IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


අලි මැරූ සුද්දාගේ සොහොනට හෙණ

වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.

කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර  තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්.  අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා.

ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ  ජේ.පී.ඉරේෂන්  මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා  විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.

මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා.ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා.ඒ හැම වාරෙම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩිය කරනවා. හෙණ වදින් බැවින් දැනට ඔවුන මෙම සොහෙන් කොතේ උස අඩි 20 කට විතර අඩු කර තියෙනවා. මේ පළාතේ ගම්වල මිනිසුන් කියන්නේ සුද්ද අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මෙම සොහොනෙනුත් පලි ගන්නවා කියලයි.

 



අදහස් (0)

අලි මැරූ සුද්දාගේ සොහොනට හෙණ

දම්මි Sunday, 13 January 2013 09:37 PM

මෙයා දැන් කොහේ ඇද්ද? (නි)

:       0       0

රොහාන් Sunday, 13 January 2013 10:09 PM

මමත් ඔය හරියේ කාලයක්ම හිටියා. තවමත් අලි කරදරේ තියෙනවා. (නි)

:       0       0

විපුල Sunday, 20 January 2013 10:39 PM

අපේ රටේ ඉතින් වැඩිපුරම ඉන්නේ කොන්ද පණ නැති කට්ටියනේ. (නි)

:       0       0

අජිත් Saturday, 02 February 2013 03:01 PM

අපේ රටින් කාලා, අපේම අලින්ව මරලා . සොහොනට උන දේ හරි.(නදී)

:       0       0

අමිල Monday, 21 January 2013 01:54 PM

අපි මොකටද මේ ව‍ගේ මිනිසුන්ගේ සොහොන් පරිස්සම් කරන්නේ? (නි)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 03:30 PM

අලි මරපු නිසා වෙන්න ඇති හෙණ වදින්නේ සොහොනට (ස)

:       0       0

දිනේෂ් Sunday, 13 January 2013 03:25 PM

මෙහෙම සොහොන් අලුත්වැඩියා කරන අය වුණත් පරිස්සම් වුණොත් නේද හොද. (නි)

:       0       0

අන්ජලිකා Friday, 18 January 2013 05:03 AM

සුද්ද සුද්දාගේ අයව මහා ගෞරවයකින් හොදට බලාගන්නවා. සුද්ද සුද්දගේ අයව මැරුණත් අමතක කරන්නේනැහැ. මේක අපේ ලංකාවේ නායකයොත් ඉගනගන්ඩ ඕනෑ. ඒකයි මෙම කතාවෙන් අපිට ඉගෙනගන්න තිබෙන පාඩම. හෙන ගහන හැටි ගැන කතාකරලා වැඩක් නැහැ. ලංකාවේ මීටවැඩිය හෙන හත ගහන දේවල් අපේ අය කරනවා දැන්. අපි ශිෂ්ටසම්පන්න ශ්‍රේෂ්ට ජාතියක් තමයි. හැබැයි අද නෙමෙයි එදා. (නි)

:       0       0

පුෂ්ප - ජර්මනිය Saturday, 19 January 2013 07:43 PM

මේ වගේ කෙනෙකුගේ සොහොනක් අපි මොකටද ආරක්ෂා කරන්නේ ? කාගේ අවසරයක් පිටද මෙතන මෙම ස්මාරකයක් ඉදිකරලා තියෙන්නේ ? මගේ අදහස නම් මේක මෙතනින් ඉවත් කර දැමිය යුතුයි කියලයි. ඉන්ග්‍රීසි අයට ස්මාරකයක් අවශ්‍ය නම් එය එංගලන්තයේ හරි ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට හරි ඉදිකරගන්න කියන්න. (නි)

:       0       0

කපිල Monday, 14 January 2013 01:22 AM

තව ගහන්න කියලා නම් මම කියන්නේ නැහැ (දී)

:       0       0

සුසන්ත Monday, 14 January 2013 02:43 PM

ඇත්තුන්ට පාඩුවේ ඉන්න දුන්න නැති නිසා තමා. සොහොන අළුත්වැඩියා කරන උදවියත් ඊළඟට පරිස්සම් වෙන්න. හොඳේ. (නි)

:       0       0

රොෂාන් Tuesday, 29 January 2013 02:00 AM

මේ වගේ අලි මරපු සොහොනට හෙන වදින සුදු මහතකුගේ සොහොනක් ගැන මට නුවර එලිය ප්‍රාද්ශයේ තියනවා කියලා ලිපියක් ලැබුණා.. හැබැයි එම අලි අවුරුදු ගානකට කලින් හිටපු රෝම තියන හොඩවැල කොට දිග අලි හිටියලු..!(නු)

:       0       0

ඉෂාර Saturday, 19 January 2013 12:33 PM

ගල්තලාව උඩ උසට උසේ උල් හැඩේ තියන කණුවක් ගහුවම අකුණු නොවදියිද? (ස)

:       0       0

හේරත් Friday, 18 January 2013 09:32 AM

කළකම් පලදේ (දී)

:       0       0

සුසිල් Saturday, 19 January 2013 01:02 PM

අංජලිකා ඔයාගේ කීමට මම එකඟයි (ස)

:       0       0

සුසිල් Saturday, 19 January 2013 01:06 PM

සුද්දොන්ට වඩා අපරාධ කරන අය ලංකාවේ ඉන්නවා දැන් (ස)

:       0       0

හේමන්ත Sunday, 13 January 2013 06:08 PM

කළකම් පල දේ (දී)

:       0       0

සුමේධ Monday, 21 January 2013 09:44 AM

මේ වගේ කෙනෙකුගේ සොහොනක් අපි මොකටද ආරක්ෂා කරන්නේ ? කාගේ අවසරයක් පිටද මෙතන මෙය ඉදිකරලා තියෙන්නේ ? (ස)

:       0       0

ඩී.එම්.බී.ඩබ්.එන්. දිසානායක Sunday, 20 January 2013 06:45 AM

ඒ වගේ අපරාධ කළොත් කාටත් වෙන්නේ මේ වගේ තමයි කියලා හොදට හිතාගත්තොත් හොදයි. (නි)

:       0       0

හරීන්ද්‍ර Thursday, 17 January 2013 09:26 AM

ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වලා තියෙනවාද? නෑත්නම් ඉල්ලීමක් කරලා තියනවද? දෑනුම් දීමක් කරන්න එයලට නෛතික බලයක් තියෙනවාද? (නි)

:       0       0

ප්‍රබුද්ධ Tuesday, 15 January 2013 09:51 AM

ඔය වගේ තැනක් හෝර්ටන් තැන්න ප්‍රදේශයෙත් තියෙනව කියල අහල තියෙනවා.(ස)

:       0       0

නිත්‍යා Tuesday, 15 January 2013 02:38 PM

මෙයා කර වැඩේ නිසා වෙන්න ඇති හෙණ වදින්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site