IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇවිදින විශ්වකෝෂය නොඑන්නම යන්න යයි

වසර 30කට වැඩි කාලයක් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටි උබේසේකර හෙන්නායක මහතා කිසිවකු නොසිතූ මොහොතක සැමගෙන් සමුගෙන ගියේය.

ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු මෙන්ම ලංකාදීප මැදපෙරදිග වෙබ් අඩවියේ හා මැදපෙරදිග ලංකාදීප පුවත්පතේද කර්තෘවරයා වූ උබේසේකර හෙන්නායක මහතා ලංකාදීප ‘රජවීදිය’ අතිරේකයේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේය.
අන්තර්ජාතික දේශපාලනය සහ එහි නවතම ප්‍රවණතා පිළිබඳ හසළ දැනුමක් තිබූ හෙන්නායක මහතා හදිසියේ අසනීප වන තුරුම ජාත්‍යන්තර බල අරගල පිළිබඳ නිරන්තර විමසිල්ලකින් පසුවිය. ඔහු ලෝක දේශපාලනය තම ජීවිතය කරගෙන සිටි අයෙකි. ලෝකයේ බල පෙරළි ගැන ඔහු කී අනාවැකියක් වැරදී නොගිය තරම්ය. ලෝක දේශපාලනය පිළිබඳව මෙන්ම අති නවීන තාක්‍ෂණය ආදී සියල්ල ගැන ඔහුගෙන් දැනගත හැකි දේ බොහෝ විය.

ඉතාමත් නිහතමානී මෙන්ම තැන්පත් තැනැත්තකු වූ හෙන්නායක මහතා කාර්යාලය තුළ ඇවිදින විශ්වකෝෂයකි. ඕනෑම තරාතිරමක අයකුගේ ප්‍රශ්නයකට පිළිතුර ඔහුගේ දිවග නිතැතින්ම රැඳිණ. එවන් උදාර පුරුෂයකුගේ වියෝව අදහාගත නොහැකිව කාර්යාලීය සගයෝ ළතැවෙමින් සිටිති.

1987 වසරේ සිට ලංකාදීප කර්තෘමණ්ඩලයේ සේවය කළ උබේසේකර හෙන්නායක මහතා එහි විශේෂාංග කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. නාරම්මල මයුරපාද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ඔහු රුසියාවේ මොස්කව් නුවර ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.

ජාත්‍යන්තර දේශපාලනය හා විශ්ව සාහිත්‍යය පිළිබඳ බොහෝ දේ හැදෑරූ හෙන්නායක මහතා ‘ටෝල්ස්ටෝයිගේ අන්තිම දවස්’, හිට්ලර් පොල්පොට් සහ ඉඩී අමීන්ලා’, ‘හිට්ලර් නම් පොත්ගුල්ලා’, ‘නවකතා ලියන හැටි’, ‘ඔහු ලෝරන්ස් නම් විය’ ආදී කෘතීන් ගණනාවක් රචනා කළේය. ඔහු අවසන්වරට රචනා කළ ‘උගන්ඩාවේ ඉඩී අමීන්’ කෘතිය පසුගිය වසරේ සාහිත්‍ය මාසයේ දී එළිදැක්විණි.
වසර ගණනාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ පරිවර්තන කෘතීන් සහ නවකතා අංශයන්හි විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද උබේසේකර හෙන්නායක මහතා කටයුතු කළේය.

විටෙක නිහඬව පොත් පත් අතරේ කිමිදෙන හෙන්නායක මහතා තවත් විටෙක අන්තර්ජාලයේ සැරිසරමින් විහිළු තහළු කරමින් කාර්යාලයේ සියල්ලන් සිනහ ගැන්වීය. නවකයින්ට සෙවණ දුන් මහා නුග රුකක් වූ හෙන්නායක මහතා ඔවුන්ට නිසි මග පෙන්වූ ගුරුවරයෙක් මෙන්ම පියගුණ පිරි සැබෑ මහත්මයකු විය. හෙන්නායක මහතාගේ වියත්බව, ගුණවත් බව, නැණවත් බව ගැන සියල්ලෝම අදහස් දක්වනු ඇසේ. කිසිවෙක් හෝ වරදක් නොකියන්නේ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිපුන් මිනිසෙකු බැවිනි.

කාර්යාලයේ අපට ලබැඳි සොහොයුරෙකු, ගුරුවරයෙකු වූ ඔබ බිරිඳට සෙනෙහෙබර සැමියෙක්, දරුවන්ට සෙනෙහෙබර පියෙක් මෙන්ම ඥාතීන්ට සෙනෙහෙබර ඥාතියෙක්ද විය.

හෙන්නායක මහතාණෙනි. අප ඔබගෙන් උගත් දේ බොහෝය. ඔබ සෙවණේ ගුරුහරුකම් ලැබූ කාලය කිසිදිනෙක අමතක නොවන මතක රැසකින් පිරී ඇත. සැමට සමානව සැලකූ නිහතමානී ගුණයෙන් පිරි ඔබ අද දින අපෙන් සමුගෙන යනු ඇත. නමුත් ඔබේ නාමය සදා අප හදවත් තුළ ජීවමාන වනු ඇත.

හෙන්නායක මහතාණෙනි, ඔබට නිවන් සුව!!
Ubeysekara-Hennayaka

 



අදහස් (0)

ඇවිදින විශ්වකෝෂය නොඑන්නම යන්න යයි

ජෝති Saturday, 21 January 2017 01:23 PM

අස්ථිර ලොවේ ස්ථිර කිසිදෙයක් නැත... විස්තර ලෙසින් බුදු දහමේ කියා ඇත... පින්බර පුතෙක් රැකගන්නට දැරූ තැත... නෙත්හැර ගියේ කම්පා කර සැමගෙ සිත... හෙළ බස ලේඛනය විශ්වය ගැන දැනුම... සරල බසින් දෙසවන රැව්දේ තවම... ආදර දයා කරුණා මඟ පෙන්වීම... අගයමු ඔබේ සේවය අපි සැමදාම.... අකල් මරණයකට ගොදුරු වූ උබේසේකර හෙන්නායක මහතාට නිවන් සුව පතමින් මගේ ශෝකය පළකරමි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 19 January 2017 12:56 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චමින්ද-මහරච්චිමුල්ල- -අලව්ව- Thursday, 19 January 2017 04:03 PM

ඔබගෙන් උගත් දේ බොහෝය.ඔබට නිවන් ලැබේවා! (අ)

:       0       0

කලනි Friday, 20 January 2017 12:31 PM

නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31172 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13325 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 61 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 895 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site