”නැව ගිලූණත් බෑන් චූන්” කිවුවට මේක ”චූන්” වෙන්න කාරණාවක් නෙවෙයි. නැවත නැවතත් හිතන්න කාරණාවක්. ගිලූණෙත් නැවක් නෙවෙයි, පිටකොටුවේ අලූතින් ඉදිකරපු පාවෙන වෙළෙඳ සංකීර්ණයේ බෝට්ටු වෙළඳසලක්. ඇයි මේ බෝට්ටුව ගිලූණෙ. එහෙන් මෙහෙට ”බෝලෙ” පාස් කරනවා. මෙහෙන් එහෙට ”බෝලෙ” පාස් වෙනවා. කොහොම වුණත් වැඬේ සිද්ධ වෙලා ඉවරයි.
අපි කතාව කියවමු.
කොටුව දුම්රියපොළ අසල පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිවී මාස කීපයකි. ජරාවට ගිය තැනක් මෙලෙස සුන්දර වීම අපටද පුදුමයකි. තායිලන්තයේ, වැනීසියේ දුටු දේවල් පිටකොටුවේ ඉදිවීම හැබෑවටම ආඩම්බර විය යුතු දෙයකි. මේ සියල්ල නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවෙයි. කෙසේ වෙතත් පිටකොටුවේ පාවෙන වෙළඳසලේ ඊ*ෑ බෝට්ටුව පසුගියදා දියේ ගිලිණි.
මෙවැනි පාවෙන බෝට්ටු වෙළඳසල් ගණනාවක් මෙතැන තිබේ. තවමත් ස්ථානය කුළුඳුල් නිසා නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය පුළුල්ව මෙතැනට ලැබේ.
මෙහි සිටින වෙළඳුන් කියන හැටියට පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳසල් තිබුණු අයට පාවෙන වෙළඳසල් ලැබිණි. බැස්ටියන් මාවතේ වෙළඳසල් කැඞීමෙන් ස්ථානය අහිමි වූ අයට අලූත් තැන නවාතැන් ලැබිණි. අපට මතක හැටියට කලින් බැස්ටියන් මාවතේ අඩිය තබා යාමත් අප‍්‍රසන්න දෙයකි. ඒ තරම් ජරාවාසවී ගිය තැනකි.
කුඩා පාවෙන බෝට්ටුවක් ඇතුළේ හතර පස්දෙනාට අඩි තුන, හතර පහේ කෑලි වෙන්කර දී බෝට්ටුවක් ලබාදී තිබේ. ඒ අනුව එක කුඩා බෝට්ටුවක් ඇතුළේ වෙළඳසල් හතරක් හෝ පහකි. අච්චාරු, සෙල්ලම් බඩු, මල් පෝච්චි, තොප්පි මේ සේරම එක බෝට්ටුවක් ඇතුළේ අලෙවි කරති. ඒ එක් එක්කෙනා රුපියල් 3500, 4500 ආදී වශයෙන් රජයට ගෙවීමක්ද කරති. වෙළෙන්ඳෝ කියන පරිදි එක බෝට්ටුවකින් රුපියල් 18,000 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියට මසකට ගෙවනු ලැබේ.
මුල් සති කීපය තුළ නාවික හමුදාව විසින් මේ බෝට්ටු වෙළඳසල් නඩත්තුව සිදු කළහ. පසුව බෝට්ටු නඩත්තුව වෙළඳසල් හිමියන් අතට භාර දුන්හ.
වැස්සට හතර වටින්ම එන දරුණු වතුර පහර වලින් මේ බෝට්ටු තට්ටුව පිරේ. එම වතුර සේරම අවසානයේ බෝට්ටුව ඇතුලට ගලයි. එක වෙළඳසලක් ඉදිවී ඇත්තේ බෝට්ටු දෙකක් උඩ තට්ටුවක් ගැසීමෙනි. වැස්සට පිරෙන ජලය තට්ටුව ඉවත් කර බෝට්ටුවෙන් ඉවත් කළ යුතුය.
ඊ බෝට්ටු වෙළඳසල දියේ ගිලී යාම ගැන නාවික හමුදාව පවසා ඇත්තේ වෙළඳසල් හිමියෝ ජලය ඉවත් නොකිරීම නිසා ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් ගිලී ගිය බවකි. එහෙත් සමහර වෙළඳුන් පවසන්නේ ඊ බෝට්ටුවේ පැවති පිපිරීමක් නිසා දියෙහි ගිලී ගිය බවයි. මෙය එම බෝට්ටුවේ කාලයක් තිස්සේ පැවති පිපිරීමක් බවද ඔවුහු කියති. එසේ නම් වරද වෙළඳුන්ගේද යන තැන අපට නවතින්නට සිදුවේ.
කෙසේ වෙතත් අලූත් බෝට්ටු මෙසේ ගිලී යාම පුදුම ඉපදවිය යුතු දෙයකි. මේ කිසිම බෝට්ටුවක ගිලෙනා තරම් වෙළඳ භාණ්ඩ පටවා නැත. සෙල්ලම් බඩු, පළතුරු, තොප්පි, අච්චාරු ආදිය ගිලෙන තරම් දේද?
දියේ ගිලී ගිය ඊ බෝට්ටුව හතර දෙනෙක් එකතු වී අඹ කැපූ බෝට්ටුවකි. ගිලෙන මොහොතේ කිසිවකු මෙහි සිට නැත. දැනට පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් මෙවැනි කතාවක්ද කියති.
අපි කලින් වෙළඳාම් කළේ බැස්ටියන් මාවතේ. කඩ කඩපු නිසා මේ බෝට්ටු දුන්නා. මම මාසෙට යූ.ඞී. එකට රුපියල් 4500 ක් ගෙවනවා. ඉස්සර අපි දවසට රුපියල් 3000 ක් හොයපු මිනිස්සු. දැන් සතේ අතේ නෑ. ඈත ඉඳල බලද්දි පාවෙන වෙළඳ සංකීර්ණයේ මිනිස්සු පිරිලා වගේ. හරි ලස්සනට, ජය පාටට පේනවා. ඔය ඉස්සරහ මේස දෙක බලන්න. අර ජෝඩුව ඔය මේසෙ වාඩි වෙලා පැය දෙකයි. ඔහේ කතා කර කර ඉන්නවා. කඩල පැකට් එකක් මේකෙන් ගත්තෙ නෑ. අනික් මේසෙ බලන්න. ඔය කොල්ලො දෙන්නා ඔතන වාඩි වෙලා පැය එක හමාරයි. රුපියල් 10 ක අච්චාරු ගත්තෙ නෑ.
අලංකාර කුඩ යට වාඩිවූ පිරිසක් වෙළෙඳුන් පෙන්වති. ඒ අනුව වැඩිදෙනා කාලය කා දමන්නට නිදහසේ මෙතැන ගැවසෙන සෙයකි.
මේ බෝට්ටුව පස් දෙනකුට දීල තියෙන්නෙ. බිස්නස් නැති නිසා අද කඩයක් අයින් කරගත්තා. ඔය මල් පෝච්චි ටික බලන්න (විසිතුරු මල් පෝච්චි කීපයක් පෙන්වයි) මල් පෝච්චි 21 ක් ගිය මාසෙ ගෙනාවා. තවත් 10 ක් ඉතුරුයි. ඔයාල අපෙන් ඇවිත් බිස්නස් හොඳද කියල අහද්දි අපට කේන්ති යනවා මහත්තයා. ඒ අස්සෙ බෝට්ටුවට 18,000 ගාණෙ ගෙවලා ඒවා නඩත්තු කරන්නත් ඕනෑ. ඔය ගිලිච්ච බෝට්ටුවෙ හතරදෙනෙක් අඹ කැපුවා. මෙතන බිස්නස් නෑනෙ. බෝට්ටුවෙ අඹ කපලා දුන්නම පිටකොටුවෙ වෙළෙන්දො ඇවිත් ගෙනියනවා. ඔන්න බිස්නස් එක. හවස මෙතනට එන්න. ජෝඩු ඇවිත් කරන සේරම ජරා වැඩ බලාගත හැකියි.
ලස්සන වූ පිටකොටුවට මේ අඳුරු පිටුවකි. බිස්නස් අඩු බෝට්ටු එහෙන් ගිලේ. බෝට්ටුව ගිලූණු විට වරදත් වෙළඳුන්ටම පාස් වේ. දැන් සියළු බෝට්ටු ලහි ලහියේ පරික්ෂා කිරීම කාලෝචිත වේ. බෝට්ටුව ගිලූණේ පැරණි පිපිරීමක් නිසා නම් එය විමර්ශනය කළ යුතු දෙයකි. හත්අට දෙනා ඉන්නා බෝට්ටු මෙසේ ගිලී යාම සුළු කොට තැකිය නොහැකි කාරණාවකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආදායම් නැතිව වේළෙන පාවෙන බෝට්ටු වෙළෙන්දෝ
ප්‍රනීත් පෙරේරා Wednesday, 12 November 2014 04:11 AM
මෙතැන තියෙන්නේ ව්‍යාපෘතියේ වරදක් නෙමේ. සැලසුමක් නැතිකම. මිනිස්සු තකහනියක් වටේ කැරකිල යන්ඩ ඕන මෙම වෙළඳසල්වලට. ඒකට කවුරුත් කැමති නෑ. මිනිස්සුන්ට යන්න පහසු විදියක් තියෙන්න ඕන. අනික මේක හොඳ විනෝද කටයුතුවලට මිසක් බාර්වලට නෙමේ. අපේ රටේ හොඳ උගත් සැලසුම් ශිල්පීන්ගේ උත්සාහයක් තමා මේක (බ)
කුමාර් Tuesday, 11 November 2014 10:08 AM
තායිලන්තය වගේම ලංකාවත් හොඳ බෞද්ධ රටක් නේ, ඉතින් තායිලන්තයේ යහමින් සල්ලි හම්බුවෙන අර බිස්නස් එක ඔතන පටන්ගත්තා නම්; ඔය ලංකාවේ කඹ වගේ පිරිත් නූල් ගැටගහගෙන ඉන්න උපාසක මහත්වරු ගිහිල්ල හොඳට අත දිගහැරලා වියදම් කරාවි. (ස)
ෆර්නෑන්ඩු Tuesday, 11 November 2014 10:16 AM
පොදු අපේක්ෂකයා අපුහම හරියි. (ස)
නිරාන් සෞදි Monday, 10 November 2014 11:33 AM
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ව්‍යාපෘති කළාම ඔහොම වෙනවා (නදී)
ශ‍්‍රීයාණී Tuesday, 11 November 2014 01:04 PM
කවදත් කොතනත් තැලෙන්නේ අසරණයෝ තමා. (ර)
සිරි Tuesday, 11 November 2014 05:13 AM
සල්ලි නැත්තන් කොහමද මිනිස්සු බදු ගන්නේ ? මේවා ආර්ථික කඩාවැටීමේ ලකුණු ! (ස)