IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ආණ්ඩුවේ වාහන පිල්ලියාම වැළැක්වීමට මාර්ග නැද්ද?

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට හඳුන්වා දුන් කාලයක් තිබිණි. එය පසු කාලයක සමාජ මාධ්‍ය භාවිතය  සමග ‘‘අමුතු ඇටය’’  වශයෙන් ද හඳුන්වනු ලැබීය. අපේ රටේ වර්තාවෙන ඇතැම් සිදුවීම් සලකා බලනවිට ‘‘ මුතු ඇටය’’ පසුව ‘‘අමුතු ඇටය’’ බවට පත්වීම පිළිබඳව පුදුම විය යුතු නැත. එතරම් අභූත සිදුවීම් රටේ සාමාන්‍ය කරුණු බවට පත්වෙමින් තිබේ.

රජයේ ආයතන සතුව තිබිය යුතු බවට හඳුනාගෙන ඇති වාහන පන්දහසකට අධික ගණනක් අස්ථානගත වී ඇති බවට පළවෙන වාර්තා ද එවැනි අභූත සිද්ධියකි. රජයේ වාහන මෙලෙස පිල්ලි යැවීම සම්බන්ධව තොරතුරු සොයාගෙන ඇත්තේ ජාතික විගණන කාර්යාලය මගිනි. ඔවුන් මේ වාර්තාව නිකුත් කරන තුරු ඇතැම් අමාත්‍යාංශවල ලේකම්වරුන් ඒ බවක් දැන නොසිටි බව ද සඳහන් වෙයි. ලේකම්වරුන්ගේ අනුදැනුමකින් තොරව රජයේ වාහන මේ ආකාරයට අතුරුදන් වන්නේ නම් එම අමාත්‍යාංශවල රජය සතු සෙසු භාණ්ඩවලට කුමක් සිදුවී ඇතිදැයි සිතන්නත් අමාරුය. මෙය අප කිසිවකුත් සතුටුවිය හැකි තත්වයක් නොවේ.

මේ ආකාරයට වාහන අතුරුදන් වී ඇති එක් අමාත්‍යාංශයක බලධාරීන් විගණන විමසුම්වලට පිළිතුරු ලබා දී නැති බව ද සඳහන්ය. ඒ ගැනද විශ්මයට පත්විය යුතු නැත. අතුරුදන් වී ඇත්තේ පෑනක්, පැන්සලක් හෝ එසේත් නොමැතිනම් පරිගණකයක් නම් ඒ ගැන කෙසේ හෝ ඔවුන්ට පිළිතුරක් සොයාගත හැකිවනු ඇත. එහෙත් වාහනයක් අතුරුදන් වී ඇත්නම් සහ ඒ බව දැන ගන්නේ විගණන විමසුම් හරහා නම් කට උත්තර නැතිවීම සාධාරණය. වාහනයක් අතුරුදන් කිරීම පහසු ක්‍රියාවක් නොවන බැවිනි.

අපේ රටේ මෙවැනි බරපතළ අඩු ලුහුඬුකම් පැවතීම සම්බන්ධයෙන් රජය වහා සොයා බැලිය යුතු නොවේද? එහෙත් ඒ ගැන කිසිදු සොයා බැලීමක් විධිමත් ආකාරයට සිදු නොවන බව විගණන වාර්තාවලින් හෙළිවන යථාර්ථයයි. එවැනි උනන්දුවක් දක්වා දේශපාලනඥයන් මේ  පවතින මජර දේශපාලන සංස්කෘතිය තුළ දක්නට නොමැතිවීම අහම්බයක් නොවන බවද පැවසිය යුතුය.

මේ තත්වයට මුල පිරෙන්නේ බලයට පත් වූ වහාම මැති ඇමැති තනතුරු වලින් පුද ලබන බොහෝ දෙනකුට නිරායාසයෙන් වැළදෙන ‘‘රථ ගාය’’ හේතුවෙනි. ඒ මගින් අමාත්‍යාංශවල ඇති විවිධ වර්ගයේ වාහන කොතරම් තිබුණත් මදි බවට පත්වෙයි.  වී 8, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. අලුත්ම වාහන අමාත්‍යාංශයට එකතු වෙන්නේ එම අවශ්‍යතාව සපුරාලීමටය. එසේ වනවිට භාවිතයේ තිබූ වාහන අමාත්‍යාංශයේ සහ අදාළ රාජ්‍ය ආයතනවල විවිධ ඉහළ තනතුරු සඳහා මැති ඇමැතින්ලාම පත් කරන පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා වෙන් කෙරෙයි. මෙසේ දේශපාලන පත්වීම් ලබන ඇතැමුන් ආණ්ඩු බලය නැතිවී පට්ටම් ගැලවී යෑමෙන් පසුව ගෙදර යන්නේ තමන් භාවිත කළ ආණ්ඩුවේ වාහනය ද සමඟිනි. ඒ වනවිට එවැනි ඇතැම් වාහනවල ලියැකියවිලි පවා වෙනස් කරගෙන ඇති හෙයින් ඒවායේ අනන්‍යතාව තහවුරු කර ගැනීම ද අපහසුය. අතුරුදන් වූ ආණ්ඩුවේ ඇතැම් වාහනවලට අත්ව තිබෙන්නේ මේ ඉරණම බව ප්‍රසිද්ධ රහසකි.

මෙහිදී ප්‍රධානම ගැටලුව වන්නේ බොහෝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මේ විෂම චක්‍රය වෙනස් කිරීමට කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීමයි. විපක්ෂයේ සිටිය දී උගුර ලේ රහවනතුරු නාස්තිය, දූෂණය වළක්වන බවට කෑමොර දෙන බොහොමයක් දේශපාලනඥයන්ට බලය ලැබුණු විට යන්නෙත් කලින් පිරිස ගිය පාරේමය. එසේ වනවිට රජයේ වාහන අතුරුදන්වීම පන්දහසකට පමණ සීමා වී තිබීම ගැන අප සතුටුවිය යුතුය.

ඒ සමගම පෙන්වා දිය යුතු වන්නේ අතුරුදන් ගණයට වැටී තිබෙන සමහර වාහන සැබෑ ලෙසම එසේ අතුරුදන්වී නැති බවය. ඒ වාහන අමාත්‍යාංශවල ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිලිමත් බවත් දුර්වල කළමනාකරණයත් හේතුවෙන් සොයා ගැනීමට නොහැකිවීමත් නිසා එය අතුරුදන්වීමක් වශයෙන් සටහන්  තිබෙනවා විය හැක. මේ දුර්වලකම් මග හරවා නොගත්තොත් වාහන පමණක් නොව අමාත්‍යාංශ ගොඩනැගිලි පවා අතුරුදන්වීමට ඉඩ තිබෙන බවත් කිව යුතුය.    

(***)



අදහස් (2)

ආණ්ඩුවේ වාහන පිල්ලියාම වැළැක්වීමට මාර්ග නැද්ද?

Sanath Kumburegedara Saturday, 01 June 2024 06:53 AM

ඔයාලාට පුළුවන් එන්පිපිලඑක ට ඡන්දය දෙන්න

:       1       3

vernon Thursday, 06 June 2024 10:21 AM

අමාත්‍යංශ ලේකම්ට බැනලා වැඩක් නෑ. මොකද එකම අමාත්‍යංශය යටතේ ආයතන ගොඩක් තියෙන්න පුළුවන්. ඔය නෑ කියන වාහන අන්තිමට ආදායම් බලපත්‍ර අලුත් කරලා තියෙන්නේ කොහෙන්ද කියලා හෙව්වා නම් ඔය වාහන දුවනවා නම් හොයා ගන්න තිබ්බා. සමහර විට කැඩිලා නවත්වලා තියෙනවා වෙන්නත් ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 255 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 125 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 287 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 136 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 638 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4846 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site