IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අසූවිය සපුරන වේරගොඩ සාරද නාහිමි

සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, සිංගප්පූරුවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති, වේරගොඩ ජයන්ති මහා විහාරාධිපති වේරගොඩ සාරද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම 27 වැනිදා අසූවැනි වියට පා තබති. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1941 නොවැම්බර් 27 වැනිදා දකුණුලක වේරගොඩදී උපන් අප කතානායකයාණන් වහන්සේ විශ්වවිද්‍යාල උපාධියක් ලබා 1969මැයි මස 7 වැනිදා මැලේසියාවට වැඩම කොට විදේශ ධර්මදූත මෙහෙවර ආරම්භ කළහ. 1979 දී සිංගප්පූරුවේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී.

අවුරුදු 42 පුරා සම්බුදු සසුන් කෙතෙහි අනභිභවනීය උතුම් ශාසනික මෙහෙවරක නිරතව වැඩ සිටිති.
බුද්ධ භාෂිතය සිංහල, ඉංග්‍රීසි හා චීන ආදී විවිධ භාෂාවලින් දේශනයෙන් හා ලිඛිත මාධ්‍යයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෙන් ලොව පුරා ප්‍රචාරය කිරීමට ගන්නා අනුපමේය උදාර මෙහෙවර වර්ණනා විෂයාතික්‍රාන්තය. ඒ සඳහා උන්වහන්සේට කෝටි ප්‍රකෝටි ගණනක ආධාර උපකාර ද චීන බෞද්ධයන්ගෙන් නොඅඩුවම ලැබුණි. උන්වහන්සේ ලොව බොහෝ රටවල බෞද්ධ සම්මන්ත්‍රණවලට වැඩම කළහ.

කිරින්දේ ධම්මානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් සහ හුණුපිටියේ ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගෙන් උන්වහන්සේට මුල සිට ලැබුණු සහයෝගය සැමදා කෘතවේදීව ගෞරවයෙන් සිහිපත් කරති.

සිංගප්පූරුවේ වැඩ සිටින අපේ වේරගොඩ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනභිභවනීය බෞද්ධ ශාසන ප්‍රවර්ධන ක්‍රියාන්විතයේ ප්‍රධානාංගයක් වන්නේ බෞද්ධ පොතපත විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය කොට නොමිලයේ බෙදාහැරීමයි. අද වන විට බෞද්ධ පොත්පත් 700කට වඩා කෝටි තුන්හාරසියයක වියදමින් මුද්‍රණය කර නොමිලයේ බෙදාහැර ඇත.

බෞද්ධ ප්‍රකාශන වැඩසටහනේ විශිෂ්ටතම අනර්ඝ නිර්මාණය ‘ධර්ම භාණ්ඩාගාරය’ නමින් පළ කරන ධම්මපදයයි. මෙහි ගාථාව, ඊට අදාළ කථාවස්තුව සහ ඒ සඳහා චිත්‍රයක් නිර්මාණය කර ඇත. එක් පොතක් මුද්‍රණයට එවකට රුපියල් 3,000කට වඩා වැය කර ඇත. පාඨකයන්ගේ ආධ්‍යාත්මය හඳුනාගත් සාරද නාහිමි, සිය ග්‍රන්ථ සඳහා සිතුවම් මාධ්‍යය යොදා ගත්තේ නවීන පාඨකයන් රූප මාධ්‍යයට දක්වන අසීමිත ආදරය වටහාගත් බැවිනි.

ඉංග්‍රීසි, සිංහල, චීන, ජපන්, ඉන්දුනීසියානු හා මැලේ ආදී භාෂාන්තරයන්ට අනුවාදිතව උන්වහන්සේගේ ප්‍රකාශන අද විද්‍යුත් මාධ්‍යයෙන් ද බෞද්ධ දූත මෙහෙවෙරක යෙදෙමින් ලොව පුරා සැරිසරති. ‘ධර්මභාණ්ඩාගාරය’, ‘සිතුවම් සහිත ධම්මපදය’, ‘මහා සතිපට්ඨාන සූත්‍රය’, ‘ ‘මහා මංගල සූත්‍රය’, ‘දෙමාපියන් හා දූ දරුවෝ’, ‘බුදු සිරිත සිතුවමින්’, ‘බුදු දහම හා බුදුරජාණන් වහන්සේ’, ‘බුද්ධ චරිතය’, ‘ජීවිතය හා මරණයේ යථා ස්වභාවය’ වැනි ප්‍රකාශන ගන්ධාර කලාව ඇසුරෙන් සකස් කර ඇත.

සිය අසහාය ධර්මදූත මෙහෙවර පිළිබඳ ආලෝක ධාරාවේ පිහිටෙන් අද ලෝකයේ බොහෝ ගිහි පැවිදි ඇත්තෝ ප්‍රයෝජන ලබති. බොහෝ පැරැණි පොත පත සොයාගෙන ඒවා නැවත මුද්‍රණය කර බෙදාහැරීම තුළින් අපේ වේරගොඩ සාරද නාහිමියන් කළ මෙහෙවර ලෝකයේ වෙනත් ධර්මදූතයන් වහන්සේලාට කළ හැකි වේ දැයි සිත්නටවත් බැරිය. මුදල් ඉපයීමට අපේ සාරද නාහිමි කිසි දිනෙක අපේක්ෂා කළේ නැති බව සඳහන් කරන්නේ උන්වහන්සේට ඇති ගෞරවයක් වශයෙනි.

එපමණක් නොව තමා හමුවට එන පැවිදි ගිහි සැම දෙනාම හෘදයාංගමව පිළිගෙන ආගන්තුක සත්කාර කර මුදලින් ද ආධාර කර සිත සතුටු කර යැවීම උන්වහන්සේ ඉතා ආසාවෙන් කළ දෙයකි. ලක්ෂ ගණනින් ජාතික, ආගමික ශාසනික සේවාවන්වලට උදව් කර තිබෙන තමා පැවිදි වූ වේරගොඩ ජයන්ති විහාරයට අපමණ උදව් උපකාර කළ, ගුරු මව්පියන්ට ඉතා ලෙන්ගතුව ආදරයෙන් සැලකූ අපේ වේරගොඩ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ තරම් විදේශගත වෙනත් භික්ෂුවක මා දන්නේ නැත. මෙම ධර්මදූත වැඩවලට වේරගොඩ සුනන්දා මෙහෙණින් වහන්සේගෙන් ලැබුණු අනුග්‍රහය කිසිදා අමතක කළ නොහැකිය.


(***)
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ නියෝජ්‍ය ලේකම්,
ඉන්දියාවේ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති
තිනියාවල පාලිත හිමි



අදහස් (2)

අසූවිය සපුරන වේරගොඩ සාරද නාහිමි

Rev. Sek Chuan Jie Tuesday, 23 November 2021 12:43 PM

සාරද මහතෙරුන්වහන්සේට සුබ 80වැනි ජන්ම දිනයක්ම වේවා..!!! තෙරුවන් සරණයි.

:       0       5

Nihal Pushpakumara Wednesday, 24 November 2021 12:07 PM

වේරගොඩ ගම්මානයේ නම මුළු ලොවම ප්‍ර්‍රකට කරවමින් ඔබවහන්සේ බුදුදහම වෙනුවෙන් සිදුකරන දැවැන්ත මෙහෙය වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුද කරමු. ලෝක වාසීන්ට අපමණ සේවයක් කරමින් තවත් දිගු කාලයක් නිදුක් නිරෝගි සුවයෙන් ගත කිරීමට හැකිවේවායි පතමු...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1368 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site