞ් තේ වත්තේ ජ්‍යෙෂ්ඨ වතු කළමනාකාර ෆෙරොස් මජීඞ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදුන් සහායට විශේෂ ස්තුතිය හිමිවේ.)

ඡායාරූප හා සටහන මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක නෝර්වුඞ් රංජිත් රාජපක්‍ෂ
ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික (තේ අලෙවිය සඳහා) තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන වේළීම සඳහා දමා ඇති අඹරාගත් තේ කුඩු නිමි තේ රස බලන ”ටී ටෙස්ටර්” වරයෙක් තේ කර්මාන්ත ශාලාවට තේ කොළ රැගන එන අයුරු



අදහස් (3)

උඩරට තේ නිපදවන හැටි

පුබුදු නිෂාන් Sunday, 14 February 2016 06:21 AM

තේ ආඥා පනත අන්තර් ජාලයට යොමු කරන්න. (කෞ)

:       1       3

ඉෂාර මදුශංක Thursday, 21 April 2016 11:35 AM

හොද ලිපියක් (හේ)

:       0       2

haa senadeera Sunday, 12 April 2020 03:52 PM

ක්‍රියාවලිය තව පැහැදිලි උනානමි තවත් වටිනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රාජ්‍ය බදු වැඩිකිරීම විසඳුමද?
2023 ඔක්තෝබර් මස 04 9 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකිවීම නිසා පසුගිය සැප්තැම්බරයේ දී ලැබීමට තිබූ දෙවැනි ණය වාරිකය ඉත


මෙරටට එන සංචාරකයන් අසීරුවට පත් නොකරමු
2023 ඔක්තෝබර් මස 04 11 0

නේපාලයේ කත්මන්ඩු නුවර බලා ඔක්තෝබර් පළමුවැනිදා උදේ පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානයක් පැය හතරකටත් වඩා ප්‍රමාද වීම නිසා ගුවන් මගී


අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද?
2023 ඔක්තෝබර් මස 04 407 1

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකා


ආර්ථිකය ගොඩනැගීමට අලුත් ආකල්පයක් ඕනෑ
2023 ඔක්තෝබර් මස 04 77 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පමාවීම රටේ ආර්ථිකයට ඉදිරියේදී සිදුකරන බලපෑම් සම්බන්ධ බොහෝ පුරෝකථන සිදුවෙමින් පවතී. එක් අතකින් දේශපාලනඥයන්


පාසලේ සාහිත්‍ය ගුරුවරයා අද නෑ
2023 ඔක්තෝබර් මස 03 213 0

නවකතාව, කවිය, කෙටිකතාව, නාට්‍ය වැනි නිර්මාණාත්මක සාහිත්‍යයේ විවිධ ඉසව් මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයන, පර් යේෂණ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා, පළ


අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුරුතුමා
2023 ඔක්තෝබර් මස 03 284 0

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදීයා සහ දිවයින ආරම්භක කර්තෘවරයා වන එඩ්මන්ඩ් රණසිංහ මහතා වෙනුවෙන් උපහාර උළෙලක් අද 3 වැනිදා සවස 3.00 ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා
2023 සැප්තැම්බර් මස 24 43763 16




කිඹුලාගේ බලු සෙනෙහස
2023 ඔක්තෝබර් මස 01 12600 6

මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2308 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 829 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 467 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site