ලංකාවේ ආර්ථික අර්බුදය නිර්මාණය වුයේ රජයට නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති වීමෙනි. මෙය කෙටිකාලීනව සිදු වූවක් නොවේ. ණය සමුච්චනය හේතුවෙන් රට තුළ විශාල ණය බරක් නිර්මාණය විය. ණය නිසි කළමනාකරණය 1980 දශකයේ දී සිදු වුවත් 2012 වර්ෂයේ සිට කෙටිකාලීන ණය ලබා ගැනීම වැඩි විය.
කොන්දේසි අඩු චීනය ආදී රටවලින් මෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර මගින් ණය ලබා ගැනීමට එ දවස සිටි ආණ්ඩු කටයුතු කළේය. කොන්දේසි සීමිත මෙවැනි ණය කල් පිරීමේ කාලය අඩුය. එමෙන්ම ගෙවීමට සිදුවන පොලී මුදල ද ඉහළය. එහෙත් ණය ගෙවීමේ හැකියාව රට තුළ නිර්මාණය කර නොගෙන දිගින් දිගටම ණය ගැනීම හේතුවෙන් රට තුළ ණය බරක් නිර්මාණය විය. මේ හරහා රට තුළ ආර්ථ්ක අර්බුදය නිර්මාණය විය. ඒ ඔස්සේ රට තුළ සක්‍රීයව ක්‍රියාත්මක වූ කාර්මික, කෘෂිකර්මික ආදී ක්ෂේත්‍ර කඩා වැටුණි.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදය කරා ගමන් කිරීමට ප්‍රථමව එම අවදානම් තත්වය පිළිබදව මහ බැංකුව පූර්ව නිවේදනය කළේය. එහෙත් නිවැරැදි ආර්ථික දර්ශනයක් නොතිබීම හරහා මෙම තත්වය කළමනාකරණය කර ගැනීමට නොහැකි විය. රටක ගෙවුම් ශේෂ අර්බුද නිර්මාණය වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතිය යුතුය. එහෙත් අර්බුදය හදුනාගත් අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතුවේ නම් පසුව මෙතරම් දරුණු කොන්දේසි යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. මෙවැනි හේතු නිසා 2022 වර්ෂය වනවිට මෙරට සියලුම ආර්ථික මූලධර්ම බිද වැටුණි. අයෝජන නොමැති වීම, ඉතිරි කිරීම් නොමැති වීම, විදේශ අයෝජකයන් නොමැති වීම, ප්‍රේෂණ නොමැති වීම ආදී ගැටලු ජාලාවක් නිර්මාණය විය. මෙයට මූලිකම හේතුව වුයේ අර්බුදය උත්සන්න වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ විදේශීය රටවල සහාය නොපැතීම නිසාය.
රට අභ්‍යන්තරයේ නිර්මාණය වූ මෙවැනි ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට දිළිඳුකමින් පෙළෙන පවුල් සංඛ්‍යාව ප්‍රතිශතාත්මකව ඉහළ ගියේය. මෙරට දිළිඳුකම නිර්මාණය වීමට බලපෑ හේතු ප්‍රාධන වශයෙන් දෙකකි. එක් හේතුවක් වන්නේ රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදය සමග විශාල වශයෙන් රැකියා අහිමි වීමයි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියේය. මහා පරිමාණ කර්මාන්තශාලාවල සේවා නියුක්තිය අඩු කළේය. ස්වයං රැකියා අහිමි විය. මේ හේතුවෙන් සිදු වූ ආර්ථික කඩා වැටීම දුප්පත්කම ඇති කිරීමට සෘජුවම බලපෑවේය.
තවත් හේතුවක් වන්නේ ආර්ථික අර්බුදය සමග බරපතළ උද්ධමනයක් රට තුළ නිර්මාණය වීමයි. මාසික උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගිය මාස තිබුණි. රටට දරාගත නොහැකි උද්ධමනයක් නිර්මාණය විය. උද්ධමනය හේතුවෙන් මුදලේ අගය අවප්‍රමාණය සිදු විය. රැකියා අහිමි වීම, කර්මාන්ත වැසී යාම ආදී හේතු මුල් කරගනිමින් රට තුළ නිෂ්පාදන ක්ෂේත්‍රය බිද වැටුණි. එහෙත් රට තුළ මුදල් අච්චු ගැසීම සිදු විය. එබැවින් වැඩි මුදල් ප්‍රමාණයක් අඩු භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යෑම සිදු විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ අතිවිශාල ලෙස භාණ්ඩ මිල ඉහළ යාමයි. ඒ තුළින් අවම ගුණාත්මකහාවයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වූ වියදම් ඉහළ ගියේය.
මෙවැනි ආර්ථික අභියෝග හමුවේ අතිප්‍රබල ලෙස බදු පැනවීම ද කළේය. මෙලෙස බදු පැනවීම ද මහජනතාවගේ දෛනික කටයුතු සඳහා ප්‍රබල බලපෑම් කාරකයක් විය. ලෝක බැංකු වාර්තා අනුව ඉහළ බදු පැනවීම නිසා මෙරට දුප්පත්කම සියයට 2.6කින් ඉහළ ගියේය. දරිද්‍රතා මිනුම් අනුව සියයට 50ක් දුප්පත්කම ආසන්නයේ සිටී. මෙය ඉතාම බරපතළ තත්වයකි. මෙයට හේතු වන්නේ ආර්ථික අර්බුදයේ බලපෑම සහ අර්බුදය අවම කර ගැනීමට රජය ගත් ක්‍රියාමාර්ගයි. අයහපත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුද්ගලයාගේ මූල්‍ය කළමනාකරණයට ද බලපෑම් කළේය. වර්තමානයේ වුව ද අධික බදු පැනවීම ඔස්සේ ජනතාව දරිද්‍රතා රේඛාව ආසන්නයට ගමන් කරති.
රටක ආර්ථිකය රදා පවතින්නේ රජ්‍ය අංශය මගින් නොව පෞද්ගලික අංශය මගිනි. රටේ පෞද්ගලික අංශය හකුළුවාලීම යනු සාර්ව ආර්ථිකයට බලපෑමකි. එනම් මුදලට අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය රටක ආර්ථිකයට ඉතා වැදගත්ය. එලෙස අලෙවි කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන්නේ පෞද්ගලික අංශය විසිනි. රාජ්‍ය අංශය විසින් බහුලව කරනු ලබන්නේ සේවා සැපයීම් ය. රටක පෞද්ගලික අංශය දුර්වල කිරීම ආර්ථිකය කෙරෙහි සෘජුව බලපෑම් කරයි. මෙරට පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ නිෂ්පාදන වෙනුවට සේවා අසීමිත ලෙස ව්‍යාප්ත විමයි. එනම් සියයට 60 ඉක්මවා සේවා අංශය ප්‍රධානත්වයක් ගෙන තිබේ. ශක්තිමත් ආර්ථිකයක් බිහි වීමට නම් රටක දළ දේශීය නිෂ්පදනයෙන් සියයට 40ක් සියයට 45ක් කර්මාන්ත අංශයෙන් සපිරිය යුතුය. ඊට අමතරව කෘෂිකර්මාන්තයත් දායක විය යුතුය. එහෙත් මෙරට එවන් තත්වයක් නොමැති වීම ගැටලුවකි. මෙරට ආර්ථිකය බහුලව යොමු වන්නේ ඉක්මනින් මුදල් ඉපයිය හැකි ක්‍රමවේද වෙතය. එනම් මූල්‍ය අතරමැදි සේවා සපයන ආර්ථිකයක් නිර්මාණය වී තිබේ. එහෙත් එවැන්නක දිගුකාලීන පැවැත්ම අස්ථීරය. එයට හේතු වන්නේ සම්බන්ධිත අනෙක් ක්ෂේත්‍ර බිද වැටුණ විට මූල්‍ය අංශය බිද වැටීමයි. ආර්ථිකය වැඩි වශයෙන් සේවා අංශය මත රදා පැවැත්ම අවම කළ යුතුය. ඕනෑම අවස්ථාවක රටක මූල්‍ය ආර්ථිකය කඩා වැටෙන්නට පුළුවන. මූල්‍ය ආර්ථිකයක් රටක තිරසාර සංවර්ධනයට දායක වීම අවමය. නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවිය යුතුය.
ආර්ථිකයක් බිද වැටීමේ දී මූලිකවම සිදුවන කරුණක් වන්නේ රැකියා අහිමි වීමයි. පළමුව රැකියාව අහිමි වන්නේ නුපුහුණු සේවකයන්ගේය. එහෙත් ලංකාවේ ආර්ථිකය බිද වැටීමේ දී පුහුණු ශ්‍රමිකයන් අහිමි වීම් ආරම්භ විය. එයට හේතු වූයේ විශාල වශයෙන් ක්ෂේත්‍ර ප්‍රවීණයන්, උපාධිධාරීන්, රාජ්‍ය සේවකයන් විදේශගත වීමයි. දේශපාලනික වතාවරණය, නිශ්චිත සංවර්ධන ක්‍රමවේදයක් නොමැති වීම විදේශගත වීම් සදහා මූලික වශයෙන් බලපෑම් කළේය. එමෙන්ම රට තුළ ගොඩනැගී තිබෙන ‘‘ලංකාවේ ඉදලා වැඩක් නෑ’’ යන මතය ද එයට බලපෑම් කළේය.
මෙරට ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට පෙර වසරකට විදේශගතවීම් සිදු වූයේ 1,20,000 ත් 1,50,000 ත් අතර ය. එහෙත් ආර්ථික අර්බුදයෙන් පසුව වසරකට 3,00,000 ඉක්මවා විදේශගතවීම් වාර්තා විය. මෙලෙස පුහුණු ශ්‍රමිකයන් විදේශගත වීම හරහා බුද්ධි ගලනය සිදු වීම, කර්මාන්ත ක්ෂේත්‍රයේ ඵලදායිතාව අඩු වීම වැනි ගැටලු උද්ගතවේ. මෙය රටේ ආර්ථිකය බිද වැටීමට බලපෑම් කරයි. සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටක ඵලදායිතාව ඉහළ නැංවිය හැකි සුදුසුම ක්‍රමය වන්නේ ශ්‍රමයයි. ඒ සඳහා පුහුණු ශ්‍රමය අවශ්‍ය වේ.
ලෝක බැංකුවේ පුරෝකථනයට අනුව මෙරට ආර්ථික වර්ධනය සියයට 3.9 කි. එහෙත් වියට්නාමය, ලාඕසය, බංගලදේශය වැනි රටවලත් ආර්ථික වර්ධනය සියයට 6 ත් 8ත් අතර පවතී. ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට නම් ලංකාවේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කළ යුතුය.
මෙරට දරිද්‍රතාව අවම කිරීමට නම් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිසි ආදායම් මාර්ග සලසා දීමට කටයුතු කළ යුතුය. එහෙත් සමස්තයටම මෙරට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමේ ශක්‍යතාවක් නොමැත. එබැවින් ස්වයං රැකියා වෙත යොමු කිරීමේ හැකියාවක් පවතී. රැකියා වෙළෙඳපොළක් ලබා දීමට කටයුතු කළ යුතුය. එය එකවර කිරීම පහසු කාර්යයක් නොවන අතර පළමුව අඩු ආදායම්ලාභීන් නඩත්තු කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතුය. පසුව ඔවුන් ස්වයං රැකියා සඳහා සවිබල ගැන්වීම කළ යුතුය. ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතී. එනම් ස්වයං රැකියා සඳහා පුහුණුව, මූල ධනය අවශ්‍ය වේ. අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමේ ක්‍රමවේද හඳුන්වාදීම, පුහුණු පාඨමාලා ආරම්භ කිරීම වැදගත්ය. එමෙන්ම නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සහතික කිරීම ද කළ යුතුය.
රටේ ආර්ථිකය සංවර්ධනය කර මෙහෙයවීමට නම් වෙළෙඳාම, අයෝජනය, නිෂ්පාදනය එක් දිශානතියක් ඔස්සේ ගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එසේ නොමැතිව ජනතාව පිට අධිකව බදු පැනවීම ඔස්සේ මහජනතාව පීඩවට පත් කර රටක ආර්ථිකය නගා සිටුවිය නොහැකිය.
වත්මත් රජයට ද ආර්ථික සංවර්ධනය පිළිබඳ දිශානතියක් තිබේ ද යන්න ගැටලුවකි. 2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධි විධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 2025 වසරේ ඉදිරිපත් කළ පළමු විසර්ජන පනත් කෙටුම්පත තුළ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කර තිබුණි. කෙසේ වෙතත් 2025 විසර්ජන පනත් කෙටුම්පතට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ 2026 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ. එය 2024 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ ඉදිරිපත් කර තිබූ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව සියයට 72ක පමණ වැඩි වීමකි. එය ද ගැටලුවකි. රටක ආර්ථික සංවර්ධනය සඳහා රටේ වංචා දූෂණ වැළැක්වීම පමණක් ප්‍රමාණවත් නොවේ. මුදල් අවභාවිතය ද අවම කළ යුතුය.
(*** සටහන - ශෂිකා අබේරත්න)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආර්ථිකයේ ගමන්මග නිවැරැදිද?